හොටෙල් සුදු අරලිය පොළොන්නරුවේ තියෙන්නේ.. මේක ටිකක් හොල්මන් වලට බර හොටෙල් එකක්.. 2014 වගේ මම වැඩ කරා... පුහුණු කාලයක් හිටියා HK Department එකේ.. ඔය කාලේ නයිට් ශිෆ්ට් වැටුණම රෑ එලිවෙනකම් වැඩ ඉතින් .. හවස 6 ඉදන් උදේ 6 වෙනකන්.. ඔෆීස් රූම් එකට වෙලා රෑ 10 ට විතර නිදාගෙන හිටියා බිම රෙද්දක් දාගෙන.. මොකද නයිට් ශිෆ්ට් එකේ ගෙස්ට් කෙනෙක් මොනවාහරි ඉල්ලුවොත් අපි ගිහින් දෙන්න ඕනී.. වතුර වගේ ඒවා.. නිදාගෙන හිටියා එක පාරටම ඩෝං ගාලා බිත්තියේ ගිහින් වැදුනා..කවුරුහරි අල්ලලා විසික්කරා වගේ දැනුනේ.. කවුරුවත්ම නෑ ඒ වෙලාවේ.. කකුල් දෙකත් සීතල වෙලා ගියා.. හිතා ගන්න අමාරු උනා.. මොකක්ද උනේ කියලා... වෙලාව පාන්දර 2 එවෙලේ 🫣

..
Out Of Season කාලෙට අමුත්තන් අඩුයි..තට්ටු 3 හෝටලේ පල්ලෙහාම තට්ටුවේ විතරයි ගෙස්ට් කෙනෙක් හිටියේ..අනිත් රූම් සේරම හිස්.. උඩම තට්ටුවේ සමහර රූම්ස් Out Of Order දාලා තිබ්බේ.. එදා ඉතින් වැඩත් නෑනේ කියලා චිල් එකේ හිටියා ඔෆීස් රූම් එකට වෙලා.. පාන්දර 1 ට විතර ඔෆීස් රූම් එකට කෝල් එනවා.. කෝල් එනකොට ඒ ෆෝන් එකේ ඩිස්ප්ලේ එකේ පෙන්නනවා ඒ රූම් එක.. ලොකුවට අවධානෙන් හිටියේ නෑ රූම් විස්තර ගැන.. කෝල් එක එන්නේ 103 රූම් එකෙන්.. ආන්සර් කරාම ඝෝෂාව විතරයි කතා කරන්නේ නෑ කවුරුවත්ම.. කෝල් 3 ක් ම ආපු නිසා හෑන්ඩ් ෆ්‍රී එකත් ගහන් සින්දුවක් දාගෙන උඩම තට්ටුවේ රූම් එකට ගිහින් තට්ටු කරාම කවුරුවත්ම නෑ.. නිකන් දොර අරින්න බැලුවම නිකන්ම ඇරුනා.. එතකොට තමා පට්ටම බය විල්ලක් බය උනේ සිහිය ආවේත් හරියටම එවෙලේ..

🫣

බලනකොට ඒ කාමරේ Out Of Order දාපු කාමරයක් .. රෙපායාරින් කරන්න දාපු එකක්.. ලයිට් මුකුත් ම නෑ .. පට්ට කලුවරයි.. තිබ්බේ මෙට්ටයි කොට්ටයි ඇදනුයු විතරයි


බය උණ පාරට කතා කරගන්න බැරි උනා.. හරිම ප්‍රශ්නයක් ඒක
දවසක් ගෙස්ට් ලා කවුරුවත්ම නෑ.. රිසෙප්ශන් එක ඉස්සරහා ඉන්නකොට ලිෆ්ට් එක ඇරෙනවා දැක්කා.. 3 එබුනා දැන් ලිෆ්ට් එක උඩට යනවා.ගිහින් ආයේ ආවා G එකට.. ඒත් කවුරුවත්ම නෑ.. 🫣
ආයේ රෑට සමහර දවස් වලට වැඩ කරන කොට කවුරුහරි පස්සෙන් එනවා වගේ දැනෙනවා.. බලනකොට කවුරුවත්ම නෑ..
සමහර සිදුවීම් වලට උත්තර හොයා ගන්න අමාරුයි.. අතරමං වෙනවා..