EzViz / iMou / UniArch වලින් වගේ Wifi Camera 3 ක් ගනින් (සරළවම Brand එකක් තියෙන Camera එකක් ගනින්, උඩ කියපු සෙට් එක තමා ලංකාවෙ මාර්කට් එකේ සාමාන්යයෙය්න් තියෙන්නෙ)
NVR එකකුත් ගනින් ආරක්ශාව ගැන හිතනවනම් ලොකුවට.
NVR (Network Video Recorder) - මෙකෙන් වෙන්නෙ අර කැමරා වලින් ගන්න Video ටික එක තැනකට Save කරන එක
හොද Internet Connection එකක් තියෙන්වනම් සහ Data ප්රස්නයක් නැත්නම් ඔය කැමරා ගන්න අයගෙම Cloud එකට දාන්නත් පුලුවන්. (ලංකාවෙ මේ Option එක ටිකක් අමාරුයි දේශීය අන්තර්ජාල ගොවියො එක්ක)
කොහොමත් Cam එකේම Memory Chip එකක් දාලා Record කරන්න පුලුවන්. මං Recommend කරන්නෙ,NVR / Cloud Upload දෙකට යනවනම් Camera එකෙත් පොඩි හරි චිප් එකක් දාලා තියන්න (min 64 GB).
Memory Chip එකේ විතරක් Save කරොත් තියෙන අවුල තමා. කැමරාව ගලවන් ගියොත් හරි, Memory Chip එක Damage කරොත් හරි Video බලනවා බොරු.
කැමරා 3ක් නිසා CCTV කඩේකින් CCTV Power supply with Batteryම දාගන්න. එතකොට Current එක ගියත් පැයක්, එකහාමාරක් විතර ශේප් එකේ දුවන්න පුලුවන්.