කොනක ඉදං පටන් ගමු මේක ලිහා ගන්න

Blair Solari

Well-known member
  • Dec 9, 2025
    2,570
    2,018
    113
    රිදුනෙ උඹටත් නෙමෙයි
    වෙන කෙනෙකුටත් නෙමෙයි

    හුදෙක් ක්‍රියාවක් වුනා ඉවර උනා.

    හැම දෙයක්ම එකකට පස්සේ එකක් වෙන ක්‍රියාවලි දාමයක් විතරයි.
    අයිතිකරුවෙක් නෑ
    ආත්මයක් නෑ

    එකකට එකක් පස්සේ වෙන්නැහැ. රිදෙනවා හෝ මොකක්හරි දැනගන්න තැනම නිච්ච, අත්ත (මම), සුඛ characteristics තියෙනවා.

    ඔය නැහැ කියන්නේ හදාගත්ත සංකල්ප ටිකක් දරාගෙන. ශාස්වතෙන් උච්ජේදයට මාරු වෙලා වැඩක් නැ.
     

    AnuradhaRa

    Well-known member
  • එකකට එකක් පස්සේ වෙන්නැහැ. රිදෙනවා හෝ මොකක්හරි දැනගන්න තැනම නිච්ච, අත්ත (මම), සුඛ characteristics තියෙනවා.

    ඔය නැහැ කියන්නේ හදාගත්ත සංකල්ප ටිකක් දරාගෙන. ශාස්වතෙන් උච්ජේදයට මාරු වෙලා වැඩක් නැ.
    ඔය කිව්වෙ
    උඹට ඕනෙ උඹ දන්නව කියල පෙන්නන්න විතරයි

    එක අකුරකින් හරි අපේ දැනුම වැඩි කරන්න උඹට වුවමනාවක් නෑ

    තරහ වෙන්න එපා. මට හිතෙන දේ කිව්වෙ
     

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,570
    2,018
    113
    එක අකුරකින් හරි අපේ දැනුම වැඩි කරන්න උඹට වුවමනාවක් නෑ

    උච්ඡේදයෙන් ශාස්වතයට, ශාස්වතයෙන් උච්ඡේදයට යනවා කිව්වේ දැනුම වැඩි වෙනවා කියන එකට පොදුවේ. සක්කාය දිට්ටිය උඩ තියෙන සංකල්ප වලට ඔය දැනුම කියන්නේ.

    කාගෙවත් දැනුම වැඩි කරනන් ඕන්නැහැ මට. දැනුම වැඩි කර ගන්න මේක ලෝක විශයක් නෙමෙයි.
     
    • Sad
    Reactions: AnuradhaRa

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,000
    2,997
    113
    43
    Wakanda
    මට තේරෙන් නැ බං :D

    කට්ටකින් ඇන්නොත් රිදෙන්නෙ මට නෙමේද?

    එතකොට කියපි රිදුන. ඒක ඔයාගෙ කරගන්න එපා කියල

    යකෝ රිදුනෙ මටනෙ

    භාවනා කරල මට නෙමේ කියල හිතුවොත් වේදනාව දැනෙන එක නතර වෙලා යයිද?

    රිදුනෙ උඹටත් නෙමෙයි
    වෙන කෙනෙකුටත් නෙමෙයි

    හුදෙක් ක්‍රියාවක් වුනා ඉවර උනා.

    හැම දෙයක්ම එකකට පස්සේ එකක් වෙන ක්‍රියාවලි දාමයක් විතරයි.
    අයිතිකරුවෙක් නෑ
    ආත්මයක් නෑ


    කනට කුරුමිනියෙක් ගිය මිනිස්සු ඒක ගන්නකන් බිත්තිවලට ගගහ පැයඝනන් කෑගහනව දැකල තියෙනව මං.
    එතකොට මගේ නෙවෙයි කියල ඉන්න පුලුවන්ද?
     
    • Haha
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • උච්ඡේදයෙන් ශාස්වතයට, ශාස්වතයෙන් උච්ඡේදයට යනවා කිව්වේ දැනුම වැඩි වෙනවා කියන එකට පොදුවේ. සක්කාය දිට්ටිය උඩ තියෙන සංකල්ප වලට ඔය දැනුම කියන්නේ.

