මොකක්ද මේ Net Plus කියන්නේ? (Full Details)

Samaposha

Well-known member
  • Nov 9, 2016
    556
    567
    93
    Habarana
    තර්ඩ් ක්ලාස් කන්ට්‍රීස්..ඊව්!
    Awkward Oh No GIF by CBC
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,395
    1,875
    113
    colombo
    පහුගිය දවස්වල සූර්ය පැනල (Solar Panels) සවි කිරීමේදී Net Metering සහ Net Accounting ක්‍රම තවදුරටත් ක්‍රියාත්මක නොවීම ගැන සමාජයේ යම් කතාබහක් ඇති වුණා. මේ ගැන තේරෙන විදිහට සරලවම පැහැදිලි කිරීමක් පහතින්...
    📌
    මේ වෙනස කාටද බලපාන්නේ?

    • මේ තීරණය අදාළ වෙන්නේ 2026 සැප්තැම්බර් 11 න් පස්සේ වහල මත සූර්ය පැනල සවි කිරීමට අලුතින් අයදුම් කරන විදුලි පාරිභෝගිකයින්ට පමණයි.
    • මෙය අතීතයට බලනොපාන බැවින්, කලින් සූර්ය පැනල සවි කරපු අයට මේකෙන් කිසිම ගැටලුවක් නැහැ.
    📌
    ඇයි රජය මේ වගේ වෙනසක් කළේ?

    • රජයේ මූලිකම අරමුණ වෙන්නේ සමස්ත ජනතාවටම අවම මිලට විදුලිය සැපයීම සහ විදුලි මිලේ සාමාන්‍ය අගය ඇමරිකානු ඩොලර් ශත 8 දක්වා අඩු කිරීමයි.
    • පරණ ක්‍රමවලින් වුණේ දවල් කාලයේ අතිරික්ත සූර්ය විදුලිය නිපදවා, ඒකට හිලව් වෙන්න පාරිභෝගිකයින් විසින් රාත්‍රී කාලයේදී අධික පිරිවැයක් යන විදුලිය පාවිච්චි කිරීමයි.
    • මේ නිසා ජාතික පද්ධති ක්‍රියාකරුට අනිසි ලෙස ආදායම් අහිමිවීමක් සිදුවෙන අතර, එම පාඩුව පියවන්න වෙන්නේ සූර්ය පැනල සවිකර ගැනීමට නොහැකි වූ සාමාන්‍ය ජනතාවගේ (අවවරප්‍රසාදිත ජනතාවගේ) විදුලි බිල ඉහළ දැමීමෙනි.
    • දැනට වහල මත සූර්ය පැනල සවිකර ඇති සංඛ්‍යාව ලක්ෂ දෙකකට ආසන්න වන අතර, එසේ සූර්ය පැනලයක් හෝ තම වහල මත සවි කර ගැනීමට නොහැකි විදුලි පාරිභෝගික සංඛ්‍යාව ලක්ෂ 70 ඉක්මවයි. එනම් ඉහත ලක්ෂ 2 ක් නිසා ඇතිවන පියවාගත නොහැකි පාඩුව අයකර ගැනීමට වන්නේ සූර්ය පැනලයක් හෝ සවිකරගෙන නොමැති පාරිභෝගිකයින් ලක්ෂ 70 න් .
    • ජාතික ඉලක්ක සපුරාගෙන ඇති මෙවැනි අවස්ථාවක, තවදුරටත් මෙලෙස අනිසි ලෙස ආදායම් අහිමි කරගැනීම සාධාරණීකරණය කළ නොහැකි නිසයි මේ තීරණය අරගෙන තියෙන්නේ.
    📌
    මොකක්ද මේ Net Plus ක්‍රමය සහ ඔබට තියෙන වාසිය?

    • Net Plus ක්‍රමය යටතේ සිදු වෙන්නේ, ඔබේ සූර්ය පද්ධතිය මගින් නිපදවන සෑම විදුලි ඒකකයක්ම කෙලින්ම ජාතික පද්ධතියට ලබා දීමයි.
    • මේ හරහා ආයෝජකයන්ට පාඩුවක් වෙන්නේ නැහැ. මේ වනවිට පවතින ගාස්තු ක්‍රමය අනුව, Net Plus ක්‍රමය යටතේ සෝලා සවි කරන ආයෝජකයෙකුට වසර 20ක් පුරාවට 14% කට වඩා වැඩි ඉහළ ප්‍රතිලාභයක් ලැබෙන සේ අගයන් සකසා තිබෙනවා.
    • එනම්, ආයෝජකයන් වෙත ලබා දීමට අපේක්ෂා කළ ඉහළ ප්‍රතිලාභ කිසිදු ලෙසකින් මේ හරහා සීමා කරලා නැහැ.
    ඒ නිසා, අනාගතයේ සූර්ය බල පද්ධතියක් සවි කරන්න හිතන් ඉන්නවා නම් ඒ පිළිබඳව කිසිසේත්ම අධෛර්යමත් වීමට හේතුවක් නැහැ!
    Net Plus ක්‍රමය හරහා ඔබටත් දීර්ඝකාලීනව හොඳ ප්‍රතිලාභයක් ලැබෙන ගමන්ම, මුළු රටේම විදුලි බිල සාධාරණව අඩු කරන්නත් එය මහත් රුකුලක් වේවි.
    🇱🇰
    🔋


