මග හැරුන බුදු දහම

dikmon

Well-known member
  • Apr 24, 2025
    743
    814
    93
    මං ඉස්සර සාමාන්‍යන් බන අහනව. ඒත් එච්චර ලොකුවටම සීරියස් අරනුත් නෙවෙයි. ඒත් දැන් කාලෙක ඉදන් එක එක අරමුනු පස්සෙ දුවල කාලෙකින් ඔලුව නිදහසෙ බන ටිකක් හරියට අහගන්න බැරිඋනා අවබෝධයක් ඇතුව. මේත් එක්කම මට කාලයත් එක්ක යම් යම් දහම් කරුනුත් අමතක වෙලා. මේ ලගදි මං බනක් අහද්දි නාමරූප ගැන කියද්දි නාමරූප කියන්නෙ මොකක් ද කියල මතක තිබ්බෙත් නෑ. පස්සෙ තමා ටිකක් හොයල බැලල දැබගත්තෙ. මේ දිවිල්ල කොහොමත් නවතින දිවිල්ලක් නෙවෙයි නෙ. perfect time එකක් එන්නෙත් නෑ මේකට. මැරෙන්න කලින් පුලුවන් විදිහට බුදු දහම ගැන යම් අවබෝධයක් තියන් හරි මැරෙන්න තිබ්බනම් ඇති නැත්තම් මනුස්සයෙක් උනේ අපරාදෙ කියල හිතෙනවා ඒ අතින්. මට මේ දේවල් ගැන ඉගෙනගන්න ඕනි. ඒත් කොහෙන් පටන් ගන්න ද කියල තේරෙන් නෑ.

    උඩ හෑල්ල කියෙව්වෙ නැතත් කමක් නෑ මට මේක දැනගන්න ඕනි👇

    ඔයාල කවුරු හරි සරල ඉදන් අභිධර්මය කියල දෙන ඔයාල follow කරන online resources මොනවද ?

    ඔයාල කියවන්න recommend කරන පොත් පත් මොනව හරි තියෙනව ද?

    @Yeezus @Blair Solari @Emios @ek_rosh
    ------ Post added on Nov 22, 2026 at 6:53 PM
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    5,623
    1
    7,662
    113

    මේකේ රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේගේ අභිධර්ම මාර්ගය පොත ඇසුරෙන් දේශා මාලාව යන්නේ.

    මම පිටු 120 පොතක් අරගෙන දේශනා , අභිධර්ම කරුණු සටහන් කරගත්තා ඉස්සර.
     
    dikmon

    Well-known member
  • Apr 24, 2025
    743
    814
    93
    Meka mulin ahanna.

    Thank you brother❤️

    මේකේ රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේගේ අභිධර්ම මාර්ගය පොත ඇසුරෙන් දේශා මාලාව යන්නේ.

    මම පිටු 120 පොතක් අරගෙන දේශනා , අභිධර්ම කරුණු සටහන් කරගත්තා ඉස්සර.

    Thank you brother❤️ මාත් රේරුකානේ චන්දවිමල හාමුදුරුවන්ගෙ පොත් ටික buy කරන්න කියල ඉන්නෙ. ගොඩක් අය recommend කරල තිබ්බා
    ------ Post added on Nov 22, 2026 at 8:16 PM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    76,658
    69,294
    113
    Katiya kotchara bana ahuwath buduhmauruwo karanna kiyapau de karanne ne.

    Dakimehidi dakime matharayak pamani
     
    • Like
    Reactions: dikmon

    Emios

    Well-known member
  • Dec 10, 2009
    76,658
    69,294
    113
    ඒක ඇත්ත. ඇත්ත බුදු දහම ගැන මොකක්ද කියල දැනගත්තම පෝයට පන්සල් යන වයසක සෙට් එක පව් කියල හිතෙනවා
    oya abhidamma poth kiyawala nawakatha wage terumak ne ban,danumata hodai,etchara tamai.budhuhamuruwo karanna kiyapu de bahiya sutre tiyenawa.
     
    • Like
    Reactions: dikmon

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    47,411
    1
    103,242
    113
    34
    Kalutara

    මේකේ රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේගේ අභිධර්ම මාර්ගය පොත ඇසුරෙන් දේශා මාලාව යන්නේ.

