මේ දෙකම ඉතා විශාල ගෘහ නිර්මාණ වේ..සාමාන්‍ය නිවසකට වඩා විශාලය , වලව්ව සහ බංගලාව අතර වෙනස අති මහත් ය, ඒ ගෘහ නිර්මාණ ශිල්පීය වෙනසක් ද පවුල් පරම්පරා සංස්කෘතික වෙනසක් ද වේ....අද වන විට සියලු පැරණි විශාල නිවාස හැදින් වීමට වලව්ව සහ බංගලාව යන වදන් දෙකම සමානව භාවිත කරන්නේ මෙහි වෙනස නොදන්නා නිසාය.
මෙය ඔබට වඩාත් පැහැදිලි කිරීම පිනිස මහ නුවර ඇති වලව් වලින් උදාහරණ දක්වන්නම්,
මහනුවර නගරය තුළ වලව් 18 ක් පමණ 1815 වන විට තිබුණි.ඒවායේ නම් හා තිබූ තැන් මෙසේය
දැන් ඔබට යමක් පැහැදිලි වන්නට ඇති.
වලව්ව ලෙස හදුන් වන්නේ ශ්‍රී ලංකාවේ පැරණි රදළ පවුල්, මුදලිවරුන්, දිසාපතිවරුන්, හෝ ප්‍රභූ පවුල් ජීවත් වූ විශාල සම්ප්‍රදායික නිවසකි.
වලව්වක ලක්ෂණ ලෙස....
ශ්‍රී ලාංකීය සම්ප්‍රදායික ගෘහ නිර්මාණ ලක්ශන ඇත.
මැද මිදුලක් පිහිටා ඇත (මැදමිදුල)
දැව කදන් මත කැටයම් කර නිවසට යොදා ඇත ,
පවුලේ බලය හා ගෞරවය පෙන්වන ස්ථානයක් ඇත
බොහෝවිට පරම්පරාවෙන් පැවත එන නිවසක් විය හැකිය.
මීලගට බංගලා යනු මොනවාදැයි හදුනා ගන්නට උත්සාහ දරමු.
බංගලාවක ලක්ෂණ:
එක් මහලක හෝ පහත් උසක නිවසකි.
විශාල වැරැන්ඩා වක් සහිත වේ.
බටහිර ගෘහ සැලසුම් අනුව නිර්මාණය කර ඇත.
විශාල තේ වතු මැද,,,,,,
විශාල රබර් වතු මැද......
විශාල පොල් වතු මැද......
මෙම බංගලා ඉදිකර ඇත, වතු හිමි කරු ඉඩම් හිමි වැවිලිකරු ඉඩමට පැමිනි පසු නවාතැන් ගැනීමට මෙය ඉදිකරන ලදී....එමෙන්ම එවක රජයේ නිලධාරීන් වෙනුවෙන්, විදේශිකයන්ට නවාතැන් සඳහා මෙම බංගලා ඉදිකරන ලදී.
විවේකයට සිටීමට හෝ විනෝදය පිනිසත් හෝ නිල නිවසක් ලෙස භාවිතා කර ඇත.
එවැනි බංගලා කීපයකින් මේ....
උදාහරණ:
නුවරඑළියේ පැරණි තේ වතු බංගලා
පහතරට රබර්වතු බංගලා
බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරුන්ගේ නිල නිවාස ආදියද මීට ඇතුලත් වේ.
ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ සහ ඉතිහාසමය වටිනාකමක් ඇති බංගලා කිහිපයක් මෙන්න. මේවා අතර තේ වතු බංගලා, යටත්විජිත යුගයේ නිවාස, හා සංචාරක බංගලා ඇතුළත් වෙනවා.
The Hill Club
Heritance Tea Factory
Jetwing St. Andrew's
Queen's Cottage
Warwick Gardens
Ceylon Tea Trails
Living Heritage Koslanda
98 Acres Resort & Spa
Thotalagala
Governor's Mansion
Adisham Bungalow
The Lavender House
Clingendael Boutique Hotel
The Kandy House
Mount Havana
Langdale Boutique Hotel
Goatfell
Nine Skies
Rosyth Estate House
Planters Bungalow
මෙවැනි බංගලා බොහොමයක් බ්‍රිතාන්‍ය යුගයේ තේ වතු සංස්කෘතිය හා සම්බන්ධයි. බොහෝ දෙනා අද ඒවා heritage hotels, boutique stays, හෝ historical residences ලෙස පවත්වාගෙන යනවා.
කෙටියෙන්ම කියනවනම්,
වලව්ව = ශ්‍රී ලාංකීය රදළ මිනිසුන්ගේ පරම්පරා නිර්මාණය වූ හෙළ සංස්කෘතියේ විශාල නිවසකි.
බංගලාව = බ්‍රිතාන්‍ය යුගයේ යටත් විජිත යට සේවය කල මිනිසුන් සිටි බටහිර පන්නයේ විශාල නිවසකි.
ඔබේ නිවසත් වලව්වක් හෝ බංගලාවක් විය හැකියි. නැතහොත්,
ඔබේ ප්‍රදේශයේත් වලව්වක් හෝ බංගලාවක් තිබිය හැකියි,එහි නම සහ ප්‍රදේශය කමෙන්ට් කරන්න. පොටෝ එකක් තිබුනොත් වඩාත් හොදයි
