Maitree karanna puluwanda?

Emios

Well-known member
  • Dec 10, 2009
    74,104
    66,540
    113
    Attama maitree karana eka buduhamduruwo kiyala deepu deyakda? Meka karanna karanna genuinely impossible wage.hitha mage newe nan maitree kiyanne hitha control karanna hadanawa wage ekak ne?
    Sathwa sanchyaawak aran maitree karana eka harida?

    @nipund @ek_rosh @Blair Solari @Yeezus
     
    • Sad
    Reactions: Nidarshana_k

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,398
    1
    6,201
    113
    ඇයි dear දහසක් බුදුන් බුදු උන
    ත්‍රිපිටකයේ දීර්ඝතම විස්තර කරල තියන
    සමාධියේ සිට චතුර්ථ ධ්‍යානය ඔස්සේ නිවන් මාර්ගයට ම වඩන්න පුළුවන්
    ආනපානසති ය වඩන්නේ නැත්තේ 👀

    මාතර ඥානාරාම ස්වාමීන් වහන්සේ ගේ ම පොත් කොච්චර තියද අනුපිළිවෙලින් කර්මස්ථාස්නෙන් කර්මස්ථානය step by step අනුපිළිවෙල දේශනා කරපු

    ඒ වගේ rigorous in detail විස්තර කරපු භාවනාවක් තියෙද්දී ඇයි මෛත්‍රී භාවනාව ට යන්නේ ?
     
    • Haha
    Reactions: Mr Robot and ur_dad

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,104
    66,540
    113
    ඇයි dear දහසක් බුදුන් බුදු උන
    ත්‍රිපිටකයේ දීර්ඝතම විස්තර කරල තියන
    සමාධියේ සිට චතුර්ථ ධ්‍යානය ඔස්සේ නිවන් මාර්ගයට ම වඩන්න පුළුවන්
    ආනපානසති ය වඩන්නේ නැත්තේ 👀
    Liyala tiyena okoma sure nane ban.practically karaddi amarui ekai ahuwe.control karanna beri deyak control karanna hadanawa wage hinda
     
    • Like
    Reactions: Yeezus

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,106
    1,731
    113
    hitha mage newe nan maitree kiyanne hitha control karanna hadanawa wage ekak ne?
    Sathwa sanchyaawak aran maitree karana eka harida?

    **චේතෝවිමුක්තිය/ චිත්ත විමුක්තිය** කියන්නේ මොකක්ද කියලා හෙව්වනම් ඔය ප්‍රශ්න ඔක්කොටම උත්තර ලැබෙයි.

    වුත්තං හේතං භගවතා, වුත්තමරහතා’ති මේ සුතං.

    භාග්‍යවතුන් වහන්සේ තමයි මේ කාරණය වදාළේ. අරහත් මුනිඳාණන්මයි මෙය වදාළේ. මේ විදිහටයි මට අසන්නට ලැබුනේ.

    යානි කානිචි භික්ඛවේ ඕපධිකානි පුඤ්ඤකිරියවත්ථූනි, සබ්බානි තානි මෙත්තාය චේතෝවිමුත්තියා කලං නාග්ඝන්ති සෝළසිං. මෙත්තායේව තානි චේතෝවිමුත්ති අධිග්ගහෙත්වා භාසතේ ච තපතේ ච විරෝචති ච. සෙය්‍යථාපි භික්ඛවේ යා කාචි තාරකරූපානං පභා, සබ්බා තා චන්දිමපභාය කලං නාග්ඝන්ති සෝළසිං, චන්දපභායේව තා අධිග්ගහෙත්වා භාසතේ ච, තපතේ ච, විරෝචති ච, ඒවං ඛෝ භික්ඛවේ යානි කානිචි ඕපධිකානි පුඤ්ඤකිරියවත්ථූනි, සබ්බානි තානි මෙත්තාය චේතෝවිමුත්තියා කලං නාග්ඝන්ති සෝළසිං. මෙත්තායේව තානි චේතෝවිමුත්ති අධිග්ගහෙත්වා භාසතේ ච තපතේ ච විරෝචති ච.

