බොරු බයිලා, ෆැන්ටසි කතා, නොයෙක් පූජාවන් ගෙන් තොරව නිවැරදිව ශ්‍රී සද්ධර්මය දේශනා කරන භික්ෂූන් වහන්සේලා කවුද?

nuwan9999

Well-known member
  • Sep 25, 2024
    700
    594
    93
    මොනවද බන් මේ කියවන ගොබ්බ කතා . දැන් මම යි ලෝකේ අනිත් උනුයි ඔක්කොම කතා වෙලා කියනව ??
    ඒ දේවල් බලන ඒ expeience තියන අනිත් උනුත් ඔක්කොම කතා වෙලා කියනව ?? :lol:🤌
    උඹ ඒකනෙ බං ඔය කියන්නෙ, ගොබ්බද නැත්ද බලපං ඉතිං, 🤷‍♂️ නැත්තං උඹ කොහොමද දන්නෙ, අනික් උන්ට ෆීල් වෙන දේවල්... 🤣

    ඒ ඉතිං උඹේ definition එකක් නෙ මේ ප්‍රශ්නෙන් ලිස්සලා යන්න.

    ඉතිං ඕක ඔප්පු කරපං උබට වෙලා තියෙනවා කියලා සරලයි නෙ.
    ඔව්, අනික ප්‍රශ්නෙන් ලිස්සල යන්න, අහන එකාගෙ ප්‍රශ්නෙ ගොබ්බයි කියල වැඩකුත් නෑ 🤌:lol:
    ------ Post added on Jun 17, 2026 at 10:15 AM
     
    • Like
    Reactions: Be_Positive

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,213
    164,310
    113
    එකමත් එක රටක
    උඹ ඒකනෙ බං ඔය කියන්නෙ, ගොබ්බද නැත්ද බලපං ඉතිං, 🤷‍♂️ නැත්තං උඹ කොහොමද දන්නෙ, අනික් උන්ට ෆීල් වෙන දේවල්... 🤣
    එකනේ යකෝ කියන්නේ experience එක විස්තර කරන්නේ එකම විදියට කියල .. අනේ මන්ද උබලත් . . අතීත කතන්දර වල ආගමික ෆැන්ටසි ටිකක් defend කරන්න ගිහින් නිකන් අසරණා වෙනවා . :lol::rofl:
    තමන්ට වැඩකුත් නෑ , වෙච්ච එකෙක් හොයාගන්නත් බෑ හැබයි ඇදහිල්ල නිසා මොක්ද්ඩ් දෙයක් කර කර හිත රව්ට්ටගන්න්ව . පවු . .....

    ඒ ඉතිං උඹේ definition එකක් නෙ මේ ප්‍රශ්නෙන් ලිස්සලා යන්න.

    ඉතිං ඕක ඔප්පු කරපං උබට වෙලා තියෙනවා කියලා සරලයි නෙ.
    එකනේ යකෝ කිව්වේ . . මම ඕක කිව්වේ මේ ප්‍රශ්නේ ආපු වෙලාවේ නෙවෙයි . . මම කිරිය්ට අපු 2020 ඉදල ඔය experience එක කිරියේ ලියලා තියනව .
    එතකොට මේ ත්‍රෙඩ් එකේ ප්‍රශ්නෙන් ලිස්සල යන්න මම 2020 ඉදන් plan කරල ද ?? :lol: :rofl:
    2020 ඉදන් මම මෙහෙම ත්‍රෙඩ් එකකින් ලිස්සන්න ඕන හින්ද ඒවා කියලා උබේ ලොජික් එකට අනුව .
    ------ Post added on Jun 17, 2026 at 10:20 AM
     

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    700
    594
    93
    එකනේ යකෝ කියන්නේ experience එක විස්තර කරන්නේ එකම විදියට කියල .. අනේ මන්ද උබලත් . . අතීත කතන්දර වල ආගමික ෆැන්ටසි ටිකක් defend කරන්න ගිහින් නිකන් අසරණා වෙනවා . :lol::rofl:
    තමන්ට වැඩකුත් නෑ , වෙච්ච එකෙක් හොයාගන්නත් බෑ හැබයි ඇදහිල්ල නිසා මොක්ද්ඩ් දෙයක් කර කර හිත රව්ට්ටගන්න්ව . පවු . .....
    මෙතන ඇදහිලි කතාවක් නෙමෙයිනේ බං කිව්වේ, මෙතන කිව්වේ experience ගැන. ඉතිං experience එක විස්තර කරන්නේ එකම විදියටනම් ඇයි එකක් ෆැන්ටසි වෙල අනික් උඹ කැමති එක නොවෙන්නෙ? :lol: :lol:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,661
    98,648
    113


