හොල්මං කතා නැද්ද උබලා මුහුණ දීපූ හෝ දන්න

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    14,706
    15,253
    113
    New Zealand
    උබලා විශ්වාස කරන එකක් නෑ. එක සැරයක් බිස්නස් වැඩකට බදුල්ල පැත්තේ ගියා. ගිහින් එන අතර මග නවතින්න තැනක් බැලුවා. කොහොම හරි අමාරුවෙන් පොඩි හෝටලයක් සෙට් කර ගත්තා. මේක තේ වත්තක් එක්ක තිබුන පොඩි හොටෙල් එකක්. කාමර 20ක් විතර ඇති. මටයි, ක්ලයන්ටයි, ඩ්‍රයිවර්ටයි කාමර 3ක් ගත්තා. අපි 3 දෙනා වෙන වෙනම කාමරවල හිටීයේ. ඒ හෝටලේ හැම බිත්තියක්ම කලු ගලෙන්ම බැදලා කලුපාටට තිබුනේ. (Adisham bungalow එක වගේ ) අපි කාලා 8ට විතර වෙද්දි නිදා ගත්තා. නිදාගෙන ඉද්දි කවුරු හරි මගේ කකුල අල්ලනවා වගේ දැනුනා. මම කකුල ගසලා ආයෙත් ටික වෙලාවක් ඉද්දි ආයෙත් කකුල අල්ලනවා වගේ දැනුනා. බෙඩ් එක ළගම ලයීට් එකේ ස්විස් එකක් තිබුන නිසා මම ලයිට් දැම්මා. මොකෙක්වත් නෑ. කාමරේට මොකෙක්වත් එන්නත් බෑ. කාමරේ සතෙක්වත් හිටියේ නෑ. මම කෝකටත් ලයිට් එක දාලා නිදා ගත්තා. මට හොල්මන් යක්කු අදාළ නෑ. පහුවෙනිදා උදේ නැගිටලා අපි ගෙදර ආවා. ඩ්‍රයිවර්ටත් මට උන සීන් එකම වෙලා . ඩ්‍රයිවරයා හොදටම බය වෙලා ඉදලා තියෙන්නෙ. ඌ නිදා ගෙනත් නෑ. ක්ලන්ට්ව එයාගේ ප්ලේස් එකෙන් දාලා අපිආවා. ඩ්‍රයිවරයා උදේවෙනකල් නිදි නැති නිසා ඌට නිදාගන්න කියලා මම තමයි වාහනේ අරගෙන ගෙදර ආවේ. ඌ කවුරු හරි කෙනෙක් ඉන්න ඡායාවකුත් දැකලා තිබුනා. ක්ලයන්ටත් මොකක් හරි වෙලා ඇති. ඒත් ඌ අපිට ඒ ගැන කිව්වෙ නෑ. ඌත් ගෙදර යන්න මාර හදිස්සියකින් හිටියේ . අන්තිමට ඒ වැඩේ හරි ගියෙත් නෑ. ඩ්‍රයිවර් කාරයට ගෙදර ගියාට පස්සේ වෙව්ලලා උණක් අරගෙන නූලකුත් දාන්න උනා.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,171
    1
    59,356
    113
    Mother Earth
    පචයක් කියන්න්ද
    x84cb6rgqcx81.jpg
     

    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,667
    890
    113
    I have an experienced but long story too lazy to type ban. Thawama eka nikan iye Una wage bola 🙁🙁 didn't talk just look at my face .

    mamath dakka aurudu ganakata kalin ahase kotu hedayak thiyena ekak (plane ekak neme, hathares deyak watema eliya yanawa,topiyak-manikak wage) eka thenakin mathu wela tika durak gihin pen nathuwa giya. re 9 ta wage
    Yo I had the same experience, ape gedara kohomba gahak thibba oke ellenna branch ekak lassanata thibba, ape Achchi mata kila thiyanwa hawasa 6n passe okata naginna ehema epa kiyala . Dawasak man Wada wage akkath iddi eyata kiyala ara branch eke ellila karanam gahanna hithagena giya. 6:30 wage ethakota ado man eke elluna witharai oya kiuwa wagema eligak giya machan, ethakota mama already ellila kakul deka branch ekata thiyagena hitiye ado ehemama e branch ekath ekkama watuna kihanko mawa 🙁 hoda welawata yata thibbe wali hoda . Ape achchi mawa holy water dala hena wistharayk giya eka hinda. Ado pudume kiyanne me branch eke api kochara Nam elleneawada dawalta never happen that ban🙁
    ------ Post added on Mar 19, 2026 at 12:30 AM
     

    battaputha

    Active member
  • Jan 4, 2022
    71
    101
    33
    plot twist - උබට නිකමට හිතෙන්නෙ නැද්ද උබ ඒ බෝඩිමක නෙමෙයි හිටියෙ මානසික රෝහලක කියලා. උබට කාමරයක් දීපු අංකල් වෙන කවුරුවත් නෙමෙයි දොස්තර කියල හිතුණෙ නැද්ද ? 💀