    මම පිටු 120 පොතක් අරගෙන දේශනා , අභිධර්ම කරුණු සටහන් කරගත්තා ඉස්සර.

    මේ හාමුදුරුවෝ ටීවී එකෙත් උගන්නනවා පෝය දවසට.

    ඒක ඇත්ත. ඇත්ත බුදු දහම ගැන මොකක්ද කියල දැනගත්තම පෝයට පන්සල් යන වයසක සෙට් එක පව් කියල හිතෙනවා

    මටත් ඕක සෑහෙන්න හිතෙනවා. කටින චීවරේ පස්සෙන් දුවන එක, බෝධි පුජා තියන එක. හරියට පිස්සෝ වගේ.
    ------ Post added on Nov 22, 2026 at 10:18 PM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    76,658
    69,294
    113
    එහෙයින් බාහියය, මෙහිලා ඔබ විසින් මෙසේ හික්මිය යුතු ය:
    • දක්නා ලද්දෙහි දැකීම් මාත්‍රයක් පමණක් වන්නේ ය.
    • අසන ලද්දෙහි ඇසීම් මාත්‍රයක් පමණක් වන්නේ ය.
    • ස්පර්ශ කරන ලද්දෙහි ස්පර්ශ කිරීම් මාත්‍රයක් පමණක් වන්නේ ය.
    • විද්‍යාමාන වන (දන්නා) ලද්දෙහි දැනගීම් මාත්‍රයක් පමණක් වන්නේ ය.
    බාහියය, මෙසේ ඔබ විසින් හික්මිය යුතු ය.
    බාහියය, යම් කලෙක්හි ඔබට දක්නා ලද්දෙහි දැකීම් මාත්‍රයක් පමණක් වේද, අසන ලද්දෙහි ඇසීම් මාත්‍රයක් පමණක් වේද, ස්පර්ශ කරන ලද්දෙහි ස්පර්ශ කිරීම් මාත්‍රයක් පමණක් වේද, දන්නා ලද්දෙහි දැනගීම් මාත්‍රයක් පමණක් වේද, බාහියය, එකල්හි ඔබ ඒ (රූපාදි අරමුණු) සමඟ බැඳෙන්නේ නැත.
    බාහියය, යම් කලෙක්හි ඔබ ඒ අරමුණු සමඟ නොබැඳෙන්නේද, එකල්හි ඔබ එහි (සංසාරයෙහි) නොපවතියෙහි. යම් කලෙක්හි ඔබ එහි නොපවතියෙහිද, එකල්හි ඔබ මෙලොවත් නැත, පරලොවත් නැත, දෙලොව අතරත් නැත. දුකෙහි කෙළවර (නිවන) මෙයම වන්නේ ය.
     
    • Love
    Reactions: dikmon

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,272
    5,820
    113
    Athurugiriya
    AI වලින් බන අහන්න යන්න එපා. ඉස්සෙල්ලම සිල්වත් ස්වාමින්වහන්සේලාගේ ධර්ම දේශනා අහන්න. අභිධර්මය නම් ඉගෙනගන්න ඕන රේරුකානේ හාමුදුරුවන්ගේ අභිධර්ම මාර්ගය පොතෙන් පටන් ගන්න එක තමා හොදම. හැබැයි අනිත් හමුදුරුවන්ගේත් බණ අහන්න.
    https://pitaka.lk/books/abhidharma-margaya/

    බණ අහන්න රාජගිරියේ අරියඥාන ස්වාමීන්වහන්සේගේ
    නා උයනේ අරියධම්ම ස්වාමීන්වහන්සේගේ
    අඟුල්ගමුවේ අරියනන්ද ස්වාමීන්වහන්සේගේ බණ
    මුලින් පටන් ගන්න එක හොදයි. Youtube එකේ තියනව.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    47,411
    1
    103,242
    113
    34
    Kalutara
    Mmmm mm blnnm

    මේක.. හිතපන් වයසක උන්දැලා මෙව්වා බලයිද? බණ කතා අහනවා වගේ මෙව්වා අහයිද? මෙව්වා තේරුම් ගන්න බෑ කියල අනිවා මෙව්වා බලන්නේ නැතුව ඉන්නවා ඇති.