දැන් පිළිකාව සෑහෙන්න බහුලව දකින්න තියනවා. ඕකත් එක්කම කීමෝ වගේ සම්මත ක්‍රම වලින් එහාට ගිහින් ඉමියුනොතෙරපි, ඇල්කලයින් ඩයට්, කීටෝ ඩයට්, ෆාස්ටින්ග්, ගර්සන් මෙතඩ්(Gerson method (or Gerson Therapy)) වගේ වෙනස් ක්‍රම වලට මිනිස්සුම පෙලඹෙනවා. එහෙම කරලා හොඳ වුනා කියන මිනිස්සුත් ඉන්නවා. මේ වගේම තව හැමෝම කතාකරපු දෙයක් තමයි ජෝ රෝගන්ගේ පොඩ්කාස්ට් එකක මෙල් ගිබ්සන් ඇවිත් ivermectin and benzimidazoles (like fenbendazole) කියන බෙහෙත් වලින් කැන්සර් හොඳකරගත්තු උගේ යාළුවෝ ඉන්නව කිව්ව එක(ජෝ රෝගන් ගේ පොඩ්කාස්ට් නම් ශුවර් නෑ)
කීමෝ, රේඩියේශන් වල තියෙන ලොකුම ප්‍රශ්නේ ඇවිල්ල සමහර අයට අවසානේ මැරෙන්න වෙන්නේ කැන්සර් එක නිසා නෙවෙයි, ට්‍රීට්මන්ට් නිසා ඇඟේ අනිත් අවයව වලට ඇතිවුන හානි නිසා. ඒකත් එක්ක කීමෝ වගේ සම්ම්ප්‍රදායික ක්‍රම ගැන මිනිස්සුන්ට තියෙන්නේ සැකයක්. මුළු ලෝකෙම ඒ සැකය, අනපේක්ෂිත බව වැඩි වෙලා තියනවා. ඒකත් එක්ක ගොඩාක් මිනිස්සු සාම්ප්‍රදායික බටහිර විද්‍යාවේ ට්‍රීට්මන්ට් වලින් නොකියන වෙන අසම්මත ක්‍රම වලින් පිළිකාව හොඳ කරගන්න ට්‍රයි කරන්න පෙලඹෙනව සහ කරගෙන තියනවා.
ඒ.අයි වලින් ඩී.එන්.ඒ පැටර්න්ස් ස්ටඩි කරලා ටාගටඩ් ට්‍රීට්මන්ට්ස් ඉන්ජිනියර් කරන සීන් එකකුත් දැන් තියනවා. ඒකත් සමහරවිට ඉස්සරහට ඒවි. මේ වෙද්දී කැන්සර් කේසස් ලෝකේ වැඩිවෙනවා වගේම ට්‍රීට්මන්ට්ස් හොයාගන්න වේගෙත් සෑහෙන්න වැඩි වෙලා තියනවා.