ආයෙත් අමුතු ප්‍රශ්නයක්

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,555
    9,571
    113
    කොල්ලනේ උබලාගෙ දෙමාපියන්ව සතුටු කරන්න සහ ඒ අයට spiritually හොඳ, වැදගත් දේවල් කරලා තියෙන්නෙ මොනවද? උදාහරණ, ඒ අයව මූලික කරගෙන දානමාන පින්කම් කරවනවද, එහෙම නැත්තන් ඒ අයව පන්සල එක්ක වැඩිපුර සම්බන්ධ කරවනවද, එහෙමත් නැත්තන් ඒ අයට සම්පූර්ණ financial නිදහස දීලා ඒ අයට කැමති විදියට ඉන්න දීල තියනවද (මේකනම් මට කරන්න සෑහෙන්න අමාරුයි). ඒ අයට යන්න එන්න අමාරු වෙන්න කලින් ඒ දේවල් වලට යොමු කරවන්න, සම්බන්ධ කරවන්න තමයි මට ඕනෙ. අදහසක් කොටාගෙන යන්න.

    මම බෞද්ධයෙක් බවත්, ඒ සම්බන්ධව හෝ ආගම් සම්බන්ධව තර්ක කිරීමට අවශ්‍ය නැති බවත් සිහිපත් කරමි. 🙂
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,668
    11,297
    113
    මම ඉස්සර හිතුවේ මගේ දෙමව්පියන්ට දෙන්න හොදම දේ තමයි සල්ලි කියලා..මම ලක්ෂ 10ක් අත මිට මොලෝගෙන මගේ තාත්තා ඉස්සරහට ගිහින් මේ සල්ලි ටික දීලා..තාත්තා කැමැති දේවල් ගන්න කිව්වා...ඒ වෙනකොටත් ඉස්පිරිතාලෙන් මට කියලා තිබුනේ තාත්තා වැඩි කාලයක් ඉන්නේ නෑ කියලා..මම හිතුවෙම තාත්තට ඔය වගේ සල්ලි ටිකක් දීලා එයා ආසාම දේවල් ගන්න පොලඹවන්න...උඹලා දන්නවද ඒ වෙනකොට එයා කිව්වේ ඒ සල්ලි මට අරන් පොතේ දාගන්න කියලා...කවදාවත් ඒ දේ බාර ගත්තේ නෑ..

    ඉතින් මම කල්පනා කලා..එයාට දෙන්න හොදම දේ මොකක්ද කියලා..මම තීරනය කලා .එයාගේ ස්පිරිචුවල් මයින්ඩ් එක වෙනුවෙන් වැඩ කරන්න..මම තාත්තගේ මයින්ඩ් එක පුහුනු කලා.. අපේ තාත්තා මැරෙනකොටත් දන්නේ නෑ එයා මැරුනේ පිලිකාවකින් කියලා...එයා කවදාවත් කණගාටු වුනේ නෑ..ඉස්පිරිතාලේ මනෝ විද්‍යා එක්කෙන් මම හැමදේම පුහුනු වුනා...එයාලා මට කිව්වා බල කර කර . තාත්තාට ඒ දේවල් කියන්න එපා කියලා..ඒයාගේ විශ්වාසය..එහෙම්මම තියන්න කියලා..

    මගේ තාත්තා නැති වෙන්න කලින් මම එයා ආස තැන් වලට එක්කන් ගියා..එයා ආස දේ, කන්න කෑම, හැමදේම දුන්නා. අපේ තාත්තා යන්න ආසම තැන් වලට අරන් ගියා...

    මටම පුදුමයි.ඒ හැමදේටම මට සල්ලි හම්බුනා ඒ දවස්වල... හොද වැඩක් මචං...පුලුවන්නම් අධ්‍යාත්මික පැත්තටම යොමු කරන්න.

    සමහර දෙමව්පියෝ වයසට යනවා.. කිව්වම ඇග පත වෙව්ලනවා...මරනය හිතින් මවා ගන්නවා...වයස එක්ක ඒ වයිබ් එක දැනෙනවා..ඒ තත්වයට අපිත් මුණ දෙනවා...ඉන්නකන් සලකන්න..බනින්න එපා..අඩුපාඩු දකින්න..විවේනය කරන්න එපා..

