ඕක Philosophically ටිකක් පසෙකින් තියලා ;
Science කියන්නේ "ලෝකය" ගැන අධ්‍යනය කිර්මක් නේ, මිනිසාගේ කුතුහලය මත run කරන විෂයක් නේ. ඒ විෂය ඇතුලේ Homo Sapiens කියන මේ සත්ව ගෝත්‍රයට ලෝක විෂය ගෝචර වන ආකාරය ( පංච ඉන්ද්‍රියන්ට ) එකක් ; at least එහෙම සම්මුතියකට එනවා.
සීනි ඔබට මට හැමෝටම රසයි
ඇහැ ට ගෝචර වෙන color spectrum එක Sapiens ල හැමෝටම එකයි
ශබ්ධ පරාසය එකයි
දැනෙන emotions එකයි
සීතල රස්නය ට ශරීරය ප්‍රතිචාර දක්වන ආකාරය එකයි
ඉතින් මේ අපේ ගෝත්‍රයට පොදු convention එක ඇතුලේ ඉදගෙන අපි අහන බලන පෙනෙන දැනෙන දේවල් අධ්‍යයනය කිරීම තමයි විද්‍යාව කියන්නේ.
( මගේ පෞද්ගලික මතය )
ආගම ගැන ගත්තොත්
මම කියවලා තියනවා ආදී මානවයාට ඉස්සරලාම " අපිට පේන දේට වඩා එහායින් යම්කිසි ම බලවේගයක් තියෙනවා ; අදෘශ්‍යමාන බලවේගයක් අප දිහා බලන් ඉන්නවා " වගේ දේව සංකල්ප පහළ උනේ එයාලා ගේ ආදී ජීවන රටාව එක්ක කියලා.
හිතන්න මිනිහෙක් දඩයමේ යනවා
එයාට ඇහෙනවා පඳුරක් සෙලවෙන සද්දයක්
එතකොට වෙන්න පුළුවන් අවස්ථා දෙකයි තියෙන්නේ ;
1. හුළඟට සෙලවුනා
2. Predator කෙනෙක් ඉන්නව අපිව ගොදුරු කරගන්න බලාගෙන.
ඉතින් මේ ටික අතරින් මිනිසාගේ ජීවිතයට වෙන්න පුළුවන් හානිය අවම කරගන්න 2 විදියට හිතීම තමයි ආරක්ෂාකාරීම.
Subconsciously මිනිසා ඒකට පරිණාමය වුණා ; හැඩගැසුණා.
The brain evolved to detect agency everywhere.
මෙන්න මේ අදහස.
ගංවතුර ඔවුන් හිතන්න ගත්තා ගඟට අයිති දෙවියෝ කෝප වෙලා කියලා - ඒ අනුව බිලි පූජා ආදිය දෙන්න ගත්තා දෙවියා සතුටු කරවන්න.
වැස්ස සුළඟ ස්වභාවික විපත් මේ හැමෝට ම දෙවි කෙනෙක් ඉන්නවා කියලා අර agency කියන evolutionary cognitive bias එක නිසා තමයි ඉස්සරලාම ආදී මානවයා දෙවියන් විශ්වාස කරන්න පටන් අරන් තියෙන්නේ ( අදෘශමාන බලවේග ; තමා සෑම විටම න් යමෙකු විසින් නිරීක්‍ෂණය වෙනවා කියලා )
මේක එක දියුණුම සහ පරිකල්පනය උත්කෘෂ්ටම වූ අවස්ථා තමයි ඒබ්‍රහම්වාදී ආගම් ;
මධ්‍යකාලීන යුගයේ අවසානය වන තෙක්ම ප්‍රධාන වශයෙන් මේ දේවවාදී විශ්වාසයන් තමයි තිබුණේ ; ඒක පරිණාමයෙන්ම ආපු දෙයක් මිනිසාගේ පැවැත්මට මොළයේ ක්‍රියාකාරීත්වයේ අනුවර්තනය වීමක්.
ඊට පස්සේ 1500 ගණන්වල මේ මානව ශිෂ්ටචාරය උඩු යටිකුරු කරන දෙයක් වෙනවා
ඒ තමයි ඉස්සරලාම පල්ලිය ප්‍රශ්න කරන්න ගන්නවා ; භක්තිය සහ විශ්වාසය මත තිබුණු ලෝකය පිළිබඳ අවබෝධය මිනිසා විසින්ම ප්‍රශ්න කරන්න ගන්නවා
ගැලීලියෝගේ Telescope

සොයා ගැනීම මගින් එවක - විශ්වයේ මැද තමයි ලෝකය ; අපි වටේ තමයි විශ්වය පැතිරිලා තියෙන්නේ වගේ අදහස් debunk උනා ග්‍රහලෝක ආදිය සොයා ගැනීම සමග.