    ආතල් එකක් දුන්නෙ. අපි දන්නව උබ මොළේ තියෙන කුපිරි ඩයල් එකක් කියලා. 🤷‍♂️
    1773861727088.jpeg
     

    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,033
    3,909
    113
    ඇඩ්රස් නෑ
    මේකනම් උබලා විශ්වාස කරන එකක් නෑ. ඒත් මේක ඇත්තටම මන් මූන දිපු එකක්. අපේ බෝඩිමේ 7 දෙනෙක් ඉන්නවා මාත් එක්කම. ඔතන එකෙක් ඉන්නවා පොඩ්ඩක් ඔය සීන් විශ්වාස කරන. පොඩ්ඩක් කිවුවට පොඩ්ඩක්ම නෙමෙයි ටිකක් වැඩී. මුලදි බෝඩිම අවුලක් නෑ. ටික දවසක් යද්දි දොරට තට්ටු කරන සද්ද ආවා. අවුලක් නෑ නිකන් සතෙක්වත් වදින්න ඇති කියලා හිතුවා. අර ඔවුවා විශ්වාස කරන එකාට ඒ දවස් වල සෙමහිර උනා. මුට කරන්න පුලුවන් ඔක්කොම කරලා කොහොම හරි එදා ගොඩ දැම්මා. එවලේ මූව ඇහැරෙවුවා ඒත් උට මුකුත් මතක නෑලු. ආයේ ඊට පස්සේ අවුලක් උනේ නෑ. තව ටික දවසක් යද්දි ආයේත් මුට සෙම හිරඋනා. සෙම හිරඋනා කිවුවට මුගේ සෙම පොඩ්ඩක්වත් ආවේ නෑ. එදා මූව පට්ට අමාරුවෙන් ගොඩ දැම්මේ. හොල්මන් ෆිල්ම් වල වගේ පපුව ඉස්සිලා වෙව්ලනවා මොනවද මන්දා තනියම කියෙවුවා එවෙලේ. එදානම් එකෙක් කනට එකක් ඇරියා උගේ ආයේ එලෝ පොල් පේන්නම ඒත් මූ ඇහැරුනේ නෑ. කොහොම හරි එකෙක් ඉදලා අනිත් උන් ටික ලෙක්චර් ගියා. අපි එද්දි අරූ දාගෙන හිටපු සුරේ එහෙම විසිකරලා නිකන් බලාගෙන ඉන්නවා. මොකක් වෙලාද කියලා හිතාග්න්න බෑ. අන්තිමට අයියලා බුදුපිලිමයක් දුන්නා එයාලා ඉන්ටර්න් යන නිසා අපිට තියාගන්න කියලා. ඒක ගෙනාපු දවසේ ඉදලා කිසි අවුලක් නෑ.

    පලි- අරූට අරක වෙන්න කලින් එක එකාගේ ඇගේ පහුරු ගාපු පාරවල් එහෙමත් තිබ්බා
     
    Last edited:

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,127
    1
    31,695
    113
    - උඩරට -
    හොටෙල් සුදු අරලිය පොළොන්නරුවේ තියෙන්නේ.. මේක ටිකක් හොල්මන් වලට බර හොටෙල් එකක්.. 2014 වගේ මම වැඩ කරා... පුහුණු කාලයක් හිටියා HK Department එකේ.. ඔය කාලේ නයිට් ශිෆ්ට් වැටුණම රෑ එලිවෙනකම් වැඩ ඉතින් .. හවස 6 ඉදන් උදේ 6 වෙනකන්.. ඔෆීස් රූම් එකට වෙලා රෑ 10 ට විතර නිදාගෙන හිටියා බිම රෙද්දක් දාගෙන.. මොකද නයිට් ශිෆ්ට් එකේ ගෙස්ට් කෙනෙක් මොනවාහරි ඉල්ලුවොත් අපි ගිහින් දෙන්න ඕනී.. වතුර වගේ ඒවා.. නිදාගෙන හිටියා එක පාරටම ඩෝං ගාලා බිත්තියේ ගිහින් වැදුනා..කවුරුහරි අල්ලලා විසික්කරා වගේ දැනුනේ.. කවුරුවත්ම නෑ ඒ වෙලාවේ.. කකුල් දෙකත් සීතල වෙලා ගියා.. හිතා ගන්න අමාරු උනා.. මොකක්ද උනේ කියලා... වෙලාව පාන්දර 2 එවෙලේ 🫣😱 ..

