විජය පත්තරේ ගත්තා හැම සතියකම , අන්තිමට ගෝනී තුනක් වගේ පත්තර....
පත්තරේ පිටිපස්සේ කාටුන් එකකුත් ගියා මරු ❤
MR.POP ටිපිටිප් කාලා හම්බවෙන ගැජෙට් එකතු කරා.. ශොපින් මල්ලක් පිරෙන්න කෑලී..
පොඩි Knight Rider වගේ කාර් සෙට් එකතු කරා..
තෑගි ටොෆී කකා තෑගී එකතු කරා.. අන්තිමට ඒවා බුල්ටෝ උනා කාලානුරූපීව
Kandos චොකලට් වල ෆැමිලි එකේ ෆොටෝ එකතු කරලා යවලා මැජික් පොතක් ගත්තා...
විදුසර පත්තරේ ගත්තා නව තාක්ෂණය ගැන දැන ගන්න...
Roo / Ray / Moo කියලා ආපු CD Magazine එකතු කරා ❤ ඒක නම් පට්ට...
කැප් රෝල් තුවක්කු හොයන් වෙඩි තිබ්බා..
Bricks Game සෙල්ලම් කරා.. කැඩෙන වාරයක් පාසා අළුත් එකක්..
මාලු ටැංකියක් හදලා දකින දකින පොඩි මාලු ගෙනත් දැම්මා.. ගොල්ඩ් ෆිශ් එකා කෑම වැඩි වෙලා ලොකු වෙලා පිම්බිලා මළා


ටයර් එකතු කරලා ලී දෙකක් දෙපැත්තෙන් දාලා ඒකට වතුර දාලා තල්ලු කරා..
තව තිබ්බා...

ආයේ ඒ ලෝකේ එන්නේ නැති නිසා හරිම දුකයි.. Old is Gold