Starlink Rental Kit එක ගැන හැමදෙනාටම ආපු පොදු ප්‍රශ්න ටික අහලා දාපු support ticket එකට call කරලම විස්තර කරල දුන්නා තිබ්බ ප්‍රශ්න වලට.
1. Starlink Mini එකට Rental එක ගන්න පුලුවන්ද?
පිළිතුර: බෑ, මේක ගන්න පුළුවන් Standard Kit එකට විතරයි. ඒකත් Starlink site එකෙන් ගන්න ඕනෙ.
2. Starlink Kit එක ලැබුණට පස්සේ කොච්චර කාලෙකින් සර්විස් එක Activate කරගන්න ඕනෙද?
පිළිතුර: Starlink Kit එක අතට ලැබිලා දවස් 7ක් ඇතුළත Activate කරගන්න ඕනේ. එහෙම නොකළොත්, 7 වෙනි දවසේ ඉඳන් ඉබේම මාසික බිල් එක වැටෙන්න පටන් ගන්නවා.
3. මේක අවම මාස 12ක කාලයක් පාවිච්චි කරන්නම ඕනෙද? එපා වුණොත් කොහොමද ආපහු භාර දෙන්නේ?
පිළිතුර: සර්විස් එක Cancel කරන්න කලින් මෙච්චර කාලයක් පාවිච්චි කරන්නම ඕනේ කියලා නීතියක් නෑ. හැබැයි Cancel කළාට පස්සේ, සර්විස් එක ඉවර වෙන දවසේ ඉඳන් දවස් 30ක් ඇතුළත රෙන්ට් එකට ගත්ත Starlink Kit එක ආපහු භාර දෙන්න ඕනේ. නැත්නම් Kit එකේ සම්පූර්ණ වටිනාකම අය කරනවා. ඒ වගේම, සර්විස් එක පටන් ගන්නත් කලින් මේක එපා කියලා හිතුණොත්, Starlink Kit එක ලැබිලා දවස් 7ක් ඇතුළත කිසිම හානියක් නැතුව ආපහු භාර දෙන්න පුළුවන්.
4. සර්විස් එක Cancel කරන්නේ සහ Starlink Kit එක ආපහු යවන්නේ කොහොමද?
පිළිතුර: ඔයාගේ starlink.com account එකට ලොග් වෙලා ලේසියෙන්ම Cancel කරන්න පුළුවන්. එතකොට සර්විස් එක නවතින දවසයි, Starlink Kit එක ආපහු යවන විදිහයි, return label එකකුයි දාලා ඔයාට email එකක් එයි. ඒ සඳහන් කරලා තියෙන අවසන් දවසේ ඉඳන් දවස් 30ක් ඇතුළත අදාළ කුරියර් ආයතනයට (carrier) Starlink Kit එක භාර දෙන්න ඕනේ.
5. මාස 12ක් එක දිගට පාවිච්චි කළාම මේ Starlink Kit එක අපිටම අයිති වෙනවද?
පිළිතුර: නෑ. මාස 12ක් රෙන්ට් එකට පාවිච්චි කළා කියලා Standard Kit එකේ අයිතිය ඔයාට ලැබෙන්නේ නෑ. ඒ වගේම එතකල් රෙන්ට් එක විදිහට ගෙවපු සල්ලි Kit එකේ මිලෙන් අඩු වෙන්නෙත් නෑ.
6. එහෙමනම් මේ Starlink Kit එක සම්පූර්ණයෙන්ම මගේ කරගන්න (Buyout කරන්න) පුළුවන් කොහොමද? ඒකට කීයක් යනවද?
පිළිතුර: Starlink Kit එක ඔයාගෙම කරගන්න නම්, ඒකේ සම්පූර්ණ වටිනාකම (replacement cost) ගෙවලා buyout කරන්න ඕනේ. සල්ලි කැපෙන්න කලින් ඒ ගාණ කීයද කියලා ඔයාගේ account එකෙන් පෙන්නලා ඔයාගෙන් confirm කරගන්නවා. මේකට නිශ්චිත ස්ථිර ගාණක් ප්‍රකාශයට පත් කරලා නැති නිසා හරියටම කීයද කියලා කලින් කියන්න බෑ.
7. මාස 12කට පස්සේ මේකේ අයිතිය තහවුරු කරන ලියවිල්ලක් (Ownership letter) ලැබෙනවද?
පිළිතුර: අයිතිය ඉබේම පැවරෙන්නේ නැති නිසා, මාස 12කට පස්සේ එහෙම ලියවිල්ලක් ලැබෙන්නේ නෑ. ඔයා සම්පූර්ණ ගාණ ගෙවලා buyout කළාට පස්සෙයි නීත්‍යානුකූලව ඒකේ අයිතිකාරයා වෙන්නේ.
8. පස්සේ දවසක Residential Lite පැකේජ් එකට මාරු වෙන්න පුළුවන්ද?
පිළිතුර: බැහැ, Starlink Rental scheme එක යටතේ ගත්තු Kit එක හරහා Resedential Lite භාවිතා කිරීමට හැකියාවක් නෑ. එසේ භාවිතා කරන්න අවශ්‍ය නම් අනිවාර්යෙන්ම Kit එක buyout කරන්න වෙනවා.
සාරංශය:
Delivery එකෙන් පස්සෙ දවස් 7ක් ඇතුලත active කරගන්න ඕනේ. අවම මාස 12ක්ම පාවිච්චි කරන්න ඕනේ නෑ, මාසයක් දෙකක් උනත් පාවිච්චි කරලා cancel කරන්න පුළුවන්. එහෙම cancel කරලා දවස් 30ක් ඇතුලත පියවර අංක තුනේ තියෙන විදිහට කටයුතු කරන්න ඕනේ. මාස 12න් පස්සෙ Kit එක අයිති වෙන්නේ නෑ. අයිතිය ඕනේ නම් buyout කරන්නම ඕනේ. එහෙමත් නැත්තම් cancel කරලා Kit එක නොයවා හිටියොත් account එකට Kit එකේ වටිනාකමක් add වෙනවා. Kit එක buyout නොකර Residential Lite එකට මාරු වෙන්න බෑ.
Ticket එක open කරනකොට Phone call is most preffered කියලා දැම්මොත් ඔයාට Phone call එකකින්ම contact කරගන්න පුලුවන්. හැබැයි කතා කරේ USA Customer Service එකෙන්.
Disclaimer: මෙහි සඳහන් සියළු කරුණු Starlink Support - US සමඟ support ticket අංක TIK-DF-13161282-21907-72ට අදාලව පැවති දුරකතන සංවාදයේදී Starlink Customer Support team එක විසින් ප්‍රකාශ කරන ලද දෑ මත පදනම්ව පිළියෙල කරන ලදී.
Source:
Code:
https://www.facebook.com/share/p/1VADQQH9D9/
ඒජන්ත මහත්තයව අමතක උනා.
මට විස්වාස Customer care එක නෙමේ. අපේ ඒජන්ත මහත්තයාව.
after 12 months godak unge unit malakada kala,card change karalath athi