    එකනේ යකෝ කිව්වේ . . මම ඕක කිව්වේ මේ ප්‍රශ්නේ ආපු වෙලාවේ නෙවෙයි . . මම කිරිය්ට අපු 2020 ඉදල ඔය experience එක කිරියේ ලියලා තියනව .
    එතකොට මේ ත්‍රෙඩ් එකේ ප්‍රශ්නෙන් ලිස්සල යන්න මම 2020 ඉදන් plan කරල ද ?? :lol: :rofl:
    2020 ඉදන් මම මෙහෙම ත්‍රෙඩ් එකකින් ලිස්සන්න ඕන හින්ද ඒවා කියලා උබේ ලොජික් එකට අනුව .
    ------ Post added on Jun 17, 2026 at 10:20 AM
    එකෙන් කියන්නේ නෑනේ උබට ඕක වෙලා තියෙනවා කියලා. වෙන උන්ට වෙලා තියෙන දෙයක් කියවලා. ආ ඒක මටත් වෙනවනේ කියල හිතාගෙන ඉන්නවා වෙනත් පුළුවන් නෙ වෙන මොකක් හරි දැකපු දේකට. 🤷
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,213
    164,310
    113
    එකමත් එක රටක
    මෙතන ඇදහිලි කතාවක් නෙමෙයිනේ බං කිව්වේ, මෙතන කිව්වේ experience ගැන. ඉතිං experience එක විස්තර කරන්නේ එකම විදියටනම් ඇයි එකක් ෆැන්ටසි වෙල අනික් උඹ කැමති එක නොවෙන්නෙ? :lol: :lol:
    මම කියන්නේ උබලා ට්‍රයි කරන්නේ උබලගේ ආගමික අතීත කතාවලට සිමා වෙච්ච ෆැන්ටසි ත් මේක වගේ කියලා ඒ ෆැන්ටසි විශ්වාස ටික හෝදන්න . 🤌
    වැඩක් නෑ . කවුරුත් නෑ එකම දේ experience කරනා ලෝකේ පිළිගන්න පුලුවන sources . ඔහොම නිකන් හිත රවට්ටගන්න එක විතරයි . :lol:
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,013
    5,188
    113
    අපි ධර්මයේ ගැඹුරුම තැන් අල්ලාගන්න ගියොත් අපි හැමදාම හොය හොය ඉන්නවා මිසක් ඵලයක් ලබන්නේ නැහැ.
    ~~රාජගිරියේ අරියඥාන ස්වාමීන්වහන්සේ සමග කරපු කාලේන ධම්ම සාකච්චා පොතෙන්~~


    ප්‍රශ්නය කුසල මූල පටිච්ච සමුප්පාදය තුළ තිපරිවට්ටයක් මම යෝගී අවස්ථාවක දැක්කා. ඒ තිපරිවට්ටය විග්‍රහ කරලා තියෙනවා සංවට්ට, පරිවට්ට, විවට්ට කියලා. අවිද්‍යා මූල පටිච්ච සමුප්පාදය ගැන අපිට අහන්න ලැබිලා තියෙන්නේ එහෙමයි. අනිත් එක මොකක්ද කියලා දැනගන්නයි, මේ ප්‍රශ්නය යොමු කරන්නේ ස්වාමීන් වහන්ස?

    පිළිතුර මෙහෙමයි මහත්තයෝ, ඔය දෙක කියන්න මම නම් දන්නේ නැහැ. අපි හැම වෙලාවෙම මහත්තයෝ සරල තැනින් අල්ලාගන්න ඕනෑ. අපි ධර්මයේ ගැඹුරුම තැන් අල්ලාගන්න ගියොත් අපි හැමදාම හොය හොය ඉන්නවා මිසක් ඵලයක් ලබන්නේ නැහැ. එතකොට මගේ ජීවිතයේ මං කැමැතිම ධර්මයක් දේශනා කරනවා නම් මම දැක්කා වූ දේ මම ඇල්ලුවා වූ තැනින් තමයි මම එක දේශනා කරන්නේ. මොකද අපේ ජීවිතයේ අපි පැවිදි වෙච්ච දවසේ පටන්, පැවිදි වෙච්ච මොහොතේ පටන් මම කළේ මගේ ළඟ තිබ්බා වූ දැනුම හිස් කළා මහත්තයෝ. ගිහි ජීවිතයක් පුරාවට අපි අප්‍රමාණ දේවල් කියෙව්වා. අප්‍රමාණ දේවල් පරිශීලනය කළා. අප්‍රමාණ බණ ඇහුවා. ඒ සෑම දෙයක්ම ගිහි ජීවිතය තුළ සිද්ධ කළා. නමුත් අවසානයේ දී අපි පැවිදිවෙලා දැනගත්තා මේ දැනුම කියන්නේ පළිබෝධයක්ය කියන කාරණය. ඒ නිසා දැනුම කෙරෙහි තියෙන තෘෂ්ණාව අපි අයින් කර ගත්තා.

    ඒ නිසා කොතැනකවත් මහත්තයෝ ඔය සූත්‍රයක් කියවන වෙලාවේ මහත්තයා කියන කාරණය මම නම් දැකලා නැහැ. පටිච්ච සමුප්පාදය විස්තර කරද්දී මට විස්තර කරන්න පුළුවන් මේ අවිජ්ජා පච්චයා සංඛාරා, සංඛාර පච්චයා විඤ්ඤාණං මේ ආදී වශයෙන් අවසානෙට ගිහිල්ලා ජාති, ජරා, ව්‍යාධි, මරණ කියන කාරණය තමයි මම නම් දැක්ක තැන. ඉතින් ඒ තැන මට ගොඩක් පහසු වුණා. ඒ නිසා හැම වෙලාවෙම මහත්තයෝ සමහර විට ඔය වැනි විග්‍රහයක් කොහේ හරි තියෙන්න පුළුවන්. නමුත් මහත්තයෝ, අපට ඕන ලේසි තැනින් මේක අල්ලගන්නයි නේද?

