.මේ තමයි, 6 ශ්‍රේනියෙ ඉඳලා ඉහළට පාසල් වල විභාග ඔක්කොම නැති කරලා, දරුවන්ට ක්‍රමවත් විභාග නැතුව ලකුණු දෙන්න හදපු Module system එකේ ලකුණු වගුව.
හය වසරෙන් පස්සේ ටෙක්නිකලි ඕ ලෙවල් වෙනකන් තියෙන සියලු විභාග අවලංගු වෙනවා මේ ක්‍රමයට අනුව.
ඒ කිව්වේ ඒක ගුරුවරුන්ටවත් විදුහල්පතිටවත් පාසලේ ආදි ශිෂ්‍ය සංගමයටවත්, දෙමව්පියන්ටත් පහසුවෙන් බලපෑම් කරන්න පුළුවන් සිස්ටම් එකක් නෙවෙයි. බලපෑම් කරන්න බෑ කියලා නෙවෙයි කියන්නේ, බලපෑම් කරන්න තියෙන අවස්ථාව අඩුයි කියලා.
ඒ කිව්වේ, දැන් ටියුෂන් ගිහිල්ලා උත්සාහ කරලා විභාගයෙන් වැඩි ලකුණක් ගන්න ක්‍රමය, වඩා සරල කරලා ඒ බලය ගමට, පාසලට දෙමව්පියන්ගෙ අතට බෙදලා දීපු එක තමයි මේ වෙලා තියෙන්නේ.
දැන් දරුවා ටියුෂන් යවලා මහන්සි වෙන්න අවශ්‍ය නෑ, ඉතා පහසුවෙන් පාසලට අල්ලස් දීල ළමයගේ ජී.පී වී එක වැඩි කරගන්න පුළුවන්.
ඒක විභාගයකින් ලකුණු ගන්නවට වඩා ලේසියි. මේවට කියන්නෙ Subjective Assessment methods කියලා. අන්ත දූෂිත ක්‍රම.
ඒ කියන්නේ රස්සාවකට යනකොට, කොතැනක හෝ තරගකාරී තේරීමක් තියෙන තැනකදි මේ ගන්න ජී.පී.ඒ අගය ජීවිත කාලය පුරාම හොල්මන් කරනවා.
ඉතින් ඔයාලට ඉස්සරහට, බොහෝ විට ටියුෂන් ක්ෂේත්‍රය ක්ශය වෙලා යනවා බලන්න පුළුවන් වගේම, විවිධ ආකාරයේ අල්ලස් පාසල් පද්ධතිය ගිල ගන්න හැටිත් බලාගන්න පුලුවන් වෙයි.
පින් ලන්තයේ, ස්වීඩනයේ වගේ උතුරු යුරෝපීය රටවල්වල තියෙන කැඳයො හදන ඉන්හෙරිටන්ට්ලි ඔතෑනි අසාර්ථක අධ්‍යාපන ක්‍රම අපේ රටට ගැලපෙන්නෙ නෑ.ඒ ගැන වෙනම දවසක කතා කරමු.
ඉලක්ක, කඩයිම්, තරඟ විභාග නැති උනාම වෙන්නේ අනාගත පරම්පරාව මෝඩයෝ වෙන එක විතරයි. (Good times create weak men).
කුනුහරුප වෙබ් සයිට් වත්, ධර්ම චක්‍රයේ හැඩයවත් නෙවෙයි මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල තියෙන ගැඹුරු ප්‍රශ්නය. කරුණාකර ප්‍රශ්නය නිවැරදිව ග්‍රහණය කරගන්න.
එහෙම නැත්නම්, තව අවුරුදු දහයක් විතර ගිහිල්ලා, මේ වගේ ප්‍රතිඵල රටක් විදියටම විඳින්නත් අපි හැමෝම හිත හදාගන්න.
#විරුද්ධයි