ලංකාවේ බෞද්ධ ඉතිහාසය දිහා හැරිලා බලද්දී අපිට හමුවෙන ගොඩක් වැදගත්, ඒ වගේම අතිශය තීරණාත්මක සිදුවීමක් තමයි මේ "උපසම්පදාව නැවත පිහිටුවීම" කියන්නේ. මිහිඳු මහරහතන් වහන්සේගේ ගමනින් පස්සේ අපේ රටේ මුල් බැසගත්ත පිරිසිදු ථෙරවාද බුදු දහම, සියවස් ගාණක් පුරාවට ස්වර්ණමය යුගයන් වගේම හරිම අඳුරු යුගයන් පසු කරගෙන ආවා. විශේෂයෙන්ම 16 වෙනි සියවසේ ඉඳලා 18 වෙනි සියවස වෙනකම් කාලය ඇතුළත ලංකාවේ බුදු සසුනට ගොඩක් නරක කාලයක් උදාවෙලා තිබුණේ. මේ කතා කරන්නේ අන්න ඒ අඳුරු යුගය ඉවරයක් කරලා, සියම් දේශයෙන් (ඒ කියන්නේ අද තායිලන්තයෙන්) උපසම්පදාව අරගෙන ඇවිත් ආයෙමත් අපේ බුදු සසුන බැබළවූ ඒ ඓතිහාසික කතාව ගැනයි.
---
කෝට්ටේ යුගයේ අගභාගයේදී පෘතුගීසීන් අපේ රටට ආවාට පස්සේ බුදු දහමට ලොකු තර්ජනයක් ඇතිවුණා. ඊටපස්සේ සීතාවක රාජසිංහ (ඒ කියන්නේ පළවෙනි රාජසිංහ) රජතුමා තමන්ගේ පියා මැරූ පවෙන් නිදහස් වෙන්න හිතාගෙන හින්දු ආගම වැළඳගත්තා. (පිරිසක් කියනවා එතුමා හින්දු ආගම වැළඳගත්තේ එතුමගෙ ක්‍රියා වලට භික්ෂුන් වහන්සේලගෙ සහය නොලැබුනු නිසා කියලත්) ඒ කොහොම නමුත් ඒ කාලේ රජුගේ නියෝගෙන් පන්සල් විනාශ කළා, වටිනා ධර්ම පොත්පත් ගිනි තිබ්බා, භික්ෂූන් වහන්සේලාව ඝාතනය කළා. මේ දේවල් නිසා ගොඩක් හාමුදුරුවරු සිවුරු ඇරලා ගියා. තවත් සමහරු ජීවිතේ බේරගන්න කන්ද උඩරටටයි අනිත් ආරක්ෂිත පැතිවලටයි පැනලා ගියා.
මහනුවර යුගය පටන්ගන්න කාලේ වෙද්දී බුදු සසුන කොයිතරම් පිරිහිලා තිබුණාද කියනවා නම්, මුළු ලංකාවේම හොයලා බැලුවත් හරියට උපසම්පදාව ගත්ත, නිවැරදිව සිල් රකින එකම එක හාමුදුරු නමක්වත් හොයාගන්න බැරි වුණා. මේ කාලේ පන්සල්වල හිටියේ "ගණින්නාන්සේලා" කියලා හඳුන්වන පිරිසක්. මෙයාලා නමට විතරක් සුදු හරි කහ හරි රෙදි කෑල්ලක් පෙරවාගෙන හිටියට, සාමාන්‍ය ගිහි මිනිස්සු වගේම ගොවිතැන් කළා, යකඩ තැළුවා, කසාද බැඳලා දරු පවුල් නඩත්තු කළා. හරියට බණක් දහමක් දැනගෙන හිටියෙත් නෑ, ශාසනික විනයක් තිබුණෙත් නෑ. පන්සලේ දේපළ තමන්ගේ දරුවන්ට පරම්පරාවෙන් පරම්පරාවට ලියලා දෙන එක තමයි ඒ කාලේ මෙයාලගේ සිරිත වෙලා තිබුණේ.
මේ ඛේදවාචකය දැකලා උඩරට හිටපු සමහර රජවරු ශාසනය ආයෙත් ගොඩනඟන්න උත්සාහ කළා. පළවෙනි විමලධර්මසූරිය සහ දෙවෙනි විමලධර්මසූරිය රජවරු බුරුමයේ අරක්කන් දේශයෙන් හාමුදුරුවරු ගෙනල්ලා උපසම්පදාව පිහිටෙව්වා. හැබැයි ඒ ප්‍රබෝධය වැඩි කල් පැවතුණේ නෑ. ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමාගේ කාලේ වෙද්දී අරක්කන් උපසම්පදාවත් සම්පූර්ණයෙන්ම නැතිවෙලා ගිහින් ආයෙමත් ගණින්නාන්සේලාගේ බලය පැතිරුණා.