    ප්‍රශ්නකරු මම ඒක දැක්ක හින්දයි ඇහුවේ. කොහේවත් ඊට උත්තර ලැබුණේ නැහැ. ඒකයි ඇහුවේ, ස්වාමීන් වහන්ස.

    පිළිතුර එහෙමයි, ඉතින් හම්බවුණේ නැත්නම් මහත්තයෝ හොයන්න යන්න එපා. දැන් මම සරල ආකාරයෙන් පෙන්නුවනේ. ඒ නිසා අපි හැම වෙලාවෙම සරල තැනින් අල්ල ගන්න ඕනෑ. බුදුරජාණන් වහන්සේගේ කාලේ එක ස්වාමීන් වහන්සේ නමක් හිටියා. එයා අවුරුදු 50 ක් දැඩි ආකාරයෙන් වෙහෙස වෙලා තමයි සෝවාන් ඵලයට පත් වුණේ. අවුරුදු 50 ක් විතර ඒ වෙනුවෙන් කැප වුණා. ඒ මාර්ගය තුළ ගමන් කරලා අවුරුදු 50 ක් ගත වෙලයි එයා සෝවාන් ඵලයට පත් වෙන්නේ. නමුත්, අංගුලිමාල කියන කෙනා බුදුරජාණන් වහන්සේ දේශනා කරන එක ධර්ම කාරණයක් අහලයි චතුරාර්ය සත්‍යය අවබෝධ කර ගත්තේ. කිසාගෝතමී, පටාචාරා, සුනීත වගේ අය එක ක්ෂණයකින් ධර්මය අවබෝධ කර ගන්නවා. එතකොට මහත්තයෝ අපි හැම වෙලාවෙම මාර්ගය තුළ යද්දී අර අවුරුදු 50 ක් ගිහිල්ල මාර්ග ඵල අවබෝධ කරගත්ත භික්ෂූන් වහන්සේ අනුගමනය කරගෙන යනවා නම් ඒක අපේ දුර්වලතාවක්. අපි දක්ෂ වෙන්න ඕනෑ දකින්න අංගුලිමාල කොහොමද ක්ෂණයකින් මේ ධර්මය අවබෝධ කරගත්තේ කියලා. එහෙම නම් සුනීතල, සෝපාකල, පටාචාරල ගිහි ජීවිතය තුළ ධර්මය ගැන කිසිම දැනීමක් තිබ්බේ නැහැ. අර කිසාගෝතමිය මැරිච්ච දරුවෙක් කරගහගෙන නුවරක් පුරා ඇවිද්දා තමාගේ දරුවා මැරිලා කියලා අවබෝධ කරගන්නවත් දැනීමක්, ශක්තියක් ඇය තුළ තිබුණේ නැහැ. එහෙම දෙයක් වත් එයා දන්නේ නෑ. ඉතින් එවැනි කෙනෙකුත් අර සා පුංචි තැනකින්, පුංචි කමටහනකින් ධර්මය අවබෝධ කරගත්තා මහත්තයෝ.

    ඒ නිසා අපි සෑම විටම ධර්මයේ ගැඹුරු තැන් සොයාගෙන යා යුතු නැහැ. ධර්මය කියන්නේ අතිශයින් සරලම දෙයක්. ධර්මය සරලම දෙයක් කියන්නේ මොකද ධර්මයට තියෙන්නේ එකම එක අර්ථයයි මහත්තයෝ. කුමක්ද ඒ අර්ථය? අනිත්‍යයි කියන අර්ථය විතරයි. කුමක්ද අනිත්‍යයි කියන්නේ. පංච උපාදානස්කන්ධයම අනිත්‍යයි ඔච්චරයි තියෙන්නේ.

    කවදාහරි දවසක මහත්තයා සෝවාන් ඵලයට පත්වෙනවා නම් මහත්තයා දකින්නේ පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කියන කාරණය. කවදාහරි මහත්තයා රහත් ඵලයට පත් වෙනවා නම් මහත්තයා දකින්නේ පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කියලා ලබන අවබෝධය. අතන අනිත්‍යයි කියලා දකිනවා. මෙතැන දී අනිත්‍යයි කියලා අවබෝධ කරගන්නවා. එහෙමනම් ඔය තුළ තමයි මේ ධර්මාවබෝධය සැඟවිලා තියෙන්නේ මහත්තයෝ. තේරුණාද? ඒ නිසා අපි හැම වෙලාවෙම දක්ෂ වෙන්න ඕනෑ සරල තැනින් මේක මතු කරලා ගන්න.

    මගේ ජීවිතයේ මම හැම වෙලාවෙම දැක්කේ අංගුලිමාල කොහොමද ධර්මය අවබෝධ කරගත්තේ කියලා. මේ සුනීතල, පටාචාරාල, සෝපාකල කොහොමද ධර්මය අවබෝධ කර ගත්තේ කියලා. අර නිග්‍රෝධ වගේ පුංචි සාමණේරයන් වහන්සේලා, සංකිච්ච වගේ පුංචි සාමණේරයන් වහන්සේලා කොහොමද පුංචි වයසෙදි මේ ධර්මය මතු කරගත්තේ? එතැනින් තමයි මහත්තයෝ අපි මේකට අවතීර්ණ වෙලා ඉන්න ඕනෑ. එහෙනම් නැත්නම් ධර්මය කියන්නේ අනිත්‍යයි කියන වචනයේ අර්ථය විතරයි. ඒ ධර්මය ඒ සා සරල තැනක්. නමුත්, අපේ කෙලෙස් ගැඹුරු වෙන්න ගැඹුරු වෙන්න අපට ධර්මය ගැඹුරු භාවයට පත්වෙනවා. ඒ නිසා ධර්ම මාර්ගය පිළිබඳව මට තියෙන අත්දැකීම නම් මහත්තයෝ මම සරලම තැනින් මතුකර ගත්තා කියන කාරණයයි. මහත්තයා කියන කාරණය කොතැන හරි සඳහන් වෙනවා ඇති. ඇත්තටම මම ඒ කතාව දන්නේ නෑ. (සාකච්ඡාවට වැඩම කර සිටි ස්වාමීන් වහන්සේලා අමතමින් දන්නවා නම් කියලා දෙන්න යැයි ඉල්ලා සිටියහ. එහෙත්, එම ස්වාමීන් වහන්සේලා ද මුනිවත රැක්කහ)

