මෙහෙම බැලුවොත් මුලු පිටකොටුවටම දඩ ගහන්න වෙනවා....

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,567
    35,467
    113

    2017 දෙසැම්බර් 07 දිනැති අංක 2048/39 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ වූ අංක 63 දරන විධානය මඟින්, එහි නිශ්චිතව දක්වා ඇති වෝල්ට් 250 නොඉක්මවන විදුලි උපාංග ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් නිකුත් කරන අදාළ SLS නිෂ්පාදන සහතික ලාංඡනය නොමැතිව නිෂ්පාදනය කිරීම, ආනයනය කිරීම, බෙදාහැරීම, ගබඩා කිරීම, විකිණීම හෝ විකිණීම සඳහා ප්‍රදර්ශනය කිරීම තහනම් කර ඇත. මෙම විධානය 2019 ජනවාරි 01 දින සිට ක්‍රියාත්මක වේ.

    මෙම නීතිමය අවශ්‍යතාව උල්ලංඝනය කරමින් අනිවාර්ය SLS ප්‍රමිති අවශ්‍යතා සපුරා නොමැති විදුලි උපාංග විකිණීමට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් කොළඹ 11, පිටකොටුව ප්‍රදේශයේ වෙළෙඳ ආයතන දෙකකට එරෙහිව නඩු පවරන ලදී. අදාළ ආයතන අධිකරණය හමුවේ චෝදනාවලට වරද පිළිගැනීමෙන් අනතුරුව, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය (අංක 05) විසින් එක් ආයතනයකට රු.100,000/- බැගින්, සමස්ත රු.200,000/-ක දඩ මුදලක් නියම කරන ලදී.

    රේන්බෝ ලංකා ග්ලෝබල් (ප්‍රයිවෙට්) ලිමිටඩ්, අංක 63, මලිබන් වීදිය, කොළඹ 11 යන ආයතනය, අනිවාර්ය SLS ප්‍රමිති සහතික ලාංඡනය නොමැති AC/DC Adapter 12V ඇඩැප්ටර් 98ක් විකිණීමට ඉදිරිපත් කිරීමේ චෝදනාවට වරද පිළිගැනීමෙන් අනතුරුව රු.100,000/-ක දඩයක් නියම කර ඇත.

    එමෙන්ම ඒෂියා ඉලෙක්ට්‍රොනික් සෙලියුලර් පුද්ගලික සමාගම, අංක 60, 62, 64, 1 වන හරස් වීදිය, කොළඹ 11 යන ආයතනය, අනිවාර්ය SLS ප්‍රමිති අවශ්‍යතාව සපුරා නොමැති Multi Function LED Light ඇසුරුම් 200ක් විකිණීමට ඉදිරිපත් කිරීමේ චෝදනාවට වරද පිළිගැනීමෙන් අනතුරුව එම ආයතනයට ද රු.100,000/-ක දඩයක් නියම කර ඇත.

    💡
    පාරිභෝගිකයින්ගේ සහ වෙළෙඳුන්ගේ අවධානයට: අංක 63 දරන විධානය යටතේ සියලුම විදුලි භාණ්ඩ නොව, එහි නිශ්චිතව දක්වා ඇති විදුලි උපාංග සඳහා අදාළ SLS ප්‍රමිති සහතික ලාංඡනය අනිවාර්ය වේ. ඒ අතර Plugs – SLS 734 Part 1, Socket Outlets/Extension Cords/Portable Socket Outlets – SLS 734 Part 2, Adaptors – SLS 734 Part 3, Fused Connection Units – SLS 734 Part 4, Fused Conversion Plugs – SLS 734 Part 5 සහ Cable Reels fitted with Plugs and Socket Outlets – SLS 1532 ඇතුළත් වේ.

    එබැවින් අදාළ විදුලි උපාංග මිලදී ගැනීමේදී නියමිත SLS ප්‍රමිති සහතික ලාංඡනය තිබේදැයි පරීක්ෂා කර නිසි බිල්පතක් ලබාගන්න. අදාළ අනිවාර්ය ප්‍රමිතියෙන් තොර විදුලි උපාංග අලෙවි කරන වෙළෙඳ ආයතන පිළිබඳව කාර්යාල වේලාවන් තුළ 1977 කෙටි ඇමතුම් අංකය ඔස්සේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය දැනුවත් කරන්න.
     
    • Like
    Reactions: NRTG

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,231
    11,293
    113
    Forest
    මොන උත්තක්ද. SLS මොකටද යකූ එව්වට. මොකකට හරි මොකක් හරි ගහන්න තමා බලන් ඉන්නෙ
     
    • Like
    Reactions: NRTG

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,567
    35,467
    113
    මොන උත්තක්ද. SLS මොකටද යකූ එව්වට. මොකකට හරි මොකක් හරි ගහන්න තමා බලන් ඉන්නෙ
    කොහෙන් කොහෙන් හරි දඩ ගහලා භාණ්ඩාගාරය පුරවන්නයි යන්නේ
     
    • Like
    Reactions: Sonique and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,536
    199,616
    113
    Colombo, Sri Lanka
    හොඳ වැඩක් දිගටම හරි විදිහට කලොත්. පාරිභෝගිකයා හූරගෙන කන එක නැති වෙයි
     
    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,494
    3,671
    113
    43
    Wakanda
    ඕව දාල ගේ ගිනිගත්තම තමයි ආන්ඩුවට හෙන ඉල්ලන්නෙ ඇයි මේව විකුනන්න ඉඩ දෙන්නේ, දේශපාලකයො ගෙන්වන ඒවා.. පාරිභෝගික අධිකාරිය ජරාව කාලා.. කියල
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,569
    26,254
    113
    Fantasy

