දැන් දකුණු පළාතේ බස් Live Track කරන්න පුලුවන් - SPGPS.LK | SPRPTA

Lionzzz

Well-known member
  • Jan 18, 2014
    3,506
    1
    3,532
    113
    Earth
    රජයේ ඩිජිටල්කරණය ප්‍රතිපත්තිය යටතේ දකුණු පළාතේ පොදු ප්‍රවාහන සේවා නියාමනය සඳහා GPS තාක්ෂණය හඳුන්වාදීම සම්බන්ධ සාකච්ඡාවක් දකුණු පළාත් ගරු ආණ්ඩුකාරවර ආචාර්ය සුසිරිපාල මානවඩු මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් අද (09) දින දකුණු පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේදී පැවැත්විණි.

    මෙහිදී මෙම තාක්ෂණය දකුණු පළාතේ බස් රථ සඳහා යොදා ගැනීමෙන් මහජනතාවට ලැබෙන වාසි පිළිබඳව ද, පොදු ප්‍රවාහන සේවාව විධිමත්ව නියාමනය කිරීමට හැකි වන ආකාරය පිළිබඳව ද සවිස්තරාත්මකව සාකච්ඡා කෙරිණි. එසේම, එම කාර්යය සඳහා අවශ්‍ය පරිදි සංවර්ධනය කර ඇති පරිගණක වැඩසටහන සහ එහි ක්‍රියාකාරිත්වය පිළිබඳව ද අවධානය යොමු විය.
    දකුණු පළාතේ මගී ජනතාවට වඩාත් පහසු, විධිමත් හා විශ්වාසනීය පොදු ප්‍රවාහන සේවාවක් සැපයීම අරමුණු කරගෙන බස් රථ නියමිත කාලසටහනකට අනුව ධාවනය කරවීම සඳහා නවීන තාක්ෂණික ක්‍රමවේදයන් භාවිතයට ගෙන ඒම සඳහා දකුණු පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය විසින් මෙම තාක්ෂණික වැඩසටහන හඳුන්වා දී ඇත.

    මගී ජනතාවට මෙම සේවාවෙන් ප්‍රයෝජන ගැනීමට “SP BUSSES” නමින් ඇති ජංගම යෙදුම Google Play Store හරහා භාගත කළ හැකි අතර, www.spgps.lk

    වෙත පිවිස බස් රථ ධාවනය වන කාලසටහන සහ වත්මන් ස්ථාන තොරතුරු පහසුවෙන් දැන ගැනීමට ද අවස්ථාව ලබා දී ඇත.

    මෙම අවස්ථාව සඳහා දකුණු පළාත් ගරු ආණ්ඩුකාරතුමන්ගේ පෞද්ගලික ලේකම් සුධර්මන් වෛද්‍යරත්න, දකුණු පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති එම්. බී. චන්ද්‍ර නිමල්, එහි අධ්‍යක්ෂ ජනරාල් රාජා කුමාර යන මහත්තුරු ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.

    https://play.google.com/store/apps/details?id=com.aldtan.spbuses.prod.v02
    www.spgps.lk

    Last edited:

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,810
    8,842
    113
    35
    Spain
    ඕ.අ.ර.ම.ක.හි. 👍
    බැ.වෙ.
    මීම් එකත් දාපන් බන්.

    Mothers Day Lol GIF by reactionseditor
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,299
    7,775
    113
    හරියට මේන්ටේන් උනොත් මේක නම් මරු වැඩක්. (අපෙ එවුන් ඔය GPS එක ගලවල bike එකක හයි කරවල යවයිද දන්නෙ නෑ)

    • මේ වෙලාවෙ බස් තියෙන්නෙ මොන තැන් වලද
    • ඒව යන ස්පීඩ් එක
    • වේගෙන යන තැන්, කොට කොට යන තැන්
    • බස් තරඟෙටද යන්නෙ
    • කොච්චර වෙලාවක් මොන මොන හෝල්ට් වල නවත්තන් හිටියාද

    ඔක්කොම මොනිටර් කරන්න පුලුවන්.
    බස් වල අයිති කාරයන්ටත් ලේසි. මේ විදියටම ඔක්කොම ටික මොනිට කරගන්න පුලුවන් (මෙහෙම මොනිට වෙනවට උන් කැමති වෙයිද දන්නෙ නෑ)
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,833
    86,034
    113
    ආශ්චර්යමත් රටක

    GPS එක පොදු දේපළක් කරන්න ඕන. (දැනට එහෙම නෙවෙයි නං)

    ඊට පස්සෙ ඒව ගලවල අහුවෙන බස් අයිතිකාරයන්ට පොදු දේපළ අවභාවිතය කියලා සතියක විතර බස් එකේ ආදායමට කිට්ටු ගානක් දඩ ගහන්න ඕන.

    ඒව ගලවල කියල සැක නං මහජනතාවට පැමිණිලි කරන්න/ඔත්තු දෙන්න පුලුවන් කරන්න ඕන. එහෙම හරි තොරතුරකට අල්ලල දෙන අයට අර ගානෙන් බාගයක් විතර තෑග්ගක් විදියට ගෙවන්න ඕන.

    වැඩේ සරලයි. එක මාසෙන් හොර ඉවර වෙනවා එහෙම උනොත්. ✌️
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,810
    8,842
    113
    35
    Spain
    GPS එක පොදු දේපළක් කරන්න ඕන. (දැනට එහෙම නෙවෙයි නං)

    ඊට පස්සෙ ඒව ගලවල අහුවෙන බස් අයිතිකාරයන්ට පොදු දේපළ අවභාවිතය කියලා සතියක විතර බස් එකේ ආදායමට කිට්ටු ගානක් දඩ ගහන්න ඕන.