ඔන්න ඔය වගේ අඳුරු කාලෙක තමයි ලංකාවේ බුදු සසුන බේරගන්න මහා පහන් ටැඹක් වගේ වැලිවිට ශ්‍රී සරණංකර සාමණේරයන් වහන්සේ පහළ වෙන්නේ. 1698 අවුරුද්දේ තුම්පනේ වැලිවිට කියන ගමේ කුලතුංග කියන නමින් ඉපදුණු මේ කුමාරයා, පුංචි කාලේ ඉඳන්ම ආගමට දහමට ගොඩක් ළැදියි. සූරියගොඩ රාජගුරු බණ්ඩාර නායක හාමුදුරුවන්ගෙන් සරණංකර නමින් මහණ වුණු උන්වහන්සේ, මේ ගණින්නාන්සේලාගේ දුර්වල වැඩ දැකලා ගොඩක් කම්පා වුණා. කොහොමහරි ලංකාවේ ආයෙත් උපසම්පදාව පිහිටුවලා පිරිසිදු ථෙරවාද බුදු සසුනක් හදනවා කියන එක තමයි උන්වහන්සේගේ එකම අරමුණ වුණේ.
මේ වැඩේට ඉස්සෙල්ලාම ධර්මය ගැන හොඳ දැනුමක් ඇති කරන්න ඕනේ කියලා උන්වහන්සේ තේරුම් ගත්තා. පාලි භාෂාව ලංකාවෙන් සම්පූර්ණයෙන්ම වගේ නැතිවෙලා ගිහින් තිබුණු ඒ කාලේ, ලෙව්කේ දිසාවේගෙන් පාලි භාෂාවේ මූලික දේවල් ඉගෙනගෙන, ඊටපස්සේ වටපුළුවේ ගණින්නාන්සේගෙන් තවදුරටත් ඉගෙනගත්තා. ගමින් ගමට ගිහින් පුස්කොළ පොත් හොයාගෙන පාඩම් කළා.
ඊටපස්සේ තමන් වහන්සේ වගේම ශාසනයට ආදරය කරන, හොඳට සිල් රකින පිරිසක් එකතු කරගෙන "සිල්වත් සමාගම" කියලා සංවිධානයක් හැදුවා. සිතිනමලුවේ ධම්මජෝති සාමණේරයන් වහන්සේ, ඉලංගම්ගමුවේ අත්තදස්සි සාමණේරයන් වහන්සේ, කදිරගොඩ සාමණේරයන් වහන්සේ වගේ ශිෂ්‍යයෝ මේ සමාගමට එකතු වුණා. මෙයාලා පිණ්ඩපාතේ ගිහින් දානෙ වළඳලා ගොඩක් සිල්වත්ව ධර්ම ප්‍රචාරයේ යෙදුණා. මිනිස්සු අතර "සිල්වත් තැන" කියලා ප්‍රසිද්ධ වුණු සරණංකර හාමුදුරුවන්ගේ මේ වැඩපිළිවෙළට ගණින්නාන්සේලාගෙන් මරණ තර්ජන පවා ආවා. හැබැයි උන්වහන්සේ තමන්ගේ උත්සාහය අතහැරියේ නෑ.
භික්ෂුන් වහන්සේ නමකට නීත්‍යානුකූලව උපසම්පදාව දෙන්න නම් උපසම්පදාව ලබපු හාමුදුරුවරු පස් නමක්වත් (පංචවර්ගික සංඝයා) අනිවාර්යයෙන්ම ඕනේ වෙනවා. නමුත් ඒ කාලෙ ලංකාවේ ඒ තරමටවත් උපසම්පදාව ලබපු ස්වාමීන් වහන්සේලා හිටියෙ නෑ. ඉතින් වෙන බෞද්ධ රටකින් හාමුදුරුවරු ගේනවා ඇරෙන්න වෙන විකල්පයක් තිබුණේ නෑ. මේ කාලේ මහනුවර රජ කළේ නායක්කාර වංශික ශ්‍රී විජය රාජසිංහ රජතුමා. සරණංකර හාමුදුරුවන්ගේ දැඩි ඉල්ලීම නිසා රජතුමා මේ වෙනුවෙන් දූත පිරිස් යවන්න තීරණය කළා.