    අර කියපු විදිහට පටන්ගන්න මහත්තයෝ ගොඩක් ගැඹුරු තැන් හොයාගෙන යන්න එපා. දැනුම අවබෝධය අත්‍යවශ්‍යයි. දැනුමෙන් තොරව නිවන් දකින්න බැහැ. දැනුම කෙරෙහි තියෙන තෘෂ්ණාවත් අතහැරුණු තැනයි අවබෝධය ලබන්නේ. තේරුණාද? දැනුමට ඇති තෘෂ්ණාව අත හැරුණා කියලා දැනුම අපෙන් ගිලිහෙන්නේ නැහැ. අපි දැනුම කෙරෙහි තියෙන තෘෂ්ණාව අතහැරියා. තෘෂ්ණාව අතහැරියා කියලා අපි ලැබූ දැනුම මොට වුණාද? නැහැ. දැනුම අප ළඟ තියෙනවා. නමුත්, දැනුම කෙරෙහි තියෙන තෘෂ්ණාවයි, අපි අයින් කරගන්න ඕනෑ. එතකොට දැනුම කෙරෙහි තියෙන තෘෂ්ණාව අතහැර ගන්න නම් හුඟක් වෙලාවට අපි සරලම තැනට ගිහිල්ල ඒ සරලම දේ අපි අල්ලා ගන්න දක්ෂ වෙන්න ඕනෑ.

    ඔය සමාධිය තුළ අපට ගොඩක් දේවල් ඇහෙනවා මහත්තයෝ. ඉතින් ඒ ඇහෙන හැම දෙයක්ම අපි ගන්න ගියානම් අපට ප්‍රශ්නයක් වෙනවා. ඒ නිසා හැම වෙලාවෙම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේ පමණක් ගන්න අපි දක්ෂ වෙන්න ඕන. බුදුරජාණන් වහන්සේ සූත්‍රයක් තුළින් දේශනා කරපු ධර්මයක් තියෙනවා නම් ඒ ධර්මය විතරක් අවශ්‍යතා සඳහා පරිහරණය කරන්න අපි දක්ෂ වෙන්න ඕන. මොකද ඉන් එහා අපට ලෝකයේ යම් කෙනෙක්, යම් දෙයක් ප්‍රකාශ කරන්නේ එයාගේ ඉන්ද්‍රිය ධර්මයන් වැඩිලා තියෙන ප්‍රමාණය මත. එතකොට එයාගේ ඉන්ද්‍රිය ධර්මයන් වැඩිලා තියෙන ප්‍රමාණය මත යමක් දේශනා කළහම අපට ඒ හැම ධර්මයක්ම සියයට සියයක් නිවැරදි හැටියට දකින්න බැහැ. ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕන බුදුරජාණන් වහන්සේ සරල ආකාරයෙන් දේශනා කරල තියෙන ධර්මය තුළින් අපේ ධර්ම මාර්ගය මතුකරල ගන්න.
     
    • Love
    Reactions: War Fighter

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,213
    164,310
    113
    එකමත් එක රටක
    එකෙන් කියන්නේ නෑනේ උබට ඕක වෙලා තියෙනවා කියලා. වෙන උන්ට වෙලා තියෙන දෙයක් කියවලා. ආ ඒක මටත් වෙනවනේ කියල හිතාගෙන ඉන්නවා වෙනත් පුළුවන් නෙ වෙන මොකක් හරි දැකපු දේකට. 🤷
    :lol:🤌 පව් ඉතින් .. මේ ඔක්කොම ෆැන්ටසි අතීත ආගමික විශ්වාස ටික වෙනුවෙන් නේ උබත් කියවන්නේ . මේ මට්ටමට වැටුන කියන්නේ ඉතින් කරන්න දෙයක් නෑ .
    experience එක තියන උන් දන්නවා මම කියන දේ ඇත්ත නැත්ත .
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,661
    98,648
    113
    :lol:🤌 පව් ඉතින් .. මේ ඔක්කොම ෆැන්ටසි අතීත ආගමික විශ්වාස ටික වෙනුවෙන් නේ උබත් කියවන්නේ . මේ මට්ටමට වැටුන කියන්නේ ඉතින් කරන්න දෙයක් නෑ .
    experience එක තියන උන් දන්නවා මම කියන දේ ඇත්ත නැත්ත .
    උබට දැන් වෙන වෙන ඒව කියලා ප්‍රශ්නෙ මග අරින්න ඕනි නන් කමක් නෑ ඉතින්. 🤗
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,013
    5,188
    113
    01 රෝගියෙකුට උපස්ථානය
    ~~රාජගිරියේ අරියඥාන ස්වාමීන්වහන්සේ සමග කරපු කාලේන ධම්ම සාකච්චා පොතෙන්~~
    ප්‍රශ්නය
    ගෞරවනීය ස්වාමීන් වහන්ස, රෝගියෙකුට උපස්ථානය කිරීම බුදුරජාණන් වහන්සේට කරන උපස්ථානයක් සේ සලකනවද?

