අධිකරණ වාර්තා අනුව, රිජ්වේ ආර්යා ළමා රෝහලට CT ස්කෑනර් එකක් ගන්න කියලා ශිරන්ති රාජපක්ෂ කළ ලිඛිත ඉල්ලීමකට අනුව, 2010දී ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් “සිරිලිය සවිය” ගිණුමට රුපියල් ලක්ෂ 100ක් දීලා තියෙනවා.
අල්ලස් කොමිසම අධිකරණයට කියලා තියන විදියට, ඒ මුදල් දීම බැංකුවේ සාමාන්‍ය ක්‍රියාපටිපාටියෙන් පිට තමයි සිද්ධවෙලා තියෙන්නෙ. ඒ ගැනේඑ කාලේ හිටපු අධ්යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන් ප්‍රකාශ දීලා තියෙනව කියලත් සඳහන් කළා.
ඒ විතරක් නෙවෙයි. කොමිසම කියපු විදිහට ඒ ගිණුමට තවත් මුදල් ලැබිලා තියෙනවා:
මෙතැන තවත් බරපතළ චෝදනාවක් තියෙනවා. ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් ලැබුණු මුදල් වලින් ටොරින්ටන්වල නිවසක් මිලදී ගෙන තියනවා කියල විමර්ශනයේදී අනාවරණය වුණා කියලත් අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දීලා තියෙනවා. ශිරන්ති රාජපක්ෂ ඒ මුදල් පෞද්ගලික භාවිතයට යොදාගත් බවටත් කොමිසම චෝදනා කරනවා. මේවා කොමිසමේ චෝදනා සහ විමර්ශන කරුණුයි.
එතකොට ශිරන්තිගේ පැත්තෙන් කියන්නේ මොකක්ද?
ඇගේ නීතිඥයා කියලා තියෙන්නේ මුදල් තවමත් ගිණුමේ තියෙනවා, අවභාවිතයක් වෙලා නැහැ කියලයි. ස්කෑනර් එකට රුපියල් මිලියන 160ක් අවශ්‍ය වුණත්, 2014 වෙද්දී එකතු වුණේ මිලියන 42ක් විතරයිලු. පසුව ගිණුම අත්හිටුවපු නිසා මුදල් එකතු කිරීම ඉදිරියට කරගන්න බැරි වුණා කියන එකයි ඔවුන්ගේ පැහැදිලි කිරීම.
අධිකරණය ශිරන්ති රාජපක්ෂව ඔක්තෝබර් 13 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරලා තියෙනවා. හැබැයි මේ සල්ලි කතාවට පැහැදිලි උත්තරයක් නම් රටට ඕනේ!