පස්දුන් රටෙන් බිහි උන ප්‍රවාහන ඇමති වෙල්ගම ඇමතිතුමා බස් ගන්න කොට හම්බ වෙනකොට කමිශන් එකට හම්බ උන බස් කලුතර දිස්ත්‍රික්කය පුරා පාසල් වල තාම තියෙනවා . ඒවායින් තාමත් ලොකු සේවයක් වෙනවා.
මම හිතනවා මේක බලන වෙල්ගම ඇමතුතුමාට සම්බන්දයක් ඇති කෙනෙක් ඒ වෙලාවේ බස් කීයක් පාසල් වලට දුන්නාද කියලා කමෙන්ට් එකක් දායි කියලා.
පළපුරැදු ඇති අය ඇමති පුටුවල ඉද්දී සාමාන්‍ය ඇමති ධුරයේ වැඩකටයුතු පළපුරුදු නැති අය ඇමති පුටුවේ සිට කරන විට සංදර්ශන බවට පත්වී පලමු වරට රටේ සිදුවෙන ක්‍රියා මෙන් බුකියට තොරන් පෙන්වන්නේය.
ඒ මදිවාට සමහරක් ඔහුව අනුරට පසු ජනාධිපති කර ඇත .
(Copied )
නියෝජ්‍ය ඇමතිගේ පගා අන්දරය
ප්‍රවාහන නියෝජ්‍ය ඇමතියා මෙන්න මෙහෙම කතාවක් කියනවා.
එයාලා බස් 100ක් ඕඩර් කලාය.
ඒ ඕඩර් එක විසාල නිසා නියෝජ්‍ය ඇමතිටත් නිකං මොනවා හරි දෙන්නය කියලා ඉල්ලුවාය.
ඒකට සමාගන එකඟ උනාය.
ඒ නිසා තවත් බස් හතරක් නිකං ඉල්ලුවය.
බස් එකක වටිනාකම කෝටි 04ක් ය කියලා.
දැන් බලමු මේක.
1)ඉතිහාසයේ ඉඳලම මේ වගේ ඕඩර් එකක් දුන්නම අදාල ඇමතිට කොමිෂන් එකක් ඒ සමාගමෙන් දෙනවා.
ඒක නීතිවිරෝධී හෝ පගාවක් නෙමේ.
ඒක සමාගමෙන් කරන එකක්.
හැබැයි ඒක ආණ්ඩූව හෝ ඇමතිලා වගේ ඉල්ලලා ගන්න එකක් නෙමේ. කොහොමත් දෙන එකක්.
උදාහරණ මම අහලා තියෙන විදියට
•) '70-'77 කාලයේ අනිල් මුණසිංහ ඔය වගේ බස් රථ රාශියක් ඇණවුම් කරා. කොමිෂන් එකට මොකද්ද කරන්නෙ ඇහුවම එතුමා කිව්වා එම වටිනාකමට වාහන චැසි දෙන්න කියලා. 14ක් ලැබුණා . එතුමා වේරහැර කර්මාන්ත ශාලාවෙන් ඒවාට බොඩි ගහලා වී අලෙවි මණ්ඩලය , රාජ්‍ය ඉංජිනේරු සංස්ථව , රාජ්‍ය දැව සංස්ථාව ආදී ආයතන වල ට ඒවා ලබාදුන්නා.
•) 2007 දී ඩලස් අලහප්පෙරුම ප්‍රවාහන ඇමති වෙලා ඉද්දි ප්‍රංශයෙන් කෝච්චි ගෙනාවා. ඒකට ඇමතිට සන්තෝෂමක් දෙන්න කම්පැණිය කතා කලා. එතකොට ඩලස් කීවේ මට සන්තෝෂමක් එපා, ඒක බිලෙන් අඩු කරන්න කියලා. ඒත් කොම්පැණිය කීවා, ඒක බිලෙන් අඩු කරන්න බෑ. අපි සාමාන්‍යයෙන් අදාල ඇමතිවරයාට දෙන සන්තෝෂමක් කියලා.
සන්තෝෂමේ වටිනාකම රුපියල් කෝටි පහක්. ඒ මුදල ඩලස් අරගෙන දුම් රිය දෙපාර්තුමේන්තුවට දුන්නා.
•) ඊලඟට 1998 දී ෆවුසි ප්‍රවාහන ඇමති වෙලා ඉන්න කොට ආපු බස් ඕඩර් එකෙන් එයාට ජිප් එකක් හම්බ උනා. එයා ජීප් එක එපා කියලා මොරටුව වේල්ස් කුමාර විදුහලට බස් එකක් දුන්නා. තාම තියෙන්නෙ ඒ බස් එක.
2) අනික ඔය බස් එකක් ලක්ෂ 400ක් වටිනවද කියාලා හොයන්න ඕන.
දන්න විදියට ලක්ෂ 160ත් 250ත් අතර උපරිම ලක්ෂ 300ක් ඇති. ඒ කියන්නෙ ලක්ෂ 100 කට මොකක් හරි වෙන්න ඕන. බදුද දන්නෙ නෑ.
ඇත්‍තටම ඔය කතාව පිළිගන්න පුළුවන් වෙන්නෙ බස් ගෙන්නන්න ඇරපු ණයවර ලිපිය (LC) Profoma Invoice එකේ ආනයනය කරනකොට එන custom invoice එක සහ ෂිපින් ලයින් එකේ ඩිලිවරි ඕඩර් එකේ ඔන්න ඔය ටික පෙන්නුවොත්.
ඉස්සර ආණ්ඩූව වලින් නොකියා කරපු වැඩ මෙයලා පලවෙනි පාර කරා වගේ කියනවා.
වෙනදා කොහොමත් දෙන එක මෙයලා ඉල්ලලා අරං තියනවා. වෙනස ඕකයි.
හැබැයි බස් එන හොඳයි. ඉස්සරහට පොදු ප්‍රවාහනය නඟා සිටුවන්න ඕන.
චිරාත් උයනහේවා