රජයේ ඩිජිටල්කරණය ප්‍රතිපත්තිය යටතේ දකුණු පළාතේ පොදු ප්‍රවාහන සේවා නියාමනය සඳහා GPS තාක්ෂණය හඳුන්වාදීම සම්බන්ධ සාකච්ඡාවක් දකුණු පළාත් ගරු ආණ්ඩුකාරවර ආචාර්ය සුසිරිපාල මානවඩු මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් අද (09) දින දකුණු පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේදී පැවැත්විණි.
මෙහිදී මෙම තාක්ෂණය දකුණු පළාතේ බස් රථ සඳහා යොදා ගැනීමෙන් මහජනතාවට ලැබෙන වාසි පිළිබඳව ද, පොදු ප්‍රවාහන සේවාව විධිමත්ව නියාමනය කිරීමට හැකි වන ආකාරය පිළිබඳව ද සවිස්තරාත්මකව සාකච්ඡා කෙරිණි. එසේම, එම කාර්යය සඳහා අවශ්‍ය පරිදි සංවර්ධනය කර ඇති පරිගණක වැඩසටහන සහ එහි ක්‍රියාකාරිත්වය පිළිබඳව ද අවධානය යොමු විය.
දකුණු පළාතේ මගී ජනතාවට වඩාත් පහසු, විධිමත් හා විශ්වාසනීය පොදු ප්‍රවාහන සේවාවක් සැපයීම අරමුණු කරගෙන බස් රථ නියමිත කාලසටහනකට අනුව ධාවනය කරවීම සඳහා නවීන තාක්ෂණික ක්‍රමවේදයන් භාවිතයට ගෙන ඒම සඳහා දකුණු පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය විසින් මෙම තාක්ෂණික වැඩසටහන හඳුන්වා දී ඇත.
මගී ජනතාවට මෙම සේවාවෙන් ප්‍රයෝජන ගැනීමට “SP BUSSES” නමින් ඇති ජංගම යෙදුම Google Play Store හරහා භාගත කළ හැකි අතර, www.spgps.lk
වෙත පිවිස බස් රථ ධාවනය වන කාලසටහන සහ වත්මන් ස්ථාන තොරතුරු පහසුවෙන් දැන ගැනීමට ද අවස්ථාව ලබා දී ඇත.
මෙම අවස්ථාව සඳහා දකුණු පළාත් ගරු ආණ්ඩුකාරතුමන්ගේ පෞද්ගලික ලේකම් සුධර්මන් වෛද්‍යරත්න, දකුණු පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති එම්. බී. චන්ද්‍ර නිමල්, එහි අධ්යක්ෂ ජනරාල් රාජා කුමාර යන මහත්තුරු ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.
https://play.google.com/store/apps/details?id=com.aldtan.spbuses.prod.v02
www.spgps.lk

Last edited: