ඒක SLT එකට ප්‍රශ්නයක් නෙවෙයි. එයාලට කාගෙන්වත් බාධාවක් නැතිව ගෙදරට කේබල් අදින්න පුළුවන් නම් සහ කවුරුහරි හරියට මාසික බිල ගෙවනවා නම් එච්චරයි.
ගෙදර අයිතිකාරයා කචල් පුද්ගලයෙක් නෙවෙයි නම් පැහැදිලිව කතා කරලා අවසර ගන්න. පස්සේ ලෙඩ දාගන්න ඉඩ තියාගන්න එපා. SLT එකට වයර් එක දැනට තියන කණුවකින් ගෙදරට ගන්න අමාරු නම් එයාලා ගේ ඉස්සරහා පාරේ හෝ ඉඩම ඇතුලේ කණුවක් හිටවන්න ඉඩ තියනවා. ඊළඟට බිත්තිය දිගට චූටි ඇණ ගහලා ඔයාට ONT එක තියාගන්න අවශ්‍ය තැනට වයර් එක අරන් එනවා. සාමාන්‍යයෙන් ONT එකත් බිත්තියට හයි කරනවා (wall mount). එහෙම තියන එක ගොඩක් හොඳයි, නැත්නම් විටින් විට පෙරලිලා අන්තිමට කෙළවෙන්න ඉඩ තියනවා. ONT කියන්නේ රවුටරයක ප්‍රමාණයේ උපාංගයක්.
ONT එක රූපවාහිනිය තියන තැනින් හයි කරගන්න. නැත්නම් ඔයාට පස්සේ දවසක peo tv හෝ ස්ථාවර දුරකථනයක් පාවිච්චි කරන්න ඕන වුනොත් අමාරුවේ වැටෙනවා. අවශ්‍ය නම් ONT එකේ ඉඳන් කාමරයට cat6 ඊතර්නෙට් කේබල් එකක් ඇදගන්න පුළුවන්. (ඒක SLT අය කරන්නේ නැහැ. ඔයාට ඕන දිගට කඩෙන් cat6 කේබල් ගන්න පුළුවන්); නැත්නම් ONT එකේ 2.4GHZ / 5 GHz වයිෆයි පාවිච්චි කරන්න.
ගෙදරින් යන දවසක සම්බන්ධතාවය අවලංගු කරලා හෝ අයිතිකාරයා කැමති නම් දෙන්නම ශාඛාවට ගිහින් එයාගේ නමට පවරලා යන්න පුළුවන්. (ඒ ගැනත් ගෙදර අයිතිකාරයාට කියන්න).
හැබැයි ඔයාට තවත් තැනකට ගියාම ආයෙමත් අළුතින් සම්බන්ධතාවක් ගන්න වෙනවා. SLT එක සල්ලි ආපහු දෙන්නේ හෝ ONT, peo tv යන තැනකට අරන් ගියා කියලා ගාණ අඩු කරන්නේ නැහැ; ඒ නිසා ගෙදර දීර්ඝ කාලයක් ඉන්න පුළුවන් වෙයි ද කියලා නිශ්චය කරගන්න. විශ්වාස නැත්නම් සිග්නල් වැඩිපුර තියන ඩයලොග් හෝ SLT 4G රවුටරයක් පාවිච්චි කරන්න. කුලියට ඉන්න විට පාඩු/අවාසි තියනවා තමයි.
මේ කලින් මෙගාලයින් (ADSL) වෙනත් තැනකට අරන් යනවට අය කළ ගාස්තු. අළුත් සම්බන්ධතාවක් ගන්නවා මීට වඩා හොඳයි, අළුත් බඩුත් හම්බවෙනවා. දැන් ADSL අතහැරලා දාන්න යන දෙයක්.
View attachment 263619