ඒකනේ නූතන විද්‍යාවේ පියා කියන්නේ Galileo ට.
නිරීක්ෂණ මත පරීක්ෂණ කරල නිගමන වලට එන නූතන විද්‍යාත්මක framework එක සොයා ගැනීමේ ගෞරවය යන්නේ ඔහුටලු.
මෙතනදි තමයි මම කියවලා තියෙන විදිහට පල්ලියේ දේවවාදී ඉගැන්වීම් වලට ඉස්සරලාම පහර වැදුනේ ; මිනිසා නව චින්තනයකට එළඹෙන්න ගත්තේ
මේත් සමගම සමකාලීනව වගේ Gutenberg හොයා ගන්නවා මුද්‍රණාලය - මේත් සමගම මම සොයා ගැනීම් චින්තනයන් සීඝ්‍රයෙන් ම මිනිසා අතර ප්‍රචලිත වෙන්න ගන්නවා.
විද්‍යාවේ ආරම්භය තමයි සරලව ඔය සිදුවීම
( මම කියවලා තියෙන විදියට )
ඊට පස්සේ එනවා Issac Newton
( Rest is history - වර්තමාන විද්‍යාව redefine උනේ එයා නිසා )
මේ විදිහට තමයි බටහිර විද්‍යාව ක්‍රම ක්‍රමයෙන් "පරිණාමය" උනේ අද තියෙන තත්ත්වයට.
නිරීක්ෂණ පරීක්ෂණ නිගමන පාදක කරගත්තු framework එකක්.
තව දෙයක් කියන්න අමතක වුන
පුරාණ මානවයාට " ආධ්‍යාත්මය, මරණය, මරණින් මතු ජීවිතය " වගේ ආධ්‍යාත්මික සංකල්ප බිහිවෙන්න පටන් ගත්තේ තමන්ගේ ගෝත්‍රයේ කෙනෙක් මියගියාමලු.
ඔවුන් මියගිය දේහය නිසා බලාගෙන කල්පනා කරන්න ගත්තා ලු " මෙයා ඇත්තටම අපි අතරින් ගියාද, නැත්නම් අපි දිහා බලන් ඉන්නවද
( අර පරිණාමයේදී ඇති වුණ agency ජානය - ඒ කියන්නේ කවුරු හරි අපි දිහා බලන් ඉන්නවා ; හැම දෙයකටම අරක් ගත්තු ආත්මයක් තියෙනවා වගේ අදහසක් )
ඔය තමයි සාමාන්‍යයෙන් මිනිසාගේ චින්තන වෙනස පරිණාමය පැහැදිලි කරන වර්තමාන නිර්වචනය.
( At least මේ යුරෝපයේ උන විදිහ ; ආසියාවේ ඉන්දියානු උප මහද්පයේ උනේ වෙනම දෙයක්. මේක ගැන පැහැදිලි කරන්න තව දන්නේ නෑ හරියට, තව හොයන්න ඕනේ ... බුද්ධත්වය වගේ සංකල්ප ; බ්‍රාහ්මන් වගේ සංකල්ප - ඊට පස්සේ වේදික ඉගැන්වීම් කොහොමද ඉස්සරලාම මිනිහෙක්ගේ විඤ්ඤනයේ trigger උනේ කියලා මට හිතාගන්න බෑ.
එකපාරටම ආදී මානවයෙක් මට මගේ හුස්ම රැල්ල ගැන අවධානය යොමු කරන්න ඕනේ කියලා හිතලා භාවනා කරන්න ගත්තද දන්නෑ ; ඊට පස්සේ සමාධි ධ්‍යාන ආදිය සාක්ෂාත් කරගෙන ඒ දැනුම ඔස්සේ ලෝකය ; සංසාරය පුනර්භවය වගේ ඔවුන් අවබෝධ කරගත් දැනුම සහ මාර්ගය තම දර්ශනය ; සත්‍ය සොයා යාමේ මාර්ග ලෙස දේශනා කරාද දන්නෑ ; හොයන්න ඕනේ )