    පිළිතුර
    නෑ මහත්තයෝ. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ කොතැනකවත් රෝගීන්ට උපස්ථානය කිරීම බුදුරජාණන් වහන්සේට උපස්ථාන කිරීමක් කියලා දේශනා කරලා නැහැ. සමාජයේ දැන් මතයක් තියෙනවා, නමුත් ඒක සම්පූර්ණ දුර්මතයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නෙ, යමෙක් රෝගියෙකුට උපස්ථාන කරනවා නම් ඔහු මම කියපු දේ / කරපු දේ කරපු කෙනෙක් වෙනවා. මම යමක් දේශනා කරලා තියෙනවද ඒ දේශනා කරපු දේ මම කරපු දේ කරපු කෙනෙක් වෙනවා. ඒ නිසා කොයිම වෙලාවකවත් රෝගියෙකුට උපස්ථාන කිරීම බුදුරජාණන් වහන්සේට කරන උපස්ථානයක් නෙමේ.

    ඔබ එහෙම හිතනවානම් කවදාකවත් ඔබට ශ්‍රද්ධාව කියන කාරණය නම් සකස් කර ගන්න බැහැ. මොකද බුදුරජාණන් වහන්සේ කියන්නේ අයෝමය ගුණයන්, අයෝමය ඥානයන්ගෙන් පරිපූර්ණ වූ කෙනෙක්. රෝගියෙක් කියන්නේ කවුද? සමහර විට එයා පංච සීලය විතරයි සමාදන් වෙලා තියෙන්නේ. සමහර විට එයා පංච සීලයත් සමාදන් නොවී ඉන්න පුළුවන්. එහෙමනම් කවදාකවත් බුදුරජාණන් වහන්සේට කරන උපස්ථානයයි, රෝගියෙකුට කරන උපස්ථානයයි එකක් වෙයිද? නැහැ ඒක වෙනස්.

    ඒ නිසා හැම වෙලාවෙම රෝගියෙකුට කරන උපස්ථානය කියලා කියන්නේ ඒ රෝගී තැනැත්තාට කරන උපස්ථානයක්. නමුත් බුදුරජාණන් වහන්සේ කියපු දේ කරපු කෙනෙක්. ඒක තේරුම් ගන්න ඕනේ. අපි රෝගියෙකුට උපස්ථාන කරන්නේ නැත්නම් අපි බුදුරජාණන් වහන්සේ කියපු දේ කරන්නේ නැති කෙනෙක් බවටයි පත්වෙන්නේ. ඒ නිසා හැම වෙලාවෙම බුදුරජාණන් වහන්සේට උපස්ථාන කිරීමක් කියන කාරණය රෝගියෙකුට උපස්ථාන කිරීමෙන් ඉෂ්ට වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ කියපු දේ කරන්නේ නැති කෙනෙක් බවටයි එයා පත්වෙන්නේ. ඒක තේරුම්ගන්න ඕනෑ.

    රෝගීන්ට උපස්ථාන කරන රෝහල් තියෙන නිසයි මේ මතක් කරන්නේ. මොකද මම අඳුනන එක නර්ස් නෝනා කෙනෙක් හිටියා. එයා දැන් නම් මිය පරලොව ගිහිල්ලයි ඉන්නේ. මම හිතන්නේ අවුරුදු 40 ක් විතර එයාගේ සේවා කාලයක් තිබුණා. ඒ සේවා කාලය පුරාවටම එයා පන්සල් ගියේ නැහැ. පන්සලෙන් දානයක් ආවොත් සල්ලි යවනවා. එයා හැම වෙලේම උදම් ඇනුවේ මම රෝගීන්ට කරන දේ මට ප්‍රමාණවත් කියලා. නෑ නෑ මම මෙච්චර කරනවා. ඕටී ගන්නේ නැතුව 6 ට ඉන් වෙලා 9 වෙනකම් රෝගීන් බලනවා. මම මෙච්චර දේවල් කරනවා. මම මෙච්චර උපකාර කරනවයි කියලයි හිටියේ. නමුත් ඒ නිසාම එයා තෙරුවන් සරණේ පිහිටියේ නැහැ. සිල් සමාදන් වෙන්න ගියෙත් නැහැ. එයා බුදුරජාණන් වහන්සේගේ සරණින් බැහැර වෙලා රෝගීන්ගේ සරණ සොයා ගෙන තමයි ගියේ. නමුත් මේ අම්මා විශ්‍රාම ගිහිල්ලා අවසානයේ අසනීප වුණා. මම දන්න තරමින් මාස 9 කට වඩා අධික කාලයක් දැඩි ආකාරයෙන් රෝගී වෙලා ඇඳේ සිටියා. ඉතාමත් දුර්බල ආකාරයෙන් රෝගී වෙලා ඇඳේ හිටියා. නමුත් ඒ අවස්ථාවල දී එයාට මතු කරල ගන්න කුසලයක් තිබුණේ නැහැ. මොකද තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව කියන්නේ සීලය කියන්නේ, අයෝමය ශක්තීන්, බලයන්.