    කාගෙවත් දැනුම වැඩි කරනන් ඕන්නැහැ මට. දැනුම වැඩි කර ගන්න මේක ලෝක විශයක් නෙමෙයි.
    ඒ වුණාට බුදුහාමුදුරුවො තනියෙම නිවන් දැක්කෙ නෑ
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,815
    16,728
    113
    කනට කුරුමිනියෙක් ගිය මිනිස්සු ඒක ගන්නකන් බිත්තිවලට ගගහ පැයඝනන් කෑගහනව දැකල තියෙනව මං.
    එතකොට මගේ නෙවෙයි කියල ඉන්න පුලුවන්ද?

    ඇයි ඉතිං කෑ ගහන්නේ
    මගේ කිව්වා කියලා කුරුමිණියා යනවා ද?
     

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,000
    2,997
    113
    43
    Wakanda
    ඇයි ඉතිං කෑ ගහන්නේ
    මගේ කිව්වා කියලා කුරුමිණියා යනවා ද?
    වේදනාවට කෑගන්නෙ
    කවුරුහරි උබෙ අතක් පයක් කැඩුවොත් මගේ නොවෙයි කියල ගානක්වත් නැතිව ඉන්න පුළුවන්ද උබට.
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,815
    16,728
    113
    වේදනාවට කෑගන්නෙ
    කවුරුහරි උබෙ අතක් පයක් කැඩුවොත් මගේ නොවෙයි කියල ගානක්වත් නැතිව ඉන්න පුළුවන්ද උබට.

    ඇයි ඉතිං වේදනාව උඹේ නම්, ඇති නැති කරලා දාපං කෝ.
    උඹට නේ වේදනාව අයිති.

    හේතුවෙන් හටගත්ත පලයක් නෙමෙයි නේ.
    උඹේ වේදනාවක් නේ. 🤌
     

    AnuradhaRa

    Well-known member
  • ඇයි ඉතිං වේදනාව උඹේ නම්, ඇති නැති කරලා දාපං කෝ.
    උඹට නේ වේදනාව අයිති.

    හේතුවෙන් හටගත්ත පලයක් නෙමෙයි නේ.
    උඹේ වේදනාවක් නේ. 🤌
    හරි ඉතිං දැනෙන්නෙ මටනෙ
    වේදනාව දැනෙන්නෙ මට
    වේදනාව කියන වචනෙ ඇතුලෙම තියෙනවනෙ කෙනෙක්ට දැනෙනව කියන එක, අමාරුයි කියන එක
     
    • Haha
    Reactions: Besamaayam

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,000
    2,997
    113
    43
    Wakanda
    ඇයි ඉතිං වේදනාව උඹේ නම්, ඇති නැති කරලා දාපං කෝ.
    උඹට නේ වේදනාව අයිති.

    හේතුවෙන් හටගත්ත පලයක් නෙමෙයි නේ.
    උඹේ වේදනාවක් නේ. 🤌
    මේකට උත්තර දියන්

    මං උබෙ අතක් කඩනව, එතකොට උබ කෑගහන්නෙ නැද්ද රිදෙනව කියල??
     

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,570
    2,018
    113
    ඇයි ඉතිං වේදනාව උඹේ නම්, ඇති නැති කරලා දාපං කෝ.
    උඹට නේ වේදනාව අයිති.

    හේතුවෙන් හටගත්ත පලයක් නෙමෙයි නේ.
    උඹේ වේදනාවක් නේ. 🤌

    හේතුව මොකක්ද ඵලය මොකක්ද?

    උදා ගමු,
    කට්ටකින් අනිනවා උබට. දැන් උබට මොකක්හරි දැනෙනවනේ. දැන් මම කියලා මෙතන ගන්න දෙයක් නැහැ කියලා හිතුවහම, කැ නොගහ හිටියම හරිද?
    ඕකට සාමිස උපේක්ෂාව කියලා කියන්නේ.
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,815
    16,728
    113
    මේකට උත්තර දියන්

    මං උබෙ අතක් කඩනව, එතකොට උබ කෑගහන්නෙ නැද්ද රිදෙනව කියල??

    උඹ තේ එකට සීනි දානවා.
    එතකොට මගේ තේ එක පැනිරස වෙනවා ද?

    උඔ හිතනවා තේ එක උඹේ කියලා.
    උඹ ඒක පැනිරස කලා කියලා.
    ඒක තමයි උඹේ අවිද්‍යාව.

    හේතුවෙන් පලයක් හටගත්තා කියලා මම මගේ වෙන්නේ නෑ.
    වෙන කෙනෙක්ගෙ වෙන්නෙත් නෑ.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    මනස සහ මම කියන්නෙ දෙකක්ද?

