What exactly we know about the Greatest king on this earth- King Sri Ravana

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
මෙම ග්‍රන්ථ අතුරින් අර්ක ප්‍රකාශය ලියැවි ඇත්තේ රාවන රජු සහ මන්දෝදරී දේවිය අතර කෙරුණු කාව්‍යමය සංවාදයක් ලෙසිනි. කුඩා දරැවන්ට වැළදෙන ලෙඩ රෝග හා ඒවාට පිලියම් විස්තර කරමින් රාවණයන් කුමාර තන්ත්‍රය ලියනු ලැබුවේ එවකට මේඝනාද කුමරු ලැබෙන්නට සිටි මන්දෝදරී දේවිය කල ඉල්ලීමක් ඉටු කරනටයි.

:)
මෙතනදී නේද අර රාවන රජුගේ දියණිය ක් ගැන කතාවක් එන්නේ..ඒ දොළදුක ආවෙ මන්දෝදරියට මේඝනාද ලැබෙන්න ඉන්දැද්දී නෙවේ උපේන්ද්‍රමිණිකා ලැබෙන්න සිටියදී කියලා
 
amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
රාවන යුගය පිළිබඳ අපි කියන්නේ මිත්‍යාවක් එහෙම දෙයක් තිවුනා කියලා සාධක සහිතව(solid proofs) ඔප්පු කරන්න කියලා කියන කොටසක් ඉන්නවනේ..ඒ අයටත් උත්තර දෙන්න අවශ්‍යයිනේ..:P
 
කට්ටිය වැඩිය දන්නැති එකක් කියන්නම් ..මාත් ලඟදි දැනගත්තු කරුණක්

කවුරුත් පිළිගන්නවානේ කලින් කලට අපට දකුණු ඉන්දිය අක්‍රමණ එල්ල වුනේ අපේ සම්පත් මංකොල්ල කාලා ඉන්දියාවට දකුණින් වෙනත් රාජධානියක් බලවත් වෙන එක වළක්වන්න කියලා..

රාජේන්ද්‍ර චෝල කියන්නේ එවැනි ආක්‍රමණයක් කළ ප්‍රභල සොළියෙක්..අනුරාධපුර ශ්‍රේෂ්ඨ රාජධානිය බිද දමන්න් ඔහුට හැකිවුනා..ඒ විජයග්‍රහණය සමරලා කරවපු තඹ සන්නසක් තමයි තිරුවලන් ගාඩු සන්නස..එකේ මෙහෙම සදහන් වෙලා තියනවා(පුරසාරම් ව්ලට සොලීන් කොහොමත් දක්ෂයි)

' අති ප්‍රබල රජෙකු වූ රාවන රජු මරණයට පත් කරමින් ලංකාව ආක්‍රමණය කර
ජය ගත් රාම පවා අභිබවමින් රාජ රාජ (රාජේන්ද්‍ර චෝල) නෞකා මගින් විසල් හමුදාවක් රැගෙන ගොස් ලංකාව ආක්‍රමණය කර ජය ගත් බවක් :rofl:'

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
:)
මෙතනදී නේද අර රාවන රජුගේ දියණිය ක් ගැන කතාවක් එන්නේ..ඒ දොළදුක ආවෙ මන්දෝදරියට මේඝනාද ලැබෙන්න ඉන්දැද්දී නෙවේ උපේන්ද්‍රමිණිකා ලැබෙන්න සිටියදී කියලා

මටත් ඒ කතාව පැහැදිලි මදි...... මම හිතුවෙ ඒ මේඝනාදටම තවත් නමක් කියලයි.
 
amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
මටත් ඒ කතාව පැහැදිලි මදි...... මම හිතුවෙ ඒ මේඝනාදටම තවත් නමක් කියලයි.
මේඝනාදට වැඩිපුරම බාවිතා වෙන්නේ ඉන්ද්‍රජිත් කියන එකනෙ.. මේක ගැහැණු නමක් වගේ නේද ?

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
මේඝනාදට වැඩිපුරම බාවිතා වෙන්නේ ඉන්ද්‍රජිත් කියන එකනෙ.. මේක ගැහැණු නමක් වගේ නේද ?
උපේන්ද්‍රමිණික ද උපේන්ද්‍රමිණිකා ද කියලා ෂුවර් නෑ... අනික ඒ කාලෙ සුමාලි, මායා වගේ නම් තියෙන රජවරුත් හිටියනෙ.
 
