මේ ගමනායකගේ දු .
ගමනායක කියන්නේ විජේවීරගේ ජවිපෙ ප්‍රධාන ලේකම්
විජේවීරව අල්ලගත්ත දවසට පසුවදා ගමනායක ව අල්ල ගත්ත
ගමනායක ගේ බිරිඳ වෙන නමකින් පාස්පෝට් එකක් හදාගෙන ධනපති ඉතාලියට ගියා . ගිහිල්ල තමන්ගේ ජීවිතේට දේශපාලන තර්ජන තියෙනවා කියල ඉතාලි ආණ්ඩුවෙන් දේශපාලන රැකවරණය ඉල්ලුව. ඉතාලියේ ධනපති ආණ්ඩුව ඇගේ ජීවිතය බේර ගැනීමට දේශපාලන රැකවරණය දුන්න එහි අවුරුදු දෙකක් ගතකරලා ලන්ඩනයට ගියා . එහෙන් රැකවරණය ඉල්ලුව අධිරාජ්‍යවාදී කියල වාමන්ශිකයන් පට්ටගහාපු පට්ටගහන බ්‍රිතාන්‍යය ඇයට නවාතන් දුන්න
බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී/ධනවාදී ආණ්ඩුවෙන් කරුණ හෙවත් ගමනයකගේ බිරිඳ තමන්ගේ දු ලංකාවෙන් ගෙන්න ගන්න අවසර ඉල්ලුවම ඒ අවසරයත් ලැබුන බව්බිම නැත්තම් මරණය කියල ජවිපෙ තරුණයෝ මරණය තෝරගත්තට කරුණාගේ සහ ගමනයකගේ දු තෝරාගත්තේ බ්‍රිතාන්‍යයට යන්න
බ්‍රිතන්යයට ගිහින් ඉගෙනගෙන වයිද්යවරියක් උනා මේ වෙනකොට ඇය බ්‍රිතාන්‍ය ජාතිකයෙකු සමග විවාහ වෙලා ඉන්නේ
සෝමවංශ අමරසිංහ තමන්ගේ මස්සිනාවූ යුඑන්පි නායකයෙකු වූ සිරිසේන කුරේගේ උදව්වෙන් ඉන්දියාවට පැනල ගිහිල්ල එතනින් ලන්ඩනයට පැනල ගියා
කැරැල්ල පරදිනකොට තවත් ජවිපෙ තුවක්කු කරුවන් ඉන්දියව හරහා වෙනත් රටවලට ජීවිතේ බේරගන්න පැනල ගියා සමහරු ජපානයට ගියා
ජවිපෙ නායකයන්ගේ සාමාජිකයන්ගේ ජීවිත බේරගන්න තම රටවල ඉන්න වීසා දුන්නේ ජවිපෙ තම සතුරන් ලෙස සැලකු ඉන්දියාව සහ පොහොසත් ධනපති රටවල්
1990 කැරැල්ල පරදිනකොට සමාජවාදී රාජ්‍යයන් 15ක් විතර තිබුන
සෝවියට් දේශය , හංගේරියාව රුමේනියාව පෝලන්තය බල්ගේරියාව චෙකොස්ලෝවාකියාව නැගෙනහිර ජර්මනිය ආදී රටවල්
සමාජවාදී රාජ්‍යයක් බවට ලංකාව පත් කරන්න තුවක්කු බෝම්බ අතට අරන් සටන් කරපු එකම ජවිපෙ නායකයෙක්වත් එකම සමාජිකයෙක්වත් තම ජීවිතේ ආරක්ෂා කරගන්න පදිංචි වෙන්න රස්සවක් කරන්න සමාජවාදී රටක ට ගියේ නැහැ
ගියේ මුළු ජීවිත කාලේදීම බැන බැන හිටපු රටවලට
ඔය තවමත් මාක්ස්වාදය පිළිගන්න එකම සහෝදරයෙක්වත් සහෝදරියක්වත් තවමත් ඉතුරුවෙලා තියෙන සමාජවාදී රටවල් හතරින් එකකට ගිහින් රස්සවක් කරන්න සුදානමක් නැහැ
කියුබාව සහ ඇමරිකාව කියන රටවල් දෙකම ජවිපෙ සාමාජිකයෙකුට කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයෙකුට හෝ වෙනත් වාමාංශික කණ්ඩායමක සාමාජිකයෙකුට පදිංචි වෙන්න විසා දුන්නොත් ඔවුන් කියුබාවේ පදිංචි වෙයි කියල හිතනවද ?
කිසිදු සැකයක් නැතිවම ඔවුන් තෝරාගන්නේ ඇමරිකාව
මොකද ප්‍රසිද්ධියේ නොකිව්වට ඔවුන් දන්නවා කියුබාවේ මිනිස්සුත් ගෙවල් දොරවල් විකුණලා 'මැරුනොත් මැරුනාවේ 'කියල බෝට්ටුවල නැගල ඇමරිකාවේ රස්සා හොයාගෙන යනවා කියල


