නිර්වාණය අතින්ද්‍රිය ප්‍රත්‍යක්‍ෂයක්‌ &#

tharinda07

Member
Mar 1, 2007
5,784
44
0
නිර්වාණය අතින්ද්‍රිය ප්‍රත්‍යක්‍ෂයක්‌ &#

නිර්වාණය අතින්ද්‍රිය ප්‍රත්‍යක්‍ෂයක්‌ ද?
පාර භෞතික සංකල්පයක්‌ද?




නිවන් අවබෝධ කර නොගත් අයකු නිවන ගැන කීම මෝහය නිසා සිදු වන්නකි. මේ ලිපිය ලියන්නේද මගේ මෝහය නැති වී නැති බැවින් ය. නිවන් අවබෝධ කර ගත් බුදුන් වහන්සේ නිවන ගැන දේශනා කර ඇත්තේ එයත් නොව මෙයත් නොව ආදී වශයෙන් නිෂේධාර්ථයකින්ය. නිවන් අවබෝධ කර ගත් බුදුන් වහන්සේ යන්න ම සම්මුති අර්ථයකින් යොදන්නක්‌ පමණි. එයට හේතුව නිවන් අවබෝධ කර ගත් පුද්ගලයකු සිටිය නොහැකි බැවිනි. ඇතැමෙකු=ට මෙය හතර බීරි කතාවක්‌ වීමට ඉඩ ඇත. එහෙත් සෝපාදිශේස වශයෙන් වුවද නිවන් අවබෝධ කරගත් උතුමකු එසේ උතුමකු පුද්ගලයකු යන අර්ථයෙන් සිටිය හැකිද යන්න ප්‍රශ්නයකි.

නිවන ගැන කතා කරන විට අපේ මතකයට නැගෙන පළමු පාඨය නම් බුදුන් වහන්සේ බුද්ධත්වයට පැමිණීමෙන් පසුව ප්‍රකාශ කර ඇති උදාන වාක්‍ය ය. උන්වහන්සේ එහිදී දේශනා කර ඇත්තේ මේ මාගේ අවසාන උත්පත්තිය යන්නය. නිවන ගැන අපේ මෝඩ දැනුමක වුව ද මේ කරුණ අඩංගු විය යුතුය. නිවන් අවබෝධයෙන් පසුව නැවත ඉපදීමක්‌ නැත. බෞද්ධයන් හැරෙන්නට විමුක්‌තියක්‌ ගැන කතා කරන අය ඒ විමුක්‌තිය ලෙස දකින්නේ යම්කිසි තැනක නොමැරී ජීවත් වීමය. (සියල්ල මරණයෙන් කෙළවර වන්නේය. යනුවෙන් කියන ඇතැම් ද්‍රව්‍යවාදීන්ට එවැනි විමුක්‌තියක්‌ නැත.) නොමැරී ජීවත් වන්නට අදහස්‌ කරන්නන්ට විමුක්‌තිය යනු අමරණීයත්වය ලැබීමය. එය බ්‍රහ්මන් සමඟ එකතුවීම විය හැකිය. "අද්වෛත වේදාන්තවාදීන්ට බ්‍රහ්මන් හැරෙන්නට වෙනත් දෙයක්‌ හෝ අයෙකු හෝ නැති බැවින් බ්‍රහ්මන් සමඟ එකතු වීම යනු වැරැදි ප්‍රකාශයකි. ඔවුන්ට අනුව නම් කිව යුත්තේ තමන් බ්‍රහ්මන්ගෙන් වෙන් වී ඇත. යන මායාව නැති කර ගැනීමය. කෙසේ වෙතත් ඔවුන් ට ද විමුක්‌තිය ලැබීමෙන් පසු අමරණීයත්වය අත්වෙයි.) බෞද්ධයෝ පමණක්‌ නැවත නූපදීමට කටයුතු කරති.

ක්‍රිස්‌තු භක්‌තිකයන් (කතෝලිකයන් ද ඇතුළුව) පුනරුත්පත්තියක්‌ හෝ පුනබ්භවයක්‌ හෝ ගැන කතා නොකළ ද මරණින් මතු සදාකාලික අපායක්‌ හෝ සදාකාලික ස්‌වර්ගයක්‌ ගැන හෝ විශ්වාස කරති. එනම් මරණින් පසු ස්‌වර්ගයේ හෝ අපායේ හෝ ඉපදීමක්‌ ගැන විශ්වාස කරති. ඉන් කියෑවෙන්නේ ක්‍රිස්‌තියානීන් ද එක්‌වරක්‌ හෝ නැවත ඉපදීමක්‌ ගැන විශ්වාස කරන බවය. ඒ ඉපදීමෙන් පසු නැවත මරණයක්‌ නැත. ඔවුන්ට එක්‌කෝ සදාකාලික විමුක්‌තියක්‌ (ස්‌වර්ගය) ලැබේ. නැත්නම් සදාකාලික දඬුවමක්‌ (අපායක්‌) ලැබේ.