KHz

Member
Feb 12, 2009
10,722
93
0
ගෙදර
රාවන යුගය පිළිබඳ අපි කියන්නේ මිත්‍යාවක් එහෙම දෙයක් තිවුනා කියලා සාධක සහිතව(solid proofs) ඔප්පු කරන්න කියලා කියන කොටසක් ඉන්නවනේ..ඒ අයටත් උත්තර දෙන්න අවශ්‍යයිනේ..:P
ඔව් ඔව් :P එහෙම දෙයක් කරන එක හැමෝටම ප්‍රයෝජනයි ... ඒකෙන් කාගෙ කාගෙත් මේ ගැන තියෙන අවබෝධය , විශවාසය වැඩි වෙනවනෙ :yes:
 
Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
රාවන යුගයෙ සංගීතයට, නැටුම් කලාවට විශේෂ තැනක් හිමිවුණා. ඒ කාලෙ ඉදලම එන තවත් සංගීත භාණ්ඩයක් තමයි ''යක් බෙරය''. රුහුණු නැටුම් කලාවෙ ඇරඹුමටත් රාවණ යුගය තරම් ඈත ඉතිහාසයක් තියෙන බව මේ වනවිට ඔප්පු වෙලා තියෙනවා.

සූර්ය වන්දනයේ යෙදුනු යක්ෂ ගෝත්‍රය, සූර්ය නමස්කාරයක් ලෙස තෙල්මෙ නැටුම යොදාගත්තලු. පෘථිවියේ අංශක 23.5ක ආතතියත් සමග පෘථිවිය තමා වටා භ්‍රමණය වෙමින් සූර්යා වටා පරිභ්‍රමණය වීම තෙල්මෙ මාලක්කමින් සංකේතවත් වෙනවා. ඒ කියන්නෙ ඇරිස්ටෝටල්ටත් වැරදුනු සෞරග්‍රහ මණ්ඩලයෙ නිවැරදි පිහිටීම ගැන හෙළයේ අපි දැනගෙන හිටියෙ කොපර්නිකස්ටත් හුගක් ඉස්සර ඉදන්.

මේ වගේම වෙස්මුහුණු කලාවෙ ආරම්භයත් රාවණ රජු අතින්ම සිදුවුණු බව විශ්වාස කෙරෙනවා. වෙස් මුහුණු බොහෝදුරට යොදාගත්තෙ යුධ පිටියෙදි සතුරාව බියගන්වන්න. ගරා යකා, නාගරාක්ෂ, ගුරුලු රාක්ෂ වැනි වෙස්මුහුණු වලින් එම ‍ගෝත්‍රවල සටන් කරුවන් සංකේතවත් වෙනවා. යක්ෂ, නාග, රකුස් සහ අසුර යන සිව් මහා ගෝත්‍ර වල සෙබලුන් පැලදි වෙස්මුහුණු අදටත් තොවිල් වල භාවිතා වෙන අතර මේ හේතුවෙන්, ‍‍යක්ෂ ගෝත්‍රිකයන් සැබැවින්ම භයංකර අමනුෂ්‍ය කොට්ඨාසයක් ලෙස වරදවා වටහා ගෙන ඇත. කෙසේ වෙතත් වෙස්මුහුණු කලාවත් ලොවට දායාද කලේ අපේ මහා රාවන රජතුමා බව මෙයින් පැහැදිලි වෙනවා.

ලක් ඉතිහාසය පුරාවටඅපි මුහුණ දීපු රාම, විජය, එළාර, රාජ රාජ, ආර්‍ය චක්‍රවර්ති, පරංගි, ලන්දේසි සහ ඉංග්‍රීසින්ගෙ ආක්‍රමණ හමුවෙ නොනැසී රැකුණ රුහුණු සම්ප්‍රදායත් වර්තමානය වනවිට වෙනස් කම් වලට භාජනය වී ඇත.

