අම්මලා තාත්තල තමයි හැම තිස්සෙම හරි ,
අම්මල තාත්තලා වැඩ කරන්නේ අපේ හොදට විතරයි ,
අම්මල තාත්තලාට දුර පෙන්වා
අනේ බන් මේ ඔක්කොම සාපේක්ෂ බයිලා !!
එහෙම රෙද්දක් නෑ . ඔය ඔක්කොම මිනිස්සු . . අපි ලේබල් ගහන්න පුරුදු වෙලා ඉන්නේ අම්මල තත්තලා හොද ගොඩ ට දාල , වයිෆ් ව නරක ගොඩ ට දාල ලංකාවේ .
උබේ අම්ම තාත්තා කියන්නෙත් ඒ දෙන්නට වයිෆ් හස්බන්ඩ් . toxic කම ඇවිත් අම්මෙක් තාත්තෙක් උන පලියට ඒක නැති වෙන්නේ නෑ .
ඔය එක එක චරිත ගැන bias වෙන්නේ නැතුව හරියට තීරණය කරන්න පුලුවන් උන් එක්ක ජිවත් වෙන උබට විතරයි .
දැන් දේපල උබට දෙන්නේ නෑ , ගෑනිගෙන් උබට divorce වෙයන් කියන්නේ උබට ගෑනිගෙන් වෙච්ච අඩුවකට නෙවෙයි නේ.... ගෑනි උබට cheat කරා වගේ එකකට නෙවෙයි නේ . ... . ඒ දෙන්නට ගෑනිව දිරවන්නේ නැති එකට හිලව් වෙන්න තමයි ඕක කියන්නේ . ඕක හෙනම අවුල් . . දේපල දුන්නත් නැතත් උබේ ජිවිතේ ඒ දෙන්නගේ ඇරියස් එකට කාලකන්නි කරගන්න කියල කියන දෙමව්පියෝ දෙන්නෙක් .
අම්මල තාත්තලට ට සලකන්න ඕන තමයි. හැබැයි උබ තව මනුස්සයෙක් ගේ ජිවිතයක් ඉතුරු කාලේ එකට ඉන්නව කියලා බාරගෙන නේ ඉන්නේ . උබලගේ තාත්තට අම්මව ලොකුයි වගේ ම උබට උබේ ගෑනිව ලොකු වෙන්න ඕනේ බැන්දා නම් . උබ ගැනිගෙන් divorce වෙන්නම් තාත්තට අම්මගෙන් divorce වෙන්න කියපන් . . ඔය දෙකම එක සම්බන්දෙ .
උබට දේපල වලට තණ්හාවක් නැති නම් ඒ දේවල් බලන්නේ නැතුව පුලුවන් විදියට උදව් කරපං . හැබැයි උබේ ගෑනිව අයින් කරන්න වගේ ටෝක් දුන්නොත් ඉතින් ඒවාට ත් කතා කරපං . අම්මා තාත්තා විතරයි උතුම් , බැදපු ගෑනි ඕන වෙලාවක dump කරන්න පුලුවන් වගේ මානසිකත්වයක නම් ඉන්නේ බදින්නේ නැතුව ඉදපන් .
ළමයි බැන්දම අම්මල තාත්තල පවුල් වලට ඇගිලි ගහන්නේ නැතුව ඉන්න ඕනේ .