දළය කැඩුණු පැටියට අපි බෙහෙත් කරන්නේ නැහැ - දියවඩන නිළමේ
දේශීය 2009 ජූලි 31 වෙනි සිකුරාදා, 09:41
පින්නවල අලි අනාථාගාරයෙන් ගෙන ගිය ඇත් පැටවුන් දෙදෙනාගෙන් එන් පැටවෙකුගේ දළය කැඩී ගියේ එම දළ ය පනුවන් කා තිබූ නිසා බවත්, එම නිසා එම ඇත් පැටවාට කිසිදු ආකාරයක ප්රතිකාරයක් නොකරන බවත් ශ්රී දළදා මාලිගාවේ දියවඩන නිළමේ නිලංග දෑල මහතා පවසා ඇත.
වැඩිදුරටත් අදහස් දක්වා ඇති දෑල මහතා පවසා ඇත්තේ මෙම ඇත් පැටවුන් දෙදෙනා පිටතට රැගෙන ආවේ බලහත්කාරයෙන් නොවන බවත්, ගේට්ටුවල අදාල සටහන් තබා පැමිණි බැවින් කිසිදු නීතිමය ගැටළුවක් නොමැති බවයි. මෙම ඇත් පැටවුන් දෙදෙනා රැගෙන යාම සදහා හමුදාව සහ පොලිසිය රැගෙන යාම ප්රතික්ෂේප කරන නිලමේවරයා පවසන්නේ මීට පෙර මෙම පැටවුන් දෙදෙනා රැගෙනයාමට පැමිණි අවස්ථාවේදී ගමේ පිරිසක් රතිඤ්ඤා පත්තු කර තමන් සමග ගිය පිරිසට පහරදීමට තැත් කළ නිසා මහනුවරින් විශේෂ පොලිස් කණ්ඩායමක් රැගෙන ගිය බව දෑල මහතා පවසයි.
එමෙන්ම දියවඩන නිළමේවරයා අවධාරණය කරන්නේ මෙම ඇත් පැටවුන් දෙදෙනා පින්නවලින් රැගෙන ගියේ ජනාධිපතිවරයාගේ සුවිශේෂී අවසරය හා නියෝගය මත බවයි. වැඩිදුරටත් කරුණු දක්වා ඇති නිලංග මහතා පවසා ඇත්තේ තමන් කිසිවිටෙක නැවත මෙම ඇතුන් දෙදෙනා පින්නවලට භාර නොදෙන බවත්, එසේ කිරීමට හේතුව මෙම ඇතුන් දෙදෙනා රැගෙන ගියේ ජනාධිපතිවරයාගේ විශේෂ නියෝගය මත නිසා වීම බවයි.