නිවාතාපගෙ පන්සලෙන් පැනාආපු මල්ලි කෙනෙක්ගෙ හෙලිදරවුව.
===================================
ආයුබෝවන් අයියේ,
මගේ නම xxxx
Xxxx. මම ඔයාට හඳපාන්ගොඩ නිවාතාප ගැන විස්තර දෙන්නම්.
මමත් Australia වල ඉන්න කොට නිවාතාප ගෙ බණ අසන්නට ඇබ්බැහිව හිටියේ. නමුත් මට තේරුනේ නෑ මෙක Brain wash එකක් කියලා. මොකද මගේ නංගිලා දෙන්නත් ඔය ආරාමයේ ඉන්නේ නිවාතාප ගෙ සාපයට අහුවෙලා. නංගිලා දෙන්න ගිහින් දැන් අවුරුදු තුනක් විතර වෙනවා. එයාල තමයි මටත් කිව්වේ නිවාතාප බණ අසන්න කියලා. ඒ කීමට තමයි මමත් බණ අසන්නට උනේ. මාස කිහිපයකට පසු මම Australia වල ඉඳන් ආවා නිවාතාප ළඟ මහණ වෙන්න. මාස දෙකක් විතර වෙනකොට මට තේරුණා මෙතැන වෙන්නේ තනිකරම ව්‍යාපාරයක් කියලා. පසුව මම අයින් වෙලා ගෙදර ආවා. ඔතන ඉන්න අය ඔක්කෝම මානසික රෝගීන්. පවූ අහින්සක මිනිස්සු.
ඔතන ඉන්න අය ඔක්කෝම වගේ brain wash එකට අහු උන අය. අපේ නංගිලා දෙන්නටත් කිසිම දෙයක් තේරුම් කරන්න බැ එයාල අපි කියන දේවල් පිළිගන්නේ නැහැ. ඔතන අවුරුද්දක් ඉන්න ඕන අනගාරික වෙලා පැවිදි වෙන්න. ඒ අවුරුද්ද පුරාම නොසෑහෙන, බර වැඩ කරන්නත් ඕන. සමහර අයට කකුල් අමාරු, කොන්දේ අමාරු වගේ හැදිලා ඔතනින් අයින් වෙලා ගෙදර යනවා. සමහර අය depression වෙලා පිස්සු හැදිලා hospital යවනවා.
ඔව් ඕක මහා පරිමාණ ව්‍යාපාරයක්. නිවාතාප ගෙ අයිය, හර්ෂ බමුණුආරච්චි තමයි ඕකෙ CEO. පොර තමයිලු Account එක කරන්නෙ.
ජේතවනාරාමය project එක ඇතුලේ Hospital, vehicle workshop, petrol station, eldary homes, school, primary school, food city, housing scheme වගේ තව ගොඩක් facilities තියනවා. Housing scheme එකට තමයිලු සුදු මිනිස්සු ගම්මානය කියලා කියන්නේ.
සාක්ෂි ඉදිරිපත් කරාට වැඩක් නෑ. පොලිසිය ඉන්නේ මුන් ගෙ පැත්තේ. මුන්ගෙ ආරාමය ඇතුලේ police මුරපොලකුත් තියනවා. මුන් වැඩේ ලස්සනට plan කරලා කරන් යන්නේ. ලේසි නෑ මුන්ට විරුද්ධව කටයුතු කරන්න. ලංකාවේ බොහෝ High class අය ඔතන දායකයො, සැහෙන ප්‍රමාණයක් දැන් මේ සාපයට අහු වෙලා තියෙන්නේ. සල්ලි, ඉඩම්, යාන වාහන මිනිස්සු පුජා කරනවා. Colombo 7 Client base එකකුත් තියෙනව. අරවින්ද ද සිල්වා වගේ අය, භාතිය සන්තුශ වගේ සල්ලි කාරයෝ ඉන්නවා.
මහණ වෙන්න යන අයගේ පොඩි ලමයි බලා ගන්න වෙනම School එකක් ඇතුලෙ තියෙනව. පවූ අහින්සක පොඩි ලමයි එයාල එළියේ ලෝකයක් දකින්නේ නැහැ 24/7 ආරාමයේ ඇතුළේමය.
ආරාමය තියෙන්නේ කන්ද මුදුනේ. ජල උල්පත් විනාස කරලා, ගස් වැල් විනාස කරලා ලොකු වැවක් හදල. හැබැයි ඉතින් ලංකාවේ නීතිය අනුව මේවා තහනම්.
හොඳට job, business කරන් ඉන්න මිනිස්සුත් එනවා divorce වෙලා මහණ වෙන්න. මාස කිහිපයකට පසු එයාලගෙ යානවාහන,ඉඩම්, නිවාස සහ මුදල් ඉතා සූක්ෂම ලෙස ආරාමයට අරගන්නව. අනේ ඉතින් අර මෝහනය උනු අය තමන්ගේ සියලුම වත්කම් බැරකම් ආරාමයට දෙනව.
ආරාමයේ හැම අස්සක් මුල්ලක් නෑර CCTV හයි කරල තියෙන්නෙ. එමනිසා Safety අතින් නම් කිසි භයක් නැහැ. ආරාමයේ ලොකු Full equipped kitchen එකක් තියනව. ඒකේ තමයි සියළුම කෑම බීම හදන්නේ. මම දැනුවත්ව නම් මුකුත් වශී බෙහෙත් නම් දාන්නේ නැහැ. මමත් ඔය Kitchen එකේ වැඩ කරා දවස් කීපයක්. කෑම බීම නම් පිරිසිදුව හදනවා.
ආරාමයේ මහණ උන ස්වාමීන් වහන්සේලා 260 විතර ඉන්නවා. මහණ වෙන්න ඉන්න අනාගාරික මහත්වරු 80 ක් පමණ ඉන්නවා. දසසිල් මාතාවන් අපේ නංගිලා වගේ අය 180 වගේ ඉන්නවා. වයස අවුරුදු 18 ට වඩා අඩු ලමයි 130 ක් පමණ ඉන්නවා
ආරාමයේ ඉන්න අයට foreign language උගන්වනවා. German, French, Chinese, Japanese, hindi, tamil, Italian වගේ ගොඩක් භාෂා උගන්වනවා. මොකද පසුව එයාලට එම භාෂා වලින් මිනිස්සුන්ගේ Brain wash කරන්න පුළුවන් නිසා
මතු සම්බන්ධයි...
මේ ව්‍යසනය ගැන ජනතාව දැනුවත් කිරීම පිණිස උපුටාගැනිමක්