    Out Of Season කාලෙට අමුත්තන් අඩුයි..තට්ටු 3 හෝටලේ පල්ලෙහාම තට්ටුවේ විතරයි ගෙස්ට් කෙනෙක් හිටියේ..අනිත් රූම් සේරම හිස්.. උඩම තට්ටුවේ සමහර රූම්ස් Out Of Order දාලා තිබ්බේ.. එදා ඉතින් වැඩත් නෑනේ කියලා චිල් එකේ හිටියා ඔෆීස් රූම් එකට වෙලා.. පාන්දර 1 ට විතර ඔෆීස් රූම් එකට කෝල් එනවා.. කෝල් එනකොට ඒ ෆෝන් එකේ ඩිස්ප්ලේ එකේ පෙන්නනවා ඒ රූම් එක.. ලොකුවට අවධානෙන් හිටියේ නෑ රූම් විස්තර ගැන.. කෝල් එක එන්නේ 103 රූම් එකෙන්.. ආන්සර් කරාම ඝෝෂාව විතරයි කතා කරන්නේ නෑ කවුරුවත්ම.. කෝල් 3 ක් ම ආපු නිසා හෑන්ඩ් ෆ්‍රී එකත් ගහන් සින්දුවක් දාගෙන උඩම තට්ටුවේ රූම් එකට ගිහින් තට්ටු කරාම කවුරුවත්ම නෑ.. නිකන් දොර අරින්න බැලුවම නිකන්ම ඇරුනා.. එතකොට තමා පට්ටම බය විල්ලක් බය උනේ සිහිය ආවේත් හරියටම එවෙලේ.. 😒🫣😱 බලනකොට ඒ කාමරේ Out Of Order දාපු කාමරයක් .. රෙපායාරින් කරන්න දාපු එකක්.. ලයිට් මුකුත් ම නෑ .. පට්ට කලුවරයි.. තිබ්බේ මෙට්ටයි කොට්ටයි ඇදනුයු විතරයි 🤔🤔 බය උණ පාරට කතා කරගන්න බැරි උනා.. හරිම ප්‍රශ්නයක් ඒක 😕

    දවසක් ගෙස්ට් ලා කවුරුවත්ම නෑ.. රිසෙප්ශන් එක ඉස්සරහා ඉන්නකොට ලිෆ්ට් එක ඇරෙනවා දැක්කා.. 3 එබුනා දැන් ලිෆ්ට් එක උඩට යනවා.ගිහින් ආයේ ආවා G එකට.. ඒත් කවුරුවත්ම නෑ.. 🫣

    ආයේ රෑට සමහර දවස් වලට වැඩ කරන කොට කවුරුහරි පස්සෙන් එනවා වගේ දැනෙනවා.. බලනකොට කවුරුවත්ම නෑ..

    සමහර සිදුවීම් වලට උත්තර හොයා ගන්න අමාරුයි.. අතරමං වෙනවා..
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,391
    164,628
    113
    එකමත් එක රටක
    මෝහිනී ව මම ඇත්තටම දකින්න ආසයි. 🥹 එයාගේ කුක්කු දෙක උරලා කටට දෙන්න ආසයි 🥹
    මෝහිනී දැන් අවුරුදු 80ක විතර ආච්චි කෙනෙක් ලු බන් .
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,046
    4,746
    113
    Loading...
    ඔය දොළ පාරවල්, ඟං ඉවුරු වල එහෙම ඔය වගේ දේවල් තියෙනවලු. විශේසයෙන් රෑට බලගතු ආත්ම එහෙම ඉන්නවලු පාලු තැන්වල. හරි එකෙක්ට සෙට් වුණොත් මරලා දානවලු අහුවෙන එකාව. ඉස්සර අපේ කොල්ලෙක්ගෙ ගෙදර ගිහාම උන්ගෙ ගෙදරින් බනිනවා කරුවල වැටුණහම යන්න එපා කියලා නාන්න ඔය වගේ තැන්වලට. බොන්නත් හොඳ නැහැලු දොළ පාරවල් ගං ඉවුරු වල එහෙම රෑට පාලුයි නම්. මස් වලට උන් හෙන කැමතියිලු. අපිට නොපෙනුනාට උන් ඇවිත් මස් වල එහෙම තියෙන ඒවා උරාගන්නවලු. ඊට පස්සෙ කන උන්ට බඩේ අමාරුව සෙට් වෙනව. පිහියක් වගේ යකඩ ආයුධයක් අරගෙන යනව නම් අවුලක් නැහැ කියනවා. ඟඟවල් වල මිනී නම් අනන්තවත් යනව බන්. වැලිගොඩදාන අයට එහෙම ඕනි තරම් සෙට් වෙනවලු. පොලිසිට කිව්වහම උන්ටනෙ කරදරේ. රස්සාව කරගන්නත් නැහැනෙ. පොලිසි ගානෙ යන්නයි ඕවා කරදර වැඩ නිසා බහුතරයක් අය ඇදලා පා කරලා දාලා නිකං ඉන්නව කියලා අහලා තියෙනවා. දැන් නම් පාලු තැන් අඩු නිසා ඕවා සෑහෙන්න අඩුයි. ඉස්සර අපේ පැත්තෙ බෙල්ල නැති මිනිහෙක්ගෙ හොල්මනක් තිබුණා. සෑහෙන්න කට්ටිය බය වෙලා තිබුණා. පස්සෙ කාලයත් එක්ක ඒවා නැති වෙලා ගියා.

