උඹලා පොඩි කාලේ hobby එකතු කරපු දේවල් මොනවාද?

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,455
    1
    10,695
    113
    Oya cricket stickers tikai, superhero, wrestling daycards, pariganaka magazine .

    thawa tipip wage ekak thibba e kale ewa athule plastic card ekak galawala plane car wage hadanna thibba. Sahena godak ekathu kara ewanam. Dannam mukuth naha laga.
    mr.pop eke thibbe.man gawath hena set ekak thibba. eka gandamai tipitip ganne. aye kandos eke magic bola anan manan gift ehema dunnane
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,971
    1
    31,485
    113
    - උඩරට -
    විජය පත්තරේ ගත්තා හැම සතියකම , අන්තිමට ගෝනී තුනක් වගේ පත්තර....
    පත්තරේ පිටිපස්සේ කාටුන් එකකුත් ගියා මරු ❤

    MR.POP ටිපිටිප් කාලා හම්බවෙන ගැජෙට් එකතු කරා.. ශොපින් මල්ලක් පිරෙන්න කෑලී..

    පොඩි Knight Rider වගේ කාර් සෙට් එකතු කරා..

    තෑගි ටොෆී කකා තෑගී එකතු කරා.. අන්තිමට ඒවා බුල්ටෝ උනා කාලානුරූපීව 😕

    Kandos චොකලට් වල ෆැමිලි එකේ ෆොටෝ එකතු කරලා යවලා මැජික් පොතක් ගත්තා...

    විදුසර පත්තරේ ගත්තා නව තාක්ෂණය ගැන දැන ගන්න...

    Roo / Ray / Moo කියලා ආපු CD Magazine එකතු කරා ❤ ඒක නම් පට්ට...

    කැප්‍ රෝල් තුවක්කු හොයන් වෙඩි තිබ්බා..

    Bricks Game සෙල්ලම් කරා.. කැඩෙන වාරයක් පාසා අළුත් එකක්..💥

    මාලු ටැංකියක් හදලා දකින දකින පොඩි මාලු ගෙනත් දැම්මා.. ගොල්ඩ් ෆිශ් එකා කෑම වැඩි වෙලා ලොකු වෙලා පිම්බිලා මළා 😭😭😭

    ටයර් එකතු කරලා ලී දෙකක් දෙපැත්තෙන් දාලා ඒකට වතුර දාලා තල්ලු කරා..

    තව තිබ්බා... 😭 ආයේ ඒ ලෝකේ එන්නේ නැති නිසා හරිම දුකයි.. Old is Gold
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,971
    1
    31,485
    113
    - උඩරට -
    පිං පොං බෝල
    බෝල අයිස් ( බෝලයක් ඇතුළේ අයිස්ක්‍රීම් තියෙන්නේ.. අයිස් ක්‍රීම් ඉවර උණම කප් එක වැහුවා සෙල්ලම් කරා )
    SL ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙ රුව ඇතුළත් කාඩ්.
    මැජික් කාඩ්
    ලේසර් ටෝච් එක්ක ආපු විවිධ හැඩ තල..
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,748
    24,023
    113
    tracing Geo-location.. ... ...
    Mr POP එකෙයි Classic එකෙයි දුන්නේ රොබෝලා, කාර් එහෙම හදන card වගයක්.. අන්න ඒවා එකතු කළා 4-5 වසරවල් වලදී..
    kandos එකෙන් දුන්න මකබාවල් ඔක්කොම ගත්තා..
    පොත් එකතු කළා library එකක් හදාගන්න කියලා.. ඒක මග නතර වුනා සල්ලි නැතුව..
    මුද්දර සීන් එකේ ටික කාලයක් හිටිය එත් වැඩේ සෙට් වුනේ නෑ..
     

    MAXPANE7

    Well-known member
  • Apr 17, 2021
    2,038
    2,591
    113
    Screenshot-2026-05-10-16-14-51-91-680d03679600f7af0b4c700c6b270fe7.jpg


    Screenshot-2026-05-10-22-24-49-97-680d03679600f7af0b4c700c6b270fe7.jpg


    Pepsi cards.
    Screenshot-2026-05-10-22-28-15-41-b72a20be883aec8a014bd2b7c7038e87.jpg
     
    Last edited:

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,694
    3,335
    113
    විඩියෝ එකේ තියෙන හැම දේම එකතු කරලා තියනවා :love2:

    දැක්කාම වෙනම ආතල් එකක්...

    දැනට ඔය විඩියෝ එකේ තියෙන එකතු කරපු දේවල් වලින් ඉතිරි වෙලා තියෙන්නේ මුද්දර ටික විතරයි.

    විජයට අමතරව විදුසර, මිහිර, විජය පරිගණක නොකඩවා එකතු කරා.

    ඉස්සර 'රූ' වගේ 'රේ' එකතු කරා, එකතු කරන කාලේ computer එකක් වත් තිබ්බේ නෑ. කොල්ලන්ගේ ගෙවල් වල ගිහින් දාලා බැලුවේ ඉතිං.

    අඩේ මතක විදියට රුපියලට ඉස්සර වෙසක් කාඩ් 4ක් ද කොහෙ ද හම්බුනා පස්සේ සත 50, ඊළඟට රුපියල දෙක වෙලා 5ක් උනා ද කොහෙ ද..

    මොනවා උනත් ආදර බර රස මතක :love: