උපාදි කඩ වල හෙලුව

lilman

Well-known member
  • May 10, 2009
    40,453
    53,583
    113
    Colombo


    මේ දවස්වල වත්ත වටේ තියෙන පෙට්ටි කඩවලින් DBA, PhD අනම් මනම් දෙන නිසා පොඩ්ඩක් හාරලා කරලා බැලුවා මොනවද මේ දෙන්නෙ කියලා. මේක මාර ලස්සනට ප්ලෑන් කරලා කරකවලා නීති වලින් රිංගලා ගහන ගේම් එකක්. නීතිවලින් රිංගලා කිව්වට නීති විරෝධී නෑ. ඒක මුලින්ම කියන්න ඕනෙ. හැබැයි සත පහක වැඩක් නෑ. ඒක දෙවෙනියට කියන්න ඕනෙ. හරි අපි බලමු මොකද්ද මේ කතාව කියලා.

    ඔය ලංකාවෙ DBA හරි PhD හරි MBA හරි කියලා දෙන තැන් වලින් බහුතරයක් (හැමෝම නෙමේ) affiliate වෙලා තියෙන්නෙ යුරෝපයේ තියෙන තැපැල් පෙට්ටියක් හරි මේසයක් එක්ක හරි කිව්වොත් පුදුම හිතෙයි නේද?

    ඔය උපාධි දෙන යුරෝපීය ආයතන ඇත්තටම website එකක් සහ address එකක් විතරක් තියෙන එකම address ව්කට ආයතන කිහිපයක් ලියාප්දිංචි කරපු ඒවා. ඔය පලවෙනි පින්තූර තුන බලන්න. කැම්පස් තුනේම ඇඩ්‍රස් එකයි. තව ඔහොම ඒවා ස්විට්සර්ලන්තෙත් තියෙනවා. ප්‍රංශය වගේ රටවල ඉතා සුළු ලියකියවිලි ප්‍රමාණයකින් ඕනෑම අයෙකුට මෙවැනි ව්‍යාපාරයක් ලියාපදිංචි කරන්න පුලුවන් . මේ වගේ ආයතන බොහොමයකට ඇත්තටම කැම්පස් එකක් පුස්තකාලයක් තියා fulltime staff එකක්වත් නෑ .ඔවුන්ගේ ලිපිනය කියලා ගොඩක් වෙලාවට පෙන්නන්නෙ පැරිස් නුවර කුලියට ගත්තු තැපැල් පෙට්ටියක් (Mailbox) හරි වෙනත් අයෙකුගේ කාර්යාලයක පොඩි මේසයක් විතරයි. වැදගත්ම දේ තමා මේ ආයතන වලට නිල රජයේ උපාධි පිරිනැමීමට ප්‍රංශ අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතියක් (Accreditation) නෑ.

    ලංකාවෙ බොහොමයක් ඔය DBA හරි PhD හරි දෙන්නෙ මෙන්න මේ වගේ ආයතන වලින්. තව කට්ටියක් මෙතනින් තව අඩියක් ඉස්සරහට යනවා.

    යුරෝපයේ සමහර පිලිගත් විශ්වවිද්‍යාල හෙන කපටි වැඩක් කරනවා. එයාලා මෙන්න මේ වගේ පොඩි පොඩි ෆේක් කඩ එක්ක partnership ගහනවා. එහෙම ගහන්නෙ එයාලගෙ මාකටින් වැඩි කරන්න. International students ලා ගාණ වැඩියි කියල පෙන්නන්න. Collaboration වැඩී කියලා පෙන්නන්න. ඒත් එක්කම ලෝකෙ පුරා අපි වගේ රටවල්වල ඉන්න රට හරක් රවට්ටලා අසීමිතව මුදල් හම්බ කරන්න. මේකෙදි වෙන්නෙ ඔය ප්‍රංශෙ තියෙන කඩෙත් එක්ක නැගෙනහිර යුරෝපෙ තියෙන තරමක් පිලිගත් විශ්වවිද්‍යාලයක් partnership agreement එකක් ගහනවා. උදාහරණයක් විදිහට ABC එකත් එක්ක XYZ එක වගේ. ABC කියන්නෙ ප්‍රංශේ කඩේ. XYZ කියන්නෙ පිලිගත් විශ්වවිද්‍යාලය. DBA එක හරි PhD එක හරි මොකක් හරි උපාධියට අදාල ඉගැන්වීම් කටයුතු , module delivery ඔක්කොම කරන්නෙ ABC එකෙන්. උදාහරණයක් විදිහට Taught modules වලට credit 50 යි thesis එකට credit 70යි කියලා හිතන්න. European validation rules වලින් පුලුවන් university එකකට partner institution එකක "transfer credits" accept කරන්න හරි "prior learning exemptions" දෙන්න හරි. මෙන්න මේ loophole එක use කරල අර XYZ කියන පිලිගත් විශ්වවිද්‍යාලය ඔයාගෙ අර taught course credit 50 ම exempt කරනව. කරලා ඔයාගෙ thesis එක විතරක් panel එකක් දාලා evaluate කරලා ඔයාට DBA එක හරි PhD එක හරි දෙනවා. අර ප්‍රංශෙ ABC කඩෙනුත් තව PhD හරි DBA හරි සහතිකයක් දෙනවා. දෙවෙනි සහතිකේ නම් කොහොමත් වැඩක් නෑ. පලවෙනි සහතිකේ වැඩක් තිබුනත් වටිනාකමක් නෑ.