Telme.jpg
තෙල්මෙ
 
Last edited:

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
මේ වගේම වෙස්මුහුණු කලාවෙ ආරම්භයත් රාවණ රජු අතින්ම සිදුවුණු බව විශ්වාස කෙරෙනවා. වෙස් මුහුණු බොහෝදුරට යොදාගත්තෙ යුධ පිටියෙදි සතුරාව බියගන්වන්න. ගරා යකා, නාගරාක්ෂ, ගුරුලු රාක්ෂ වැනි වෙස්මුහුණු වලින් එම ‍ගෝත්‍රවල සටන් කරුවන් සංකේතවත් වෙනවා. යක්ෂ, නාග, රකුස් සහ අසුර යන සිව් මහා ගෝත්‍ර වල සෙබලුන් පැලදි වෙස්මුහුණු අදටත් තොවිල් වල භාවිතා වෙන අතර මේ හේතුවෙන්, ‍‍යක්ෂ ගෝත්‍රිකයන් සැබැවින්ම භයංකර අමනුෂ්‍ය කොට්ඨාසයක් ලෙස වරදවා වටහා ගෙන ඇත. කෙසේ වෙතත් වෙස්මුහුණු කලාවත් ලොවට දායාද කලේ අපේ මහා රාවන රජතුමා බව මෙයින් පැහැදිලි වෙනවා.

GuruluRaksha2.jpg

ගුරුලු රාක්ෂ -
http://www.masksoftheworld.com/India/India%20Mask%20Sri%20Lanka%204.htm

NagaRaksha-Copy.jpg
නාග රාක්ෂ
MayuraRaksha.jpg

මයුර රාක්ෂ -
www.lanka.info/shops/masks/masksFrontPage.jsp

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ඕකෙ දෙපැත්තක් තියෙනවා මල්ලි...... ඉස්සර අපේ රටවල් වල හිටියෙ ගොවිතැන් බතක් කරගෙන ජීවත් වුණු සරල මිනිස්සු. අධ්යාපනය කියල උනත් හැමෝම වගේ ඉගෙන ගත්තෙ තමන්ගෙ පරම්පරාවෙන් එන රස්සාව කරන්නයි. ඉතින් සාමාන්ය මනුස්සයෙකුට වියත් භාශාවකින් කියන දේ තේරුම්ගන්න අමාරු නිසයි උපමා යෙදුවෙ. අනික් කාරණය තමයි, හැමදේම අතිශ්යොක්තියෙන් වර්ණනා කිරීම අපේ සාහිත්යයේම කොටසක් වීම. බෞද්ධ ඉතිහාසයට උපමා යොදන්න තව හේතුවක් තමා මිනිසුන් තුල ශ්රද්ධාව ඇති කිරීම. ආර්ය අෂ්ඨාංගික මාර්ගය මොකද්ද කියන එක තේරුම් අරන් ධාර්මිකව ඉන්න මිනිස්සුන්ට වඩා මැරුණම දිව්ය ලෝකෙ යන්න පින් කරන අයනෙ ඉන්නෙ. මේ රසවත් උපමා නොවෙන්න ඒ අය මොනවා කරයිද?

    මාතෘකාවෙන් හොදටම පිට පැනලා...........:nerd:

    ඒකත් ඇත්තද මංද.පිං දෙගුන කරගන්න පංසල් වලට ගිහිල්ල මල් වට්ටි 2,2 පූජ කරන මිනිස්සු හිටපු/ඉන්න රටක් නෙව මේක :yes:
    කවදාහරි දවසක බුද්ධිමත් මනුස්සයෙක් උපමාවල හරය තේරුම් ගන්නත්
    ඒ කවදාහරි දවස දක්වා මේව පැවතෙගෙන එන්න එපෑය(හරියට Frequency Modulation [FM] වගේ තමා ;) )

    පිට පැන්නත් මේක කියලම ඉවර කරන්න හිතුව
    :)
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    රාවන හත්ත (Ravanastron) විශේෂයෙන් ඉන්දියාවේ ගුජරාත් හා රාජස්තාන් ප්‍රදේශ වල වන්දනාකරුවන් භාවිතා කරන අළුවකින් (Bow) වාදනය කරන සංගීත ...................

