මේ වසර 1894 දී මහනුවර සාමාන්‍ය සිංහල ජන ජීවිතය විදේශිකයෙකුගේ ඇසින්....

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,391
    100,309
    113
    මේ වසර 1894 දී මහනුවර සාමාන්‍ය සිංහල ජන ජීවිතය විදේශිකයෙකුගේ ඇසින්....

    ඇත්ත වශයෙන්ම සිංහලයන්ගේ අවශ්‍යතාවයන් බොහොම සීමිතයි. ඔවුන් ජීවිතය ගෙන යන්නේ ඉතාම තෘප්තිමත්ව. තල් කොළ පැදුරු කිහිපයක් එලූ කුඩා පැල්පතකට වඩා වැඩි යමක් ගැන ඔවුන්ගේ බලාපොරොතුවක් නැහැ.

    ඒ පුරුද්ද ඔවුන්ට පරිපූර්ණ විවේකයක් භුක්ති ව්ඳීමට අවස්ථාව සලසලා දීලා. ප්‍රදේශයේ බහුලව පවතින ඇළ, දොළ, ගංගා ඔවුන්ගේ නාන තටාක බවට පත් වෙලා. ඔවුන්ගේ ජීවිතයේ සුඛෝපභෝගීම අංගය බවට පත් වී ඇත්තේ ද එයයි. ඒ වගේම ඔවුන්ට ස්වභාවිකවම උරුම වී ඇති පිරිසිදු චර්යාවන් නිසාවෙන් ද ඔවුන් මහත් සතුටක් ලබනවා.

    තම දිගු කළු හිස කෙස් පීරමින් තෙත වියලා ගමින් සිටින්නන් දවසේ ඕනෑම වේලාවක ගංගා ඉවුරු වලදී දකින්නට පුළුවන්. වියලූ හිස කෙස් මත පොල් තෙල් තවරා හිසකේ වල දීප්තිය අළුත් කර ගැනීමත් ඉන් අනතුරුව තම කෙස් කළඹ දඟරයක් ආකාරයට කරකවා සකස් කර ගනු ලබන ආකාරයත් දැක ගන්න ලැබෙනවා.

    මොවුන්ගේ මෘදු හා යටහත් පහත් ස්වභාවය නිසාම සොබාදම් මාතාව ඔවුනට කාරුණික වී අවශ්‍ය කරනු ලබන සෑම දෙයක්ම ලබා දීලා තියෙනවා.

    බටහිර ශිෂ්ඨාචාරයේ දියුණුවේ ලක්ෂණයක් වන හදිසි හා කලබලකාරී බව ඔවුන්ගෙන් දැක ගත නොහැක. දකුණු යුරෝපයේ නගරයන්හි වෙළඳ පොළ වල දක්නට ලැබෙන තදබදය හා ව්‍යාකූලත්වය මෙහි විශාල නගරයන්හි කඩ සාප්පු වලදී වත් දැක ගැනීමට නොහැක. වෙහෙසකර මුහුණතින් යුක්තව පාවහක් නොමැති නිරුවත් දෙපා වලින් ශබ්ද නොනැගෙන සේ ගමන් කරද්දී කිසිවෙකුගෙන් කිසිදු කැළඹිලිකාරී ගතියක් දැක ගන්න ලැබෙන්නේ නැහැ.

    එහෙත් මොවුන්ගේ දැක්ම කිසි විටෙකත් නිහඬ නැත. මන්ද ඔවුන් විශිෂ්ඨ කථිකයන් වනවා වගේම ඉහළ තාරතාවයකින් යුතු කටහඬකින් ද යුතු අය වෙනවා. වාසනාවකට මෙන් සිංහල බස ඉතාලි බසට වඩා මිහිරි හා මෘදු ශබ්දයක් සහිත භාෂාවක්.

    එහෙත් මොවුන්ගේ සංනිවේදනය සම්බන්ධව කුතුහලය දක්වන එක් කරුණක් තිබෙනවා. ඒ දිළිඳු පන්තියේ ජනයාගේ වචන මාලාව අතිශයින් කුඩා වීමයි. සංවාදයේදී ඔවුන් ඉතා අවම වචන සංඛ්‍යාවක් පමණක් යොදා ගන්නා අතර, එය බොහෝ විට වචන 300 කට පමණ සීමා වී ඇති බවක් පෙනෙන්නට තියෙනවා.

    1894 වසරෙදී ලියන ලද හෙන්රි ඩබ්ලිව් කේව් මහතාගේ Picturesque Ceylon නම් ග්‍රන්ථයෙන්....

    #ceylon #kandy #villagelife #villagelifestyle #sinhalese #SriLanka #mahinna
     

    Sabren

    Well-known member
  • Sep 9, 2021
    316
    406
    63
    Sri Lanka is a laid-back country with a feminine culture. That's why.
    1771170916161.png
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,391
    100,309
    113
    1894 වීඩියෝ එකක් බලන්න ආවේ. ඩිසපොයින්ටඩ් හෙළයෝ... 😤
    විදේශිකයකුගේ ඇසින් කිව්වම වීඩියෝ බලන්න ආවේ ඒ කාලේ උන්ගේ ඇස් වල කැමරා තිබ්බ කියලා හිතාගෙනද

    Angry Stop GIF by Pudgy Penguins
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,539
    8,759
    113
    ආතල් ලයිෆ් සිංහලුන්ගෙ ඒ කාලෙ තිබිල තියෙන්නෙ :love2:
    එලකිරි ජීවිතයක්

    ada kiyalath wensk naha
    anduwe rasswak aragen office ekata wela ice gahanwa
    එකනම් ඇත්ත... අන්ඩුවේ කැම්පස් වලින් උපධි අරගෙන ආතල් එකේ අයිස් ගගහා ඉන්නවා
    මූ දැන් ආවා නම් නුවර traffic එකේම මැරිලා යනවා
    එහෙමන්ම් කටුගස්තොට පාලමේදි ඉන්ගිරිසි හමුදා කැතී ගානවා සින්හල හමුදාව 😆😆
     

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,000
    2,995
    113
    43
    Wakanda
    සරලයි නෙවෙයි බුද්ධිමට්ටමෙන් අඩු හින්ද ඊට වැඩිය දෙයක් කරගන්න බෑ.
    දැන් ඉන්න උනුත් එහෙම තමයි. ඒත් බලාපොරොත්තුවෙන්නෙ කාර් ලොකු ගෙවල්. තමන්ගේ බැරිකමට ආන්ඩුවට බනිනව යුරෝපය මෙහෙමයි කියල
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,391
    100,309
    113
    සරලයි නෙවෙයි බුද්ධිමට්ටමෙන් අඩු හින්ද ඊට වැඩිය දෙයක් කරගන්න බෑ.
    දැන් ඉන්න උනුත් එහෙම තමයි. ඒත් බලාපොරොත්තුවෙන්නෙ කාර් ලොකු ගෙවල්. තමන්ගේ බැරිකමට ආන්ඩුවට බනිනව යුරෝපය මෙහෙමයි කියල
    උබට වෙනම profile picture එකක් දාගනිංකෝ මුලින්ම වෙන උන්ගේ ඒව දාගෙන ඉන්නේ
     
    • Haha
    Reactions: Kalegana