☸︎ මරණාසන්න මොහොතේ සිත පිහිටවන්නේ කෙසේද ☸︎

Yeezus

Well-known member
  • Nov 20, 2024
    4,716
    1
    6,584
    113


    මේ දේශනාවේ මූලිකවම උපදෙස් දෙනු ලබන්නේ මාර්ගඵල අධිගමනය නොකොට සිටින පෘථග්ජනයා වෙත ;

    සරලවම මරණාසන්න චිත්තයේ නැගෙන නාම රූප පංචස්කන්ධයෝ වෙත උපාදානය වීමෙන් වැළකී යෝනිසෝ මනසිකාරය ඔස්සේ පිරිසිඳ දැකීමෙන් ; සුගතිගාමී ප්‍රතිසන්ධියක් ලැබීමට අරමුණු කිරීම පෘථග්ජනයාගේ අදිටන විය යුතුය.

    මරණාසන්න චිත්ත වීථියේ නැගෙන්නා වූ කවර අරමුණක උපාදානය වන්නේ සත්කාය දිට්ඨිය ඇති නිසාය. සෝවාන් පුද්ගලයා සතර අපායේ නොවැටෙන්නේ සත්කාය දිට්ඨිය නොමැති නිසාය.

    නමුත් විදර්ශනා ඥාන වඩා ඇති, භාවනා සමාධි අධිගමනය කොට ඇති ගිහිවැසියන්ද මරණාසන්න චිත්ත අරමුණෝ කෙරෙහි උපාදානයෙන් ගැටීමෙන් තොරව සිටීමට නොහැකි වූ අවස්ථා මරණාසන්න අත්දැකීම් පිළිබඳව වාර්තා කොට ඇත.

    පංචස්කන්ධයෙන් නොඇලී නොගැටී සිටීම මගින් ; ගති නිමිති හි මුලා නොවී සිත පිහිටුවීමෙන් කුසලානුසම්පන්න ආසන්න කර්මයක් වෙත අරමුණු වීමෙන් සුගතිගාමී කල්‍යාණ මිත්‍ර ආශ්‍රය ලැබෙන ධර්මය සංවැටෙන සතර අපායෙන් තොර සුගතිගාමී ප්‍රතිසන්ධියක් ලැබීමට හැකිය.

    මෙහිදී මුන් වහන්සේ ගිහියන්ට උපදෙස් ලබාදෙනුයේ ...

    සෑම විටම සමථ විදර්ශනා භාවනාව වඩන්න
    මරණානුස්සතිය වඩන්න
    මරණාසන්න අවස්ථාවේ බියක් වේදනාවක් තෘෂ්ණාවක් ආවොත් තමා ඒවා පිරිසිඳ දකිනුයේ කෙසේදැයි කියා මරණයට පෙර සිටම පුහුණුවන්න

    කියාය.

    උක්ත සාරාංශය මා හට දේශනාව සවන් වැටුණු ආකාරය වේ, ඔබ විසින් නැවත ශ්‍රවණය කර බලන්න.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,096
    166,120
    113
    එකමත් එක රටක
    මරණයට තියන බයට නේ ඕවා කරන්නේ ඔක්කොම . ආගමෙන් ඔච්චර බය කරාම ඔය කියන විදියට හිත තියාගන්නේ නෑ කොහොමත් .
     
    • Like
    Reactions: Candid-B

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,716
    1
    6,584
    113
    මරණයට තියන බයට නේ ඕවා කරන්නේ ඔක්කොම
    :yes:

    ආගමෙන් ඔච්චර බය කරාම
    :no:
    ආගමෙන් මරණයට නෙවෙයි
    මරණය ගැන හිතලා තමයි මිනිස්සු ආගමක් හොයන්න ගන්නේ

    ඕක Philosophically ටිකක් පසෙකින් තියලා ;

    Science කියන්නේ "ලෝකය" ගැන අධ්‍යනය කිර්මක් නේ, මිනිසාගේ කුතුහලය මත run කරන විෂයක් නේ. ඒ විෂය ඇතුලේ Homo Sapiens කියන මේ සත්ව ගෝත්‍රයට ලෝක විෂය ගෝචර වන ආකාරය ( පංච ඉන්ද්‍රියන්ට ) එකක් ; at least එහෙම සම්මුතියකට එනවා.