    “පින්වත් මහණෙනි, මතුවට සැප විපාක ලබාදෙන මහත් පුණ්‍ය ක්‍රියා පිළිවෙතක් තියෙනවා නම්, ඒ සියල්ලම මෛත්‍රී චිත්ත විමුක්තියෙන් සොළොස් කලාවෙන් කොටසක් තරම්වත් වටින්නේ නෑ. ඒ සියලු පුණ්‍යක්‍රියා පිළිවෙත් පරදවලා, මේ මෛත්‍රී චිත්ත විමුක්තියම දිළිසෙනවා, හාත්පසින් දිලිසෙනවා, බබලනවා. පින්වත් මහණෙනි, මේ තාරුකාවල යම් ප්‍රභාෂ්වරබවක් තියෙනවා නම්, එය සඳක ඇති ප්‍රභාෂ්වර බවෙන් සොළොස් කලාවෙන් පංගුවක් තරම්වත් වටින්නේ නෑ. සඳේ ප්‍රභාෂ්වර බව ඒ සියල්ල පරදවලා දිලිසෙනවා, හාත්පසින් දිලිසෙනවා, බබලනවා. පින්වත් මහණෙනි, ඔන්න ඔය විදිහමයි, මතුවට සැප විපාක ලබාදෙන මහත් පුණ්‍ය ක්‍රියා පිළිවෙතක් තියෙනවා නම්, ඒ සියල්ලම මෛත්‍රී චිත්ත විමුක්තියෙන් සොළොස් කලාවෙන් කොටසක් තරම්වත් වටින්නේ නෑ. ඒ සියලු පුණ්‍යක්‍රියා පිළිවෙත් පරදවලා, මේ මෛත්‍රී චිත්ත විමුක්තියම දිළිසෙනවා, හාත්පසින් දිලිසෙනවා, බබලනවා.

    සෙය්‍යථාපි භික්ඛවේ වස්සානං පච්ඡිමේ මාසේ සරදසමයේ විද්ධේ විගතවලාහකේ නභේ ආදිච්චෝ නභං අබ්භුස්සක්කමානෝ සබ්බං ආකාසගතං තමගතං අභිවිහච්ච භාසතේ ච තපතේ ච විරෝචති ච, ඒවමේව ඛෝ භික්ඛවේ යානි කානිචි ඕපධිකානි පුඤ්ඤකිරියවත්ථූනි, සබ්බානි තානි මෙත්තාය චේතෝවිමුත්තියා කලං නාග්ඝන්ති සෝළසිං. මෙත්තායේව තානි චේතෝවිමුත්ති අධිග්ගහෙත්වා භාසතේ ච, තපතේ ච, විරෝචති ච. සෙය්‍යථාපි භික්ඛවේ රත්තියා පච්චූසසමයං ඕසධි තාරකා භාසතේ ච තපතේ ච විරෝචති ච, ඒවමේව ඛෝ භික්ඛවේ යානි කානිචි ඕපධිකානි පුඤ්ඤකිරියවත්ථූනි, සබ්බානි තානි මෙත්තාය චේතෝවිමුත්තියා කලං නාග්ඝන්ති සෝළසිං. මෙත්තායේව තානි චේතෝවිමුත්ති අධිග්ගහෙත්වා භාසතේ ච තපතේ ච විරෝචති ච.

    පින්වත් මහණෙනි, ඒක මෙන්න මේ වගේ දෙයක්. වැසි කාලෙ ඉවර වෙලා එන අන්තිම මාසෙදී, සරත් කාලෙදී, වළාකුළු ඈත් මෑත් වෙලා අහස හොඳට පැහැදිලිව පේනවා. ඉතින් ඒ අහසේ හිරු මඬල මුදුන් වෙන කොට එතෙක් වෙලා අහසේ තිබුණු අඳුරු ගතිය නැතිවෙනවා. සියලු අඳුර පරදවලා දිලිසෙනවා, බබලනවා. පින්වත් මහණෙනි, අන්න ඒ වගේ තමයි, මතුවට සැප විපාක ලබාදෙන මහත් පුණ්‍ය ක්‍රියා පිළිවෙතක් තියෙනවා නම්, ඒ සියල්ලම මෛත්‍රී චිත්ත විමුක්තියෙන් සොළොස් කලාවෙන් කොටසක් තරම්වත් වටින්නේ නෑ. ඒ සියලු පුණ්‍යක්‍රියා පිළිවෙත් පරදවලා, මේ මෛත්‍රී චිත්ත විමුක්තියම දිළිසෙනවා, හාත්පසින් දිලිසෙනවා, බබලනවා. පින්වත් මහණෙනි, ඒක මෙන්න මේ වගෙයි. රෑ අලුයම් කාලයේදී බබලන ඕසධී තාරුකාව තමයි දිලිසෙන්නෙත්, හාත්පසින් දිලිසෙන්නෙත්, බබලන්නෙත්. අන්න ඒ වගේ තමයි පින්වත් මහණෙනි, මතුවට සැප විපාක ලබාදෙන මහත් පුණ්‍ය ක්‍රියා පිළිවෙතක් තියෙනවා නම්, ඒ සියල්ලම මෛත්‍රී චිත්ත විමුක්තියෙන් සොළොස් කලාවෙන් කොටසක් තරම්වත් වටින්නේ නෑ. ඒ සියලු පුණ්‍යක්‍රියා පිළිවෙත් පරදවලා, මේ මෛත්‍රී චිත්ත විමුක්තියම දිළිසෙනවා, හාත්පසින් දිලිසෙනවා, බබලනවා.”