    උපුටා ගැනීම පාර්ලිමේන්තු මන්ත්‍රී ඉංජිනේරු කුමාර ජයකොඩි සහෝදරයාගේ fB පිටුවෙන්


    Mama Gaththey FB post ekakin.
    මේක මේ හෝදන්න දාපු පෝස්ට් එකක් නෙ...
    මේකෙ කියන්නෙ එක පැත්තක් ගැන, පද්ධතියට දවල් කාලෙදි සෝලා වලින් එන ප්‍රමාණය නිසා ඩීසල් හරි අනික් බලශක්ති ප්‍රභව වලින් දුවන බලාගාර වල නිශ්පාදනය වෙන එක අඩු වෙන එක වාසිදායක නෑ කියනවද?? එහෙම කියන්න පුළුවන් ඩීසල් පුච්චන්න බලන් ඉන්න, මණ්ඩලේට වැඩි ගාණට විදුලි ඒකකයක් විකුණන්න බලන් ඉන්න බිස්නස් එකකට නම්.

    හැම ගෙදරකම සෝලා වලින් විදුලිය නිපදවලා අතිරික්තය ගබඩා කරගෙන හැකි පරමාණය්ක් රාත්‍රියෙ ඒකෙන් පද්ධතියට එකතු කරන එක ලාභදාඅක නෑ ද ? ඇයි නොකර මෙහෙම කරන එක සාධාරණයි කියන්නෙ...

    මෙහෙම කරලා විදුලි බිල අඩු අකරනව කියල කියනවද ??

    බලපං අං එනවද කියලා???
     
    • Like
    Reactions: Samaposha

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,454
    7,199
    113
    solar nathuwa 250kwh battery grid eken charge karanna barida ? :P
    මටත් ඕක මුලින්ම හිතුනා
    හැබැයි ඔය තරං කැපෑසිටි එකක් grid එකෙන් අදින්න එතන වෙනම substation එකක් වගේ ගහන්න වෙයි
    ඒක නිසා කරන්න බැහැ

    පැනල් ගහනවා. අවුව නැති දවසට දවල්ට ග්‍රිඩ් එකෙන් චාජ් කරලා රෑට වැඩි මිලට විකුනනවා
     
    • Like
    Reactions: Tricle_Buwa

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,360
    14,229
    113
    පෘථිවිය
    Net Plus එකට වෙනම මිටරයක් මලිමාවේ වියාපරිකයා ලංකාවට ගෙනත් බෙදා හරිනවා . ඒක මිලදීගන්න
    ඊට පස්සේ පැනල් එක වෙනම බලනවා ඒකක ප්‍රමාණය
    ගෙදර ලයින් එකට වෙනම , මුළු බීලම මුලින්ම ගෙවන්න ඕන මිනිස්සු
    ඊට පස්සේ අර පැනල් එකට හයි කරපු එකේ ඒකක බලල එකට වෙනම අඩු කිරීමක් හෝ ගෙවීමක් වෙන්නේ
    සරලවම කිවුවොත්, ඉස්සරහ විදුලි බිල වැඩි කලොත් ඔබ පැනල තිබ්බ කියල වැඩක් නැහැ ගෙවන්න ඕන මුළු බීලම
    පැනලය හරහා ගන්න එකට ඒකක ගානට වෙනම ගානක් ලැබෙන්නේ
    මිනිස්සු එතන පරදිනවා
     
    • Like
    Reactions: Tricle_Buwa

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,525
    4,564
    113
    ගෙදර වයරින් එකට කිසිම විදිහකින් සම්බන්ද කරන්නේ නැතුව AC දෙකට විතරක් Off grid එකක් හයි කරගන්න පුළුවන්ද
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,360
    14,229
    113
    පෘථිවිය
    ගෙදර වයරින් එකට කිසිම විදිහකින් සම්බන්ද කරන්නේ නැතුව AC දෙකට විතරක් Off grid එකක් හයි කරගන්න පුළුවන්ද
    මොනා කලත් වැඩක් නැහැ දැන්
    ආණ්ඩුවෙන් මීටරේ දානවා
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,360
    19,566
    113
    මොනා කලත් වැඩක් නැහැ දැන්
    ආණ්ඩුවෙන් මීටරේ දානවා
    සෝල නැතත් බඩු හම්බ වෙනව ලබන අවුරුද්ද වෙද්දි. ඒකයි මෙච්චර නටන්නෙ අපිත්. මිනිස්සුන්ගෙ ඇස් ඇරිල මදි තාමත් මේ වෙන දේ ගැන