    සීනි ඔබට මට හැමෝටම රසයි
    ඇහැ ට ගෝචර වෙන color spectrum එක Sapiens ල හැමෝටම එකයි
    ශබ්ධ පරාසය එකයි
    දැනෙන emotions එකයි
    සීතල රස්නය ට ශරීරය ප්‍රතිචාර දක්වන ආකාරය එකයි

    ඉතින් මේ අපේ ගෝත්‍රයට පොදු convention එක ඇතුලේ ඉදගෙන අපි අහන බලන පෙනෙන දැනෙන දේවල් අධ්‍යයනය කිරීම තමයි විද්‍යාව කියන්නේ.

    ( මගේ පෞද්ගලික මතය )



    ආගම ගැන ගත්තොත්

    මම කියවලා තියනවා ආදී මානවයාට ඉස්සරලාම " අපිට පේන දේට වඩා එහායින් යම්කිසි ම බලවේගයක් තියෙනවා ; අදෘශ්‍යමාන බලවේගයක් අප දිහා බලන් ඉන්නවා " වගේ දේව සංකල්ප පහළ උනේ එයාලා ගේ ආදී ජීවන රටාව එක්ක කියලා.

    හිතන්න මිනිහෙක් දඩයමේ යනවා
    එයාට ඇහෙනවා පඳුරක් සෙලවෙන සද්දයක්
    එතකොට වෙන්න පුළුවන් අවස්ථා දෙකයි තියෙන්නේ ;

    1. හුළඟට සෙලවුනා
    2. Predator කෙනෙක් ඉන්නව අපිව ගොදුරු කරගන්න බලාගෙන.

    ඉතින් මේ ටික අතරින් මිනිසාගේ ජීවිතයට වෙන්න පුළුවන් හානිය අවම කරගන්න 2 විදියට හිතීම තමයි ආරක්ෂාකාරීම.
    Subconsciously මිනිසා ඒකට පරිණාමය වුණා ; හැඩගැසුණා.
    The brain evolved to detect agency everywhere.
    මෙන්න මේ අදහස.

    ගංවතුර ඔවුන් හිතන්න ගත්තා ගඟට අයිති දෙවියෝ කෝප වෙලා කියලා - ඒ අනුව බිලි පූජා ආදිය දෙන්න ගත්තා දෙවියා සතුටු කරවන්න.
    වැස්ස සුළඟ ස්වභාවික විපත් මේ හැමෝට ම දෙවි කෙනෙක් ඉන්නවා කියලා අර agency කියන evolutionary cognitive bias එක නිසා තමයි ඉස්සරලාම ආදී මානවයා දෙවියන් විශ්වාස කරන්න පටන් අරන් තියෙන්නේ ( අදෘශමාන බලවේග ; තමා සෑම විටම න් යමෙකු විසින් නිරීක්‍ෂණය වෙනවා කියලා )

    මේක එක දියුණුම සහ පරිකල්පනය උත්කෘෂ්ටම වූ අවස්ථා තමයි ඒබ්‍රහම්වාදී ආගම් ;

    මධ්‍යකාලීන යුගයේ අවසානය වන තෙක්ම ප්‍රධාන වශයෙන් මේ දේවවාදී විශ්වාසයන් තමයි තිබුණේ ; ඒක පරිණාමයෙන්ම ආපු දෙයක් මිනිසාගේ පැවැත්මට මොළයේ ක්‍රියාකාරීත්වයේ අනුවර්තනය වීමක්.