    කෙටියෙන්ම කියනවා නම් 👉 ඔව්, බුද්ධාගමේ අනුව “මනස” සහ “මම” එකම දෙයක් නෙවෙයි.
    හැබැයි මෙතන ටිකක් නියමිතව වෙන් කරලා තේරුම් ගන්න ඕන.

    1️⃣ මනස කියන්නේ මොකද්ද?​

    බුද්ධාගමේ මනස (මනෝධාතු / විඤ්ඤාණ) කියන්නේ:
    • සිතුවිලි එන තැන
    • හැඟීම් එන තැන
    • මතක, සැලසුම්, තීරණ එන තැන
    👉 ඒක ක්‍රියාකරන දෙයක්,
    👉 මොහොතෙන් මොහොතට වෙනස් වෙන දෙයක්.

    2️⃣ “මම” කියන්නේ මොකද්ද?​

    “මම” කියන්නේ:
    • මනසේ සිදුවන දේවල්වලට
    • හිතෙන් දාන ලේබලයක් (label එකක්)
    උදාහරණයක්:
    • සිතුවිල්ලක් එනවා
    • හැඟීමක් එනවා
    • ඒකට හිත කියනවා 👉මේක මට
    ❗ ඒ “මට” කියන එක
    ✔️ සිතුවිල්ලක්
    ✔️ හැඟීමක්
    ✔️ අදහසක්
    විතරයි.

    3️⃣ වැදගත්ම වෙන්කිරීම (මෙතන හරි වැරදි තේරුම් බේරෙනවා)​

    ගෞතම බුද්ධ කියන දේ මෙන්න මෙහෙමයි:
    • ❌ මනසට අයිති ස්ථිර “මම” කෙනෙක් නෑ
    • ❌ මනස පාලනය කරන “හිමිකරු” කෙනෙක් නෑ
    ✔️ මනස තියෙනවා
    ✔️ මනසේ සිදුවීම් තියෙනවා
    ✔️ ඒවට “මම” කියලා කියන එක පස්සේ හිතෙන් හදන අදහසක්
    Manasa masesin dakapan
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,815
    16,728
    113
    හේතුව මොකක්ද ඵලය මොකක්ද?

    උදා ගමු,
    කට්ටකින් අනිනවා උබට. දැන් උබට මොකක්හරි දැනෙනවනේ. දැන් මම කියලා මෙතන ගන්න දෙයක් නැහැ කියලා හිතුවහම, කැ නොගහ හිටියම හරිද?
    ඕකට සාමිස උපේක්ෂාව කියලා කියන්නේ.

    කෑ ගැහුවා හෝ මැරිලා ගියා
    ඒක පලයක් විතරයි
     

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,570
    2,018
    113
    උඹ තේ එකට සීනි දානවා.
    එතකොට මගේ තේ එක පැනිරස වෙනවා ද?

    උඔ හිතනවා තේ එක උඹේ කියලා.
    උඹ ඒක පැනිරස කලා කියලා.
    ඒක තමයි උඹේ අවිද්‍යාව.

    හේතුවෙන් පලයක් හටගත්තා කියලා මම මගේ වෙන්නේ නෑ.
    වෙන කෙනෙක්ගෙ වෙන්නෙත් නෑ.

    ඔය හිතන ඒවා ටිකක් පැත්තකින් තියපන්.

    තේක බොද්දි කෙලින්ම දැනෙන්නෙම රහද නැත්තම් රහයි කියලා වෙනම හිතන්න ඕනේද?
    වචන දන්නැති පොඩි එකෙක්ට චොක්ලට් දුන්නොත්, කාපු ගමන් රහ (වේදනාව) දැනෙන්නේ. හිතන්න දෙයක් නැ අමුතුවෙන්.

    අපේ අත්දැකීමෙම කෙලින්ම තණ්හාව යෙදිලා තියෙන්නේ. රස නෙමෙයි ප්‍රශ්නේ, කෙලින්ම දැනෙන එකමයි ප්‍රශ්නේ. දැනෙන තැනම නිච්චයි. ආත්මයි. සුඛයි.

    නිච්ච නිසාම තමයි තේකක රහක් ගැන පස්සේ හිතන්න, චේතනා පහළ කරන්න පුලුවන් වෙන්නෙම.

    වේදනා නිරෝධයෙදි කොහෙද හිතන්නත් තේකක්, රහක්, රහ දැනුන කෙනෙක්?

    නිරෝධය කියන්නේ හිතලා එන logical conclusion නෙමෙයි. හිතන ලෞකික සීමාව pass වෙන තැනක් මේ.