    ඉස්සර QS කරන මගෙ යාලුවෙක් හිටියා බදුල්ල පැත්තෙ හල්දුමුමුල්ල කියන පැත්තෙ තියෙන පරණ බංගලාවක renovation එකක් කරන සයිට් එකක. උන්ගෙ සයිට් එකේ වැඩ කරන බාස්ලා කීප දෙනෙක් බයවෙලා තිබුණා සුදු ඇඳගත්ත කෙල්ලෙක්ව දැකලා. දවසක් එකෙක් කාමරේ ඇතුලෙ කෝල් එකක්ලු කෑල්ලත් එක්ක මහ රෑ... මූට ඇහිලා එළියෙ තියෙන ලී ගොඩක් උඩ කවුරුහරි දඟලනව වගේ සද්දයක්. හොරෙක්ද දන්නෙත් නැහැනෙ. මූ කාමරේ දොර ඇරලා ටෝච් එකත් ගහලා බැලුවලු කෝල් එකේ ඉන්න ගමන්ම. සීතල නිසා එළියට බහින්නෙ නැහුලු රෑට කවුරුවත්. මොකෙක්වත් නැහැලු ලී ගොඩ උඩ. පස්සෙ කාමරේ දොරවහගෙන ඇඳට ගිහින් ඉන්නකොට, මහ හයියෙන් ගෑනියෙක් හූ කියනවා ඇහිලා කන ළඟම මූ ඉන්න කාමරේ ඇතුලෙම. මූ සීන් එක දන්නවා. ඒ නිසා බයවෙලා හිටියට බයයි කියලා පෙන්නලා නැහැ. පිරිත් දාළා නිදාගෙන. ඊට කළින් හිටපු QS සයිට් එකේ ඉන්න බැහැ කියලා ආපහු ආවලු. ඒ කොල්ලාට දවසක් රෑ හුස්මගන්න අතපය හොල්ලන්නවත් බැරිවෙලා. කවුරුහරි ඇඟ උඩ නැගලා ඉන්නව වගේ තේරිලා. උණ අරගෙන අසනීප වෙලා. ඊට කළින් නිදාගෙන උදේ නැගිටලා බලනකොට පිට දැවිල්ලයිලු. මහ රෑ නිදාගෙන ඉන්නකොට හූරලා. පිටේ ලොකු නියපොතු පාරවල් තියෙනවා. මගෙ යාලුවා photo ටිකක් පෙන්නුවා. තරුණ කෙල්ලෙක්ව අවුරුදු ගාණකට කළින් දූෂණය කරල මරල ද එල්ලිලා මැරිල ද මන්දා මැරුණ කේස් එකක් තියෙනවලු ඒ බංගලාවෙ. ඕවා ඉතින් බොරු කියලා කියන්න බැහැ.
     

    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,165
    3,548
    113
    Kandy
    අත්දැකීම් නම් තියෙනව හොල්මන් නම් නෙවෙයි spiritual. මේකෙ දාල expose වෙන්න බෑ.
     
    • Wow
    Reactions: Inigo Montoya

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,182
    10,906
    113
    ඔය කාලේ නයිට් ශිෆ්ට් වැටුණම රෑ එලිවෙනකම් වැඩ ඉතින් .. හවස 6 ඉදන් උදේ 6 වෙනකන්..
    පොලොනරුවෙ හොටෙල් එකක ඔය වෙලාවට තියෙන වැඩ මොනවාද?

