කිඹුලාවල Street food කරන්නෙ මේ රටේ රජයට අත නොපා ජීවත් වෙන්න කැමති මධ්‍යම පාන්තික පිරිසක්.
ආර්ථක අර්බුදයත් සමග තිබුන ව්‍යාපාර බංකොලොත් වීම නිසා රජයෙන් යැපෙන්නෙ නැතුව කොහොම හරි ජීවත් වෙන්න පාරට බැහැපු මිනිස්සු ටිකක්.
බන්දුල ගුණවර්ධන ප්‍රවාහන හා මහමාර්ග ඇමති ඉද්දි රනිල් වික්‍රමසිංහ පාලන සමයෙදිත් ඒ අවට මාර්ග තදබදයක් ඇති වෙනවා කියලා ඒ කඩ ඉවත් කරන්න විශාල ඉල්ලීම් ප්‍රමාණයක් ආවා.
නමුත් රනිල් වික්‍රමසිංහ කිවුවෙ රටේ ආර්ථකය යතා තත්වයට පත් වෙලා පෙර කල ව්‍යාපාර ඔවුන්ට නැවතත් පටන් ගන්න පුලුවන් වෙද්දි සාකච්ඡා කරලා අයින් කරන්න කියලා. මොකද ඔතන ඉන්න කිසිම මනුස්සයෙක් රජයට බරක් නොවී ජීවත් වීම නිසාත් පව්ල් සිය ගණනක් යැපෙන නිසාත්.
නමුත් පසුගිය ජනාධිපතිවරණය සමයේදී මා නිතර ඔතනට ගිය කෙනෙක් හැටියට දන්නවා ඔතන ඉන්න මින්ස්සු සියල්ල රනිල්ට බැන බැන මාලිමාව දිනවන්න ඕනෙ කියලා ලොකුවටම කඩේ ගියා.
කොච්චරද කියනවනම් බර්ගර් එකක් දෙද්දි කියන්නෙ මහත්තයා මීට වඩා අඩුවට හොඳට කන්න ඕනෙනම් මාලිමාවට මෙදා පාර දෙන්න කියලා.
එහෙව් මාලිමාව අද මේ මිනිස්සුන්ගේ දොරකඩටත් ඇවිල්ලා. හොඳ වැඩේ කියලා කියන්න හිතුනත් ඒක කියන්නෙ නැත්තෙ මේ මින්ස්සු රජයේ බදු වලින් යැපෙන්නෙ නැතුව උත්සහයෙන් ජීවත් වන නිසා.
හොඳට මතක තියා ගන්න.මේ රටේ පොඩි මිනිහගෙ ආර්ථිකය ගැන හැම තිස්සෙම හිතුවෙ රනිල්. හැබැයි රනිල් ඒ ගැන අණ බෙර ගැහුවෙ නෑ.
පොඩි මිනිහගෙ පන්තියෙ කියලා ආපු උන් හිතන්නෙ ධම්මික පෙරේරා, ඉශාර නානායක්කාර වගේ ජාවරම්කාර ධනපතියො ගැන.
ඉතින් උබලා සුපුරුදු පරිදි මෙදා පාරත් රැවටුනා..
දැන් මහරගම පෙන්නන්න.