නිවන එසේ නොවෙයි. නිවන් අවබෝධයෙන් පසු යළි ඉපදීමක්‌ නැත. අවශ්‍ය නම් පුනබ්භවයක්‌ නැතැයි කිව හැකිය. එසේ නම් අපට පළමුවෙන්ම කිව හැක්‌කේ නිවන යනු සත්ත්වයන් ඉපදෙන හා ඉපිද ජීවත් වන තැනක්‌ නොවන බවය. එසේ අවශ්‍යයෙන්ම කාමාවචර සත්ත්වයන් ඇති පොළොව වැනි තැනක්‌ විය යුතු නොවේ. නිවන අරූපාවචර බ්‍රහ්මයන් ඇති අරූපාවචර ලෝකයක්‌ නොවේ. නිවන යනුවෙන් කාමාවචර රූපාවචර හෝ අරූපාවචර ලෝකයක්‌ (තැනක්‌) නැති වුවද, වෙනත් ආකාරයක ලෝකයක්‌ තිබිය හැකිද? එයටත් පිළිතුර නැත යන්නය. නිවන් අවබෝධයෙන් පසු, පිරිනිවන් පෑමෙන් සසර කෙළවර වෙයි. එනම් අනුපාදිශේෂ නිවනින් පසු සසර කෙළවර වෙයි. නිවන් අවබෝධයෙන් පසු පිරිනිවන් පානා තෙක්‌ සොපාදිශේෂ නිවනය. එහිදී නිවන් අවබෝධයෙන් පසු ද ඒ නිවන් අවබෝධ කළ භවයෙහි තවදුරටත් ජීවත් වීමක්‌ සිදුවෙයි. ඒ අවසන් භවයෙහි සිරුර හා මනස තවදුරටත් පැවතීම හේතුවෙන් සොපාදිශේෂ නිවනින් පසුවද ආශ්වාස ප්‍රශ්වාස කිරීම, ආහාර අනුභවය, සැතපීම ආදියද පංචෙන්ද්‍රියයන් හා මනස ඇසුරෙන් වස්‌තු ග්‍රහණය කිරීම ද සිදුවෙයි. එහෙත් එලෙස වස්‌තු ගැනීම කෙරෙන්නේ මායාවක්‌, භ්‍රමයක්‌ බව යම් ආකාරයකින් නොදැන නොවේ.

පිරිනිවන් පෑම යනු අර්ථවත් යෙදුමකි. ඒ පරිනිර්වාණයයි. නිවන සම්පූර්ණ වන්නේ පිරිනිවන් පෑමෙනි. පිරිනිවන් පානා තෙක්‌ නිවන් අවබෝධ වුවද, ජීවත් වීමට සිදුවන්නේ වෙනත් සත්ත්වයන් මෙන්ම මහලු වයසට, රෝගීභාවයට පත්වෙමිනි. බුදුන්වහන්සේ පවා රෝගී වූ අවස්‌ථා විය. උන් වහන්සේ ද මහලු වියට පත් වූහ. තමන් වහන්සේගේ සිරුර දිරාපත් වූ කරත්තයක්‌ වැනි යෑයි අවසන් කාලයෙහි උන් වහන්සේ දෙසූහ. පිපාස ඇති වූ විට බොර දිය වැළ»හ. නිවන් අවබෝධය තිබුණද, උන්වහන්සේට සිදුහත් කුමරු ලෙස උත්පත්තියේ දී හිමිවී පසුව වැඩුණු සිරුර හා මනස ඇතිව ජීවත් වීමට සිදු විය. නිවන් අවබෝධයේදීම පිරිනිවන් පානා රහතන් වහන්සේ නමකට නම් එසේ ජීවත් වීමට නොසිදුවෙයි.

