ඒදා රෑ බැලුවෙමි

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,504
    1
    13,546
    113
    Gotham City
    කාලෙකට පස්සෙ ගියා චිත්‍රපටයක් බලන්න
    සිංහල චිත්‍රපටයක් බැලුවෙ කාලෙකින් සිනමා ශාලාවකට ගිහින් .
    මට උවමනා නිසා නෙමෙයි මගෙ පවුලෙ වැඩිහිටියො කිහිපදෙනෙක්ට උවමනා වෙලා තිබ්බ නිසා.
    චිත්‍රපටය නම ඒදා රෑ ,එකෙ තියෙන්නෙ මිල්ටන් මල්ලවාරච්චි කියලා ලංකාවෙ හිටිය ගායකයෙක් ගැනලු.
    ඔව් මන් දන්නවා ඒ මිල්ටන්ව ස්කූල් බස් එකෙ යද්දි එද්දි බස් එක ඇතුලෙ තට්ටු කර කර ඉස්කොලෙ ගුරුවරු නැති වෙලාවට ඩෙස්ක් එකට තට්ටුවක් තට්ටු කර කර කියාපු සිංදු අතරේ ඒ මිල්ටන්ගෙ සිංදුත් තිබුණා.

    අනුව දශකෙ මුල ඉපදුණු කෙනෙක් නිසා මිල්ටන් පිළිබඳ ජීවමාන මතකය හරිම අඩුයි .
    නමුත් මිල්ටන් මියගියා කියන 1998 දී මට මතකයි ජාතික රූපවාහිනියෙ වැඩ සටහන් වල ලොකූවට කතා උනා.
    එත් එතකොට මන් එක වසරෙ පුංචි එකා නොවැ.

    ඉතිං අර ඉස්කුල් බස් ඉස්කොලෙ ඩෙස් එකෙ තට්ටු කර කර සිංදු කියපු මතකය එක්ක මන් ගියා ඔය මිල්ටන් මල්ලවාරච්චි කියන ගායකයාගෙ චිත්‍ර පටය බලන්න .
    ෆිල්ම් එකෙ ආරම්භයේම රේඩියො සිලොන් එක පෙන්නුවා එවකට සභාපති කරුණාරත්න අබේසේකරගෙ චරිතෙන් ම
    ඒ එක්කම මිල්ටන් ගෙ ඔරුවක පාවෙන ගීතය ඇරඹුමේ බටනලා වාදනය ඇහුණ ගමන් අර ඉස්කොලෙ කාලෙ තට්ටු කර කර සිංදු කියපු මතකය මට ඇවිස්සෙන්න ගත්තා .
    එතන පොඩි කෑල්ලක මිල්ටන් කියන නම හැදුණු විදිය කියනවා
    එයාගෙ ඉස්කොලෙ යාළුවො එයාට මිල්ටන් කියනවා ඒ නම තමා ගායන ලෝකෙ පාවිච්චි වෙන්නෙ .නමුත් මිල්ටන්ගෙ ඇත්ත නම වෙන එකක්.
    ඉතිං ඔය ෆිල්ම් එකෙ මුල් ටික දිවෙන්නෙ මිල්ටන් කියන ගායකයාගෙ ජීවිතෙ තුරුණු අවධිය ,
    මිල්ටන්ට ඉන්නවා එයාගෙම යාළුවො ටිකක් එක සෙට් එකක් බැන්ඩ් එකෙ ප්ලේ කරන සෙට් එක අනික් කට්ටිය සැපට දුකට ඉන්න සෙට් එක .
    ගමෙ පෙම්වතිය තමා ඇනට් (සොනාලි ෆොන්සෙකා )
    ඉතිං ගායකයෙක් වෙලා ජනප්‍රිය වෙන්න හදන එක පෙම්වතිය එක්ක පලහිලව්ව මුල් ටික තමා ෆිල්ම් එකෙ මුල හරියෙන් කියවෙන්නෙ.
    ඒ වගේම පොර ජනප්‍රිය වෙනකොට තමන් හිටිය බැන්ඩ් එකෙන් එන කැපිල්ල එතන පේනවා.
    පස්සෙ එතනින් ඉවත්වෙලා අළුතෙන් බැන්ඩ් එකක් හදාගන්නවා.
    ඔය කාලෙ මන් හිතන්නෙ හැටෙ අගබාගෙ සහ හැත්තෑවෙ මුල හරියෙ
    ග්‍රැමෆෝන් තැටි තමා සිංදු ඇහැව්වෙ ගොඩාක් අය.
    රේඩියො එකත් හැම තැනම එකවගෙ නැහැ .
    ඉතිං ගායකයෙක් ජනප්‍රිය වෙන එක ලේසි පහසු දෙයක් නෙමෙ අද වගෙ. අද නම් යු ටියුබ් එකෙ දැම්ම ගමන් වයිරල් නොවැ.
    ඉතිං චිත්‍රපටයෙ මුල් ටිකෙ ඔය කොයි කාලෙත් තිබ්බ අළුත් කෙනෙක් එන්න හදනකොට තියෙන කැපිලි වගෙම ආධිපත්‍යට එරහිව වෙනසක් කරන්න හදන කොට එතන තියෙන බාධක හොඳට පෙන්වනවා.
    ඔය මිල්ටන් ලා එන යුගයෙ ලංකාවෙ ප්‍රභූ පැලැන්තිය ඇහැව්වෙ ඉංග්‍රිසි සිංදු වගෙම සාමන්‍ය මිනිස්සු අතර ජනප්‍රිය හින්දු තනු වලට හැදුණු සිංදු .
    ඉතිං සිංහල කම තැවරිච්ච සිංදු ජනප්‍රිය කරවන එක ලේසි දේකුත් නෙමෙ ඒ කාලෙ හැටියට.
    අද මල් සිංදු ආධිපත්‍ය වගෙ තමා.