    ඊට පස්සේ 1500 ගණන්වල මේ මානව ශිෂ්ටචාරය උඩු යටිකුරු කරන දෙයක් වෙනවා
    ඒ තමයි ඉස්සරලාම පල්ලිය ප්‍රශ්න කරන්න ගන්නවා ; භක්තිය සහ විශ්වාසය මත තිබුණු ලෝකය පිළිබඳ අවබෝධය මිනිසා විසින්ම ප්‍රශ්න කරන්න ගන්නවා

    ගැලීලියෝගේ Telescope 🔭 සොයා ගැනීම මගින් එවක - විශ්වයේ මැද තමයි ලෝකය ; අපි වටේ තමයි විශ්වය පැතිරිලා තියෙන්නේ වගේ අදහස් debunk උනා ග්‍රහලෝක ආදිය සොයා ගැනීම සමග.

    ඒකනේ නූතන විද්‍යාවේ පියා කියන්නේ Galileo ට.
    නිරීක්ෂණ මත පරීක්ෂණ කරල නිගමන වලට එන නූතන විද්‍යාත්මක framework එක සොයා ගැනීමේ ගෞරවය යන්නේ ඔහුටලු.

    මෙතනදි තමයි මම කියවලා තියෙන විදිහට පල්ලියේ දේවවාදී ඉගැන්වීම් වලට ඉස්සරලාම පහර වැදුනේ ; මිනිසා නව චින්තනයකට එළඹෙන්න ගත්තේ

    මේත් සමගම සමකාලීනව වගේ Gutenberg හොයා ගන්නවා මුද්‍රණාලය - මේත් සමගම මම සොයා ගැනීම් චින්තනයන් සීඝ්‍රයෙන් ම මිනිසා අතර ප්‍රචලිත වෙන්න ගන්නවා.

    විද්‍යාවේ ආරම්භය තමයි සරලව ඔය සිදුවීම
    ( මම කියවලා තියෙන විදියට )

    ඊට පස්සේ එනවා Issac Newton
    ( Rest is history - වර්තමාන විද්‍යාව redefine උනේ එයා නිසා )

    මේ විදිහට තමයි බටහිර විද්‍යාව ක්‍රම ක්‍රමයෙන් "පරිණාමය" උනේ අද තියෙන තත්ත්වයට.

    නිරීක්ෂණ පරීක්ෂණ නිගමන පාදක කරගත්තු framework එකක්.

    තව දෙයක් කියන්න අමතක වුන

    පුරාණ මානවයාට " ආධ්‍යාත්මය, මරණය, මරණින් මතු ජීවිතය " වගේ ආධ්‍යාත්මික සංකල්ප බිහිවෙන්න පටන් ගත්තේ තමන්ගේ ගෝත්‍රයේ කෙනෙක් මියගියාමලු.

    ඔවුන් මියගිය දේහය නිසා බලාගෙන කල්පනා කරන්න ගත්තා ලු " මෙයා ඇත්තටම අපි අතරින් ගියාද, නැත්නම් අපි දිහා බලන් ඉන්නවද

    ( අර පරිණාමයේදී ඇති වුණ agency ජානය - ඒ කියන්නේ කවුරු හරි අපි දිහා බලන් ඉන්නවා ; හැම දෙයකටම අරක් ගත්තු ආත්මයක් තියෙනවා වගේ අදහසක් )

    ඔය තමයි සාමාන්‍යයෙන් මිනිසාගේ චින්තන වෙනස පරිණාමය පැහැදිලි කරන වර්තමාන නිර්වචනය.

    ( At least මේ යුරෝපයේ උන විදිහ ; ආසියාවේ ඉන්දියානු උප මහද්පයේ උනේ වෙනම දෙයක්. මේක ගැන පැහැදිලි කරන්න තව දන්නේ නෑ හරියට, තව හොයන්න ඕනේ ... බුද්ධත්වය වගේ සංකල්ප ; බ්‍රාහ්මන් වගේ සංකල්ප - ඊට පස්සේ වේදික ඉගැන්වීම් කොහොමද ඉස්සරලාම මිනිහෙක්ගේ විඤ්ඤනයේ trigger උනේ කියලා මට හිතාගන්න බෑ.