    ඒ නිසා රෝගියෙකුට උපස්ථානය කරනවා කියන කාරණය ශක්තිමත් කුසලයක් ලෙස අපට මතුකර ගන්න බැහැ. මේක තේරුම් ගන්න ඕනේ. එහෙනම් රෝගී උපස්ථානය හැම වෙලාවෙම තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් සීලයෙන් ශක්තිමත් කර ගන්න ඕනෙ. ඔබ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් ශක්තිමත් වෙලා සීලයෙන් ශක්තිමත් නම් අන්න රෝගී උපස්ථානය ශක්තියක් වෙලා එනවා.

    ඒ නිසා තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව තුළින් බැහැර වෙලා, සීලයෙනුත් බැහැර වෙලා, අපි හිතනවානම් රෝගී උපස්ථානය තුළින් පමණක් මට සුගතිය සකස් වෙයි කියලා ඒක නම් කවදාකවත් සිද්ධ වෙන්නේ නැහැ. මොකද මං හොඳටම දන්නවා අර මැණියන්ට ඒක සිද්ධ වුණේ නැහැ. අවසානෙ මැරෙන වෙලාවෙ එයාට මතු කරගන්න ශක්තිමත් කුසලයක් තිබ්බේ නැහැ. එයා ප්‍රමාද භාවයට පත්වුණා.

    ඒ නිසා නිරතුරුවම බුදුරජාණන් වහන්සේගේ සරණ තුළටම එන්න. සීලයේ සරණ තුළටම එන්න. එහෙම ඇවිල්ලා රෝගීන්ගේ උපස්ථානය සිද්ධ කරන්න. ඒ තුළින් එය ශක්තියක් බවට පත් කර ගන්න පුළුවන්.
     
    • Like
    Reactions: War Fighter

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,213
    164,310
    113
    එකමත් එක රටක
    උබට දැන් වෙන වෙන ඒව කියලා ප්‍රශ්නෙ මග අරින්න ඕනි නන් කමක් නෑ ඉතින්. 🤗
    උබ්නේ බන් කියන්න දෙයක් නැතුව වෙන මොකද්ද ඇරියස් එකකට කියවන්නේ :lol:
    අපිට බේරන්න , රකින්න එක එකාගේ ආගමික විශ්වාස නෑ . පුද්ගලික experience මිසක් එක එක උන් පොත් වල ලියලා තියන ඇතිතේ සිද්දි හෝදන ගොන් වැඩේ කරන්නේ නැ උබලා වගේ . .. උබලට ඉතින් කි දෙනෙක් කියලා රකින්නද ? ආගමයි , ආගමේ පොත් වල කතන්දර ටිකයි , .. ඕව අත ඇරපන් . .නැත්න්න්ම් ඕව බේරන්න ම ගිහින් stress වෙන්ව :rofl::ROFLMAO:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,661
    98,648
    113
    උබ්නේ බන් කියන්න දෙයක් නැතුව වෙන මොකද්ද ඇරියස් එකකට කියවන්නේ :lol:
    අපිට බේරන්න , රකින්න එක එකාගේ ආගමික විශ්වාස නෑ . පුද්ගලික experience මිසක් එක එක උන් පොත් වල ලියලා තියන ඇතිතේ සිද්දි හෝදන ගොන් වැඩේ කරන්නේ නැ උබලා වගේ . .. උබලට ඉතින් කි දෙනෙක් කියලා රකින්නද ? ආගමයි , ආගමේ පොත් වල කතන්දර ටිකයි , .. ඕව අත ඇරපන් . .නැත්න්න්ම් ඕව බේරන්න ම ගිහින් stress වෙන්ව :rofl::ROFLMAO:
    මෙච්චර දේවල් කියවන්න දෙයක් නෑනේ. උඹේ experience එක ඇත්ත කියලා පෙන්නුවා නන්. 🤷
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,013
    5,188
    113

    හඳහන් ආශ්‍රිතව කටයුතු කරන එක මිත්‍යාදෘෂ්ටික ස්වභාවයක්ද?
    ~~රාජගිරියේ අරියඥාන ස්වාමීන්වහන්සේ සමග කරපු කාලේන ධම්ම සාකච්චා පොතෙන්~~

    ප්‍රශ්නය හඳහන් ආශ්‍රිතව කටයුතු කරන එක, මිත්‍යාදෘෂ්ටික ස්වභාවයක් ද ස්වාමීන් වහන්ස?