    නිකමට කුමාර ජයකොඩිගෙ, චතුරන්ගගෙ මෙකට දැම්ම පෝස්ට් කියවල බලපන්කො. තේරෙන මිනිස්සු දාල තියනව
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,456
    5,858
    113
    terenne nethi ayata

    kalin:
    Solar generation 750 units
    house consumption : 300units
    monthly bill: 0
    excess unit income: 10,350rs

    dan:
    Solar generation 750 units
    house consumption : 300units
    monthly bill: 20,350
    solar income: 17,250rs
    you have to pay 20,350 bill
    you get 17250rs
    difference: 20,350-17,250= 3100 = you have to pay this amount

    Zero bill vs 3100rs
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,525
    4,564
    113
    මොනා කලත් වැඩක් නැහැ දැන්
    ආණ්ඩුවෙන් මීටරේ දානවා
    එහෙම වෙන්නේ කොහොමද මන් කිව්වෙ සෝලා පැනල් එකයි ඉන්වර්ටර් එකයි බැටරි එකයි වෙනම දානවා AC plug දෙක ඒකට සම්බන්ද කරනවා. එතකොට විදුලි බල මණ්ඩලයේ ලයින් එකට කිසිම සම්බන්ධයක් නෑ. AC දෙක ඇරෙන්න අනිත් දේවල් ඔක්කොම CEB එකේ ලයින් එකෙන් යන්නේ
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,360
    19,566
    113
    එහෙම වෙන්නේ කොහොමද මන් කිව්වෙ සෝලා පැනල් එකයි ඉන්වර්ටර් එකයි බැටරි එකයි වෙනම දානවා AC plug දෙක ඒකට සම්බන්ද කරනවා. එතකොට විදුලි බල මණ්ඩලයේ ලයින් එකට කිසිම සම්බන්ධයක් නෑ. AC දෙක ඇරෙන්න අනිත් දේවල් ඔක්කොම CEB එකේ ලයින් එකෙන් යන්නේ
    බැටරි ත් ඕනෙ. ඒ කියන්නෙ offgrid solution එකක්.
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,360
    14,229
    113
    පෘථිවිය
    එහෙම වෙන්නේ කොහොමද මන් කිව්වෙ සෝලා පැනල් එකයි ඉන්වර්ටර් එකයි බැටරි එකයි වෙනම දානවා AC plug දෙක ඒකට සම්බන්ද කරනවා. එතකොට විදුලි බල මණ්ඩලයේ ලයින් එකට කිසිම සම්බන්ධයක් නෑ. AC දෙක ඇරෙන්න අනිත් දේවල් ඔක්කොම CEB එකේ ලයින් එකෙන් යන්නේ
    අලුත් නිතිය හැටියට සම්බන්ධ කලත් නැතත් සෝලා ගහල තියෙනවනම් ඔය අනිවා මීටරයක් හයි කරන්න වෙනවා
    ඒක ගෙදර මෙන් ලයින් එකට දානවද නැද්ද අදාල නැහැ ඒ නිතිය අනුව
    එහෙම විස්තරයක් ඇත්තෙම නැහැ
    මේක මෙහෙම වෙන්නත් පුළුවන් , සම්බන්ධ නැති නිසා ඔයාට ආණ්ඩුවේ ගෙවීම නැහැ හැබැයි නොමිලේ භාවිතය
    සෝලා පැනලය - බැටරි - වායුසමීකරණය
     
    Last edited:

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,878
    21,220
    113
    adala nene
    අලුත් නිතිය හැටියට සම්බන්ධ කලත් නැතත් සෝලා ගහල තියෙනවනම් ඔය අනිවා මීටරයක් හයි කරන්න වෙනවා
    ඒක ගෙදර මෙන් ලයින් එකට දානවද නැද්ද අදාල නැහැ ඒ නිතිය අනුව
    එහෙම විස්තරයක් ඇත්තෙම නැහැ
    koheda rhiyenne off grid ewwata meter gahanawa kiyala :rolleyes:
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,525
    4,564
    113
    අලුත් නිතිය හැටියට සම්බන්ධ කලත් නැතත් සෝලා ගහල තියෙනවනම් ඔය අනිවා මීටරයක් හයි කරන්න වෙනවා
    ඒක ගෙදර මෙන් ලයින් එකට දානවද නැද්ද අදාල නැහැ ඒ නිතිය අනුව
    එහෙම විස්තරයක් ඇත්තෙම නැහැ
    මේක මෙහෙම වෙන්නත් පුළුවන් , සම්බන්ධ නැති නිසා ඔයාට ආණ්ඩුවේ ගෙවීම නැහැ හැබැයි නොමිලේ භාවිතය
    සෝලා පැනලය - බැටරි - වායුසමීකරණය
    මන්නම් හිතන්නේ නෑ එහෙම එකක් ඇති කියලා