    දැන් ඔය අර ප්‍රංශෙ කඩේ එක්ක සම්බන්ධ ලංකාවෙ කඩේ කරන්නෙ අර පිලිගත් විශ්වවිද්‍යාලයේ උපාධි සහතිකේ පිටින් දාලා මේක ලංකාවෙ UGC recognized කියලා ගහනවා. එහෙම වෙන්නෙ මෙහෙමයි. ලංකාවෙ UGC එකේ තියෙනවා Association of Commonwealth universities ලිස්ට් එකේ හරි international association of universities ලිස්ට් එකේ හරි තියෙන ඕනෑම විශ්විද්‍යාලයක් UGC එක recognize කරනවා කියලා. අන්න ඒ කරුණ උඩ මෙයාලා දානවා මේ උපාධිය UGC recognized කියලා. හැබැයි මෙතන හෙන gray area එකක්. ඒක ගැන වෙනම ලියන්න ඕනෙ.

    දැන් හැමෝටම තියෙන ප්‍රශ්නේ මේ උපාධිය පිලිගන්නවද?

    සරල උත්තරේ නීතියට අනුව ඔව්. නමුත් අධ්‍යාපනිකවවත් වෘත්තීය මට්ටමෙන් වත් කිසිම පිලිගැනීමක් නෑ. ඔයා මේ උපාධිය පෙන්නල යුරෝපයේ හෝ වෙන රටක ජොබ් එකකට හරි උසස් අධ්‍යාපන අවස්තාවකට apply කලොත් හැරෙන පරක්කුවෙන් එලියට විසිවෙනවා විතරක් නෙමේ, ඔයාගෙ නමත් blacklist වෙන්න ඉඩ තියෙනවා. ඒ මොකද මේවගේ උපාධි ගන්නවා කියන්නෙම ඔයා කිසිම දෙයක් ගැන ගැඹුරින් අධ්‍යයනයක් කරගන්න බැරි මෝඩයෙක් හෝ හිතාමතා ම වංචනික කෙටික්‍රම වලින් වංගු ගහලා qualifications හදාගන්න හදන අවස්ථාවාදියෙක් විදිහට තේරුම්ගන්න පුලුවන්. ( ලංකාවෙනම් අහු වෙනකල් ආයතන ප්‍රධානියෙක්, Director කෙනෙක්, CEO කෙනෙක් වෙන්නත් පුලුවන්. ගොඩක් මේ වගේ DBA සහ PhD කරන්නෙත් ආයතන ප්‍රධානීන් තමා ඔවුන්ට නැති මෙව්වා එකක් හදාගන්න (මෙව්වා එක මොකද්ද කියලා හිතාගන්න).

    අනික ඔයාට මේ උපාධිය යුරෝපයේ national credential evaluation bodies වෙන ජර්මනියේ ANABIN in Germany හරි ප්‍රංශයේ ENIC-NARIC වගේ ආයතන වලට ගියොත් ඔයාට උපාධිය වලංගුය කියලා සහතිකයක් ලැබෙන එක හරිම දුර්ලභයි.
    ඒත් එක්කම මේ වගේ උපාධි ගැන බොහොමයක් ආයතන දැනුවත් නිසා ඔබව මම අර කලින් කිව්වා වගේ blacklist වෙන්නත් පුලුවන්.

    අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ මොකක් හරි ආචාර්ය උපාධි වැඩසටහනකින්, උපාධිය පිරිනමන ප්‍රධාන විශ්වවිද්‍යාලයේ කිසිම සෘජු අධීක්ෂණයක් නැතුව, ඉතා පහසුවෙන් සහ ඉක්මනින් යුරෝපීය උපාධියක් ලබා දෙනවා කියලා කියනවනම් ඔයා ගෙවන්නේ අධ්‍යාපනයකට නෙවෙයි , ඔයා කරන්නේ ඉතා ඉහළ මිලක් ගෙවලා කඩදාසි කැබැල්ලක් මිලදී ගැනීමක් විතරයි.