    පිළිතුර හඳහනක් බැලුවොත් ප්‍රශ්නයක්මනෙ. හඳහනක් බැලුවොත් අපලයක් නැහැ කියන්නේ කවුද කියන්නකෝ. හඳහනක් බලලා ඔබට සුගතියක් වෙනවා, ඔබට මේ අපල නැහැ කියන්නේ කවුද කියන්නකෝ. හඳහනක් බලන්න ගියොත් අත පෙන්නුවොත් එදා ඉඳන්ම ප්‍රශ්නයක්. ඊට පස්සේ දරුවෝ තව ප්‍රශ්න දාහක් එනවා. ඒ නිසා විවාහයක් වෙන වෙලාවට නැකතක් බලන්න, පෝරුවකට නගින්න වගේ කටයුතුවලට නැකතක් බලන්න, ගෙදරක මුල් ගලක් තියන්න ගිය වෙලාවට නැකතක් බලන්න, ඒවා එපා කියන්න අපිට බැහැ, ඉන් ඔබ්බට මෝහය වැඩෙන දිශාවට යන්න එපා. මම කාටවත් කියන්නේ නැහැ විවාහයක් වෙන වෙලාවෙ නැකතක් බලන්න එපා කියලා. ඒවා බැහැර කරන්න අපට බැහැ. ඒවායේ ප්‍රශ්නයක් නැහැ. ගෙයකට මුල් ගලක් තියන වෙලාවේ නැකතක් බලලා ඒක කරන්න. නමුත් දරුවෝ පමණ ඉක්මවා ගිය දේවල්වලට යන්න එපා.

    සංස්කාරයන් තුළ අපි ජීවිතය දකින්න දක්ෂ වෙන්න ඕනෙ. මෙතන ඉන්න කිසි කෙනෙකුට ලැබෙන්න තියෙන දෙයක් නොලැබිලා නෑ. නොලැබෙන්න තියෙන දෙයක් ලැබිලත් නෑ. අපි කරපු දේයි අපිට ලැබිලා තියෙන්නේ. මම මෙතන ඉන්නේ මම කරගත්ත පින් නිසා, ඔබ ඔතන ඉන්නේ ඔබ කරගත්ත පින් නිසා. ඒ නිසා නොලැබෙනවා කියලා ඔබ මිත්‍යාදෘෂ්ටික පැත්තට ගිහින් වැඩක් නෑ. නොලැබෙනවා නම් දරුවෝ ඔබ කරගත්ත දෙයක් නිසාමයි නොලැබෙන්නේ. එතකොට නොලැබෙන්න මොකක්ද ඔබ කරලා තියෙන්නේ. අකුසල්. ඒ නිසා කුසලය තුළින්ම මෙය පූර්ණය කරගන්න ඕනෙ.

    ඉතින් හඳහන කියන පැත්තට ගියොත් දරුවෝ මේ ප්‍රශ්න වැඩිකර ගන්නවා මිසක් මේ ප්‍රශ්න අඩුවක් දකින්න නම් වෙන්නේ නැහැ. මොකද ඒවා තව තව ව්‍යාපාද පැත්තට බෙදිලා යනවා. එතකොට ඒවායින් කවදාවත් අපිට ජයග්‍රහණයක් කියන තැනට එන්න බැහැ. ඒක දකින්න ඕනෙ. ඒ පැත්තට යනවා නම් අපිට එපා කියන්නත් බැහැ. නමුත්, බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනුවයි අපි යමක් විග්‍රහ කරන්නේ. ඒ විග්‍රහ කරද්දී බුදුරජාණන් වහන්සේ කියන්නේ නැහැ නැකත් බලන්න කියලා. නමුත්, අද සමාජයට අපිට එපා කියන්න බැහැ. කිසියම් ගැටලුවක් ඇති වුණොත් අතනයි හිත පිහිටන්නේ. ඒ නිසා එවැනි දෙයක් කලාට එතන ගැටලුවක් නැහැ. නමුත්, ඉතින් කේන්දර, සාස්තර වගේ දේවල් අපිට අනුමත කරන්න බැහැ. බුදුරජාණන් වහන්සේ අනුමත කරන්න කියලා නැහැ. කියලා නැති නිසා අපිට අනුමත කරන්න බැහැ.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,213
    164,310
    113
    එකමත් එක රටක
    මෙච්චර දේවල් කියවන්න දෙයක් නෑනේ. උඹේ experience එක ඇත්ත කියලා පෙන්නුවා නන්. 🤷
    එකට තමයි මම කිව්වේ මම ඕක මේ ත්‍රෙඩ් එකේ විතරක් කියපු දෙයක් නෙවෙයි කියලා බන් . :lol:
    අනික ඕව මේ එක පාරක් දෙපාරක් වෙන ඒවත් නෙවෙයි . ඕන තරම් වෙලා තියන ඒවා .
    experience එක ලෝකේ අනිත් උන්ටත් ඒ විදියටම වෙලා තියන , experience එක පහදිලී කරන විධ්‍යත්මාක sources තියන් කොට ඒ experience එක ඇත්ත කියල උබට වෙනම ඔප්පු කර කර යන්න ඕන නෑ බන් :rofl:
     

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,111
    1,740
    113
    ඕක ඉතින් උබට බොරු උනාට කිරියේ ඕන තරම් උන් ඉන්නව ඕක experience කරපු .
    උබලා ඉතින් ඇදහිල්ලක , විශ්වසෙක නේ ඉන්නේ ජිවිත කාලෙම . එක එක උන්ගේ ආගම් වල සිහියෙන් නැතුව ,හරි සිහියෙන් ඉදල බලපං එතකොට පෙනෙයි ..


    ධ්‍යානත් ඒ වගේ තමයි.
    https://pmc.ncbi.nlm.nih.gov/articles/PMC6582244/
    කියවලා බලන්න.
     
    • Haha
    Reactions: dilann

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,661
    98,648
    113
    එකට තමයි මම කිව්වේ මම ඕක මේ ත්‍රෙඩ් එකේ විතරක් කියපු දෙයක් නෙවෙයි කියලා බන් . :lol:
    අනික ඕව මේ එක පාරක් දෙපාරක් වෙන ඒවත් නෙවෙයි . ඕන තරම් වෙලා තියන ඒවා .
    experience එක ලෝකේ අනිත් උන්ටත් ඒ විදියටම වෙලා තියන , experience එක පහදිලී කරන විධ්‍යත්මාක sources තියන් කොට ඒ experience එක ඇත්ත කියල උබට වෙනම ඔප්පු කර කර යන්න ඕන නෑ බන් :rofl:
    මම කියන්නේ උබට ඕක වෙලා නෑ කියන එක. උබ එක්කෝ වෙන එකකට රැවටිලා නැත්තං අනික් උන් කියන නිසා ඒ කාලේ ඉඳලම බොරුවක් කියලා. 🤷

    උබට වෙලා තියෙනවා නන් ඔප්පු කරන්න නෙ තියෙන්නේ වෙන වෙන දේවල් කියවලා ලිස්සන්නේ නැතුව.
     
    • Like
    Reactions: Be_Positive

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,213
    164,310
    113
    එකමත් එක රටක
    මම කියන්නේ උබට ඕක වෙලා නෑ කියන එක. උබ එක්කෝ වෙන එකකට රැවටිලා නැත්තං අනික් උන් කියන නිසා ඒ කාලේ ඉඳලම බොරුවක් කියලා. 🤷

    උබට වෙලා තියෙනවා නන් ඔප්පු කරන්න නෙ තියෙන්නේ වෙන වෙන දේවල් කියවලා ලිස්සන්නේ නැතුව.
    අවුරුදු 6ක ඉදන් කියන නිසා ආයිත් මේ ත්‍රෙඩ් එකට ඕන නිසා කිව්වා කියලා ඔප්පු කරන්න දෙයක් නැ බන් . :lol:
    ඕවලින් ආගමික කතන්දර ෆැන්ටසි ත් එහෙමයි කියලා හිත රවට්ටගන්න්ව ඇරෙන්න උබලට වෙන කරන්න දෙයක් නෑ .
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,661
    98,648
    113
    අවුරුදු 6ක ඉදන් කියන නිසා ආයිත් මේ ත්‍රෙඩ් එකට ඕන නිසා කිව්වා කියලා ඔප්පු කරන්න දෙයක් නැ බන් . :lol:
    ඕවලින් ආගමික කතන්දර ෆැන්ටසි ත් එහෙමයි කියලා හිත රවට්ටගන්න්ව ඇරෙන්න උබලට වෙන කරන්න දෙයක් නෑ .
    අවුරුදු 6ක් තිස්සේ කිව්ව කියන එක valid proof එකක් නෙවෙයි.

    මේක අතුරු ප්‍රශ්නයක්, උබ හොල්මන් එහෙම පිළිගන්නවද?
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,213
    164,310
    113
    එකමත් එක රටක
    අවුරුදු 6ක් තිස්සේ කිව්ව කියන එක valid proof එකක් නෙවෙයි.

    මේක අතුරු ප්‍රශ්නයක්, උබ හොල්මන් එහෙම පිළිගන්නවද?
    මම කියන්නේ ඇත්ත කියලා උබ ට ඇරියස් එකක් නිසා හරි පිළිගන්න කැමති නැත්නම් ඉතින් උබ එහෙම හිතාගනින් . මට කිසි අවුලක් නෑ බන් . :lol:
    ඔය experience එක මම අයින් කරත් ලෝකේ අනිත් උන්ටත් වෙලා තියනව ඕන තරම් . ඕව අතීතේ දබදිව විතරක් සිද්ද වෙච්ච සුපර්මෑන් ආගමික ෆැන්ටසි කතා වලට වඩා සෑහෙන valid sources තියන , experience කරන දේවල් .
    මම කියන්නේ ඇත්ත කියලා හිතන්න උබ කැමති නෑ වගේ නම් උබ එහෙම හිතපන් බන් . :rofl::lol:..

    හැබැයි ඕව වලින් අර ආගමික ෆැන්ටසි ත් ඒ වගේ කියලා හිත රවට්ටගන්න බෑ .
    හොල්මන් එකම විදියට experience කරපු උන් නැ බන් . ඒ ඒ සංස්කෘතිය , විශ්වාස , හොල්මන් ගැන ඒ ඒ රටවල මවල තියන වෙනස් කතන්දර වල ට අනුව දැකපු උන් ඉන්නේ . එනග්ලාන්තේ පාරේ මෝහිනී නෑ.. එයා ඉන්නේ ලංකාවේ . එහෙ ඉන්නේ zombie අයිප් එකේ උන් . උන් අදින ඇදුම් පැළදුම් වෙනස් ...

    මේවා එහෙම experience නෙවෙයි . 🤌
     
    • Haha
    Reactions: Be_Positive

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,428
    4,426
    113
    සෝම හාමුදුරුවෝ හිට් වෙන්න කලින් හිටපු හාමුදුරුවෝ ඔක්කොම බුද්ධ දේශනාව සහ කාලින ධර්මය ගලපලා හොඳට බණ කිව්වා. සෝම හාමුදුරුවෝ නිසා තමයි ලංකාවේ බණ සංස්කෘතියට කෙළවුනේ. තව ටික කාලයක් ඔය විදිහට බණ කිව්වනම් එහෙම තව අවුරුදු 50 ක විතර යුද්ධයක් හදලා තමයි නවතින්නේ