    ඒතමත්ථං භගවා අවෝච. තත්ථේතං ඉති වුච්චති:

    මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එය මේ අයුරිනුත් පවසන්න පුළුවනි.


    “යෝ ච මෙත්තං භාවයති අප්පමාණං පටිස්සතෝ,
    තනූ සංයෝජනා හොන්ති පස්සතෝ උපධික්ඛයං

    “යම් කෙනෙක් හොඳින් සිහි නුවණ තුළ පිහිටලා අප්‍රමාණව මෛත්‍රී චිත්තය වඩනවා නම් ඔහු කෙලෙසුන්ගේ නැසීම දකිනවා. ඒ සිතේ සසරේ බැඳ තබන බැඳීම් තුනී වෙලා යනවා.

    ඒකම්පි චේ පාණමදුට්ඨචිත්තෝ මෙත්තායති කුසලෝ තේන හෝති,
    සබ්බේ ච පාණේ මනසානුකම්පං පහූතමරියෝ පකරෝති පුඤ්ඤං

    එකම එක ප්‍රාණියෙක් ගැනවත් සිත දූෂිත කරගන්නේ නැත්නම්, මෙත් සිතම පතුරුවනවා නම්, ඒ නිසාම ඔහු ධර්මයේ හැසිරීමට දක්ෂයෙක් වෙනවා. එම නිසා සියලු ප්‍රාණීන් කෙරෙහිම මහත් හිතානුකම්පාවක් ඇති ආර්යයන් වහන්සේ බොහෝ පින් රැස් කර ගන්නවා යන කරුණෙහි ඇති අරුමය කිම?

    යෝ සත්තසණ්ඩං පථවිං විජෙත්වා රාජිසයෝ යජමානානුපරියගා,
    අස්සමේධං පුරිසමේධං සම්මාපාසං වාජපෙය්‍යං නිරග්ගලං

    සමහර රජවරු ඉන්නවා. ඔවුන් බොහෝ සත්වයන් ගැවසී සිටින මේ මහ පොළොව දිනපු ඉසිවරු වගෙයි. ඔවුන් අස්සමේධ, පුරිසමේධ, සම්මාපාස, වාජපෙය්‍ය, නිරග්ගල කියන නොයෙක් ජාතියේ යාග කරමින් හැසිරෙනවා.

    මෙත්තස්ස චිත්තස්ස සුභාවිතස්ස කලම්පි තේ නානුභවන්ති සෝළසිං,
    චන්දප්පභා තාරගණා’ව සබ්බේ

    (ඒ වුනත් ඒ යාගයන්) ඉතා හොඳට පුරුදු කරපු මෛත්‍රී සිතක් තියෙන කෙනාට රැස්වෙන පිනෙන් සොළොස් කලාවෙන් එක කොටසක් තරම්වත් වටින්නේ නෑ. එය සියලු තරුවල එළිය තිබුනත් ඒ එළිය සඳ එළියේ ප්‍රභාවයේ සොළොස් කලාවෙන් එකක් තරම්වත් වටින්නේ නෑ වගේ.

    යෝ න හන්ති න ඝාතේති න ජිනාති න ජාපයේ,
    මෙත්තංසෝ සබ්බභූතේසු වේරං තස්ස න කේනචී”ති

    යමෙක් කිසිවෙකුට හිංසා කරන්නේ නැත්නම්, කිසිවෙකුව මරන්නේ නැත්නම්, කිසිවෙකුව පරදවන්නේ නැත්නම්, අනුන් ලවා හානි කරවන්නෙත් නැත්නම්, අන්න ඒ කෙනා සියලු සතුන් කෙරෙහි මෛත්‍රිය වඩනවා. ඔහුට ඒ කිසි දෙයකින් වෛරයක් ඇති වෙන්නේ නෑ.”

    අයම්පි අත්ථෝ වුත්තෝ භගවතා ඉති මේ සුතන්ති.

    මේ අර්ථය වදාරණ ලද්දේ භාග්‍යවතුන් වහන්සේ විසින්මයි. මේ විදිහට මා හට අසන්නට ලැබුනා.
     
    • Like
    Reactions: Yeezus

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,104
    66,540
    113
    **චේතෝවිමුක්තිය/ චිත්ත විමුක්තිය** කියන්නේ මොකක්ද කියලා හෙව්වනම් ඔය ප්‍රශ්න ඔක්කොටම උත්තර ලැබෙයි.

    වෙන් කොටසක් තරම්වත් වටින්නේ නෑ. ඒ සියලු පුණ්‍යක්‍රියා පිළිවෙත් පරදවලා, මේ මෛත්‍රී චිත්ත විමුක්තියම දිළිසෙනවා,
    oya tika hari kiyamuko but mata me tika tama prashne එකම එක ප්‍රාණියෙක් ගැනවත් සිත දූෂිත කරගන්නේ නැත්නම්, මෙත් සිතම පතුරුවනවා නම්,

    Meka karanna impossible task ekak neweda.sitha ehema control karanna puluwanda.meka sithen midena kriyawak newene.nattan buduhamruwo maitree karanna kiyapu system eka liyala tiyena widiha waradida
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,398
    1
    6,201
    113
    @Emios මීතිරිගල ධම්මජීව හාමුදුරුවෝ දුන්නේ මෛත්‍රී කර්මස්ථානයක්ද ?
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,104
    66,540
    113
    @Emios මීතිරිගල ධම්මජීව හාමුදුරුවෝ දුන්නේ මෛත්‍රී කර්මස්ථානයක්ද ?
    Ne bro meethirgala karanne me mohothe inna practice eka.maitree karanna kalin me mothe inna epaye.
     
    • Like
    Reactions: Yeezus

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,106
    1,731
    113
    සිත දූෂිත කරගන්නේ

    සිත දූෂණය වෙන්නේ මොනවගෙන්ද සහ ඒවා නැත්තම්?

    ඔය පෙන්නන්නෙත් රහතන් වහන්සේගේ ස්වභාවය, imho.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,104
    66,540
    113
    සිත දූෂණය වෙන්නේ මොනවගෙන්ද සහ ඒවා නැත්තම්?

    ඔය පෙන්නන්නෙත් රහතන් වහන්සේගේ ස්වභාවය, imho.
    Ado eka buduhamduruwo kivva ekath ekka tally wenne nane.sith eka antheka tiyannawa wage ekak neda oya dushanaya karan netuwa tiyan innawa kiyanne. Sitha mage newe nan,mage palanaye nattan kohomada buduhanduruwoma me wage ekak karanna kiyanne
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,158
    164,237
    113
    එකමත් එක රටක
    කොච්චර කියලා ඇත්ද . .
    ඔය මෛත්‍රී කරනවා කියලා කරන්නේ බොරුවට ප්‍රර්ථනා කරනවා වගේ හිත රවට්ට ගැනීමකි . . මෛත්‍රී භාවනාව කියන්නෙත් ඒ වගේ ... හිත රවට්ට ගන්නවා මෙහෙම වේවා වේවා කියලා .
     
    • Like
    Reactions: Emios

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,106
    1,731
    113
    Ado eka buduhamduruwo kivva ekath ekka tally wenne nane.sith eka antheka tiyannawa wage ekak neda oya dushanaya karan netuwa tiyan innawa kiyanne. Sitha mage newe nan,mage palanaye nattan kohomada buduhanduruwoma me wage ekak karanna kiyanne

    මොනවහරි නිත්‍ය දෙයක් හම්බෙනවනම්, හම්බෙන්න පුලුවන්, ඒක ගැන සංකල්ප ගොඩනගන්න පුලුවන් මොනවා නිසාද?
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,104
    66,540
    113
    මොනවහරි නිත්‍ය දෙයක් හම්බෙනවනම්, හම්බෙන්න පුලුවන්, ඒක ගැන සංකල්ප ගොඩනගන්න පුලුවන් මොනවා නිසාද?
    Ubata track da ban me tike?kiyana deta newene answer eka :oo:
     
    • Haha
    Reactions: dilann

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,106
    1,731
    113
    Ubata track da ban me tike?kiyana deta newene answer eka :oo:

    උත්තරේ ප්‍රශ්නේ තියෙනවා.

    අනාත්ම බව සංකල්පෙකින් අල්ලන්න බැහැ.

    Sitha mage newe nan

    අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයිනම් නිවනනේ.

