එහෙම එකක් කියල නැහැ, කතා කරන දෘෂ්ටිය වැරදි නිසා ප්රශ්න වැරදියි... ඔයා හැම වෙලාවෙම අහන්නෙ "දෙයක්" ගැන... ඕකම තමයි අවුලත්... මුලින්ම වෙන්න ඕනි ඔය "දෙයක්", "එකක්" .... entity වගෙ එන දෘෂ්ටිය නැති කර ගැනීම... හගීමක් නැහැ සහ අදාලත් නැ කියල කිව්වට වැඩක් නැහැ, ඔය ඇති වෙන හැම හිතක් හැදෙනකොටම වෙනස් වෙනස් entities පනවල ඉවරයි ඒ වගේම ඔහොම හැදුනු හිත් අතර කාලය කියල එකකුත් දැනිල ඉවරයි - අශ්වයා ගිහිල්ල ඉවරයි... දැන් ඉස්තාලේ වහන්න සතිපට්ටානය කියල එකක් හෙව්වට ආයෙත් එන්නෙ ඔය තැනටම තමයි...ඇත්තටම ලෝක සත්වයා විමුක්තිය හෙව්වත් නැතත් ඉන්නෙ අනාථ වුනු තැනක... ඒකයි බුද්ධ කියන වචනයටත් දැන් මට බිම පෙරලිල වඳින්න හිතෙන්නෙ ගැලවිච්ච ගැලවිල්ල හිතාගන්නවත් බෑ...හැකි ඉක්මනින් ඔය උගුලෙන් ගැලවෙන්න සතිපට්ටාන, අභිධර්ම පස්සේ හොයන්න.ඔබතුමා කිව්ව මොන දේ ද වැරදියට ගත්තෙ?...පලවෙනි එක කියන්න..ඒක නිවැරදි කරගෙන ඉදිරියට යන පුලුවන් නෙ?
හරි, අවුල ලිහන්න තේරෙන්නෙ නැති නම්, අවුල තේරේනවද?.. ඒ මොකක්ද?
වෙනස් වෙනස් entities කියන්නෙ යථා සව්භාවයද කියල බලන්න. යථා ස්වභාවය අවබෝධ නොවුණු හිතක් සතිපට්ටානයෙ පිහිටන්නෙ නැහැ. ඔන්න ඔය හේතුව නිසා තමයි සතිපට්ටානයෙ මමෙක් නැත්තෙ, ඒ ස්වභාවය entity වලින්/ලොකයෙන් පනවන්න බැහැ ඉස්සෙල්ල අනිච්ච, දුක්ඛ අනත්ත අවබෝධ කරගන්න, එතකොට වඩන එක මොකක්ද වැඩෙන එක මොකක්ද කියල තේරුම් යයි.
ඔව් මේක හේතු ගොඩක් ගැලපිල සිදුවෙන සිද්ධියක්imho, වචනවලින් නිවන් දක්කන්න බැහැ. නිවන් දකින්න පාර විතරයි පෙන්නන්න පුලුවන්. සිහියෙන් හිටියොත් පෙන්නන පැත්ත දකින්න පුලුවන්. ඒ පැත්තට (හරි පැත්තට) ගිහින් බැලුවොත්, යෝනිසෝ මනසිකාරයට පත් වෙයි.
ඔව් මෙන්න මේක තමයි ප්රශ්නෙ...ඔයා කියන දේ (මොන අදහසින් පෘථග්ජනයා ගත්තත්) පෘථග්ජනයට කොහොමත් ලෝකයම තමයි. සකස් වීමමයි, imho.