 
  • Like
Reactions: Zeus

tharinda07

Member
Mar 1, 2007
5,784
44
0
නිවන පසක්‌ කළ යුතු යෑයි අපි කියමු. ඒ සාමාන්‍ය ව්‍යවහාරයයි. ඉන් කියෑවෙන්නේ නිර්වාණය ප්‍රත්‍යක්‍ෂ කෙරෙන බවය. අප යමක්‌ ප්‍රත්‍යක්‍ෂ කරන්නේ කෙසේද? ප්‍රත්‍යක්‍ෂය යනු දැකීම ලබා ගැනීමේ මාර්ගයකි. ඇතැම් බෞද්ධයන් සිතනුයේ ඒ දැනුම ලබා ගැනීමේ එකම මග කියාය. එහෙත් අනුමානය ද දැනුම ලබාගැනීමේ මගක්‌ ය යන්න බුදුන් වහන්සේ බැහැර කර නැත. අපි අනුමානය මෙහිදී සාකච්ඡා නොකරමු. ඇතැම් දෑ අනුමානයෙන් දැන ගත හැකිවුවද, නිවන අනුමානයෙන් දැක ගත හැක්‌කක්‌ නොවේ. තර්කයෙන්, න්‍යායෙන්, ප්‍රවාද භාවිතයෙන් නිවන් අවබෝධ කරගත නොහැකිය. නිවන පසක්‌ කළ යුතුය. ඒ සඳහා වෙනත් විකල්පයක්‌ නැත. බුදුන් වහන්සේ සාමාන්‍ය කරුණුවලදී අනුමානය බැහැර නොකළ ද ප්‍රත්‍යක්‍ෂය අවධාරණය කරන්නට ඇත්තේ නිවන සම්බන්ධයෙන් ප්‍රත්‍යක්‍ෂයෙහි වූ වැදගත්කම නිසා විය හැකිය.

එහෙත් නිවන හා සම්බන්ධ ප්‍රත්‍යක්‍ෂය සාමාන්‍ය ප්‍රත්‍යක්‍ෂය ම යෑයි වරදවා වටහා නොගත යුතුය. ප්‍රත්‍යක්‍ෂ ගැන කියෑවෙන චුල්ලහත්ථිපදෝපම සූත්‍රය සිංහල බෞද්ධයන්ට ඉතා වැදගත්ය. මිහිඳු මහා රහතන් වහන්සේ සිංහලයන්ට වදාළ පළමු ධර්මය එය විය. ඒ නිසා ම දෝ පසු කලෙක, විශේෂයෙන්ම අනුරාධපුර යුගයේ මැද භාගයෙන් පසුව සිංහල බෞද්ධයන් අනුමානයට එතරම් වැදගත් තැනක්‌ දී නැත. එය තරමක අභාග්‍යයකි. අපේ දැනුම් නිර්මාණයක්‌ නැති වීමත් සමඟ අනුමානය අපෙන් ඈත් වී තිබේ. ඒ කෙසේ වෙතත් නිවන් පසක්‌ කිරීම හා ඇතකු ප්‍රත්‍යක්‍ෂ කිරීම යනු එකක්‌ යෑයි නොසිතිය යුතුය.

අප ඇතකු ප්‍රත්‍යක්‍ෂ කරන්නේ අපේ ෂඩෙන්ද්‍රියයන් මඟිනි. එනම් පංචෙන්ද්‍රියයන් හා මනස මගනි. අපි ඇතා ඇසින් දකිමු. අවශ්‍ය නම් හා හැකිනම් අතගා (ස්‌පර්ශ කර) බලමු. අවශ්‍ය පරිදි ගඳ සුවඳ ආදිය බැලීමද කළ හැකිය. ඒ සෑම අවස්‌ථාවකම මනස ද යම් කාර්යයක්‌ කරයි. මනස නැතිව ඒ කිසිවක්‌ අපට කළ නොහැකිය. චක්‌ඛු විඤ්Æණය ඇතිවීමට ඇස මෙන්ම මනස ද අවශ්‍ය වෙයි. ඇතා, ඇතා ලෙස දකින්නේ මනස නිසාය. අපට අපේ දෙමවුපියන් හා වැඩිහිටියන් ඇතාට ඇතා යන නාමය දී ඇති බැවින් හා ඒ අපටද උගන්වා ඇති බැවින් මනසෙහි ඇතිවන රූපය ඇතෙකුගේ යෑයි අපි කියමු. එවැනි පූර්ව දැනුමක්‌ නොතිබුණි නම් පළමුවෙන්ම ඇතකු දුටුවේ අප නම් අප ඊට වෙනත් නමක්‌ තැබීමට වූ ඉඩ ඉතා අධිකය.

