samaawenna ,mage langa nam naha ron aiye..aiya illana geetha paripurna aashwaadayak labiya hahi, arthayen sangeethayen sundara geetha..mekath ewaage honda nirmaanayak wennama oni..thiyena kenek labaadunnoth, mamath bohoma kamaththen aragena ahanawa..
මෙම ගීතයේ එක තැනක කියැවෙනවා මෙන්න මෙහෙම:
"මගෙ සොහොයුරියක් පෙර දවසක් දා...රාම කුමරුගෙන් හිරිහැර වින්දා
පිලිතුරු ලෙස ඔබ සිරකර රන්දා..අප පෙලපත අභිමන් දද බැන්දා"...
බලන්න ඒ සරල පද පෙලේ ගැඹුරු අර්තය...
උසස් ගී වින්දනයට මේ ගීතය උපහාරයක්ම වේවා!!
ගීත සංරක්ෂනයට ජාතික තලයේ වැඩ පිලිවෙලක් නැති කමින් මෙවැනි අපුර්ව ගීත අපේ තරුන පරපුරට අද දවසේ පරිහරනය කරල හා ශ්‍රවනය කරල වින්දන ශක්‍යතාවය ඔප් නංවා ගන්නට නොහැකි වන අන්දමින් කාගේදෝ පවකට ගෙඩි පිටින්ම ඒවා අහිමි කර දාලා...
අපේ ත්‍රෙඩ් එකෙන් හරි එය මෙසේ ඉටු කර දෙන්න පුළුවන් වීම ගැන අපි සියල්ලන්ම සතුටු විය යුතුය..
මෙම ගීතය ලබාදෙන්නට මහන්සි වුන හා...මහත් සේ කැප වුන අපේ තුරුනු ශක්තිය සඳුන් මල්ලිට මෙහි සියලු බුහුමන් හිමි විය යුතුය...
නංගි ඔයාගේ මන දොල සපුරාලන්නට මෙම ගීතය දිව ඔසුවක්ම වේවා!!