    ඔබේ වටිනා මුදල් වියදම් කිරීමට පෙර:

    1. ඔබට උගන්වන ආයතනයට, ඔවුන්ගේ රටේ අධ්‍යාපන අමාත්‍යාංශයෙන් සෘජුවම උපාධි පිරිනැමීමට බලය (Accreditation) තිබේදැයි බලන්න.
    2. අදාළ විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරුන් සමඟ සෘජුවම සම්බන්ධ වීමට අවස්ථාව තිබේදැයි විමසන්න.
    3. ජාත්‍යන්තර විශ්වවිද්‍යාල දත්ත සමුදායන් (උදා: ජර්මනියේ ANABIN) හරහා අදාළ ආයතනයේ තත්ත්වය පරීක්ෂා කරන්න.
    4. නමට ඉස්සරහින් ආචාර්‍ය කියලා දාගෙන රැගුවා වගේ නෙමේ ඒවා හොර උපාධි කියලා මාට්ටු උනාම. ඒ නිසා රංවල දෙයියන්ගෙ පිහිටෙන් එහෙම නෝන්ඩි වෙන්න එපා.
    ලේසි පාරවල් සෙවීමට ගොස් ඔබේ වෘත්තීය අනාගතය අඳුරු කරගන්න එපා. ජාත්‍යන්තර උපාධි උගුල්වලින් ඔබේ මිතුරන් සහ සගයන් බේරා ගැනීමට මේ පණිවිඩය ෂෙයාර් කරන්න!

    අවාසනාවකට මේවට යන්නෙ ගොඩක් මේ දේවල් නොදැන නෙමේ. ඉතාම ටික දෙනෙක් තමා මේවා නොදැන ගිහින් අතරමං වෙන්නෙ. බහුතරයක් දැන දැනම මේ උපාධි ගන්නෙ අනිත් අයව අතරමං කරන්න. ඉතින් මේ පෝස්ට් එක ගොඩක් වැදගත් නොදැන යන අයට සහ දැනගෙන යන අයගේ උපාධිය ගැන දැනගන්න අවශ්‍ය අයට.

    #HigherEducation #DBA #PhD #ExecutiveEducation #CareerAdvice #DegreeScams #Accreditation #ProfessionalDevelopment

    පහල පින්තූර ටිකක් දාලා ඇති. ඒවාත් නිකන් ඉන්න ගමන් බලාගෙන යන්න

    ප.ලි: Nile University of Science and Technology Somalia එක්ක සම්බන්ධ ලංකාවෙ කැම්පස් එකේ country coordinator කෝල් කරලා කිව්වා NUST එක එහෙම නෑ ඒක හොද කැම්පස් එකක් කියලා. ඒ වචනේ උඩ NUST එක තිබ්බ පින්තූරෙ අයින් කලා. කිසිම ආචාර්ය මන්ඩලයක නම් සදහන් නොවෙන website එකක් තිබීම, Google map හි එම විශ්වවිද්‍යාලය ඉතා කුඩා තනි බිල්ඩිමක් බව පෙන්වීම, Google review 7 ක් පමණක් තිබීම වගේ කරුණු නිසා මා නොමග ගියා වෙන්න පුලුවන්. එයාලා කියනවනම් මම වැරදි ඇති. කොහොම නමුත් හොයලා බලලා දැනගෙන උපාධියක් ගන්න එක කාටත් හොදයි.












     

    SudaW

    Well-known member
  • May 1, 2025
    353
    262
    63
    Association of Commonwealth universities ලිස්ට් එකේ හරි international association of universities ලිස්ට්
    මේ listing වලට University එකක් add කරන්නෙ මොනවගෙ නිර්ණායක පදනම් කරගෙනද දන් නෑ නේ?
    ආවට ගියාට add කරන්න බැරුව ඇති නෙ.

    Anabin Database එක මේක නේද? https://anabin.kmk.org/db/institutionen
     
    Last edited:

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,391
    11,067
    113
    දියුණු රටවල නම් මෙව කරන්නෙ මෙහෙමඉ,
    1. ලන්කාවෙ කරද්ද්ඩි තියෙනවාද බලන්න උන්ගෙ official web එකෙ.
    2. ඊට පස්සෙ එ එ රටවල gov වෙබ් සයිට තියේන්වා legitimacy බලන්න ඔය ඉස්කොල, uni වල.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,186
    25,332
    113
    ලංකාවේ ලොකුම බොරුවක් කරන්නේ AEU University Malaysia. පව් ඕයි ඔව්වා ගන්න එවුන්ට
     
    • Sad
    Reactions: Inigo Montoya

    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,419
    2,195
    113
    ඉතා පහසුවෙන් Phd එකක් ලබා ගන්න මේ තියෙන්නේ බඩු.... :ROFLMAO: 👌


    1778721725932.png


    1778721843482.png
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,802
    98,948
    113
    මේක අනික් රටවලට සාපේක්ෂව අපේ වගේ රටවල වෙන්නේ මේ Academic qualification වලට තියෙන බොරු තැන නිසා. තේරුමක් නැති විදියට ඒව බලනවා professional job position වලට. ඉතිං කොහෙන් හරි කෑල්ලක් අරං අටවාගන්නවා.