එහෙත් අප ඇත්තටම ඇති ඇතකු= දකින්නේ ද? එසේත් නැත්නම් අප දකින ඇතා අපේ නිර්මාණයක්‌ද? ඇතා යනුවෙන් ඇත්තටම සතකු ඇතැයි ගන්නේ නම් එතැන ඇත්තේ ආත්මවාදයකි. ඇතා යනු අපේ සංස්‌කරණයක්‌ මිස වාස්‌තවිකව පවත්නා දෙයක්‌ නොවෙයි. ඇතා නිර්මාණය කෙරී ඇත්තේ අපේ මනස විසිනි. එහිදී අපේ පංචෙන්ද්‍රිය ද යම් කාර්යයක්‌ ඉටු කරන බව අමුතුවෙන් කිව යුතු නොවෙයි. එහෙත් අපට මනස නැතිව අනෙක්‌ ඉන්ද්‍රිය පහ පමණක්‌ තිබුණි නම් අපට ඇතකු දැක ගැනීමට නොහැකිය. අපේ මනස්‌ විසින් එලෙස ඇතා පමණක්‌ නොව අනෙක්‌ සංකල්පය ද නිර්මාණය කෙරෙන්නේ අපේa අවිද්‍යාව හේතු කොටගෙනය. අවිඡ්ජයා පච්චයා සංඛාරා යනු අවසාන වශයෙන් ගත් කල මේ සංකල්ප ආදිය අවිද්‍යාව නිසා නිර්මාණය කිරීම හෙවත් සංස්‌කරණය කිරීම ය.

මෙහි සඳහන් වන අවිද්‍යාව යනු අනිත්‍ය, දුක්‌ඛ, අනාත්ම අනවබෝධයයි. අනිත්‍ය, දුක්‌ඛ, අනාත්ම යනු සංකල්ප නොවෙයි. සංකල්පයක්‌ යනු මනසින් නිර්මාණය කෙරෙන්නකි. අනිත්‍ය යනු නිත්‍ය නොවන බව යෑයි වරදවා වටහා නොගත යුතුය. නිත්‍ය නොවන බව හෙවත් වෙනස්‌ වන බව දැනගත් පමණින් අපට නිවන් අවබෝධ නොවන බව අපි දනිමු. නිත්‍ය යන්න සංකල්පයකි. එය අපට අවබෝධ වෙයි. එනම් අපේ මනසට නිත්‍ය අනිත්‍ය දෙකම අවබෝධ වෙයි. එහෙත් අනිත්‍ය අපට එලෙස මනසට අවබෝධ නොවෙයි. අනිත්‍ය යනු සංකල්පයක්‌ නොවෙයි. අනිත්‍ය හා අ-නිත්‍ය එකට පටළවා ගත යුතු නොවේ. පළමුවැන්න සංකල්පයක්‌ නොවන අතර දෙවැන්න සංකල්පයකි. නිවන් අවබෝධව පළමුවැන්න අවබෝධ විය යුතුය. දෙවැන්න අවබෝධ වූ පමණින් නිවන් අවබෝධ නොවේ.
 
Last edited:

tharinda07

Member
Mar 1, 2007
5,784
44
0

අප සාමාන්‍ය අවබෝධය ලබන්නේ මනසින්ය. අනෙක්‌ ඉන්ද්‍රිය පහේද ආධාරය ඇතිව මනස ලෝකයක්‌ නිර්මාණය කරයි. අප එකිනෙකාගේ මනස්‌ විසින් නිර්මාණය කෙරෙන්නේ එකම ලෝකය නොවෙය.s එකිනෙකා විවිධ ලෝක නිර්මාණය කරයි. අපේ ඉන්ද්‍රිය පද්ධති වෙනස්‌ විණි නම් අප විසින් නිර්මාණය කෙරෙන ලෝක ද වෙනස්‌ වනු ඇත. උදාහරණයක්‌ ලෙස අපට ඇස්‌ තුනක්‌ තබිණි නම් හෝ අපට ගුවන්විදුලි තරංග ද ග්‍රහණය කරගත හැකි ඉන්ද්‍රියයක්‌ තිබිණි නම් හෝ අප විසින් නිර්මාණය කෙරෙනු ඇත්තේ වෙනත්ම ලෝකය (වැඩි විස්‌තර සඳහා මගේ ලෝකය කියවන්න). අප නිර්මාණය කරන දෑ අනුව, එනම් ලෝකය, අපේ පංචෙන්ද්‍රියයට, මනසට හා සංස්‌කෘතියට සාපේක්‍ෂ වෙයි. අනිත්‍ය දුක්‌ඛ අනාත්ම අනවබෝධය නිසා මනස විසින් ඒ දැනුම නිර්මාණය කෙරෙහි. අප ලෝකය වශයෙන් ගන්නේ මේ දැනුමය. ලෝකය හා ලෝකය පිළිබඳ දැනුම යනු දෙකක්‌ නොව එකකි. ලෝකය යනුවෙන් වාස්‌තවිකව නිරීක්‍ෂකයාගෙන් තොරව පවත්නා දෙයක්‌ නැත.