    වයසට යනකොට කරන කියන දේවල් වෙනස් වෙනවා....හැබැයි හැම වෙලේම එයාලට ඒත්තු ගන්වන්න ඕන ජීවිතේ යථාර්තය..ඉස්පිරිතාලෙන් කිව්වේ මේ මොහොතේ ජිවත්වෙන්න ප්‍රැක්ටිස් කරන්න කියලා..සතිමත් බව..පුරුදු කලා ..දෙමව්පියන්ට

    තාත්තා නැති වුනා..පිලිකාවකින්....ඒ අවසාන මොහොත මට අදටත් මතකයි.....පිරිත් අහලා ..තාත්තා ඇස් පියා ගත්තා...

    මම ඒ වගකීම ඉටුකලා මචං...උඹත් කරපන්...පුලුවන් උපරිම....මම මැරනකොට මට ඒ හැමදේම මතක් වෙයි කියලා මගේ හිත කියනවා....

     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,033
    66,440
    113
    Actually you can’t do anything.When their karma plays things will arrange.i may sound strange but this is what happen.you cant force feed dharma to anyone.their time has to come.when you get the chance to do what happen is their time has arrived
     
    • Like
    Reactions: Shamal3001

    kitsooftlk

    Well-known member
  • Mar 11, 2011
    496
    341
    63
    Home
    kitsooftlk.blogspot.com
    කොල්ලනේ උබලාගෙ දෙමාපියන්ව සතුටු කරන්න සහ ඒ අයට spiritually හොඳ, වැදගත් දේවල් කරලා තියෙන්නෙ මොනවද? උදාහරණ, ඒ අයව මූලික කරගෙන දානමාන පින්කම් කරවනවද, එහෙම නැත්තන් ඒ අයව පන්සල එක්ක වැඩිපුර සම්බන්ධ කරවනවද, එහෙමත් නැත්තන් ඒ අයට සම්පූර්ණ financial නිදහස දීලා ඒ අයට කැමති විදියට ඉන්න දීල තියනවද (මේකනම් මට කරන්න සෑහෙන්න අමාරුයි). ඒ අයට යන්න එන්න අමාරු වෙන්න කලින් ඒ දේවල් වලට යොමු කරවන්න, සම්බන්ධ කරවන්න තමයි මට ඕනෙ. අදහසක් කොටාගෙන යන්න.

    මම බෞද්ධයෙක් බවත්, ඒ සම්බන්ධව හෝ ආගම් සම්බන්ධව තර්ක කිරීමට අවශ්‍ය නැති බවත් සිහිපත් කරමි. 🙂
    Shape eke denna Klamath I akamathi dewal hoyaganna…. Ewagen wada sudusui kiyala hithena dewal tikak karanna….
     