පළවෙනි දූත ගමන (ක්‍රි.ව. 1741):
රජතුමා ලන්දේසීන්ගේ උදව්වෙන් බුරුමයටයි සියමයටයි දූත පිරිසක් යැව්වා. හැබැයි අවාසනාවකට ඒ නැව කුණාටුවකට අහුවෙලා ගිලිලා ගියා. ගමනට නායකත්වය දුන්න ඇයිත්තලියැද්දේ මුහන්දිරම් ඇතුළු පිරිස නැව අනතුරට පත් වුණාම කොහොමහරි ජීවිත බේරගෙන ආයෙත් ලංකාවට ආවා.
දෙවෙනි දූත ගමන (ක්‍රි.ව. 1747):
පළවෙනි විපතින් අධෛර්යමත් නොවුණු සරණංකර හාමුදුරුවෝ රජතුමාට ආයෙත් කරුණු පැහැදිලි කළා. ඒ අනුව දොරණෑගම රාල, විල්බාගෙදර රාල සහ පට්ටියපොළ රාල ඇතුළත් ප්‍රභූන් පිරිසක් දෙවෙනි පාරටත් යැව්වා. එයාලා හරිම දුෂ්කර ගමනක් ගිහින් සියමේ බොරොම්මකෝට් රජතුමාව හම්බවෙලා විස්තරේ කිව්වා. සියම් රජතුමා හාමුදුරුවරු එවන්න ඔක්කොම ලෑස්ති කළත්, ඒ වෙලාවේ ලංකාවේ හිටපු ශ්‍රී විජය රාජසිංහ රජතුමා මැරුණා කියලා ආරංචි වුණු නිසා ඒ උත්සාහයත් ව්‍යර්ථ වෙලා ගියා.
ශ්‍රී විජය රාජසිංහ රජතුමාගෙන් පස්සේ මහනුවර රජ වුණේ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා. එතුමා නායක්කාර වංශික හින්දු භක්තිකයෙක් වුණත් බෞද්ධ මිනිස්සුන්ගේ හිත දිනාගන්නයි, සරණංකර හාමුදුරුවන්ගේ අප්‍රතිහත ධෛර්යයටයි බුදු දහම නඟා සිටුවන්න ලොකු කැපවීමක් කළා.
1750 දී රජතුමා ලන්දේසි ආණ්ඩුකාරවරයාගේත් ලොකු සහයෝගයක් ඇතුව තුන්වෙනි වතාවටත් දූත පිරිසක් සියම බලා යැව්වා. මේ ඓතිහාසික කණ්ඩායමට විල්බාගෙදර මුහන්දිරම්, ඇහැළේපොළ මොහොට්ටාල, යගොඩ මොහොට්ටාල ඇතුළු ප්‍රභූවරු කිහිප දෙනෙක්ම ගියා. මෙයාලා "තෝන් (Thon)" කියන ලන්දේසි නැවෙන් ජකර්තාව හරහා සියම් දේශයේ අගනුවර වුණු අයෝධ්‍යාවට ගියා. සියම් රජතුමා එයාලව හරිම ගෞරවයෙන් පිළිඅරගෙන, රාජකීය පෙරහැරකින් එක්කගෙන ගියා. ලංකාවේ තත්ත්වය තේරුම් ගත්ත සියම් රජතුමා, තමන්ගේ රටේ හිටපු සිල්වත්ම, උගත් හාමුදුරුවරු පිරිසක් ලංකාවට එවන්න තීරණය කළා.
ඒ අනුව සියමෙන් උපාලි මහා තෙරුන් වහන්සේ සහ ආර්යමුණි මහා තෙරුන් වහන්සේ ප්‍රමුඛ උපසම්පදාව ලබපු හාමුදුරුවරු 23 නමකුත්, සාමණේරයන් වහන්සේලා 8 නමකුත් ලංකාවට එන්න නැව් නැග්ගා. මේ නැව 1753 මැයි මාසේ ත්‍රිකුණාමල වරායට ආවා. කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගේ නියෝගෙන් ඇමතිවරුයි, ජනතාවයි එකතුවෙලා ධාතු කරඬුවක් පෙරටු කරගෙන අලි ඇතුන් පිරිවරාගෙන මහා පෙරහැරකින් මේ හාමුදුරුවරුන්ව මහනුවරට වැඩම කරවගෙන ආවා. උන්වහන්සේලාට වැඩ ඉන්න මල්වතු විහාරය අලංකාර විදියට ලෑස්ති කරලයි තිබුණේ.
