ලංකාවේ නැති සතෙක්ට ලංකාවේ නම් දන් නෑනේ. ලංකාවේ ඉන්නේ කොටි. උගේ හමේ පුල්ලි තියෙනවා. ඉන්දියාවේ ඉන්න එකාට කියන්නේ ව්‍යාග්‍රයාද? උගේ ඇගේ තියෙන්නේ ඉරි ඉරි.
ලංකාවේ දන්න කාලේ ඉදන් ඔය සතාට කොටියා කිය කිය හිටියාට පස්සේ මොකෙක්ද පරයෙක් ඉංග්‍රීසී හෝඩි පොතේ ටයිගර් කියන සතාව සිංහලට හරෝලා තියෙන්නේ කොටියා කියලා. අන්තිමට කොටියා කියන නම ඌට දීලා අපේ එකාට දිවියා වෙන්න උනා.
මේ කියල තියෙන එක තමයි හරි සිද්ධිය. ලංකාවේ අපි කොටියා/ දිවියා කියල කියන්නේ එකම සතාට, පුල්ලි තියෙන එකාට, panthera pardus kotiya. හැබැයි ඌට ඉංග්‍රීසියෙන් කියන්නේ (Sri Lankan) leopard කියලා.
ලංකාවේ නැති එකා, ඉරි තියෙන එකාට සිංහලෙන් කියන්නේ ව්‍යාඝ්‍රයා කියලා. Panthera Tigris. ඉංග්‍රීසියෙන් ඌට කියන්නේ tiger කියලා. ඕක සිංහලට පරවර්තනය කරලා තියෙන්නේ කොටියා කියල. ඔතන තමයි අවුල තියෙන්නේ.
එතකොට LTTE කාරයො දාගෙන හිටපු නම tigers. උන්ගේ කොඩියේ ඉන්නෙත් ලංකාවේ වත් නැති ව්‍යාඝ්‍රයා. Tiger කියන වචනේ වැරදියට කොටියා කියල පරිවතනය කරපු හින්දා තමයි LTTE කාරයොන්ට කොටි කියන්නේ.
පාස්පෝට් එකේ සිල් එකේ ඉන්නේ කොටියෙක් තමයි. හැබැයි tiger නෙමෙයි original ලංකාවේ කොටියා.