එකිනෙකාගේ ලෝකය යනු එකිනෙකාගේ මනස විසින් නිර්මාණය කෙරෙන දෙයක්‌ ය. යන්නෙන් මෙහි කියෑවෙන දර්ශනය විඥානවාදී එකක්‌ බවට පත් නොවන්නේ මෙහි දී මනස ද මනසෙහි ම නිර්මාණයක්‌ ලෙස ගැනෙන බැවින් ය. මනස මනසෙහි නිර්මාණයක්‌ වන්නේ කෙසේ ද යන්න කලකට පෙර "දිවයින" පුවත්පතෙහි සිංහල බෞද්ධ මනස මැයෙන් පළ වූ ලිපියෙහි ද විදුසර පුවත්පතෙහි පළ වන ඇතැම් ලිපිවල හා වෙනත් ලිපිවල ද විස්‌තර කෙරී ඇත. පසුගිය කාලයෙහි අප විසින් නිර්මාණය කෙරී ඇති දැනුම් අතර මනස මනසෙහි ම නිර්මාණයක්‌ වේ ය යන්න වැදගත් තැනක්‌ උසුලයි.

ප්‍රත්‍යක්‍ෂය පංචෙන්ද්‍රිය ඇසුරෙන් සිදුවුවද, අවසානයේදී එම මනස හා සම්බන්ධ වෙයි. අපේ ඊනියා පළමු ප්‍රත්‍යක්‍ෂය මා යනුවෙන් කෙනකු සිතිය යන්නය. මා ඇත. මා පවතී. මම ජීවත් වෙමි. ආදී ප්‍රකාශ මෙන්ම මෙය මාගේ ය වැනි ප්‍රකාශ ද අප කරන්නේ මා යනුවෙන් කෙනකු ඇත යන්න ප්‍රත්‍යක්‍ෂයෙන් දන්නා බැවිනි. මේ ප්‍රත්‍යක්‍ෂය මනස පිළිබඳ ප්‍රත්‍යක්‍ෂයක්‌ මිස අනෙකක්‌ නොවේ. මනස ඇතැයි මනස දැන ගැනීම, එනම් මනසක්‌ ඇතැයි මනසට ප්‍රත්‍යක්‍ෂ වීම අපේ පළමු දැනුම වෙයි. ලැකාන් පඬිවරයා ආදී බටහිර ඊනියා මනෝ විශ්ලේෂකයන් මා යන්න අනෙක්‌ අය ඔස්‌සේ ලැබෙන්නේ යෑයි කියන්නේ ඔවුන්ට අනෙකකු එනම් දෙයියන් වහන්සේ නැතිව කිසිවක්‌ කරගත නොහැකි බැවිනි. අපි මේ දෙවියන් වහන්සේ මත පදනම්ව එහෙත් දෙවියන් වහන්සේ නැතැයි කියමින් නිර්මාණය කරන දැනුම ප්‍රතික්‍ෂේප කරමු.

ආත්මයක්‌ ඇතැයි ගන්නේ මූලිකවම මනස ගැන ඇති ඊනියා ප්‍රත්‍යක්‍ෂය හේතුකොටගෙන ය. නැති මනසක්‌ ඇතැයි ගැනීම මනස පිළිබඳව මනසේ ඇති ඊනියා ප්‍රත්‍යක්‍ෂය ය. අනෙක්‌ ඊනියා ප්‍රත්‍යක්‍ෂ ද ඇතිවන්නේ මනස ආධාරයෙනි. එනම් නැති මනසක්‌, ඊනියා ආත්මයක්‌ ආධාරයෙනි. ප්‍රත්‍යක්‍ෂය යන්න ම නැති මනසක්‌ ආධාරයෙන් කෙරෙන්නකි. ඇතා ඇතැයි අපට ප්‍රත්‍යක්‍ෂ වෙයි. ඒ අප ඇතා දකින බැවිනි. අපට යම් අවශ්‍යතා යටතේ ඇතා අතගා බැලීමට හැකි බැවිනි. එහෙත් ඒ සියල්ල කෙරෙන්නේ නැති මනසක්‌ ඇසුරෙන්ය. එමෙන්ම ඇත්තටම ඇතකු සිටින්නේ යෑයි අපි නොකියමු. ඇතා පිළිබඳ දැනුම සම්මුති දැනුමක්‌ පමණකි. ඇතා යනුවෙන් සත්ත්වයකු අප අතින් (මනසින්) නිර්මාණය වන්නේ අපට අනිත්‍ය, දුක්‌ඛ, අනාත්ම ගැන අවබෝධයක්‌ නැති බැවිනි. අපි නැති මනසක්‌ ආධාර කරගෙන නැති ඇතකු ප්‍රත්‍යක්‍ෂ කරමු. අනිත්‍ය, දුක්‌ඛ, අනාත්ම, අනවබෝධය හේතුකොට ගෙන අපි එසේ ප්‍රත්‍යක්‍ෂය කරමු. මා මෙයින් කීමට බලාපොරොත්තු වන්නේ වස්‌තු පිළිබඳ ඊනියා ප්‍රත්‍යක්‍ෂය අපේ අවිද්‍යාව නිසා කෙරෙන බවය.