    සල්ලි දීලා ගන්න ඒව වගේම university වලට ගිහිං අවුරුදු තුනක් හතරක් මහන්සි වෙලා කරන research වලත් එකම අරමුණ research එක ගොඩ දාන එක නෙවෙයි කොහොම හරි පට්ටම එල්ල ගන්න එක.
     
    • Like
    Reactions: Inigo Montoya

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,750
    4,094
    113
    ලංකාවේ ලොකුම බොරුවක් කරන්නේ AEU University Malaysia. පව් ඕයි ඔව්වා ගන්න එවුන්ට
    AEU eka legit neda? Mama MBA ekata salli gewanna baluwe.. Mn danna taramin malayasia wala ehma ekak tyene bn

    Asian E University
    Mama meke MBA karanna baluwe mchn. Meka legit nadda?
    ------ Post added on May 14, 2026 at 7:37 AM
     
    • Haha
    Reactions: Brandy2020

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,686
    1
    42,836
    113
    නිවේදිකාව : ඔබ තුමා කොයි ප්‍රදේශෙ ඉඳලද කතා කරන්නෙ

    @Candid-B : හෙළුවෙන් කතා කරන්නෙ
     
    Last edited:

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,869
    10,383
    113
    ලංකාවේ ලොකුම බොරුවක් කරන්නේ AEU University Malaysia. පව් ඕයි ඔව්වා ගන්න එවුන්ට

    OTHM kiyala ekak thiyenawa neda machan ? e gana dannawada ?
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,186
    25,332
    113
    AEU eka legit neda? Mama MBA ekata salli gewanna baluwe.. Mn danna taramin malayasia wala ehma ekak tyene bn


    Mama meke MBA karanna baluwe mchn. Meka legit nadda?
    ------ Post added on May 14, 2026 at 7:37 AM
    අඩු කුලේ MBA එකක්. ඔක්කොම පාස් වෙනවා / කරනවා. කිසිම පිළිගැනීමක් නැහැ. මගේ බොසා MBA දෙකක් කරපු එකෙක්. ඕක කරලා ඉන්ටෙව් ආපු එකෙක්ට කිව්වා, You had entered to MBA but never exit. කියලා.😂

    OTHM kiyala ekak thiyenawa neda machan ? e gana dannawada ?
    දැනට Cardif, London Metro, Anglia Ruskin,West London වගේ එව්වා තමයි ඉහලින්ම.
    Gov MBA වුනත් වැඩක් නැහැ කියන්නේ. රජයේ සේවකයෙක්ට පඩි වැඩි කරගන්න හොඳයි.
    මම කලේ UK එකක්, අමාරුයි, ලක්ෂ 8ක් විතර ගියා. ලක්ෂ 5ක් කොම්පැනියෙන් දුන්නා
    ------ Post added on May 14, 2026 at 8:19 PM
     
    • Like
    Reactions: hi.dushan

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,869
    10,383
    113
    අඩු කුලේ MBA එකක්. ඔක්කොම පාස් වෙනවා / කරනවා. කිසිම පිළිගැනීමක් නැහැ. මගේ බොසා MBA දෙකක් කරපු එකෙක්. ඕක කරලා ඉන්ටෙව් ආපු එකෙක්ට කිව්වා, You had entered to MBA but never exit. කියලා.😂


    දැනට Cardif, London Metro, Anglia Ruskin,West London වගේ එව්වා තමයි ඉහලින්ම.
    Gov MBA වුනත් වැඩක් නැහැ කියන්නේ. රජයේ සේවකයෙක්ට පඩි වැඩි කරගන්න හොඳයි.
    මම කලේ UK එකක්, අමාරුයි, ලක්ෂ 8ක් විතර ගියා. ලක්ෂ 5ක් කොම්පැනියෙන් දුන්නා
    ------ Post added on May 14, 2026 at 8:19 PM
    university of portsmouth top up mba eka lankawe thiyenawa, eka hondayi da machan ? QS ranking nam 650 vithara thiyenne
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,186
    25,332
    113
    university of portsmouth top up mba eka lankawe thiyenawa, eka hondayi da machan ? QS ranking nam 650 vithara thiyenne
    I dont know,Bedfordshire,Staffordshire එව්වා ත් හොඳයි කියනවා.
    ලංකාවේ නම් UK එකක් සහ හොඳ Government University top lecture panel එකක් part time ඉන්න එකක් බලපන්.
    අනිවාර්යෙන් කොළඹ branch එකක කරන්න බලන්න.
     
    • Like
    Reactions: hi.dushan