    එකපාරටම ආදී මානවයෙක් මට මගේ හුස්ම රැල්ල ගැන අවධානය යොමු කරන්න ඕනේ කියලා හිතලා භාවනා කරන්න ගත්තද දන්නෑ ; ඊට පස්සේ සමාධි ධ්‍යාන ආදිය සාක්ෂාත් කරගෙන ඒ දැනුම ඔස්සේ ලෝකය ; සංසාරය පුනර්භවය වගේ ඔවුන් අවබෝධ කරගත් දැනුම සහ මාර්ගය තම දර්ශනය ; සත්‍ය සොයා යාමේ මාර්ග ලෙස දේශනා කරාද දන්නෑ ; හොයන්න ඕනේ )
     
    • Like
    Reactions: War Fighter

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,096
    166,120
    113
    එකමත් එක රටක
    :no:
    ආගමෙන් මරණයට නෙවෙයි
    මරණය ගැන හිතලා තමයි මිනිස්සු ආගමක් හොයන්න ගන්නේ
    මිනිස්සු මරණය ගැන එක එක මත තියනව . ඒ මත ඔස්සේ ගිහින් තමයි ආගම් බිහිවෙන්නේ .
    ඊට පස්සේ ආගම් වලින් කරන්නේ මිනිස්සු බය කරන එක තමන්ගේ ආගමේ මරණය ගැන කතාව කියලා . එක ඇත්ත කියලා හිතන මිනිස්සු තමයි මරණයට පස්සේ ආගමේ කියලා දේවල් වලට බය වෙලා ජිවිතේ අන්තිම කාලේ ලෙඩ්ඩු වෙන්නේ . ඕන තරම් දැකල තියනව වයසක මින්ස්සු මානසික ලෙඩ්ඩු වෙන්ව ඔය ආගමේ ෆැන්ටසි කත නිසා මරණය ගැන කියලා බය කරන . මිනිස්සු එක එක විකාර දකිනවා වයසට ගිහින් බය වෙලා .
    ඔය කියන සිහියක් තියාගන්න බෑ ඔය බුද්දාගමේ මරණයට පස්සේ කතාව පිළිගන්න උන්ට . උන්ව ඒ තරම් බය කරල තියෙන්නේ .. මිනිස්සු කොහොමත් මැරෙනවා කියලා හැමෝම දන්නවා . ඊලග ජිවිතයක , අපායක් ගැන කියලා බය කරන එකෙන් මිනිස්සු ලෙඩ්ඩු වෙන එක විතරයි බන් වෙන්නේ . ඊලග ජිවිතයක් ගැන විකාර හිතන්න ගිහින් ඉන්න ජිවිතේ නැති කරගන්නවා
     
    • Like
    Reactions: Yeezus

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,467
    1,958
    113
    මරණයට තියන බයට නේ ඕවා කරන්නේ ඔක්කොම

    වෙන්න පුලුවන්.

    අපි දරන් ඉන්න දෘෂ්ටි, සංකල්ප එක්ක තමයි කෙනෙක් මැරෙන්න බය වෙන්නේ/ නොවෙන්නේ..

    හැබැයි ප්‍රශ්නේ ඕක නෙමෙයි. බය වුනත්, නැතත් මැරුනහම ආයේ ඉපදෙනවනම්, ඉපදෙන්න බලපාන්නේ කර්මයනම්?
    (ඒකත් සංකල්පයක්)

    තියෙන සංකල්ප ඔක්කොම අතෑරලා, වර්තමාන මොහොතේ ඉද්දී ලෞකික ප්‍රශ්නයක් හම්බෙන්නැහැ බුදු/ පසේබුදු ඇරෙන්න කාටවත් තනියෙන්.