නිවන් පසක්‌ කරන්නේ ය යනුවෙන් අදහස්‌ කරන්නේ කුමක්‌ද? එය ඇතකු ප්‍රත්‍යක්‍ෂය කිරීමක්‌ වැන්නක්‌ නොවීය හැකිය. ඒ නිසා ඇතැම් විට ඒ අතින්ද්‍රිය ප්‍රත්‍යක්‍ෂයක්‌ යෑයි කීමට ඇතැම්හු පෙළැඹෙති. අතින්ද්‍රිය යන්නෙන් අදහස්‌ කෙරෙන්නේ සාමාන්‍ය ඉන්ද්‍රියට වඩා "දියුණු" ඉන්ද්‍රිය ය. ඇතැම් විට යමකු අභිඥ එලෙස හඳුන්වනවා විය හැකිය. දිවැස්‌ ලැබූවකුට වුව ද පෙනෙන්නේ රූප යෑයි අභිධර්මයෙහි සඳහන් වෙයි. ඒ කුමක්‌ වුවත් එසේ පෙනෙන්නේ, ප්‍රත්‍යක්‍ෂ වන්නේ මනස ආධාරයෙන් ය. ඒ සාමාන්‍ය මනසකට වඩා දියුණු මනසක්‌ විය හැකිය. එහෙත් ඒ මනසකි. එනම් නැති මනසකි.

 
  • Like
Reactions: TheRockSays

tharinda07

Member
Mar 1, 2007
5,784
44
0

පැරැණි භාරතයෙහි අනාරය (ද්‍රවිඩ නොවේ) හා අර්ධ වෛදික සමාජයවල මනස දියුණු කිරීමෙන් විමුක්‌තිය ලබාගැනීමේ ක්‍රමවේදය විය. යෝගාභ්‍යාස ධ්‍යාන වැඩීම ආදියෙන් මනස දියුණු කර විමුක්‌තිය සෙවීම මේ ක්‍රමවේදයෙහි අඩංගු විය. අලාර කාලාම, උද්දකරාම පුත්ත හා පස්‌වග තවුසන් අයත් වූයේ මේ සම්ප්‍රදායට ය. සිදුහත් තවුසා ඔවුන් ඇසුරට පත් වූයේ එසේ විමුක්‌තිය ලබාගැනීමටය. එහෙත් එතුමාට ඒ අසාර්ථක ව්‍යායාමයක්‌ බව වැටහිණි. එයට හේතුව නැති මනසක්‌ දියුණු කිරීමෙන් ලබාගත හැකි විමුක්‌තියක්‌ නැති වීම යෑයි සිතිය හැකිය. පංචභිඥ ලැබූ තැනැත්තාට සාමාන්‍ය පුද්ගලයකුට නොකළ හැකි කාර්යයන් කළ හැකිබවට විවාදයක්‌ නැත. එහෙත් ඒ පුද්ගලයාට ද නිවන් අවබෝධ නොවෙයි. එයට හේතුව නැති මනස ඇතැයි ගැනීමත් ඒ නිසාම අනිත්‍ය, දුක්‌ඛ, අනාත්ම අනවබෝධ වීමත්ය.

