කෑගල්ලෙ කීල්ස් එකට ගියා බඩු වගයක් ගන්න..
ගිහින් බඩු ටික අරන් එලියට එද්දි අන්කල් කෙනෙක් ඇවිත් හෙමීට කීවා අනේ පුතේ
උදේම ආවා වැඩක් හොයාගෙන ඒත් කිසිම දෙයක් ලැබුන් නෑ... මට සල්ලි එපා පුලුවන් නම් හාල් ටිකක් හරි පොඩි කවකටු පෙට්ටියක් හරි අරන් දෙන්න පින් කියල... ඒ වෙලාවේ මගෙ අතේ තිබ්බෙ 1500 යි.. එකෙන් 500ක් මම දීලා කීවා අන්කල් මේකෙන් හාල් ටිකක් ගන්න කියල... මම ගියා.. එලියට යද්දී මම දෙක්කා ඒ අන්කල් පල්ලෙහා ගස් තියන හරියෙ හොරෙන් ඇස් පිහ දානවා වගේ.. මට අවුල් හිතුනා මම ගිහින් බැලුවා.. බලද්දී පොර අඩනවා.. හෙනට අව්ල් ගියා බන් මට.. මට පෙන්නුවා හවස එද්දී ගෙන්න කියලා නෝනා ලියලා දුන්න බඩු ලිස්ට් එක... මට කරන්න දෙයක් නැති කමට ආවෙ පුතේ මෙතෙන්ට කීවා... පිරිමි අසරන වෙන විදිය බලපන්කෝ... මම මගෙ අතේ තිබ්බ ඉතුරු 1000ත් දුන්නා පොර ගත්තෙ නෑ... මම ඒක සාක්කුවට දාලා.. ගෙදර අරන් යන්න ගත්ත හාල් කිලෝ 5ත් දීලා..පොරගෙ හිත හදලා ගෙදර යන්න කියලා ආවා බන්.. මට හෙන අවිල් උනා ඒකට බන්.. බලපන් මිනිස්සු කොච්චර අසරන ද