    නිත්ය, ආත්ම, සුඛව අල්ලන් මේක අන්තයක්, මේක මගේ නෙමෙයිනම්.. කියන කතා සසර.


    ------ Post added on Apr 11, 2026 at 9:34 AM

    @Emios මේ වීඩීයෝ එක බලන්න ඉවර වෙනකන්.
    ------ Post added on Apr 11, 2026 at 9:36 AM
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,398
    1
    6,201
    113
    Sitha mage newe nan,mage palanaye nattan kohomada buduhanduruwoma me wage ekak karanna kiyanne

    සිත මගෙ නෙවේ ; අනාත්ම ස්වභාවය ප්‍රත්‍යක්ෂ වෙනකං මාර්ගය වැඩීමට පහසු වීමට එලෙස දේශනා කළාද දන්නෙ නෑ

    ධර්මය පහුරක් නිවනේදී අත හැරෙන කියලා තියනවනේ
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,772
    113
    36
    මට ආගමක් නම් නැහැ.

    හැබැයි මට ක්ෂණික කේන්ති ගියාට මම කාටත් මෛත්‍රියෙන් තමයි ඉන්නේ.

    Live and let Live කියලා තමයි මට හිතෙන්නේ.

    හැබැයි මට කෙලින්න ආවොත් මරලා හරි මම බේරෙනවා
     
    • Like
    Reactions: Emios

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,104
    66,540
    113
    කොච්චර කියලා ඇත්ද . .
    ඔය මෛත්‍රී කරනවා කියලා කරන්නේ බොරුවට ප්‍රර්ථනා කරනවා වගේ හිත රවට්ට ගැනීමකි . . මෛත්‍රී භාවනාව කියන්නෙත් ඒ වගේ ... හිත රවට්ට ගන්නවා මෙහෙම වේවා වේවා කියලා .
    Had to agree you on that.prarthanawak tamai

    සිත මගෙ නෙවේ ; අනාත්ම ස්වභාවය ප්‍රත්‍යක්ෂ වෙනකං මාර්ගය වැඩීමට පහසු වීමට එලෙස දේශනා කළාද දන්නෙ නෑ

    ධර්මය පහුරක් නිවනේදී අත හැරෙන කියලා තියනවනේ
    Man me practically karaddi ena de ban baluwe.attama samma ditiyata path una kenekta(sowan) arenna katawath genuinely maitree karanna puluwanda.mata eka karaddi loku force ekak enawa wage reject karana.meka nikan hita rawatagannawa wage.hithen nidahas wima maitree kivva wenna berida.balen karanne netuwa
    ------ Post added on Apr 11, 2026 at 10:02 AM
     
    • Like
    Reactions: nipund and Yeezus

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,106
    1,731
    113
    attama samma ditiyata path una kenekta(sowan) keneta arenna katawath genuinely maitree karanna puluwanda.

    හරියටම කරන්න පුලුවන් රහතන් වහන්සේට. එතනින් පල්ලෙහා අයට මග වැඩෙන්නේ.

    hithen nidahas wima maitree kivva wenna berida.balen karanne netuwa

    චේතෝවිමුක්තිය කියලා පෙන්නන්නේ නිවන තමයි, imho.
    like, යන්න පුලුවන් පාරක් වගේ.
     
    • Like
    Reactions: Yeezus

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,772
    113
    36
    හරියටම කරන්න පුලුවන් රහතන් වහන්සේට. එතනින් පල්ලෙහා අයට මග වැඩෙන්නේ.



    චේතෝවිමුක්තිය කියලා පෙන්නන්නේ නිවන තමයි, imho.
    like, යන්න පුලුවන් පාරක් වගේ.

    උඹේ කමෙන්ට් එකක් දැක්ක ඊයේ.. කෙල්ලට පූක් අරින්න කලින් උඩ ඉඳලා ලේවකගෙන එන්න කියලා
    මම සාදුකාරයක් දුන්නා
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,398
    1
    6,201
    113
    meka nikan hita rawatagannawa wage.hithen nidahas wima maitree kivva wenna berida.balen karanne netuwa

    එහෙනම් කමටහන මාරු කරලා බලන්න dear ;
    ආනාපානසතිය පිහිටන්නෙ නැද්ද ? උත්සාහ කරලා නැද්ද කලින් 👀

    නැත්තං කම්මට්ඨානචර්යා කෙනෙක් හම්බවෙලා උපදෙස් ගන්න ( මීතිරිගල හාමුදුරුවෝ එක්ක කතා කරලා 🙂 )