    කකුල යනවා ටිපර් රෝදයක් උඩින්. වේදනාව දැනෙනවා. කකුල ආයේ හදන්න පුලුවන් වෙයිද? මට ඇවිදගන්න බැරි වෙයිද? කකුල කැත වෙයිද? වැඩ ටික කර ගන්න පුලුවන් වෙයිද..

    පෘථග්ජනx ගේ perspective එකෙන් ප්‍රශ්න ගොඩයි. suffering.

    ඇත්තටම ඒ මොහොතේ ප්‍රශ්නයක් තියෙනවද?
    කලින් කකුල කියලා පෙනිච්ච රූපේ වෙනස් වෙලා පේනවා.
    කලින් දැනුන්නැති වේදනාවක් දැනෙනවා.

    ඒකතමයි උපේක්ෂාව. උපේක්ෂාව තමයි ලෝකෙ ඉන්න පුලුවන් ප්‍රශ්න අඩුම තැන.

    ඒත් ඔතනත් ප්‍රශ්නයක් තියෙනවා. ඔය අත්දැකීමේ ඇත්ත characteristics නොදන්න/ නොදකින කම.

    වර්ණ අනන්ත ගානක් පෙන්නන්න පුලුවන් බල්බ් එකක් තියෙනවා. මේ බල්බ් එකම ඇත්තටම hologram එකක්. මේ hologram එකේ හැම මොහොතකදිම බල්බ් එකේ පාටයි, හැඩයයි වෙනස් වෙනවා. පාට අනන්ත ගානක් තියෙනවා. බල්බ් එකේ හැඩ හතරක් තියෙනවා.

    මොහොතකදී පත්තු වෙන පාට සහ හැඩයට කලින් මොහොතේ පාට සහ හැඩයේ බලපෑමක් තියෙනවා. මොහොතකදි පත්තු වෙන පාට සහ හැඩය ඊළඟ මොහොතේ පත්තු වෙන පාට සහ හැඩයට බලපෑමක් තියෙනවා. මෙතන කන්ඩිෂන්ස් අනන්ත ගාණත් තියෙනවා..
    උදා: කහ657 පාට රවුම් හැඩය ආවනම් ඊළඟට එන්නේ නිල් 256 කොටු හැඩය.
    අපිට දැනගෙන ඉවර කරන්න බැරි තරම් කන්ඩිශන්ස් ගාණක බලපෑම, මොහොතකදී පත්තු වෙන පාටට සහ බල්බ් එකේ හැඩයට තියෙනවා.

    හැම මොහොතකදිම පත්තු වෙන පාට යුනික් පාටක්. මොහොතකදී බල්බ් එකේ පාටයි, හැඩයයි ඊළඟ මොහොත එනවත් එක්කම නැති වෙලා අදාළ මොහොතේ පාට සහ බල්බ් එකේ හැඩය hologram එකේ පේනවා. අතරක් නැහැ මේ දෙක අතර.

    කන්ඩිශන්ස් සියල්ල දන්න කෙනෙන්ට දැන් පාටයි, බල්බ් එකේ හැඩයයි බලලා, ඊට කලින් මොහොතේ මේ hologram එකේ තිබ්බ පාටයි, හැඩයයි/ ඊළඟ මොහොතෙ පත්තු වෙන බල්බ් එකේ පාටයි, හැඩයයි තීරණය කරන්න පුලුවන්. මේක ආපස්සට බලාගෙන ගියා කියලා කවදාවත් ඉවර වෙන්නෙත් නැහැ, ඉස්සරහට බලන් ගියා කියලා කවදාවත් ඉවර වෙන්නෙත් නැහැ.

    මේ hologram එක වගේ තමයි මොහොතේ ලයිව් අත්දැකීමත්. බල්බ් එකේ හැඩ හතර තමයි දිට්ට, සුත, මුත විඤ්ඤාත. පේනවා/ ඇහෙනවා/ දැනෙනවා/ හිතෙනවා..

