දවස් ගානක්ම මට හම්බුනා බලාගන්නවත් කෙනෙක් නැති වයසක එක තැන් උන අම්මලා තාත්තලා ගොඩක්.දැක්කම පට්ට දුකයි බන්.සමහරු විවාහ වෙලා නෑ.ජීවත් වෙලා තියෙන්නෙ මහ ගෙදරම.අක්කලගෙ නංගිලාගෙ ලමයි තමා සලකන්නෙ.සලකනවා කිව්වට දේපල බෙදාගන්නකල් සැලකිල්ලක් වගේ එකක්.හරියට බලන්නෙ නෑ ,එකා එකාට බෝල පාස් කරනව.වෙන එකක් තියා ලග හිටිය bystander ට වත් හරියකට සල්ලි ගෙවලා නෑ බන්.ඒවත් කර ඇර ඇර ඉන්නවා මිසක්කා කිසිම හරි ආකාර බැලිල්ලක් නෑ.ඒ අම්මව ඩිස්චාජ් කරන් නොමිලේ සේවාව සපයන nursing home එහෙකට දැම්ම.
ආයෙ මේ දැන් මම බලලා ආවා සීයෙක්.ලමයි නැහැ.ගෙදර ගෙනියන්ඩ ආවේ ගමේ මිනිස්සු වාහනයක් අරන්.නෝනා එක්ක තියන්න බෑ නෝනට psychiatry අවුලක් බන්.ගමේ මිනිස්සුයි පන්සලයි තමයි බලලා තියෙන්නෙ.
කොච්චර පොර ටෝක්ස් දුන්නත් ,ලමයි එපා කිව්වත් බන් මට අද තේරුනේ ලමයෙක් ඉන්නෙකේ වටිනාකම....එහෙම එකෙක් හිටියනම් අඩුගානෙ ඌ හරි බලයි කියලා හිතුනා...මම දැක්කා මගෙ අම්මයි තාත්තයි එයාලගෙ දෙමාපියො බලාගත් හැටි.කවදාහරි මමත් එහෙම මගෙ අම්මව තාත්තව බලාගන්නවා.මොකද අත්තම්මලාව අම්මයි තාත්තයි බලාගත්ත විදිහ දැකල ආසාවක් වගේ ආවා මගෙ දෙමාපියන්වත් එහෙම බලාගන්න.මන් හදන ලමයා මාව පාරට විසික්කයි කියලා මම හිතන්නෑ.එහෙම කලත් වේදනාවක් නැතුව ඒක මම බාරගන්නව.ඒත් තමන්ට කියලා මොකෙක්වත්ම නැති එක ඊට වඩා වේදනාකාරි කියලා මට අද හිතුනා
#දිගාමඩුල්ලෙ ඩයරිය#
11/11/2026