iverdinesh මහතාණනි !
අනිසි මොහොතක,නොනිසි රටකට ඇසරු සැනෙන්ඉහමතට පාත්කළ විවෘත ආර්ථිකය හා ලිහා දැමූ කුලුමීමෙක් වැනි හසුරුවාගනු, ගිනි දැල්ලක් සේ නිසි ඵලය තෝරා බේරා නොගත් තාක්ෂනයේ චන්ඩ මාරුතය දැහැමි, පව්ලේ එකමුතු බැම්මෙන් සිටි සදාචාරවත් සමාජය හරහා උමතුවෙන් දොර ගලද්දී මෙබඳු විලම්බීත සංදර්ශන ඉදිරියටත් තිරගත වේවි.මේ පරිවර්තනයේ මූලිකම තුරුම්පුව මුදල හා පුහු ජනප්රියත්වයයි .පසුගිය දිනක දෙ..ටීවී නාළිකාවේ ජනප්‍රිය නිරුපිකාවක් ඈඳාගෙන ආයුර්වේදය කෙළෙසමින් සම්භාහනය ඉගන්වූ හැටි රටක් බලා සිටියේ මහත් කම්පාවෙන්.තව නාළිකාවක රන් ආභරන කිලෝ ගනනක් පැළදි දෙමුහුන් නෝනාවරුන්, මහ ගෙදරක ප්රවීනලා, ලංකාවේ අසරන දුළිඳු ගැහැනුන්ගේ ඉහ මොළ වලට අළුත් විලාසිතා පොම්ප කරමින් සිටී.ඔබ කියන්නා සේ අප ලවාම අප ඔද්දල් ජාතියක් කරවීම බලපත් අරගෙනම කරන ගෞරවනීය ව්‍යාපාරයක් බවට පත්ව ඇති හැටියකි.
එහෙත් මට දැනෙන පරිදි (මගේ පැතුම හා ස්වල්ප දැනුම අනුව)විජාතීන් හා ඔවුන්ගේ ඉඳුල් ලෙවකන බටහිර සිහිනයක හෙළුවෙන් ඇවිදින හදවතින් ලාංකිකයන් නොවූ සුළුතරයකට මේ උදාර පෙළොවේ දීර්ඝ මහා වංශයේ(පොත නොවේ)පවුරු පදනම් බිද දමන්නට තබා සෙලවීමට වත් නොහැකියි.ඒ වෙනුවට ඔවුන් ඉතිහාසයෙන් අතුගෑවී යනු ඇති.ඩොලර් මිටි වලින් කුනුවී ගඳ ගසන්නේ ඔවුන්ගේ අවාසනාවන්ත ජන්මයයි.