අතින්ද්‍රිය ප්‍රත්‍යක්‍ෂය ද තවත් ප්‍රත්‍යක්‍ෂය පමණකි. ඒ ප්‍රත්‍යක්‍ෂය ද මනස, එනම් නැති මනස ඇති මනසක්‌ බව පසක්‌ කරමින් ඒ ආධාරයෙන් කෙරෙන්නකි. අතින්ද්‍රිය ප්‍රත්‍යක්‍ෂ කරන්නාටද මමත්වය ඇත. මම මාගේය යන හැඟීම ඒ පුද්ගලයාට වෙයි. ඒ පුද්ගලයන් බොහෝ විට තමන්ට තව තවත් අතින්ද්‍රිය බල එකතු කිරීමට කටයුතු කරන්නේ මමත්වය නැති කර නැති බැවිනි. මනසක්‌ ඇතැයි ගන්නාට මමත්වය නැති කළ නොහැකිය. එබැවින් නිවන අතින්ද්‍රිය ප්‍රත්‍යක්‍ෂයක්‌ නොවෙයි.

එසේ නම් නිවන පාරභෞතික සංකල්පයක්‌ ද ? පාර භෞතික යන්නට විවිධ ගුරුකුලවල විවිධ පුද්ගලයෝ විවිධ අරුත් දෙති. භෞතිකය ඉක්‌ම වූ තේරුමක්‌ පාර භෞතික යන්නෙහි තිබුණද භෞතික ය ඉක්‌මවූ යන්න පිළබඳ නිශ්චිත අර්ථයක්‌ දියහැකි නොවේ. ඇතැමෙකුට දෙවියන් බඹුන් ආදීන් පාරභෞතික ය. තවත් අයෙකුට පංෙච්න්ද්‍රියන්ට ගෝචර නොවන සියල්ල පාර භෞතිකය. ඒ අර්ථයෙන් කිසිවකුට නොදැකිය හැකි, නොඇසිය හැකි, රසනොබැලිය හැකි ආඝ්‍රාණය නොකළ හැකි, ස්‌පර්ශ නොකළ හැකි ගුරුත්වාකර්ෂණය ද පාරභෞතිකය. එවිට කාලයද පාරභෞතික වනබව අමතක නොකළ යුතුය.

අප හුදෙක්‌ තර්කය සඳහා දළ වශයෙන් පංචෙන්ද්‍රයන්ට ගොදුරු නොවන්න සියල්ල පාරභෞතික යෑයිගනිමු. පාර භෞතික යන්නට කිනම් අර්ථකථනයක්‌ දුන්නද පාරභෞතික ද මනසෙහි නිර්මාණයකි. ඇතැමුන් සිතන්නේ පාරභෞතිකය පමණක්‌ මනසෙහි නිර්මාණ බවය. එහෙත් සිංහල ථෙරවාදී බෞද්ධ සම්ප්‍රදායට අයත් අපට පාරභෞතික යෑයි කියන්න මෙන්ම ඊනියා භෞතිකය ද මනසෙහි නිර්මාණය වෙයි. එබැවින් භෞතිකය හා පාරභෞතිකය අතර මහා වෙනසක්‌ ඇතැයි අප කල්පනා කළ යුතු නොවෙයි.

භෞතික වුවත් පාරභෞතික වුවත් අප යමක්‌ තේරුම් ගන්නේ මනසිනි. නිවන පාරභෞතික සංකල්පයක්‌ දැයි අසන විට ම ඉන් කියෑවෙන්නේ අප එය සංකල්පයක්‌ ලෙස ගන්නා බවය. එය එසේමය. මනසින් ගන්නා දෑ, එනම් මනසින් නිර්මාණය කරන දෑ සංකල්ප වෙයි. සංකල්ප නිර්මාණයේදී මනස ඇතැම් විට අනෙක්‌ ඉන්ද්‍රිය ද ආධාර කරගන්නවා විය හැකිය. ඇතැම් අවස්‌ථාවලදී අනෙක්‌ ඉන්ද්‍රිය ආධාර නොකරගන්නවා විය හැකිය. ඒ කුමක්‌ වුවද සංකල්පය නිර්මාණය කෙරෙන්නේ මනස විසිනි. එහෙත් මේ මනස නැති මනසකි. අපි නැති මනසක්‌ අතැයි ගෙන ඒ ඊනියා මනසින් භෞතික යෑයි කියෑවෙන හෝ පාරභෞතික යෑයි කියෑවෙන හෝ සංකල්ප නිර්මාණයකරමු. පළමුව මනස නිර්මාණය කරමු. මනසක්‌ නිර්මාණය කරගත් විට එතැන මමත්වය, මගේය යන හැඟීම ආදී සියල්ල ඇත. එසේ නම් භෞතික වේවා පාරභෞතික වේවා සංකල්ප නිර්මාණය කරන්නකුට නිවන් අවබෝධ නොවෙයි. නිවන පාරභෞතික සංකල්පයක්‌ හෝ නොවන්නේ සංකල්ප නැති මනසක්‌ ඇතැයි ගැනීමෙන් කරන නිර්මාණ බැවිනි. කෙටියෙන් කියන්නේ නම් නිවන සංකල්පයක්‌ නොවේ.