    ඒ වගෙම චිත්‍රපටයෙ පෙන්වනවා මිල්ටන් නවලෝක සමූහ ව්‍යාපාරයෙ රැකියාවක් කරන එකත්.
    නවලොක මුදලාලිගෙ දුව එක්ක පලහිලව්වක් තිබ්බා කියන එක කවුරුත් කතා වෙන දෙයක් උනත් ෆිල්ම් එකෙ නම් ඒ පලහිලව්ව පෙනුනෙ නැහැ .
    ෆිල්ම් එකෙ නම් මිල්ටන්ගෙ දෙවෙනි පෙම්වතිය (ශෙශාද්‍රි ප්‍රියසාද් ) හිටියෙ ඔය නවලෝක සමූහ ව්‍යාපාරයෙ සේවය කරන කෙනෙක් .
    ඒ දෙවෙනි ප්‍රේමය සහ නවලෝක මුදලාලිගෙ දුව මාස 6 කට විදෙස් ගත වෙනවා එක තැනකදි ,අන්න එතන සම්බන්ධ කරලා තමා අර අපි කවුරුත් දන්න " ඒ දා රෑ ගුවන්තොටුපලේ දී මා " ගීතය නිර්මාණය වෙන්නෙ.
    ගොඩාක් ඔය මිල්ටන්ගෙ සිංදු තමන්ගෙ ඇත්ත ජීවිතේ එක්ක බද්ධ වෙච්ච සිද්ධි තමා බොහො අය කියන්නෙ නම් .