    පාර, මිනිස්සු, කකුල, ටිපර්, තුවාලේ.. - පේන ස්වභාවය ඇසුරු කරගත්ත දැනගැනීම.
    මිනිස්සුන්ගේ සද්දේ, වාහන වල සද්දේ.. - ඇහෙන ස්වභාවය ඇසුරෙන් දැනගත්ත දැනගැනීම.
    රිදෙනවා (කකුල) - දැනෙන ස්වභාවය ඇසුරෙන් දැනගැනීම.
    "කකුල උඩින් ටිපර් එකක් ගියා" - හිතෙන ස්වභාවය ඇසුරෙන් දැනගැනීම.

    පෘථග්ජනx සිද්ධියෙන් කම්පා වෙනවා. ඇත්තටම සිද්ධිය තුලම, නොදන්න/නොදකින කම නිසා හැඟෙන දෙයක් තමයි පෘථග්ජනx කියන්නෙම..

    උඩ සිද්ධිය දන්න, දකින කෙනෙක්ට suffering ඇති වෙයිද?
    දන්න/ දකින *කෙනෙකුත්* උඩ සිද්ධියේ ඉන්නවද?


    මිනිස්සු මරණය ගැන එක එක මත තියනව . ඒ මත ඔස්සේ ගිහින් තමයි ආගම් බිහිවෙන්නේ .
    ඊට පස්සේ ආගම් වලින් කරන්නේ මිනිස්සු බය කරන එක තමන්ගේ ආගමේ මරණය ගැන කතාව කියලා . එක ඇත්ත කියලා හිතන මිනිස්සු තමයි මරණයට පස්සේ ආගමේ කියලා දේවල් වලට බය වෙලා ජිවිතේ අන්තිම කාලේ ලෙඩ්ඩු වෙන්නේ . ඕන තරම් දැකල තියනව වයසක මින්ස්සු මානසික ලෙඩ්ඩු වෙන්ව ඔය ආගමේ ෆැන්ටසි කත නිසා මරණය ගැන කියලා බය කරන . මිනිස්සු එක එක විකාර දකිනවා වයසට ගිහින් බය වෙලා .
    ඔය කියන සිහියක් තියාගන්න බෑ ඔය බුද්දාගමේ මරණයට පස්සේ කතාව පිළිගන්න උන්ට . උන්ව ඒ තරම් බය කරල තියෙන්නේ .. මිනිස්සු කොහොමත් මැරෙනවා කියලා හැමෝම දන්නවා . ඊලග ජිවිතයක , අපායක් ගැන කියලා බය කරන එකෙන් මිනිස්සු ලෙඩ්ඩු වෙන එක විතරයි බන් වෙන්නේ . ඊලග ජිවිතයක් ගැන විකාර හිතන්න ගිහින් ඉන්න ජිවිතේ නැති කරගන්නවා

    වැලි කැට ගානටනේ නිවන් දකින්නේ. බහුතරය කරන්නේ ධර්මය කියලා හදාගත්ත වටිනාකම් ටිකක් මේන්ටේන් කරන එක. ඒවගේ ආදීනව තමයි ඔය. කාමයේ ආදීනව කියලා මොනවද පෙන්නන්නේ කියලා හොයලා බලන්න.

    මොලේ තියෙනවනම් හොයලා බලන්න බුධිසම් වල ඇඩ්‍රස් කරන්නේ මරණයද, දුක ද කියලා. දුක කියලා බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ මොකක්ද කියලා.
     
    Last edited:

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,363
    5,931
    113
    marenna nm baya na

    responsibilities thiyenwa
    ewa maga arinna kamathi na.

    marenwa nam lo wasi anek minissunta sathunta deyak karala marenna kamathi.

    ex:-- bombayak badan parliment ekata panala wageh
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,972
    67,256
    113
    ඔබට ඔබ කිසිදාක හමුවී නැත, දෙදෙනෙකු කවදාවත් මුණගැසී නැත. :(

    IMG-5501.jpg
     
    • Like
    Reactions: Yeezus