    ඒ වගේම මේ ජාතියේම සංගීත භාන්ඩයක් පැරණි ඊජිප්තුවෙත් තිබුන කියල පත්තරේ තිබ්බ.
    සමහර විට අපේ ඉතිහාසහ පිරමීඩ යුගයටට් වඩා පැරණිවෙන්නත් පුළුවන්( එහෙත් හිටියලු නේද සූර්‍ය වංශිකයො ? )
    එක්කො එහෙන් අපේ රටට ආව වෙන්නත් පුලුවන්
    කොහොම උනත් අපේ රටට වඩා ඉජිප්තු ඉතිහාසය පැර්ණි ද නැද්ද කියල මමනම් දන්නෙ නෑ ඕං
    :no:
     
    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    ඒ වගේම මේ ජාතියේම සංගීත භාන්ඩයක් පැරණි ඊජිප්තුවෙත් තිබුන කියල පත්තරේ තිබ්බ.
    සමහර විට අපේ ඉතිහාසහ පිරමීඩ යුගයටට් වඩා පැරණිවෙන්නත් පුළුවන්( එහෙත් හිටියලු නේද සූර්‍ය වංශිකයො ? )
    එක්කො එහෙන් අපේ රටට ආව වෙන්නත් පුලුවන්
    කොහොම උනත් අපේ රටට වඩා ඉජිප්තු ඉතිහාසය පැර්ණි ද නැද්ද කියල මමනම් දන්නෙ නෑ ඕං
    :no:

    ඊජිප්තුවත් ඇදහුවෙ (තාමත් අදහනවද දන්නෑ ) සූර්ය දේවතාවා. හිරු දෙවියන්ට ඔවුන් කිව්වෙ 'රා' කියලා. ඒ වගේම ඔවුන්ට ශිෂ්ඨාචාරය, තාක්ෂණය දුන්නෙ අහසින් ආපු කට්ටියක් කියලා ඔවුන් පිලිගන්නවා. බොහෝදෙනෙක් කියන්නෙ පිටසක්වල ජීවීන් කියලයි. නමුත් ඔය ශිෂ්ඨාචාරයන් ගොඩනැගුණ කාලෙ වෙනකොටත් දඩුමොණර වගේ විමාන වලින් හෙළයො ගුවනින් යනවා. ඒ අනුව ඊජිප්තුවෙ හිරුදෙවියො (රා) අපේ රාවන රජතුමා හෝ රවුලු පෙලපතේ කෙනෙක් වෙන්න බොහෝදුරට ඉඩකඩ තියෙනවා.

    ඒ වගේම බැබිලෝනියාවටත් ගෘහ නිර්මාණ ශිල්පය ආදී තාක්ෂණයන් ලබා දුන්නෙ අහසින් ගිය සිංහ නම් ජන කොටිඨාසයක්ලු..... මේත් අපේ මුතුන් මිත්තො වෙන්න පුලුවන්.
     
    ඉතින් ඔය තරම් බලයක් තිබ්බ රාවණ ව රාම පැරද්දුව කියන එක හිතන්න තරමක් අමාරුද මංද:nerd:
    එක්කො රාවනට හොඳ ඔත්තු සේවාවක් තියෙන්න ඇති (විභීශන ද්‍රොහියත් ඇතුලුව )
    මොනා උනත් මේ ගැන හරවත් සාකච්ඡාවක් කරන්න තරම් නම් මගෙ දැනුම හොඳටෝම මදියි
    :(
     
    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    ඉතින් ඔය තරම් බලයක් තිබ්බ රාවණ ව රාම පැරද්දුව කියන එක හිතන්න තරමක් අමාරුද මංද:nerd:
    එක්කො රාවනට හොඳ ඔත්තු සේවාවක් තියෙන්න ඇති (විභීශන ද්‍රොහියත් ඇතුලුව )
    මොනා උනත් මේ ගැන හරවත් සාකච්ඡාවක් කරන්න තරම් නම් මගෙ දැනුම හොඳටෝම මදියි:(
    මේ ත්‍රෙඩ් එකේ මුල හරියෙත් අපි ඔය ගැන කතාවුණා. රාවණගෙ යුධ රහස්, බලගතු ආයුධ විභීෂණ හරහා රාමට ලැබුණා. ඒ වගේම තව මතයක් තියෙනවා රාවන, විභීෂණ අතරෙත් දරුණු සටන් ඇතිවුනා කියලා. කොහොමත් රාවන පැරදුනේ රාමට නෙමෙයි විභීෂණට කියන එක නම් පැහැදිලියි.... විභීෂණ කියන්නෙත් බලවත් නාග ගෝත්‍රිකයෙක්නෙ.
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මේ ත්‍රෙඩ් එකේ මුල හරියෙත් අපි ඔය ගැන කතාවුණා. රාවණගෙ යුධ රහස්, බලගතු ආයුධ විභීෂණ හරහා රාමට ලැබුණා. ඒ වගේම තව මතයක් තියෙනවා රාවන, විභීෂණ අතරෙත් දරුණු සටන් ඇතිවුනා කියලා. කොහොමත් රාවන පැරදුනේ රාමට නෙමෙයි විභීෂණට කියන එක නම් පැහැදිලියි.... විභීෂණ කියන්නෙත් බලවත් නාග ගෝත්‍රිකයෙක්නෙ.

