Front Load Washing Machine Selection

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    8,749
    10,252
    113
    moko bigdeals awula?

    මටත් දැන ගන්න ඕන.
    ඔයා නිතර එකෙන් Purchase කරන්වා කියලා පෝස්ට් දැක්කා. කොහොමද Experience එක.?
    හැම මාසේ අන්තිම සතියේ Any Item 10% off එකක් දෙනවද? Max Discount Cap එක ?
    bigdeals අයිති ABANS ලටමයි හැබැයි උන් ඒක කියන්නේ නෑ උන් වෙනම company එකක් වගේ තමයි රඟපාන්නේ, උන්ගේ office එක තියෙන්නේ කොල්ලුපිටියේ අබාන්ස් එක අයිනෙන් යන පාරක් තියෙනවා marine drive එකට ඒ පාරේ මැද හරියේ , ඒ ටිකේ දිගටම තියෙන්නේ ABANS උන්ගේ office & warehouse.
    bigdeals ලගේ සමහර වෙලාවට අපි order කරන item ship කරන්න සති ගණන් පරක්කු කරනවා , customer care අන්තිමයි , සමහර වෙලාවට සල්ලි ගෙවලා බඩුව කවදා හරි අපිට ලැබෙනකම් අතර මැදදී මොකද වෙන්නේ කියලා හොයාගන්න අපිට තියා උන්ටත් බැරි වෙනවා.
    භයානකම දේ ABANS ලට warranty Claim කරන්න ආපු බදු repair කරලා bigdeals හරහා විකුනනවා කියලා & display තියපු used items කියලා පොඩි කතාවක් තියෙනවා ඒනිසා risk එකක් ගන්න බෑනේ.
    හැබැයි ඉතින් සමහරුන්ට කිසිම ප්‍රශ්නයක් උනේ නැති අවස්ථාත් තියෙනවා but මමනම් risk එකක් ගන්නේ නෑ , උන්ගේ Google reviews නුත් කියවලා බලපන්කො
     
    • Like
    Reactions: FREEZZEER and Gingy

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,802
    12,715

    ado patta charter neh, ehema baluwoth ara scam site ekak wage pena flipteria da mokakda ekath hodai ne oyta wada

    දාලා තියෙන price එකට 10% ඔෆ් ලැබෙනවා නම් මරු. මේ මාසෙ අන්තිමට තමයි බලන්න වෙන්නේ එහෙනම්.
    ow samahara welawata eeta wadath enawa ban, man un kari wadak karanawa dakalama na, set price ekatama thamai discount eka denne. oya un dena AC eka ehema patta wasi. mama fan hotwater ehema gaththa. koko ekata mokuth add wenneth na. 12ta wage kalin dammoth next day badu enawa.
    mase anthima wenakam innepa, unge fb ekata gihin eke code deka thunak try karpn, mata unge sinhala awurudu discount eka wada kala june wage wenakam :D
    ------ Post added on Oct 5, 2025 at 5:02 PM
     
    • Like
    Reactions: hi.dushan

    FREEZZEER

    Well-known member
  • Apr 1, 2016
    3,127
    1
    670
    113
    On the mars..
    bigdeals අයිති ABANS ලටමයි හැබැයි උන් ඒක කියන්නේ නෑ උන් වෙනම company එකක් වගේ තමයි රඟපාන්නේ, උන්ගේ office එක තියෙන්නේ කොල්ලුපිටියේ අබාන්ස් එක අයිනෙන් යන පාරක් තියෙනවා marine drive එකට ඒ පාරේ මැද හරියේ , ඒ ටිකේ දිගටම තියෙන්නේ ABANS උන්ගේ office & warehouse.
    bigdeals ලගේ සමහර වෙලාවට අපි order කරන item ship කරන්න සති ගණන් පරක්කු කරනවා , customer care අන්තිමයි , සමහර වෙලාවට සල්ලි ගෙවලා බඩුව කවදා හරි අපිට ලැබෙනකම් අතර මැදදී මොකද වෙන්නේ කියලා හොයාගන්න අපිට තියා උන්ටත් බැරි වෙනවා.
    භයානකම දේ ABANS ලට warranty Claim කරන්න ආපු බදු repair කරලා bigdeals හරහා විකුනනවා කියලා & display තියපු used items කියලා පොඩි කතාවක් තියෙනවා ඒනිසා risk එකක් ගන්න බෑනේ.
    හැබැයි ඉතින් සමහරුන්ට කිසිම ප්‍රශ්නයක් උනේ නැති අවස්ථාත් තියෙනවා but මමනම් risk එකක් ගන්නේ නෑ , උන්ගේ Google reviews නුත් කියවලා බලපන්කො
    Google Reviews කියෙව්වම එපාම වුනා :(
    Order එක Place කරලා එයාලගෙම warehouse එකෙන් Item එක Collect කරන්න පුලුවන් වුනා නම් Check කරලම ගන්න එක Safe.