️මල්වතු මහා විහාරයේදී උපසම්පදාව පිහිටුවීම (ක්‍රි.ව. 1753)
අවුරුදු ගාණක් තිස්සේ ලංකාවේ බෞද්ධයෝ දැකපු ඒ ලස්සන හීනය හැබෑ කරමින්, ක්‍රි.ව. 1753 ජූලි 19 වෙනිදාට යෙදුණු ඇසළ පුර පසළොස්වක පෝය දවසේ මහනුවර මල්වතු මහා විහාරයේ සීමාමාලකයේදී මේ ඓතිහාසික උපසම්පදා පුණ්‍යකර්මය මහා ඉහළින් සිද්ධ වුණා.
මෙතනදී ඉස්සෙල්ලාම කොබ්බෑකඩුවේ සාමණේරයන් වහන්සේත්, ඊටපස්සේ,
සරණංකර
බඹරදෙණියේ
තිබ්බටුවාවේ
හුලංගමුව
බෝවෙල
කියන සාමණේරයන් වහන්සේලා සය නම උපාලි මහතෙරුන් වහන්සේ ඇතුළු සියම් හාමුදුරුවරුන්ගෙන් උතුම් උපසම්පදාව ලබාගත්තා. අවුරුදු ගාණක් දුක් විඳලා, මරණ තර්ජන මැද සිල් රකපු සරණංකර හාමුදුරුවන්ගේ ජීවිතේ දැකපු ලොකුම හීනය සැබෑ වුණේ එදා තමයි. දවස් කිහිපයකට පස්සේ අස්ගිරි විහාරයේ නායක හාමුදුරුවරුන්ටත් උපසම්පදාව දුන්නා.
මේ සිදුවීමත් එක්කම තමයි ලංකාවේ "සියම් මහා නිකාය" ආරම්භ වුණේ. මල්වතු සහ අස්ගිරි කියන උභය මහා විහාරයන්ගේ මූලිකත්වයෙන් ඒ නිකාය අදටත් අපේ රටේ ප්‍රධානතම භික්ෂු නිකාය විදියට පවතිනවා.
උපසම්පදාව පිහිටෙව්වාට පස්සේ, කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා වැලිවිට ශ්‍රී සරණංකර හාමුදුරුවන්ගේ අප්‍රමාණ කැපවීම අගයලා උන්වහන්සේට ලංකාවේ භික්ෂු ශාසනයේ තියෙන ඉහළම තනතුර වෙන "සංඝරාජ" පදවිය පිරිනැමුවා.
සියමෙන් උපසම්පදාව ගෙනාපු එක නිකම්ම ආගමික වැඩක් විතරක් නෙවෙයි; ඒකෙන් මුළු ලංකාවේම ආධ්‍යාත්මික, සංස්කෘතික වගේම ශාස්ත්‍රීය පිබිදීමක් ඇතිවුණා.
* ගණින්නාන්සේලාගේ අතේ තිබුණු පන්සල් ටික ආයෙත් නියම සිල්වත් හාමුදුරුවරුන්ගේ පූජනීය තැන් බවට පත්වුණා.
* හාමුදුරුවරුන්ගේ විනය ආරක්ෂා කරන්න අලුතෙන් නීති (කතිකාවත්) හැදුවා.
* පිරිවෙන් අධ්‍යාපනය ආයෙත් පටන්ගත්තා. පාලි, සංස්කෘත, සිංහල භාෂාවලින් අලුත් පොත්පත් ලියවුණා.
* බෞද්ධ කලාවට, චිත්‍ර කලාවට, ගෘහ නිර්මාණ ශිල්පයට අලුත් පණක් ලැබුණා.
අද අපි මේ දකින, වඳින පුදන ස්ථාවර භික්ෂු සමාජයක් සහ පිරිසිදු බුදු දහමක් ලංකාවේ ඉතුරු වෙලා තියෙන්නේ එදා වැලිවිට ශ්‍රී සරණංකර සංඝරාජ හාමුදුරුවන්ගේ අප්‍රතිහත ධෛර්යය නිසයි. ඒ වගේම කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගේ සහ විල්බාගෙදර මුහන්දිරම් ඇතුළු ඒ දූත පිරිස කරපු කැපවීම අපි කවදාවත් අමතක කරන්න නරකයි. ලංකාවේ උපසම්පදාව ආයෙත් පිහිටුවපු මේ කතාව, ආගමික භක්තිය, කැපවීම වගේම උත්සාහය අතනාරින එක ගැන හැම බෞද්ධයෙක්ම අනිවාර්යයෙන් දැනගෙන ඉන්න ඕනේ වටිනා කතාවක්.
#KICKLankaHistory