මන් IT Field එකේ වැඩ කරපු කෙනෙක්. අපේ IT market එක saturate වීමත් එක්ක සහ වෙනසකටත් එක්ක මන් startup එක්ක finance side එකේ job එකකට ගියා. මට සාමාන්‍ය දැනුමක් තමයි තියෙන්නේ finance ගැන. දැන් මට මේක ඉන්ටෙරෙස්ට් වෙලා තියෙන්නේ. මට ඕනේ finance සහ accounts ගැන ඉගෙනගන්න. එකට මට ඔයාල suggest කරන courses තියනවද? මගේ යාලුවොගෙන් ඇහුවම කිවේ CIMA කරන්න කියලා. ඒ තරම් බැරෑරුම් exam එකකට යන්න කලින් මට finance management අල්ලගන්න basic course තියනවද? ඒවා කරනවට වඩා කෙලින්ම CIMA කරන එක හොදයිද? කොහෙන්ද මන් පටන් ගන්නේ? මට sup එකක් දෙනවද?
බේසික් කියලා ලොකු වෙනසක් නෑ
වටිනාකමේ අඩුවක් ඕනා නම් AAT කරන්න.
AAT කරන්න නම් අවුරුදු 1,1/2 කට්ට කන්න වෙයි.
ලක්ෂ 2-4 කින් පුළුවන් කලාස් යන්න උනත්
A/L කොමස් කරලා නම් AAT නැතිව කෙලින්ම සිමා කරත් පුළුවන්. (A/L කොමස් ඕනා නෑ / අදහස් කලේ යම් දැනුමක් නිසි විදිහට තියනවා නම )
නැතත් බින්දුවේ ඉඩනුත් පුළුවන්.
CIMA කලොත් අවුරුදු 2න් පුළුවන් බින්දුවේ ඉඳන් යන්න නම්. FLP කරන්න සුදුසුයි නම් 1 පුළුවන්
කොහොම කලත් ෆේල් නැති නම් 800,000-1000,000 අඩුම යනවා
වියදම, කාලේ, මහන්සිය, පස්සේ සෙටිෆිකට් එකේ ප්‍රයෝජන එක්ක ඔක්කොම එකට දාලා බැලුවොත් cima හොදයි.
-------------------------------------
මොනා උනත් IT වලට කෙල වෙන නිසා ෆිනෑන්ස් කියලා කියනවා නම් එපා කියලා තමා කියන්න වෙන්නේ
මේකත් සෑහෙන්න චා වෙච්ච ෆීල්ඩ් එකක්.
එකවුන්ටන් ලා ඉන්නවා 50,000 වගේ ඉදන් ලක්ෂ 3-5 වගේ වෙනකන්
එකවුන්ටින් ෆීල්ඩ් එකේ 30-35 පටන් ගන්න කට්ටියත් ඉන්නවා. 50 වගේ පටන් ගන්න කට්ටියත් ඉන්නවා.
ඉහලට යන්න යන කාලේ වැඩියි it වලට වඩා....
it වල ටීම් ලීඩර් ලා වගේ කට්ටිය ගොඩක් හිටියට මේ ෆීල්ඩ් එකේ ASST ACCOUNTANT , ACCOUNTANT එක්කෙනෙක් තමා බොහෝ කොම්පැනි වල ඉන්නේ.
චාටර්ඩ් වගේ ගත්තොත් මැරිච්ච උන් එක්ක ඉන්නේ 10,500 ට අඩුවෙන් මේ වෙනකොට. එහෙම තිබිලත් 150,000~200,000 වැඩ කරන උනුත් ඉන්නවා