    Risk ගන්නවට වැඩිය Abans එකෙන්ම ගන්න හිතෙන්නෙ දැන් නම්.

    Abans ලගේ හැම outlet එකක්ම Abans company නෙවෙයි කියලා ආරන්චි වුනා. අපේ Area එකේ තියෙන Abans 3න් එකක් Company.අනිත් දෙක Retail shop ලු. Abans Company outlet එකෙන් ගද්දි Warranty එහෙම Handle වෙන්නේ Direct Company එකෙන්.Retail ශොප් වල Warranty Handle වෙන්නේ 3rd party repair centers වලින් කියලා තමයි Manager කිව්වේ. Outlet එකේ Sale එක වැඩි කරගන්න කියපු බයිලයක්ද දන් නෑ :ROFLMAO:

    ado patta charter neh, ehema baluwoth ara scam site ekak wage pena flipteria da mokakda ekath hodai ne oyta wada

    ow samahara welawata eeta wadath enawa ban, man un kari wadak karanawa dakalama na, set price ekatama thamai discount eka denne. oya un dena AC eka ehema patta wasi. mama fan hotwater ehema gaththa. koko ekata mokuth add wenneth na. 12ta wage kalin dammoth next day badu enawa.
    mase anthima wenakam innepa, unge fb ekata gihin eke code deka thunak try karpn, mata unge sinhala awurudu discount eka wada kala june wage wenakam :D
    ------ Post added on Oct 5, 2025 at 5:02 PM
    මන් හිතන්නේ Abans , Bigdeals , Brownsdeal ඔක්කොම එකම Company එක. Brownsdeal එකේ මන් හොයන මොඩ්ල් එක නැහැ.
     
    • Like
    Reactions: hi.dushan

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,749
    10,252
    113
    Abans ලගේ හැම outlet එකක්ම Abans company නෙවෙයි කියලා ආරන්චි වුනා. අපේ Area එකේ තියෙන Abans 3න් එකක් Company.අනිත් දෙක Retail shop ලු. Abans Company outlet එකෙන් ගද්දි Warranty එහෙම Handle වෙන්නේ Direct Company එකෙන්.Retail ශොප් වල Warranty Handle වෙන්නේ 3rd party repair centers වලින් කියලා තමයි Manager කිව්වේ. Outlet එකේ Sale එක වැඩි කරගන්න කියපු බයිලයක්ද දන් නෑ :ROFLMAO:

    මම දන්නා තරමට නම් එහෙම එකක් නෑ , මම fan එකක් ගත්තා සාමාන්‍ය shop එකකින් Abans warranty තිබුනේ , අවුලක් වෙලා ලඟම තියෙන Abans service center එකට ගෙනිහින් හදාගත්තා , ගත්තේ කොහෙන්ද අනං මනං ප්‍රශ්න මුකුත් ඇහුවේ නෑ Abans warranty card එක පෙන්නුවම බඩු බාරගත්තා.

    but Abans service center නැති තැන් පැති වල 3rd party repair Centers වලින් තමයි Warranty Handle වෙන්නේ. සමහර වෙලාවට 3rd party & company හවුලේත් වැඩ කරනවා. මගේ එකක අවුලක් ඇවිත් hotline call කරාම බලන්න ආවේ 3rd party එකෙක් ඌ බලලා ලෙඩේ කිවුවට පස්සේ Abans service Center එකෙන් ඇවිත් අරන් ගිහින් හදලා ගෙනත් දුන්නා

    Abans company outlet වලට වඩා අඩුවට නෙල්සන් ලක්සැල ටෝකියෝසුපර් වගේ තැන වලින් ගන්න පුළුවන් පොඩ්ඩක් හොයලා බලන්න
     
    හරි මචන්,මන් බලන්නම්.
    Normally bosch series 6 and above (specially 8 and above) germany arenna wena ratawala hadanne na.
    Internet එකේ නම් තියෙන්නේ India වල Domestic Market එක Target කරලා එහේ Manufacture කරනවා කියලා.
    දැන් කොහොමත් ඒ ගැන හොයලා වැඩක් නැහැ Singer එකෙන් price 289 ->330 වැඩි කරලා. Out of Budget :(
     
    • Like
    Reactions: ruchira88

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,630
    12,749
    113
    ලංකාවේ.. ලංකාවේ
    පාවිච්චි කරන මොඩ්ල් එක මොක්ද්ද මචන්?

    Wash n Dry නො-රෙකමදෝරු කිරීමට හේතුව මන්ද?

    හරි මචන්. දම්‍රෝ එකේ තියෙන Samsung එකට Extended 1Year දෙනවා කිව්වා, ඒකියන්නේ ටොටල් 2Years.ඒත් සැම්සුන්ග් එක්ට වඩා නම් LG හොදයි කියල හිතෙන්නෙ.හැබැයි Abans එක ගැන් දන්න නිසයි මෙච්චර කල්පනා කරන්නෙ..

    උබ කියනනේ මචන්,Abans කෙසේ වෙතත්,Repair එකක් ආවම අපිට පිටින් කරගන්න පාර්ට්ස් එහෙම තියෙනවා කියලද ?

    Build Quality එක බලද්දි LG එකේ බොඩි එක මාර Strong.

    දැනට use කරන LG එකේ මොක්දද තත්වේ?

    Dryer ඔන්ලි Machines නේ මචන් ඒ. :(
    අබාන්ස් සර්විස් හොදයි කියන්න බෑ
    දම්රොත් දැන් සර්විස් හොදයි කියන්න පොඩ්ඩක් අමාරුයි. ඉස්සර නම් උන්ගේ සර්විස් එකට ගහන්න එකක් තිබ්බේ නෑ.
    දැන් ඉනොවෙක්ස් හදන්න ඇහුවත් බඩු නෑ බෑ ගානවා. වොරන්ටි ඉවර නම්

    LG මොඩල් ලග ලග එන නිසා සමහර කෑලි හොයන්න අමාරු වෙනවා කල් යනකොට. එක ඉස්සර ඉදන් උන්ගේ ප්‍රශ්නයක්.
    නමුත් සමහර කෑලි අලුත් එකෙන් දාන්න පුළුවන්

    ටොප් ලෝඩ් වල දිරුම් එන තැන් තුනක් තියනවා. එකක් පව්ඩර් දාන තැන යට තහඩුව. දෙක දොරේ යට පැත්ත තහඩුව.
    ඊට පස්සේ කකුල් ගාව. බොඩිය සවි ශක්තිමත් උනාම ඒවා දිරනවා අඩුයි. අනික බොඩිය ශක්තිමත් උනාම ඇබරිලා වෙන damage අඩුයි.

    ටොප් ලෝඩ් වල අබරිල්ල, වීසි කිරිල්ල පාලනයට කොන්ක්‍රීට් කුට්ටි දෙකක් දාලා තියෙන්නේ. බර තියෙන්නේත් එ දෙකෙන් . Y එකෙන් තමා drum එකේ එක පැත්තක් එල්ලලා අල්ලන් ඉන්නේ. ඒවා එහෙම හොදට තියෙන්න බොඩිය සවි ශක්තිමත් වෙන්න ඕනා...

    කොහොම කලත් අවුරුදු 5 පැන්නට පස්සේ කෙල උනොත් කෑලී නැති වෙන්න පුළුවන්. එහෙම උනොත් කොමන් බෝර්ඩ් එකක් දාන්නත් බොඩිය ශක්තිමත් වෙන්න ඕනා.

    LG එක එක රටවලට යවන කොලිටිය වෙනස්. ලංකාවේ domestic එකට වඩා ලංකාවේ dutyfree ෂොප් එකේ එක කොලිටිය වැඩියි. ඒ වගේම සමහර පාර්ස් අඩුයි.
     
    Last edited:

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,675
    1
    2,468
    113
    LG Front load 8Kg ekak thiyenne.. 2020 Jan gaththe.. Kisi aulka nathiwa weda..
    Water and power consumption adui top load ekata wada..
    Duty free gaththe 85K vage une showroom eke 160K vage thiyeddi..
    Special Cycles download karannath puluvan
    LG ThinQ compatible
    Abans hinda service gena Tikal bayak hav... habai LG reliable 😌
    Gedara okkoma vage LG. Fridge, Washer, AC & Oven
    IMG-20251007-103306.jpg
     
    • Like
    Reactions: FREEZZEER

    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,157
    917
    113
    ලංකාවේ domestic එකට වඩා ලංකාවේ dutyfree ෂොප් එකේ එක කොලිටිය වැඩියි.
    duty free eke thiyenneth local shop wala thiyena stock ma thama ban wenasak na
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,749
    10,252
    113
    LG Front load 8Kg ekak thiyenne.. 2020 Jan gaththe.. Kisi aulka nathiwa weda..
    Water and power consumption adui top load ekata wada..
    Duty free gaththe 85K vage une showroom eke 160K vage thiyeddi..
    Special Cycles download karannath puluvan
    LG ThinQ compatible
    Abans hinda service gena Tikal bayak hav... habai LG reliable 😌
    Gedara okkoma vage LG. Fridge, Washer, AC & Oven
    IMG-20251007-103306.jpg
    machan tub clean karanna uba monawada pavichchi karanne ?
     
    • Like
    Reactions: wqe123

    FREEZZEER

    Well-known member
  • Apr 1, 2016
    3,127
    1
    670
    113
    On the mars..
    අබාන්ස් සර්විස් හොදයි කියන්න බෑ
    දම්රොත් දැන් සර්විස් හොදයි කියන්න පොඩ්ඩක් අමාරුයි. ඉස්සර නම් උන්ගේ සර්විස් එකට ගහන්න එකක් තිබ්බේ නෑ.
    දැන් ඉනොවෙක්ස් හදන්න ඇහුවත් බඩු නෑ බෑ ගානවා. වොරන්ටි ඉවර නම්

    LG මොඩල් ලග ලග එන නිසා සමහර කෑලි හොයන්න අමාරු වෙනවා කල් යනකොට. එක ඉස්සර ඉදන් උන්ගේ ප්‍රශ්නයක්.
    නමුත් සමහර කෑලි අලුත් එකෙන් දාන්න පුළුවන්

    ටොප් ලෝඩ් වල දිරුම් එන තැන් තුනක් තියනවා. එකක් පව්ඩර් දාන තැන යට තහඩුව. දෙක දොරේ යට පැත්ත තහඩුව.
    ඊට පස්සේ කකුල් ගාව. බොඩිය සවි ශක්තිමත් උනාම ඒවා දිරනවා අඩුයි. අනික බොඩිය ශක්තිමත් උනාම ඇබරිලා වෙන damage අඩුයි.

    ටොප් ලෝඩ් වල අබරිල්ල, වීසි කිරිල්ල පාලනයට කොන්ක්‍රීට් කුට්ටි දෙකක් දාලා තියෙන්නේ. බර තියෙන්නේත් එ දෙකෙන් . Y එකෙන් තමා drum එකේ එක පැත්තක් එල්ලලා අල්ලන් ඉන්නේ. ඒවා එහෙම හොදට තියෙන්න බොඩිය සවි ශක්තිමත් වෙන්න ඕනා...

    කොහොම කලත් අවුරුදු 5 පැන්නට පස්සේ කෙල උනොත් කෑලී නැති වෙන්න පුළුවන්. එහෙම උනොත් කොමන් බෝර්ඩ් එකක් දාන්නත් බොඩිය ශක්තිමත් වෙන්න ඕනා.

    LG එක එක රටවලට යවන කොලිටිය වෙනස්. ලංකාවේ domestic එකට වඩා ලංකාවේ dutyfree ෂොප් එකේ එක කොලිටිය වැඩියි. ඒ වගේම සමහර පාර්ස් අඩුයි.
    හරි මචන්. Duty Free එකෙන් ගනම් ගන්න විදිහක් නැහැ.ඒකට රට ඉදන් එන එක්කෙනෙක්ව අල්ලන්න වෙනවා. Abans Duty Free shop එකේ මේ මොඩෙල් එක ඇත්තෙත් නැහැ. ගොඩක් Duty free shop වල බොරුව කරන්නේ,එලියේ Price එකට වඩා වැඩියි.

    LG Front load 8Kg ekak thiyenne.. 2020 Jan gaththe.. Kisi aulka nathiwa weda..
    Water and power consumption adui top load ekata wada..
    Duty free gaththe 85K vage une showroom eke 160K vage thiyeddi..
    Special Cycles download karannath puluvan
    LG ThinQ compatible
    Abans hinda service gena Tikal bayak hav... habai LG reliable 😌
    Gedara okkoma vage LG. Fridge, Washer, AC & Oven
    IMG-20251007-103306.jpg
    එලකිරි මචන් ,මාත් දැක්කා ඇප් එකෙන් කරන්න පුලුවන් Functions ටික.මරු. :love:
    Model එක මොකද්ද? Abans Duty Free එකෙන්ද එලියෙ ශොප් එකකින්ද ගත්තේ?

    LG nam awulak na, podi podi leda enawa drain wenne na wage. eth kalayak giyama, hadanna lesi
    හරි මචන්.!

    --------------------------------------------------------------------------------------------

    LG එකම ගන්න තීරනය කරලා ඉවරයි. දැන් බැලුවේ මොකෙන්ද ගන්නේ කියලා!
    BuyAbans - 255k (5% Loyalty Discount)
    Bigdeals.lk - 235k
    Wasi.lk - 212k

    BuyAbans එකෙන් or Direct Abans Showroom එකෙන් ගන්න එක 100% Safe. But ගාන වැඩියි.
    Bigdeals එකේ Reviews නම් ගන්න දෙයක් නැහැ.හොද ඒවත් තියෙනවා. හැබැයි Risk එකක් ගන්න බැහැ වගේ.

    Wasi.lk එකේ මේ OCT 27,28 HNB CC ඕෆර් එකක් යනවා 212k ට,මේ ගානට මාර ලාබයි.Reviews එහෙමති අව්ලක් නෑ වගේ.
    මන් බැලුවේ Site එකෙන් Pickup Select කරලා Order එක දාලා, ගිහින් Packaging , Warranty චෙක් කරලම අරන් එන්න. Customer Care එකෙන් කිව්වේ Abans Agent 1Year Warranty කියලා.

    Wasi.lk ගෙන Personal Experience එක කොහොමද කට්ටියගේ ?
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,675
    1
    2,468
    113
    එලකිරි මචන් ,මාත් දැක්කා ඇප් එකෙන් කරන්න පුලුවන් Functions ටික.මරු. :love:
    Model එක මොකද්ද? Abans Duty Free එකෙන්ද එලියෙ ශොප් එකකින්ද ගත්තේ?
    2020 Jan gatthe.. Eliye shop ekakin ganna haduwe yaluwekge contact eken..
    unge stock ne kiyala minihama abans order eka place karala dunna.
    $485 vage price (~88,000K)
    Ethakota showroom price 169,900/=

    Duty Free Shop - wa.me/+94778800454

    Mathaka vidihata model eka meka
    https://www.lg.com/lk/washing-machines/lg-fv1408s4vn
     
    • Like
    Reactions: FREEZZEER

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,630
    12,749
    113
    ලංකාවේ.. ලංකාවේ
    හරි මචන්. Duty Free එකෙන් ගනම් ගන්න විදිහක් නැහැ.ඒකට රට ඉදන් එන එක්කෙනෙක්ව අල්ලන්න වෙනවා. Abans Duty Free shop එකේ මේ මොඩෙල් එක ඇත්තෙත් නැහැ. ගොඩක් Duty free shop වල බොරුව කරන්නේ,එලියේ Price එකට වඩා වැඩියි.
    කිරිබත්ගොඩ ලක්සල වගේ කඩ තියනවා duty ෆ්‍රී ෂොප් එකෙන් ගෙනල්ලා එළියේ විකුණන ඒවා. ඒවායේ වොරන්ටි කාර්ඩ් එක දෙන්නේ දියුටිෆ්රී ෂොප් එකෙන් ගත්ත අබාන්ස් වොරන්ටි කාර්ඩ් එක මයි. එකේ ගහලා තියනවා කටුනායක ඩියුටි ෆ්‍රී ස්ටෝරෙස් එකෙන් දුන්නේ කියල. (උන් කියන්නේ නෑ. නමුත් වොරන්ටි කාර්ඩ් එක කලින්ම ඉශු කල නිසා මාසයක් දවස් කීපයක් පරණයි. )එතකොට අබාන්ස් එකේ ස්ටොක් තිබ්බොත් එකේ retail price 160-170 වෙන එකක් ඩියුටි ෆ්‍රී එකේ 80 උනොත් උබට ඔය වගේ කඩේකින් 110-120 වගේ ගන්න පුළුවන්.
    කොහෙන් ගත්තත් වොරන්ටි එක දෙන්නේ LG නම් අබාන්ස් ද කියලා බලන්න, කොහෙන් ගත්තත් වොරන්ටි කාර්ඩ් එක බැලුවාම අබාන්ස් නම් ඩියුටි ෆ්‍රී ගත්තොත් වදින්නේ කටුනායක warehouse එක. එහෙම උනොත් මතක ඇතිව හෙට්ටු කරපන්. උන්ට සාමාන්‍ය ලාබයක් තියාගෙන උබටත් ලාබයක් එන්න ටෝක් කරපන් . ඕක වෙන්නේ ටෝක් කිරීමේ හැකියාවත් එක්ක. අබාන්ස් නෙමේ නම් වොරන්ටි තිබ්බත් එකයි නැතත් එකයි. මලාට වොරන්ටි නම් ගන්න වෙන්නේ නෑ. අබාන්ස් වොරන්ටිත් වැඩක් නෑ. අනිත්වා ඊටත් චාටර්.