    අර මන් කලින් කිව්ව ඒ කාලෙ ලංකාවෙ ප්‍රභූ පැලැන්තියෙ තිබ්බ ඉංග්‍රිසි සිංදු කතාව ගැන .
    එක තැනක් තියෙනවා ෆිල්ම් එකෙ නවලෝක මුදලාලිගෙ දුවගෙ වෙඩින් එක ගන්නෙ ගෝල් ෆේස් හොටෙල් එකෙ.
    ඉතිං ගෝල් ෆේස් හොටෙල් එකෙ මැනෙජ්මන්ට් එක මිල්ටන් ඇතුළු බැන්ඩ් එකට කේස් දානව හේතුව ඒ ගොල්ලො කියන්නෙ සිංහල සිංදු නේ
    ගෝල් ෆේස් හොටෙල් එකෙ වාදනය කරන්නෙ ඉංග්‍රිසි විතරයි වගේ එකක් තිබිල තියෙනවා.
    කොහොම හරි නවලෝක මුදලාලි ඒකට ගේම ඉල්ලල සිංහලෙන් සිංදු ටිකක් ගහනව වෙඩින් එකෙ.

    ඉතිං ඔය සිද්ධියෙන් කියවෙන්නෙ අර ලංකාවෙ මියුසික් වලත් අර පන්ති ගැටුම කියන එක කොච්චර තිබ්බත කියන එක.
    සිංහල රටෙ හොටෙල් එකක සුද්දා දාල ගියා උනත් 48 දි ඉංග්‍රිසි විතරයි වාදනය වෙන්නෙ .

    ෆිල්ම් එකෙ ඉන්ටමිෂන් එකෙන් පස්සෙ ආරම්භක කොටසෙ පෙන්වනව මිල්ටන්ගෙ කුඩා අවදිය ඒ කිව්වෙ පාසල් සමෙ.
    හරි දුප්පත් කොලුවෙක්,බඩගින්නෙ හිටිය පැල් කොටේක ජීවත් උන පියා නැතිව සුළු පියාගෙන් නිතරම ගුටි බැට කාපු දුක් බර අතීතයක් තමා තිබිලා තියෙන්නෙ.
    ඒ සීන් ඔක්කොම හොඳට ගලපල පෙන්වලා තියෙනවා ෆිල්ම් එකෙ.
    හැබැයි ඉතිං මිල්ටන් මල්ලවාරච්චිව ටී වී එකේ සිංදුව කියනකොට දකින කොට නම් හිතෙන්නෙ නැහැ එහෙම දුක විඳලා අපූ පාටක් නම්.


    ෆිල්ම් එකෙ අර මිල්ටන්ගෙ දෙවෙනි පෙම්වතිය ගුවන් ගත වෙලා ගියයින් පස්සෙ මිල්ටන්ගෙ තුන්වෙනි පෙම්වතිය හමු වෙන්නෙ බස් එකෙදි අහම්බෙන් .
    මිල්ටන් රැකියාව කරන තරුණයෙක් සහ පෙම්වතිය ඉස්කොලෙ යන පොඩි කෙල්ලෙක් .
    ඒ තුන්වෙනි පෙම්වතිය තම පසු කලෙක මිල්ටන්ගෙ භාර්‍යව වෙන්නෙත්
    එත් එකත් ලේසි පහසු වෙල නැහැ .
    මුලින්ම කෙල්ලගෙ ගෙදරට අහන්න ගිහින් තියෙන්නෙ විජේ කුමාරතුංග (විශ්ව කොඩිකාර ) එක්ක .
    ගෙදරින් අකමැති මොකද ගායකය කියන එක ස්ථාවර රැකියාවක් නොවන නිසා.
    පස්සෙ කෙල්ලගෙ අයියිඅ සේවය කරන්නෙ නවලෝක සමූහ ව්‍යාපරෙමයි .
    ඉතිං නවලෝක මුදලලිගෙ රෙකමදාරුව මත මිල්ටන් ට මේ සැරෙ ගෙදරින් කැමැත්ත හම්බ වෙනව.

    පසුව එක තැනක තියෙනව අර ග්‍රැමෆෝන් තැටි යුගයෙන් පසුව කැසට් යුගයේ ආරම්භය.
    ඒ කැසට් කතාවෙදි ඒ අය කියනවා මේක යුරොපෙනම් දැන් අවුරුදු 10 ක් ඇවිත් අපෙ ඉතිං දැන් තමා එන්නෙ වගෙ අදහසක් .
    ඒ කියන්නෙ අර අපෙ රට තාක්ෂණය එක්ක කොච්චර අප්ඩේට් මදිද පසුගාමීද කියන එක තමා එතනින් පේන්නෙ.
    ලංකාවෙ පලවෙනි කැසට් එක කරලා තියෙන්නෙත් මිල්ටන් මල්ලවාරච්චි ඒ තරංගා ලේබල් එකෙන් .

    කට්ටිය අර ගොඩක් විවේචනය කරලා තිබ්බ ජනිත් වික්‍රමගේ ගාමිණි ෆොන්සේකා මහත්තයාගෙ චරිතෙ කරපු එක ගැන .
    ඔව් ඒක මටත් සෙට් නම් නහැ තමා .
    ජනිත් ටිකක් ඇඟට අරගෙන වගෙ ඒ චරිතෙ කරන්නෙ.
    රඟපෑම ගත්තොත් ඔය ජනිත් ගේ ගාමිණි ෆෝන්සේකගෙ චරිතෙ හැර අනික් සෙරොම මට නම් සෙට් .
    ඒ වගේම ආර්ට් ඩිරෙක්ටින් පැත්තෙන් ගත්තොට් ඒ ඒ යුගවල ඒ කිව්වෙ හැටේ හැත්තැවෙ අනූව දශක වල ඒ තිබ්බ දේවල් හොඳට සියුම්ව කරල තියෙනව.
    එකත් මට wow කියන්න පුළුවන් .
    මට අවුලකට තෙරුණේ මිල්ටන්ගෙ චරිතෙ රඟපාපු කෙනා (රොෂාන් රවීන්ද්‍ර ) ටිකක් වයස පාටයි මිල්ටන්ගෙ තරුණ කාලෙ චරිතෙට.
    අවුරුදු 40 ක් පැන්න මිල්ටන්ගෙ චරිතෙට නම් පොරව ගැලපෙනව.

    චිත්‍රපටය බොහො අය ලස්සනයි කියල කියනවා
    හේතුව තමා එකක් අතීත කාමය.
    ඒ ඒ කාලවල් වල දැක්ක විලාසිතාවල් පසුතලයන් සෙරොම මෙකෙන් මතකය ඇවිස්සීමක් කරනවා
    ගොඩක් ෆිල්ම් හෝල් එකෙ අවුරුදු 50 පැන්න වයසක ඇන්ටිල අංකල්ල සැහෙන හිටියා.
    මොකද ඒ ගොල්ලො ලව් කරපු කාලෙ මිල්ටන්ගෙ සිංදු අහන්න ඇති නේහ්.
    චිත්‍රපටය තනිකරම දුවන්නෙ මිල්ටන්ගෙ සිංදු වලින්ම තම මට අනුව නම්.
    සිංදු ටික නැත්තම් ෆිල්ම් එක කිසි එක්සයිට්මන්ට් එකක් නැහැ ,
    ඒ කිව්වෙ අර නිකන්ම ගලාගෙන යන ස්ටොර්‍රි එකක් පමණයි සිංදු ටික නැත්තම් .
    ඉතිං අර ඒ ඒ අදාල තැන් වලට මිල්ටන්ගෙ සිංදු වාදනය වෙන එක තමා ෆිල්ම් එකෙ විචිත්‍රවත් බව වැඩි වෙන්නෙ මට හිතෙන්නෙ.