    වැඩ කරන බාස්ලා කීප දෙනෙක් බයවෙලා තිබුණා සුදු ඇඳගත්ත කෙල්ලෙක්ව දැකලා
    හරි පුදුමයි, හෙළ බාසල කෙල්ලො දැක්කම බය වෙනවා?

    දවල්ට පන්සල් යන්න සුදු අදිනන්න පුලුවන් නම් රෑට බය හිතෙන වස්ත්‍රයක් වෙන්නෙ කොහොමද?
    ------ Post added on Mar 19, 2026 at 7:58 PM

    අත්දැකීම් නම් තියෙනව හොල්මන් නම් නෙවෙයි spiritual. මේකෙ දාල expose වෙන්න බෑ.
    spiritual කතාවක් මෙකෙ කිව්වුවම expose වෙන්නෙ කොහොමද? මුලු ගමම දන්න සීන් එකක් ද?
    ------ Post added on Mar 19, 2026 at 7:59 PM

    මහ හයියෙන් ගෑනියෙක් හූ කියනවා ඇහිලා කන ළඟම මූ ඉන්න කාමරේ ඇතුලෙම. මූ සීන් එක දන්නවා. ඒ නිසා බයවෙලා හිටියට බයයි කියලා පෙන්නලා නැහැ. පිරිත් දාළා නිදාගෙන.
    Sesame Street No GIF by Muppet Wiki

    ------ Post added on Mar 19, 2026 at 8:01 PM
     
    • Like
    Reactions: charitha2011

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,046
    4,746
    113
    Loading...
    හරි පුදුමයි, හෙළ බාසල කෙල්ලො දැක්කම බය වෙනවා?

    දවල්ට පන්සල් යන්න සුදු අදිනන්න පුලුවන් නම් රෑට බය හිතෙන වස්ත්‍රයක් වෙන්නෙ කොහොමද?

    Sesame Street No GIF by Muppet Wiki
    ඒ පැත්ත සීතලයි. කාලගුණය ක්ෂණිකව වෙනස් වෙනවා. හවස් වෙනකොට මීදුමෙන් වැහෙනවා. ළඟ ඉන්න එකාව පේන්නෙත් නෑ මීදුම වැඩි දවස්වලට. අඳුරු ගුප්ත මහ මූසල කාලගුණයක් ඒක. මිනිස්සු රැ වෙන කොට එළියට බහින්නෙ නැහැ. එක්කො සද්ද, නැත්නම් ඡායාවල් බන් පේන්නෙ. දැකපු උන් කියලා තියෙන්නෙ සුදුපාට ඡායාවක් වගේ එකක් ගියා හෝ දැක්කා කියලා. හොල්මන් කියලා හරියට පැහැදිළිව දැක්ක අය ගොඩක් අඩුයි. ඇත්ත සිද්ධියක් ඕක. බාස්ලා නෙමෙයි මොන ලෝඩ් ෆකීර් ගියත් ඇත්ත හොල්මනක් එක්ක සෙල්ලන් දාන්න බැහැ. හිත ගැස්සුනොත් මානසිකව වුණත් අවුල් යන්න පුලුවන් ඕනි කෙනෙක්ව. එතන වෙලා තියෙන්නෙ සයිට් එකේ හොල්මන් තියෙනව කියලා දැන දැනත් මේ මිනිස්සුන්ට වැඩ කරන්න වෙන එකයි. ඒ මැරිච්ච කෙල්ලට තරුණ කොල්ලන්ව පෙන්නන්න බැරි සීන් එකක්ලු තියෙන්නෙ. මැරිච්ච ආත්මෙ එතන හිරවෙලා. ගිය කිසිම කෙනෙක් වැඩි දවසක් සයිට් එකේ හිටියෙ නැහැ. ඉන්න බැහැ කියලා ආපහු කොළඹ ආවා. පස්සෙ සයිට් එකත් නැවතුනා වෙන එක එක ප්‍රශ්න ඇවිත්. ගන්න ගන්න එකා විකුණනවලු ඒ පරණ බංගලාව.​
     

    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,316
    2,377
    113
    රිවස්ටන් වල ජිලියන් ඇන්ඩර්සන් ( ඩීනා ස්කලි - x files ) ට අයිති පොඩි හොටෙල් එකක් තියෙනවා. ඒකේ හොල්මන් සීන් තියෙනවා කියලා කට්ටිය කියනවා. ඇත්ත නැත්ත නම් දන්නෙ නෑ