අද අත්භූත දෙයක් උනා සිංහලු හෙනම භූතයි මේකනං

Aiden Pearce

Well-known member
  • Aug 4, 2025
    673
    1,103
    93
    ලොකු තාත්ත නැතිවෙලා දැන් අවුරුදු දෙකක් වගේ වෙනව

    ලොකු අම්මයි එයාගෙ දුවයි තමයි ඉන්නෙ ගෙදර එයාට බබා හම්බෙන්න ඉන්න නිසා පොඩ්ඩක් එහෙ ඉන්න පුලුවන්ද ඇහුව හදිස්සියක් උනොත් වාහනේ අරන් යන්න කෙනෙක් නැති නිසා

    උඩ තට්ටුව හෙන පාලුයි තනිකරම හෙන අත්බූත හැගීමක් එන්නෙ.

    මම ඉද්දි මට තේරුනා කවුරු හරි බලන් ඉන්නව වගේ එන එකක් තියෙන්නෙ හෙන අන්කන්ෆටබල් සීන් එකක් අන්න එහෙම එකක්.

    ඒ කියන්නෙ මේ ගෙදර කලින් ඔහොම නෑ දැන් නිකන් භූතයි හෙන

    එහෙම ටිකක් වෙලා ඉන්නකොට චූ බරක් ඇවිල්ල ගියා ගිහිං කාමරේට යද්දිම හුලන් පාරක් එක්ක කවුරු හරි ලගින් පාස් වෙනව පැත්තෙන් දැක්ක. හෙන උස මහත ඩයල් එකක් සෙනිකව පඩිපෙල බැහැල ටීවී එක දාගෙන මේ ඉන්නෙ ආයි යන්නෑ උඩට.
     
    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,282
    4,556
    113
    නොපෙනෙන මානයේ
    හොල්මනක් වෙන්නැති. අපේ ගමේ ගෙවල් ළඟ ලොකු කොහොඹ ගහක් තියෙනව. වෙලත් එක්ක එතන මාර කූල් නිසා අහල පහල උන් එක්ක සිගරට් එකක් එහෙම බොන ගමන් චැට් එකක් දාන්නෙ අපි ඔතන තමයි.

    නිවාඩුවට ගමේ ගියාම මෙන්න බොලේ කොහොඹ ගහ කපල දාල. මේ මොන අපරාදයක්ද කරේ කියල ඒ ගෙදර එකාගෙන් අහ්ද්දි තමයි මට දෙලෝ රත් උනේ.

    රෑට කෙල්ලෙක් ගහ උඩ ඔන්චිලි පදිනව ගමේ කීප දෙනෙක්ම දැකල තියෙනවලු. දවසක් අරුන් උදේ 3ට විතර නැගිටල උයද්දි කෙල්ල බැල්කනියෙලු :baffled:
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,711
    3,090
    113
    37
    @ katubedda
    හොල්මනක් වෙන්නැති. අපේ ගමේ ගෙවල් ළඟ ලොකු කොහොඹ ගහක් තියෙනව. වෙලත් එක්ක එතන මාර කූල් නිසා අහල පහල උන් එක්ක සිගරට් එකක් එහෙම බොන ගමන් චැට් එකක් දාන්නෙ අපි ඔතන තමයි.

    නිවාඩුවට ගමේ ගියාම මෙන්න බොලේ කොහොඹ ගහ කපල දාල. මේ මොන අපරාදයක්ද කරේ කියල ඒ ගෙදර එකාගෙන් අහ්ද්දි තමයි මට දෙලෝ රත් උනේ.

    රෑට කෙල්ලෙක් ගහ උඩ ඔන්චිලි පදිනව ගමේ කීප දෙනෙක්ම දැකල තියෙනවලු. දවසක් අරුන් උදේ 3ට විතර නැගිටල උයද්දි කෙල්ල බැල්කනියෙලු :baffled:
    දැන් ඉතින් එකි කොහොමත් බැල්කනියෙන් කාමරේටම ඇවිත් ඇති. එකිට ඉන්න තියෙන ගහ කැපුවම ඒකි කොහෙයන්නද.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,555
    48,784
    113
    සේදවත්ත
    ඒන්ටිටි එකක් ඉන්න පුලුවන් හැකියාව වැඩී උඩ තට්‍ටුව පාලුවට ගිහින් නම්
    අනිවාර්යයෙන් ඕම ගෙවල් වල එන්ටිටිස් ඉන්නවා .
    උබලා හොන්ටින්ග් කියලා ඩිස්කවරි සීරිස් එක බලලා නැද්ද , හොයල බලන්න ආස හිතෙයි