    ඒව ගලවල කියල සැක නං මහජනතාවට පැමිණිලි කරන්න/ඔත්තු දෙන්න පුලුවන් කරන්න ඕන. එහෙම හරි තොරතුරකට අල්ලල දෙන අයට අර ගානෙන් බාගයක් විතර තෑග්ගක් විදියට ගෙවන්න ඕන.

    වැඩේ සරලයි. එක මාසෙන් හොර ඉවර වෙනවා එහෙම උනොත්. ✌️
    පකෝ ඔය පය්යෙන් ඇති වැඩේ මොකක්ද? බස් ට්‍රැක් කරන එක බස් අයිතිකාරයෝන්ට නම් වැඩක් ඇති වෙයි. එත් සාමාන්‍ය මනුස්සයෙක්ට?
     
    • Haha
    Reactions: shenat

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,121
    2,489
    113
    පකෝ ඔය පය්යෙන් ඇති වැඩේ මොකක්ද? බස් ට්‍රැක් කරන එක බස් අයිතිකාරයෝන්ට නම් වැඩක් ඇති වෙයි. එත් සාමාන්‍ය මනුස්සයෙක්ට?
    ඕක 100/101 වගේ බස් පාරවල් වලට වැඩක් නෑ. හැබැයි බස් 4/5ක් වැඩ කරන route වලට මරැ. බස් එකක් එන වෙලාවක් බලලා ගෙදරින් halt එකට යන්න පුලවන්. බස් එකක් හරියට එන වෙලාවක් දන්නවා නම් ගොඩක් අය public transport වලට යෙමුවෙයි. බස් වලට හරි timetable කියලා එකක් නෑනේ.

    මෙකෙන් බස් කාරයනටත් ආදායම වැඩි වෙන්න පුලුවන්.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,833
    86,034
    113
    ආශ්චර්යමත් රටක
    පකෝ ඔය පය්යෙන් ඇති වැඩේ මොකක්ද? බස් ට්‍රැක් කරන එක බස් අයිතිකාරයෝන්ට නම් වැඩක් ඇති වෙයි. එත් සාමාන්‍ය මනුස්සයෙක්ට?

    බයි හරකෝ ඊළඟ බස් එක කොහේද තියෙන්නෙ, ඊළඟ එක එනවද කියල දැනගන්න එකෙන් වැඩක් තියෙන බව දන්නවා බස්වල ගියපු මහපොළොවෙ පයගහලා ඉඳපු උන්. පැය 24ම බලුකොතට රිංගගෙන බලුකොතෙන් ලෝකය දකින තොපි වගේ තැරි බයි හරක් දන්නෙ නැති උනාට. 🙈😂
     
    • Love
    • Haha
    Reactions: SK29 and handley

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,810
    8,842
    113
    35
    Spain
    බයි හරකෝ ඊළඟ බස් එක කොහේද තියෙන්නෙ, ඊළඟ එක එනවද කියල දැනගන්න එකෙන් වැඩක් තියෙන බව දන්නවා බස්වල ගියපු මහපොළොවෙ පයගහලා ඉඳපු උන්. පැය 24ම බලුකොතට රිංගගෙන බලුකොතෙන් ලෝකය දකින තොපි වගේ තැරි බයි හරක් දන්නෙ නැති උනාට. 🙈😂
    ඊට වඩා හොඳ නැද්ද බස් නැවතුමේ කාලසටහනක් හයි කරලා ඊළඟ බස් එක එන වෙලාව බලාගන්න තියෙන එක? එතකොට බස් වෙලාවට යනවා. කාලෙකට කලින් එහෙම හැම බස් නැවතුමකම එහෙම පුවරු හයි කරලා තිබුන.
     
    • Haha
    Reactions: SK29 and shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    57,833
    86,034
    113
    ආශ්චර්යමත් රටක
    ඊට වඩා හොඳ නැද්ද බස් නැවතුමේ කාලසටහනක් හයි කරලා ඊළඟ බස් එක එන වෙලාව බලාගන්න තියෙන එක? එතකොට බස් වෙලාවට යනවා. කාලෙකට කලින් එහෙම හැම බස් නැවතුමකම එහෙම පුවරු හයි කරලා තිබුන.

    හම්මෝ බන් ඕක හොඳටම ඇති උබේ ලෝකෙ/ලංකාව ගැන ප්‍රායෝගික දැනුම ගැන තේරුම් ගන්න. 🤣🤣

    රනිල් සර් ලංකාව ජපානෙ වගේ හදල ගිය නිසා හරියටම තිතට වෙලාවට බස් එක එනවා. ජෙප්පො බලේට එනකන් කිසිම අවුලක් තිබුනෙ නෑ කියල නේද උබලට හිර්කොතේදි කියල දුන්නෙ? 🙈😹
     
    • Haha
    Reactions: handley

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,506
    1
    3,532
    113
    Earth
    App එක නම් Buggy ටිකක්. අනිත් එක වෙබ් එකත් ටිකක් ලොකු Screen එකක නෙවෙයි නම් බලන්නෙ පොඩ්ඩක් අවුල්.

    Start එකක් විදියට හොද වැඩක්, මේ ඩේටා ටික Google Transit එකට දීගන්න පුලුවන්නම් පට්ට.
     
    msan

    Active member
  • Oct 17, 2017
    235
    234
    43
    App එක නම් Buggy ටිකක්. අනිත් එක වෙබ් එකත් ටිකක් ලොකු Screen එකක නෙවෙයි නම් බලන්නෙ පොඩ්ඩක් අවුල්.

    Start එකක් විදියට හොද වැඩක්, මේ ඩේටා ටික Google Transit එකට දීගන්න පුලුවන්නම් පට්ට.
    not that hard to add it.

    https://support.google.com/transitpartners/answer/1335046