    හිහී ඒකනම් ඇත්ත
    කොහොමත් පාවා දීම කියන එකනම් ඒ කාලෙ ඉඳන්ම අපේ ලේවල තිබිච්චදෙයක් ද කොහෙද
    එතකොට දැන් අක්කෙ රාමට කිසිම තාක්ෂණයක් තිබ්බෙම
    නැද්ද ?:oo:
    මේ ගැණ අමිල අයියත් ආවම කතා කරගෙන යන්නකො අපිත් බලාගෙන ඉන්න බව අමතක කරන්නෙපා
    :)
     
    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    හිහී ඒකනම් ඇත්ත
    කොහොමත් පාවා දීම කියන එකනම් ඒ කාලෙ ඉඳන්ම අපේ ලේවල තිබිච්චදෙයක් ද කොහෙද
    එතකොට දැන් අක්කෙ රාමට කිසිම තාක්ෂණයක් තිබ්බෙම
    නැද්ද ?:oo:
    මේ ගැණ අමිල අයියත් ආවම කතා කරගෙන යන්නකො අපිත් බලාගෙන ඉන්න බව අමතක කරන්නෙපා:)
    Ramage thakshanayak gana kiyawenne nathima tharam..... devivarungei, bhoothayangei, anaawaki kiyana ayagei udaw labunane.... raama vishnu ge awatharayak kiyala kiyanawane.... ithin powers tiyenawa kiyala kiyanawa... anika indiyaawe wedhaya, manthra gurukam, yaga hoema walatane bamuno mul thana dunne... thakshanaya gana wadi awadhanayak nothibenna athi. Habai ramayanayata anuwa Rama ape dandumonare aran giya kiyala kiyanawa.

    ow api kattiyama ekathu unahama wadidura katha karamu...
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ඊජිප්තුවත් ඇදහුවෙ (තාමත් අදහනවද දන්නෑ ) සූර්ය දේවතාවා. හිරු දෙවියන්ට ඔවුන් කිව්වෙ 'රා' කියලා. ඒ වගේම ඔවුන්ට ශිෂ්ඨාචාරය, තාක්ෂණය දුන්නෙ අහසින් ආපු කට්ටියක් කියලා ඔවුන් පිලිගන්නවා. බොහෝදෙනෙක් කියන්නෙ පිටසක්වල ජීවීන් කියලයි. නමුත් ඔය ශිෂ්ඨාචාරයන් ගොඩනැගුණ කාලෙ වෙනකොටත් දඩුමොණර වගේ විමාන වලින් හෙළයො ගුවනින් යනවා. ඒ අනුව ඊජිප්තුවෙ හිරුදෙවියො (රා) අපේ රාවන රජතුමා හෝ රවුලු පෙලපතේ කෙනෙක් වෙන්න බොහෝදුරට ඉඩකඩ තියෙනවා.
    ඒ වගේම බැබිලෝනියාවටත් ගෘහ නිර්මාණ ශිල්පය ආදී තාක්ෂණයන් ලබා දුන්නෙ අහසින් ගිය සිංහ නම් ජන කොටිඨාසයක්ලු..... මේත් අපේ මුතුන් මිත්තො වෙන්න පුලුවන්.

    මම නම් මේ කතාව තදින්ම විශ්වාස කරනවා..
    වර්තමානයේ 'බොහෝ' විද්‍යාඥයන් විශ්වාසකරන විදිහට බැබිලොන් ශිෂ්ඨාරය තමයි චීන ශිෂ්ඨාරය හරුනාම ලේඛනගත පැරණිම ශිෂ්ඨාරය(අවුරුදු 5500) ...බැබිලෝනියානුවන්ගේ සංකේතය සිංහ ශරීරයක් පියාපත් දෙකක් සහිත මනුශ්‍යා(sphinx)
    ...ඒ කාලෙ අහසින් ගියා කියලා සදහන් වෙන සූර්යා වන්දනා කරපු සිංහ නම් ජන කොටිඨාසය හෙළයන්..

    ..අහසින් ගිය සිංහ නම් ජන කොටිඨාසයක්
    මේ කරුණු සොයාගෙන තියෙන්නේ මීට වසර දහයකට පෙර බැබිලෝනියාවේ කළ කැණිම් වලිම්..පිළිස්සූ මැටි පුවරු හා කැටයම් වලින් (1998)

    ඉතින් පිටසක්වළන් තාක්ෂණය ආවය කියලා විශ්වාස කරන අපේ ඇත්තෝ මේ කාරණය දෙස බලන්නැති එකනේ පුදුමේ :eek:

    අදත් අපේ ජාතික කොඩියේ සංකේතය වන
    කඩුවක් ගෙන තුන්පයෙන් නැගී සිටින සිංහයා බැබිලෝනියාවෙත් දක්නට ලැබෙනවාලු

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ඊජිප්තුවෙන් සොයා ගත් පිට සක්වළින් දායාද වුනැයි සමහර උගතුන් සළකන ගුවන් යානා රූප

    These images were found on the ceiling beams of a 3000-year old New Kingdom Temple,
    located several hundred miles south of Cairo and the Giza Plateau, at Abydos.

    hieroplanes.jpg

    heirohelicopter.gif

    heiroceiling.jpg

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මායා හා ඉන්කා ශිෂ්ඨාචාර වලින් සොයාගන්නා ළද ගුවන් යානා අනුරූ..අහඹු සිදුවීමක්ද? නැතිනම් ....ගොඩබිමෙන් ළඟා විය නොහැකි ඒ උස කඳු මුදුන් වලට සූර්ය වංශිකයන් පැමිණි විමානද?

    avionescol02_09.jpg

    avionescol02_03.jpg

    There are cultures which mention flying vehicles of some sort or another. The most known of these sources are Indian epics sources as Bhágavata Purána and Rámáyana. The flying devices were called vimanas and were extensively discussed in Vaimánika Shástra, describing multitude of machines with different purposes and capabilities.
     
    Last edited:

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    රාවන යුගය පිළිබඳ අපි කියන්නේ මිත්‍යාවක් එහෙම දෙයක් තිවුනා කියලා සාධක සහිතව(solid proofs) ඔප්පු කරන්න කියලා කියන කොටසක් ඉන්නවනේ..ඒ අයටත් උත්තර දෙන්න අවශ්‍යයිනේ..:P

    රාවන යුගය මිත්‍යාවක් නෙමෙයි කියල පිලිගන්න පුලුවන් සාධක කිහිපයක් හමුවුණා.

    සිටිනා මලුවේ ධම්මරත්න හිමියන් රචනා කරපු 'සාහිත්‍ය ධාරා' කියන ග්‍රන්ථයේ රාවන රජුගේ නාවික බලය ගැන සදහන් වෙනවා. 'මඩුකශලිය පුගියන' කියන නැව් සමාගම හෙළ යුගයේ අංක එකේ නැව් සමාගම වූ අතර එහි හිමිකරුවන් වුනේ ලංකාවෙ නාග ගෝත්‍රිකයන් බව සදහන් වෙනවා.

    රාවන ඉතිහාසය ගැන කියැවෙන 'රාවන කතා' සහ 'ශිවශාන්ති කර්ම' නමින් පුස්කොල පොත් දෙකක් ගැනත් සදහන් වෙනවා. රාවන යුගයේ ගෘහ නිර්මාණ ශිල්පය පිලිබදව මේවායේ තොරතුරු අන්තර්ගත වෙලා තියෙනවා.

    ලංකාවෙ දියුණු හෙළ යුගය සහ රාවනයන්ගෙ බලය ගැන රාමායනය, මහාභාරතය, ස්කන්ධ පුරාණය සහ ගරුඩ පුරාණය යන ග්‍රන්ථ වල පැහැදිලිව සදහන් වෙනවා. ඒ වගේම ඉන්දියාව, කාම්භෝජය වැනි රටවල ශෛලමය රාවන කැටයම් දක්නට ලැබෙනවා. මේ කරුණු අපක්ෂපාතීව සලකා බැලුවොත් රාවන කියන්නෙ මිත්‍යාවක් නොවන බව පැහැදිලි කරගැනීම ඒ තරම් අමාරු දෙයක් නෙමෙයි.

    RavanaShakesmountKailasa-Cambodia.jpg

    Ravana shakes mount Kailasa - Cambodia
     
    Last edited: