1 සේෆ්ටි ප්‍රශ්නෙ
2 හයිවේ එකේ ලඟ දුවන බස් යන්න අමාරුයිනේ, මොකද entrance/exit තියෙන්නෙ සාමාන්‍ය route වලට සෑහෙන ඈතින්, ඒක නිසා highway එකේ යන ටික ඉක්මන් උනාට highway එකට දාන්න සහ එතනින් එලියට දාන්න ගොඩක් දුර යන්න වෙන නිසා සාමාන්‍ය පාරෙ බස් එකක යනවට වඩා ගොඩක් දුර යන්න වෙනවා, highway එකේ ගානත් එකතු උනාම ටිකට් එකේ මිලත් සාමාන්‍ය බස් එකේ ගානට වඩා වැඩි වෙනවා, වෙලාවත් වැඩිපුර යනවා.
ඒක නිසා හයිවේ එකේ වාසිය ගන්න නං ගොඩක් දුර යන්න ඕන. අඩුම තරමේ ගාල්ලෙ ඉඳන් මාතරටවත් highway bus නැහැ, හේතුව නෝමල් පාරෙ යනවට වඩා ලොකු වෙලාවෙ ඉතිරියක් නැහැ හයිවේ එකේ ගියා කියලා. මාතර ඉඳන් ගාල්ලට හයිවේ එකේ විනාඩි 55ක් වගේ යන්නෙ, නෝමල් පාරෙ පැයයි විනාඩි 15ක් වගේ, වාහන නැත්නම් පැයෙන් වගේ යන වෙලාවලුත් තියනවා. ඒක නිසා ඔය ටික යන්න හයිවේ එකට නෝමල් බස් එකක් දැම්මොතින් හයිවේ ගානයි වැඩිපුර යන දුරයි එකතුවෙලා නෝමල් පාරෙ ගානට වඩා ගානත් වැඩියි වෙලාවෙත් ලොකු වාසියක් නැහැ. මාතර ගාල්ල ගත්තම ඇත්තටම හයිවේ එන්ට්‍රන්ස් එකට සහ එක්සිට් එකට ලොකු දුරක් යන්නත් නැහැ අනෙක් එන්ට්‍රන්ස් වලට සාපේකශව බැලුවම
හැබැයි මාතර ඉඳන් කොලඹ ගත්තම හයිවේ එකේ පැය දෙක හමාරයි, නෝමල් පාරෙ පැය හතර හමාරක් විතර වෙනවා. මේකෙදි කොට්ටාවෙ ඉඳන් කොලඹට එන දුර එකතු උනත් ලාබයක් තියනවා
තව සීට් ගානට විතරයි අරන් යන්න පුලුවන් මගින් නග්ග ගන්න බැහැ, එතකොට ලඟ දුවන්න නෝමල් බස් හයිවේ එකේ දැම්මා කියලා ගාන අඩුවට දුවන්න බැහැ. ඕක ලාබ ගන්න පුලුවන් වැඩක් නං මෙලහට කරලා
ලාබ ගන්න පුලුවන් තැන් වලට දැනටම දාලනේ තියෙන්නෙ (කඩවත - එයාපෝට් වගේ, ඒවලත් සමහර වෙලාවට සෙනග නැහැනේ පොඩි බස් වල පවා)