තංගල්ල, නෙටොල්පිටිය ප්‍රදේශයේ ඉඩමක තිබී අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදාගන්නා රසායන ද්‍රව්‍ය බවට සැකකෙරන ද්‍රව්‍ය තොගයක් අද (07) පෙරවරුවේ සොයාගැණුනා.
ප්‍රදේශවාසින්ගෙන් ලැබුණ තොරතුරකට අනුව තංගල්ල පොලිස් ස්ථානයේ නිලධාරින්, නටොල්පිටිය වැලිවැන්න හරස් මාවතට යාබදව පිහිටි ඉඩමක අද පෙරවරුවේ විශේෂ වැටලීමක් සිදුකර තිබුණා.
එහිදී එම ඉඩමේ තිබී සුදු පැහැති රසායන ද්‍රව්‍ය තොගයක් සොයාගැණුන අතර එම ද්‍රව්‍ය අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදාගන්නා රසායන ද්‍රව්‍ය බවට සැකකරන බව පොලිස් නිලධාරින් පැවසුවා.
මෙම රසායනික ද්‍රව්‍ය ඊයේ මිද්දෙනිය, තලාව ප්‍රදේශයේ ඉඩමක් පරීක්ෂා කිරීමේදී සොයාගත් අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදාගන්නා රසායනික ද්‍රව්‍යට බෙහෙවින් සමාන බව වාර්තා වනවා.
මෙම රසායනික ද්‍රව්‍ය මීට මාස 4කට පමණ පෙර මෙම ස්ථානයට කවුරුන් හෝ ගෙනැවිත් දමා ඇති බවට පොලීසිය සඳහන් කළා.
රසායනික ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන සඳහා අද පස්වරුවේ තංගල්ල පොලිසියට රැගෙන යාමට නියමිතයි.