    සිංදු ගායනා කරලා තියෙන්නෙ පවන් මල්ලවාරච්චි .
    පවන් ගේ වොයිස් එක මිල්ටන් වගේම කිව්වාට මට එහෙම ලොකු මෙව්වා එකකුත් තිබ්බෙ නැහැ .
    හැබැයි අවුලක් නැහැ .
    සිංදු ටික ගොඩක් අර නැවත කවර් සොන්ග් ටයිප් එකට මෙලඩීස් වෙනස් කරලා තමා හදලා තිබ්බෙ.
    මට හිතුණ එහෙම නොකර ඔරිජිනල් විදියම තිබ්බා නම් හොඳයි කියලා .

    අන්තිමට කියන්න තියෙන්නෙ බයොග්‍රැෆි ඩ්‍රාමා එකක් විදියට ෆිල්ම් එක ලොකු අවුලක් නැහැ කියලා .
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,839
    9,220
    113
    Kotahena
    pait na sindu witharai .
    Fight Cat GIF
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,504
    1
    13,546
    113
    Gotham City
    දැන ලංකාවෙද ඉන්නේ
    යෙස් වැකෙෂන් මූඩ්

    kiyawanda kammelii, eka wakyakin kiyapan
    චිත්‍රපට විචාරයක් බන් .
    වෙන විෂේශයක් නැහැ.
    ------ Post added on Nov 16, 2026 at 11:41 AM

    Balala wadak nea wage. Seks kaali nadda 🙃
    pait na sindu witharai .
    ඔව් මෙක 80 ගණන් වල 90 ගණන වල සහ ඊට පස්සෙ ඉපදුණු ඉංග්‍රිසි ඇක්ෂන් මූවිස් බලන ස්ටොරි බලන අයට සෙට් වෙන්නෙ නැති වෙයි .
    මෙක තනිකරම නොස්ටැල්ජියා (අතීතකාමය ) කියන දේ පදනම් කරගෙන මාකට් වෙන ෆිල්ම් එකක්.

    මිල්ටන්ගෙ සිංදු ටිකයි ,ඒ ඒ දශක වල හිටපු චරිත ,විලාසිතා වගේ දේවල් එක්ක තමා මෙක රන් වෙන්නෙ.
    ගොඩක් වයසක කට්ටිය හිටියා බලන්න .
    ------ Post added on Nov 16, 2026 at 11:43 AM
     
    • Like
    Reactions: windows_ubuntu

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,272
    11
    3,767
    113
    කොහේ හෝල් එකේ ද බැලුවෙ .

    ස්ක්‍රීන් කොලිටි එක හොදයි ද?
     
    • Love
    Reactions: BruceWayne92

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,231
    15,751
    113
    New Zealand
    කොහේ හෝල් එකේ ද බැලුවෙ .

    ස්ක්‍රීන් කොලිටි එක හොදයි ද?
    ගාණ වැඩි උනත් One Galle Face එකෙන් බලපන්. Havelock City mallඑකත් නරක නෑ. මේවගේ ෆිල්ම් හොද සවුන්ඩ් කොලිටියක් තියන තැනකින් බලන්න ඕනි .
     
    • Like
    Reactions: Bam

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,504
    1
    13,546
    113
    Gotham City
    කොහේ හෝල් එකේ ද බැලුවෙ .

    ස්ක්‍රීන් කොලිටි එක හොදයි ද?
    ඔව් බන් හෝල් එකේ .
    අවුලක් නැහැ ස්ක්‍රීන් කොලිටි එක.

    ගාණ වැඩි උනත් One Galle Face එකෙන් බලපන්. Havelock City mallඑකත් නරක නෑ. මේවගේ ෆිල්ම් හොද සවුන්ඩ් කොලිටියක් තියන තැනකින් බලන්න ඕනි .
    ඔව් සවුන්ඩ් කොලිටි එක වැදගත් මොකද සින්දු ටික නිසා.
    සින්දු වලින් තමා මේක දුවන්නෙ.
    ------ Post added on Nov 16, 2026 at 9:01 PM
     
    • Like
    Reactions: Bam