වහලෙට උළු

sawyer sweeten

Well-known member
  • Dec 31, 2015
    2,908
    2,696
    113
    අලුතෙන් හදන ගෙදර වහලෙට වහන්න හොඳ උළු මොනවද තියෙන්නෙ.. රෝමන්ටයිල් එක හොඳයිද.. උඹල වහල තියෙනවද
     
    • Like
    Reactions: Phonemy

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,121
    9,495
    113
    35
    Spain
    රෝමන් උළු ලස්සනයි. නීට් එකට හදන්න පුළුවන්. එත් උළු වහල බරයි බන්. ලී ගොඩක් ඕන වහලේ හදන්න. වහලේ හදල සිමෙන්ති දාල බඳින්නත් ඕන. නැත්නම් ලීක් වෙනවා. රිලවු වඳුරෝ ඉන්නවා නම් එපා කරපු වැඩක් තමයි නිතර උළු බිඳෙනවා. ලීක් වුනාම වහලේ දිරල හදන්න සැහෙන වියදන් යනවා. එත් ඉතින් මේක තමයි සෞඛ්‍යාරක්ෂිත වහල. කූල් එකත් තියෙනවා. ස්වාභාවිකයි. නමුත් ශීට් වහල ඔය ප්‍රශ්න අඩුයි. ලීක් වෙනවා අඩුයි. වඳුරෝ රිලවු පැන්නාට බිඳෙන්නේ නැහැ. හැබැයි ඉතින් මේවා හදල උඩින් ගණ පේන්ට් එකක් සීලිමක් දාන එක අත්‍යාවශ්‍යයි.
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,799
    1,481
    113
    උලු. වර්ග දෙකක් තියෙනවා ...
    1. කානු එකක් තියෙන උලු
    2. කානු දෙකක් තියෙන උලු

    කාණු එකක් තියෙන උලු තෙමෙනවා. වහිනකොට , නිකන් පිනි බානව වගෙ ..


    කානු දෙකක් තියෙන උලු එහෙම නෑ. ...

    හැබැයි වහල. බරයි වියදම වැඩියි ...
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    අලුතෙන් හදන ගෙදර වහලෙට වහන්න හොඳ උළු මොනවද තියෙන්නෙ..
    👇
    මෙයාල තමා මුලින්ම ලංකාවෙ රෝමාන් උළු හදන්න පටන් ගත්තෙ.අයිති කෙනා නිලන්ත කියල කෙනෙක්.ඵයා ජර්මන් ගිහින් තමා ඕව හදන හැටි ඉගෙනගෙන ඵහෙන්ම මැෂින් ඵකක් ගෙනල්ල ලංකාවෙ වැඩේ පටන් ගත්තෙ..call කරල විස්තර අහන්න..මෙයාලගෙ උළු දාල තෙමුනොත් හරි කැඩුනොත් හරි ඵයාල වගකියනවා...lifetime warranty.

    6eIc5vW.jpg
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,199
    6,342
    113
    වහින වහින සැරේට හදනව, රට උළු තියෙන්නෙ. සමහර ලොකු උළු වර්ග තියනව ඒවනම් කරදර අඩුයි. DSI බලන්න.
     
    • Like
    Reactions: sawyer sweeten