කොළඹ මහ නගර සභාවේ 2026 අයවැය ඊයේ පරාජය වුණා. පරාජය කළේ කවුද? සජබ, පොහොට්ටුව, අලියා සහ ඊනියා දේශප්‍රේමී සර්වජන බලය යන සියල්ලෝම එකට එකතු වෙලා!
අපි හැමදාම ජනතාවට කියපු, "අන්තිමේදී මේ ඔක්කොම යාලුවෝ මල්ලි" කියන කතාව මීට වඩා හොඳට ඔප්පු කරන්න තවත් උදාහරණ ඕනෙද? රූපවාහිනිය ඉස්සරහ මරාගන්නා සජබයයි පොහොට්ටුවයි, නගර සභාව ඇතුලේ කොළඹ ජනතාවට ලැබෙන්න තියෙන වරප්‍රසාද ටික නැති කරන්න එකට අත් උස්සනවා.
මේ අයවැය පරාජය කළේ ඇයි?
මේ අයවැයේ කොමිස් කුට්ටි තිබුණේ නැති නිසා.
මන්ත්‍රීවරුන්ට අනවශ්‍ය වරප්‍රසාද, විදෙස් සංචාර වෙන් කරලා තිබුණේ නැති නිසා.
හොරකමට, දූෂණයට ඉඩ අහුරලා තිබුණ නිසා.
ඔවුන් හිතුවේ මේකෙන් අපේ ගමන නවත්වන්න පුළුවන් කියලාද?
නැහැ! මේකෙන් වුණේ ඔවුන්ගේ දේශපාලන කුහකකම ජනතාව ඉදිරියේ තව තවත් හෙළි වුණු එක විතරයි.
ඇයි මේ පරාජය අපිට ප්‍රශ්නයක් නොවෙන්නේ?
බොහෝ දෙනෙක් කලබල වෙලා තිබුණා මේකෙන් පාලනය නැති වෙයිද කියලා. බය වෙන්න එපා.
නීතිමය ප්‍රතිපාදන
මහා නගර සභා ආඥා පනතට අනුව, අයවැයක් පළමු වරට පරාජය වුණා කියලා සභාව විසුරුවා හරින්නේ නෑ.
සේවාවන් අඩාල වෙන්නේ නෑ කුණු එකතු කිරීමේ ඉඳන් මහජන සෞඛ්‍ය දක්වා අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන යන්න නගරාධිපතිනියට බලතල තියෙනවා.
නැවත ඉදිරිපත් කිරීමේ අවස්ථාව දින 14ක් ඇතුළත මෙම අයවැය නැවත සභාවට ඉදිරිපත් කරන්න අපිට නීතිමය අයිතිය තියෙනවා.
ඔවුන් හිතුවේ අයවැය පරද්දලා මේ අලුත් දේශපාලන ගමන නවත්වන්න. ඒත් මතක තියාගන්න, ඔවුන් පැරැද්දුවේ මාලිමාව නෙවෙයි; ඔවුන් පරාජය කළේ කොළඹ ජනතාවගේ අභිලාෂයන්. ඔවුන් පෙන්නුවේ ඔවුන්ගේම හිරිකිත දේශපාලන හෙළුව පමණයි.
"අතට කීයක් හරි දීලා, කොන්ත්‍රාත් එකක් පාස් කරලා" මන්ත්‍රීවරු බාගෙන අයවැය පාස් කරගන්න අපිටත් තිබුණා. ඒත් අපි ආවේ ඒ පරණ ජරා දේශපාලනය කරන්න නෙවෙයි. අපි ප්‍රතිපත්ති පාවලා දෙන්නේ නෑ.
කොළඹ ජනතාවනි, මේ ඩීල් දේශපාලනයේ අවසන් ගැස්මයි. හොඳට බලාගන්න, මේ සියලු බලවේග එකතු වෙලා පහර දෙන්නේ කාටද කියලා. ඒ පහර දෙන්නේ ඔබේ දරුවාගේ අනාගතයටයි. අපි නොසැලී ඉමු. මේ බාධක මැදින් වුවත් අපි කොළඹ දිනවමු!