    2017 දෙසැම්බර් 07 දිනැති අංක 2048/39 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ වූ අංක 63 දරන විධානය මඟින්, එහි නිශ්චිතව දක්වා ඇති වෝල්ට් 250 නොඉක්මවන විදුලි උපාංග ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් නිකුත් කරන අදාළ SLS නිෂ්පාදන සහතික ලාංඡනය නොමැතිව නිෂ්පාදනය කිරීම, ආනයනය කිරීම, බෙදාහැරීම, ගබඩා කිරීම, විකිණීම හෝ විකිණීම සඳහා ප්‍රදර්ශනය කිරීම තහනම් කර ඇත. මෙම විධානය 2019 ජනවාරි 01 දින සිට ක්‍රියාත්මක වේ.

    මෙම නීතිමය අවශ්‍යතාව උල්ලංඝනය කරමින් අනිවාර්ය SLS ප්‍රමිති අවශ්‍යතා සපුරා නොමැති විදුලි උපාංග විකිණීමට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් කොළඹ 11, පිටකොටුව ප්‍රදේශයේ වෙළෙඳ ආයතන දෙකකට එරෙහිව නඩු පවරන ලදී. අදාළ ආයතන අධිකරණය හමුවේ චෝදනාවලට වරද පිළිගැනීමෙන් අනතුරුව, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය (අංක 05) විසින් එක් ආයතනයකට රු.100,000/- බැගින්, සමස්ත රු.200,000/-ක දඩ මුදලක් නියම කරන ලදී.

    රේන්බෝ ලංකා ග්ලෝබල් (ප්‍රයිවෙට්) ලිමිටඩ්, අංක 63, මලිබන් වීදිය, කොළඹ 11 යන ආයතනය, අනිවාර්ය SLS ප්‍රමිති සහතික ලාංඡනය නොමැති AC/DC Adapter 12V ඇඩැප්ටර් 98ක් විකිණීමට ඉදිරිපත් කිරීමේ චෝදනාවට වරද පිළිගැනීමෙන් අනතුරුව රු.100,000/-ක දඩයක් නියම කර ඇත.

    එමෙන්ම ඒෂියා ඉලෙක්ට්‍රොනික් සෙලියුලර් පුද්ගලික සමාගම, අංක 60, 62, 64, 1 වන හරස් වීදිය, කොළඹ 11 යන ආයතනය, අනිවාර්ය SLS ප්‍රමිති අවශ්‍යතාව සපුරා නොමැති Multi Function LED Light ඇසුරුම් 200ක් විකිණීමට ඉදිරිපත් කිරීමේ චෝදනාවට වරද පිළිගැනීමෙන් අනතුරුව එම ආයතනයට ද රු.100,000/-ක දඩයක් නියම කර ඇත.

    💡
    පාරිභෝගිකයින්ගේ සහ වෙළෙඳුන්ගේ අවධානයට: අංක 63 දරන විධානය යටතේ සියලුම විදුලි භාණ්ඩ නොව, එහි නිශ්චිතව දක්වා ඇති විදුලි උපාංග සඳහා අදාළ SLS ප්‍රමිති සහතික ලාංඡනය අනිවාර්ය වේ. ඒ අතර Plugs – SLS 734 Part 1, Socket Outlets/Extension Cords/Portable Socket Outlets – SLS 734 Part 2, Adaptors – SLS 734 Part 3, Fused Connection Units – SLS 734 Part 4, Fused Conversion Plugs – SLS 734 Part 5 සහ Cable Reels fitted with Plugs and Socket Outlets – SLS 1532 ඇතුළත් වේ.

    එබැවින් අදාළ විදුලි උපාංග මිලදී ගැනීමේදී නියමිත SLS ප්‍රමිති සහතික ලාංඡනය තිබේදැයි පරීක්ෂා කර නිසි බිල්පතක් ලබාගන්න. අදාළ අනිවාර්ය ප්‍රමිතියෙන් තොර විදුලි උපාංග අලෙවි කරන වෙළෙඳ ආයතන පිළිබඳව කාර්යාල වේලාවන් තුළ 1977 කෙටි ඇමතුම් අංකය ඔස්සේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය දැනුවත් කරන්න.

    Consumer Affair Authority එකේ ආටිකල් එකක් ලියාගන්නවත් එකෙක් නැද්ද කොහෙද. ඒකත් chatgpt නේද
     
    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    682
    309
    63
    ඇත්තටම පිටකොටුවේ විතරක් නෙවෙයි, රට පුරාම SLS නැති විදුලි උපාංග ඕන තරම් විකිණෙනවා.
    පාරිභෝගික ආරක්ෂාව වෙනුවෙන් මේ පරීක්ෂා කිරීම් දිගටම කරගෙන යන එක නම් හොඳයි.
     
    HasJay

    Active member
  • Dec 7, 2020
    114
    149
    43
    1st cross street SLS thiyna ekak hamba unaoth thama pudume. RS. 100,000 unta hinath yanawa athi unge income diha baluwama.
     
    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    682
    309
    63
    ඇත්ත, ලක්ෂෙ දඬුවම ඔය වෙළඳාමෙන් ලැබෙන ලාභෙ එක්ක බලද්දි හරිම පොඩියි. දඬුවම වැඩි කරලා නිතරම පරීක්ෂා කළොත් තමයි මේක නවතින්නෙ.