    • Like
    Reactions: Shamal3001

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,599
    15,156
    113
    New Zealand
    බෞද්ධයෙක් නම් පන්සල්වලට යොමු කරද්දි පන්සල ගැන හොදට හොයලා බලපන්. විශේෂයෙන් සමහර අසපුවලට නම් යවන්න එපා. දුක මාකට් කරන්නෙ නැති සතුට ගැන කියන තැන්වලට විතරක් යවපන්. නැත්නම් නෙගටිව් දේවල්වලින් සමහර හාමුදුරුවරු මිනිස්සුන්ගේ ඔලු පුරවනවා. බුද්ධාගමේ තියෙන්නෙ ගිහියෙක් උනත් සතුටෙන් ඉන්න ක්‍රමයක්. සමන්ත්‍රබද්‍ර හාමුදුරුවොන්ට මොන තරම් විවේචන තිබුනත් එයා කවදාවත් දුකෙන් ඉන්න කියන්නෙ නෑ. හොදට සතුටෙන් ඉන්න හැටි කියනවා. කම්මැලි නැතුව මහන්සි වෙලා වැඩ කරන්න කියලා දෙනවා. ලංකාවේ බහුතරයක් වැඩිහිටි පරම්පරාව 55-60 පැනඋ ගමන් මැරෙන එක ගැන හිත හිත ඉන්නේ. මේක මාර නෙගටිව් දෙයක්. මේවා ගැන හිතුවම ඇත්තටම ඒ මිනිස්සු ඉක්මනින් මැරෙනවා. මම සමන්ත්‍රභද්‍ර හාමුදුරුවෝ 100%ක් හොදයි කියනව නෙමෙයි. හැබැයි ඒ හාමුදුරුවෝ නෙගටිව් දේවල් කියලා මිනිස්සුන් ගේ ඔලු කන්නෙ නෑ. මාවරලේ භද්දිය හාමුදුරුවෝ වගේ අයත් හොද හාමුදුරුවරු. හැබැයි දැන් ඒ වගේ හාමුදුරුවරු ලංකාවේ නෑ. වැඩිහිටි දෙමව්පියෝ බණ අහන්න කැමතියි. උබ ඒ නිසා peotv කනෙක්‍ෂන් එකක් ගනින්. රිවයිනින් ඔප්‍ෂන් එක තියන එකක් ගත්තොත් හොදයි. එතකොට එයාලා නිදහසේ බණක් අහගෙන පාඩුවේ ඉදියි. උබට වත්කමක් තියේ නම් ඒ අයව දඹදිව වන්දනාවක එක්කරගෙන යන්න. ගමේ සමිතිවලින් එක්කරගෙන යන ට්‍රිප් යන්න සල්ලි දෙන්න. එතකොට ඒ අය ගිහින් විනෝද වෙලා එනවා
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,501
    1
    15,094
    113
    එ මිනිස්සු කැමති විදියට ඉන්න දෙනවා බන්,
    බලෙන් මුකුත් අලුතෙන් හදුන්වා දෙන්න ට්‍රයි කරන්නෙ නැ...
    කැමැති දෙ ලෙහෙසියෙන් පහසුවෙන් කරගන්න ඉඩ හදලා දෙන එක තමයි!
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,887
    9,000
    113
    35
    Spain
    මම හිතන්නේ ඔවුන්ට නිදහසේ පහසුවෙන් ඉන්න සළස්වන්න කියල. සමහර අය ඉන්නවා අනිත් අය ඇඟිලි ගහනවට කැමති නැහැ. එතකොට හිතුවක්කාරකමක් කරනවා වගේ දැනිල හිත් අවුල් වෙනවා හිත රිදෙනවා. මම මේක කියන්නේ අත්දැකීමෙන්. අපේ තාත්තා ගැන. නමුත් වයස නිසා ඔවුන්ට අපිට වගේ දේවල් තෙරෙන්නේ නැහැ. සමහර වෙලාවට ලොකු කනගාටුවක් දැනෙනවා පොඩි කාලේ අපි බලාගත්තු යෝධයෝ වගේ මිනිස්සු දුර්වල අසරණ වයසක මිනිස්සු වෙලා ඉන්න හැටි ගැන. දැන් මම කරන්නේ ඔවුන් කැමති විදියට සතුටෙන් ඉන්න දෙන එක. ඔවු ආස දේවල් අහල කරන එක. එතකොට හිත රිදීම් වෙන්නේ නැහැ.
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,324
    7,789
    113
    samahara pansal walin buddagama kiyala depression thama oluwata danne. eetapsse marry karapu duwa,putha unath athal gnnawata ammala kemathi ne.
     
    • Like
    Reactions: Shamal3001

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,433
    1,657
    113
    Good thread..

    I believe it should depend on your relationship with your parents as to how you should treat them back..

    When you become your parents age, you too would feel alone if you are not involved with community activities..

    Look at people like Ranil W.. - no children but everyone needs him.. 🙂

    Most importantly do not expect even a pill of Paracetamol from your children..

    You should create children for lot of good reasons but certainly not for your financial benefit..
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,551
    5,078
    113
    ඒ තරං හිතන්න එපා
    ඒගොල්ලන්ට දාන මාන අරවා මේවා කරන්න සල්ලි දෙනවා
    මම නං ඒ පැත්තෙවත් යන්නෙ නැහැ, මොනවත් කියන්නෙ නැහැ කැමති විදියට කරගන්න කියලා දෙනවා
    ඒ උනාට වියදම් ටික දෙනවා
    ඒ ගොල්ලොත් සතුටින් මාත් සතුටින් හාමුදුරුවොත් සතුටින්
     
    • Like
    Reactions: Inigo Montoya