ධර්මයට අනුව හැසිරීම - සිල් රැකීම ; සතර විහරණ වැඩීම ; භාවනා කිරීම වැනි ප්‍රතිපදාව අනුගමනය කිරීම.
ලෞකික සම්මා දිට්ඨිය වැඩෙන්න ධර්මය යම්තාක් දුරකට වඩන්නා ඕනි නේද ... නැතිනම් මෝහයේ හෝ අවිද්‍යාවේ ඉන්නවා මිත්‍යා දෘෂ්ටිකව
- අත්ථි අයං ලෝකෝ – කර්මානුරූප ව මෙලොව උපතක් කරා ආ බව පිළිගන්නවා.
- අත්ථි පරෝ ලෝකෝ – කර්මානුරූප ව පරලොව උපතක් කරා යන බවත් පිළිගන්නවා.
- අත්ථි ලෝකේ සමණබ්‍රාහ්මණා සම්මග්ගතා සම්මාපටිපන්නා යේ ඉමඤ්ච ලෝකං පරඤ්ච ලෝකං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවේදේති – යහපත් මගෙහි ගමන් කළ, යහපත් මඟට පිළිපන්, මෙලොව පරලොව තමන්ගේ ම අවබෝධයෙන් සාක්ෂාත් කොට පවසන ශ්‍රමණ බ්‍රාහ්මණයන් ලෝකයෙහි ඇති බව (බුදු පසේබුදු මහරහත් මගඵලලාභී ආදී උතුමන්) පිළිගන්නවා.
මොකද මේ තුන පිළිගන්නා ධර්මය පිළිපදින්න හැසිරෙන්න ඕනි නේද

අන්යාගමිකයෙකුගේ සන්තානයේ මේ 3 වැඩෙන්න විදියක් නෑ අනිත් ඒවා වැඩුණත්