2024-09-15 ඉරිදා කොහේ හරි යන්න හිතලා...උදේ බස් එකේ කඩවත හයිවේ බස් නවත්වලා තියන (Kadawatha Multi-Modal Transport Hub) එකට ආවා... මඩුවන්වෙල වලව්ව බලන්න කලින් ගිහින් තිබ්බෙ නැති නිසා එහෙ යන්න හිතුනා... ඉතින්, කෙලින්ම ඇඹිලිපිටියට යන්න බස් කඩවත නැති නිසා මාකුඹුරට යන්න එතන නවත්වලා තිබ්බ මාකුඹුර/මහරගම ලක්සරි හයිවේ බස් එකට නැගලා වාඩි වුනා. බස් එක උදේ 5.30 පිටත්වෙලා 5.50 ට හයිවේ එන්ට්‍රන්ස් උනා. රු.270 ට ටිකට් ගත්තා. උදේ 6.12 වෙද්දි මාකුබුරට ආවා. බැහැලා. මාකුඹුර නවතා තිබුනු ඇබිලිපිටිය සීටීබී ලක්සරි හයිවේ බස් එකට නැගලා වාඩි උනා. රු.1420 ටිකට් ගත්තා. බස් එක 6.30 ට පිට වෙලා 6.40 විතර හයිවේ එන්ට්‍රන්ස් උනා. උදේ 8.18 ට බරවාකුබුර එලියට ආවා. බස් එක නෝමල් පාරේ පදලංගල හරගා ගිහින් 8.40 ට ඇබිලිපිටිය බස්ටැන්ඩ් ආවා. බැහැල, උදේට කැවා. ඊට පස්සෙ බස් ස්ටෑන්ඩ් එකේ නවත්වලා තිබ්බ "හෙලඋඩකන්ද" බස් එකේ නැගලා වාඩි උනා.( සූරියකන්ද බස් එකෙත් යන්න පුලුවන්.) බස් එක 9.30 ට පිට වුනා. රු.150 ටිකට් ගත්තා මඩුවන්වෙලට. 10.35 ට මඩුවන්වෙල වලව්ව ලගින් බැහැලා. ඇතුලට ගියා. පාරෙ ඉදල වලව්වට තව ඇතුලට ඇවිදන් යන්න ඕනා. කාර් පාක් එකකුත් තියනවා. 10.45 ට වලව් වත්තට ඇතුල් උනා. ටිකට් ගන්න ඕනෙ නැ. Free. වලව්වට ඇතුල් උනා සෙරෙප්පු ගලවලා ඇතුල් වෙන්න ඕනෙ. පොතක් තියන් සේවකයෙක් ඉන්නවා. අපේ නම , ලිපිනය, දු.ක අංකය, අත්සන ලියන්න ඕනේ. ඇතුලේ පොටො, වීඩියෝ ගන්න දෙන්නෙ නැ. වලව්ව පුරාම ඇවිද්දා. පඩි පෙලකින් ඉහල මහලටත් ගියා. මේ වලව්වේ ඒකාලේ කාමර 121 ක් හා මැද මිදුල් 21 ක් තිබුනලු. දැන් තියෙන්නෙ කාමර 42 ක් හා මැද මිදුල් 7 ක් විතරයි. මඩුවන්වෙල වලව්ව ඵෙතිහාසික වශයෙන් වැදගත් වන්නේ එහි ගෘහනිර්මාණ ශිල්පය නිසායි. වලව්වෙන් එලියට ඇවිත් ඉස්සරහා වාඩි වෙලත් හිටියා. වත්ත පහලක තිබ්බ.. වලව්වට ජලය සැපයු සිසිල් ජලය පිරි ළිඳත් බලලා... ටික වේලාවක් එහි ගත කරලා පාරට එන්න පිට උනා. 11.55 වෙද්දි පාරට ඇවිත් බස් හොල්ට් එකේ හිටියා. 12 ට සූරියකන්දෙ ඉදලා එන බස් එකක් ආවා. නැගලා වාඩ් උනා. රු.150 ටිකට් ගත්තා. 12.55 ට ඇබිලිපිටිය බස්ටැන්ඩ් ආවා. බැහෑලා ලග කඩේකින් දවල්ට කැවා. බස් ස්ටෑන්ඩ් එකේ නවතලා තිබ්බ මාකුබුර යන බස් එකට නැගලා හිටියා. බස් එක 1.30 pm ට පිට වෙලා පාරේ ගිහින්. 1.55 ට හයිවේ දැම්මා බරවකුබුරෙන්. රු.1420 ටිකට් ගත්තා. බස් එක 3.55 ට මාකුබුරට ආවා. කඩවත යන හය්වේ බස් එකට නැගලා වාඩි උනා. බස් එක 4 ට ගියා. රු.270 ටිකට් ගත්තා. බස් එක 4.25 ට කඩවතට ආවා. තව බස් එකක ඇවිත් ගෙදර ආවා....
.
* කෙටි වීඩියෝවත් බලන්න :
.
* කඩවත - මාකුඹුර (Luxary Bus- Highway) : විනාඩි 22 යි | රු.270/-
* මාකුඹුර - ඇඹිලිපිටිය (Luxary Bus- Highway) : පැය 2 යි, විනාඩි 10 යි | රු.1420/-
* ඇඹිලිපිටිය - මඩුවන්වෙල : පැය 1 යි | රු.150/-
* මඩුවන්වෙල - ඇඹිලිපිටිය : පැය 1 යි | රු.150/-
* ඇඹිලිපිටිය - මාකුඹුර (Luxary Bus- Highway) : පැය 2 යි, විනාඩි 35 යි | රු.1420/-
* මාකුඹුර - කඩවත (Luxary Bus- Highway) : විනාඩි 25 යි | රු.270/-
.
* වියදම : රු. 4000/- විතර ගියා.. * හයිවේ යන ලක්සරි බස් වල ගිය නිසායි වියදම වැඩි. නෝමල් බස් වල ගියානම් වියදම ගොඩක් අඩුයි. ඒත්.. කාලය ප්‍රශ්නයක් වෙනවා..
.
මම තනියම ගිය මේ වගේ ට්‍රිප් 100 ගනනක් බලන්න...
* පසුගිය සියලුම සංචාරයන් Index >>