නිවන යනු අතින්ද්‍රිය ප්‍රත්‍යක්‍ෂයක්‌ හෝ පාරභෞතික සංකල්පයක්‌ හෝ නොවන්නේ නම් නිවන් පසක්‌ නොකළ අයකු නිවන ගැන කියන්නේ කුමක්‌ද? බුදුන් වහන්සේ ද නිවන යනු කුමක්‌දැයි පැහැදිලි කිරීමට උත්සාහ නොගත් විට අපට ඒ ගැන කිව හැක්‌කේ කුමක්‌ද? නිවන පසක්‌ කළ යුතු යෑයි අපි සිතමු. නිවන යනු මේ යෑයි කිසිවකුටත් විස්‌තර නොකළ හැකිය. නිවන විස්‌තර කළ හැකි නම් එවිට සංකල්ප යොදා ගැනීමට සිදු වෙයි. සංකල්ප යනු නැති මනසේ නිර්මාණ වෙයි. නැති මනස පළමුවෙන් ම ඇති මනසක්‌ බවට පත් කෙරෙයි. ඉන්පසු අනෙක්‌ සංකල්ප නිර්මාණය කෙරෙයි.

නිවන පසක්‌ කිරීම හා ඇතා පසක්‌ කිරීම එකක්‌ නොවේ යෑයි අපි කීවෙමු. ඇතා පසක්‌ කෙරෙන්නේ මනසින් ය. නිවන මනසින් පසක්‌ කිරීමට නොහැකිය. මනස ඇතැයි ගත් සැණින් නිවනින් ඈත් වීමක්‌ වෙයි. නිවන පසක්‌ කරගත හැක්‌කේ නැති මනස නැති මනසක්‌ බව ගැනීමෙන්ය. එසේ ගන්නේ මනස විය නොහැකි ය. එයට හේතුව මනසක්‌ ඇත්නම් නිවනින් ඈත් වී ඇති බැවින් ය. එසේ නම් නිවන් පසක්‌ කිරීමට මනස නැති කළ යුතුද? මනස නැති කළ හැක්‌කේ පළමුවෙන් මනස්‌ ඇතැයි ගැනීමෙනි. මනස නැති කිරීම ආදිය අයත් වන්නේ උච්ඡේදවාදයට ය. නිවන් පසක්‌ කරන්නේ නැති මනස නැති මනසක්‌ බව නැති මනසින් අවබෝධ කර ගැනීමෙන් යෑයි සිතමි. ආර්ය ආෂ්ඨාංගික මාර්ගය ඇත්තේ ඒ සඳහා ය.

මහාචාර්ය නලින් ද සිල්වා
 

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    .... නිවන් අවබෝධයේදීම පිරිනිවන් පානා රහතන් වහන්සේ නමකට නම් එසේ ජීවත් වීමට නොසිදුවෙයි.


    ත‍ම‍න්‍ගෙ‍ ගෙ‍ල‍ ක‍පාග‍නි‍ද්‍දී‍ම‍ ර‍හ‍ත්‍ වු‍න‍ ර‍හ‍ත‍න්‍ කෙ‍නෙ‍ක්‍ ගැ‍න‍ත්‍ බෞ‍ද්‍ධ‍ ඉ‍ති‍හා‍සෙ‍ කියවෙනවනෙ
    මේ කියන්නෙත් ඒ ජතියෙ දෙයක් වෙන්න ඇති:)

    .....
    මෙහි සඳහන් වන අවිද්‍යාව යනු අනිත්‍ය, දුක්‌ඛ, අනාත්ම අනවබෝධයයි. අනිත්‍ය, දුක්‌ඛ, අනාත්ම යනු සංකල්ප නොවෙයි. සංකල්පයක්‌ යනු මනසින් නිර්මාණය කෙරෙන්නකි. අනිත්‍ය යනු නිත්‍ය නොවන බව යෑයි වරදවා වටහා නොගත යුතුය. නිත්‍ය නොවන බව හෙවත් වෙනස්‌ වන බව දැනගත් පමණින් අපට නිවන් අවබෝධ නොවන බව අපි දනිමු. නිත්‍ය යන්න සංකල්පයකි. එය අපට අවබෝධ වෙයි. එනම් අපේ මනසට නිත්‍ය අනිත්‍ය දෙකම අවබෝධ වෙයි. එහෙත් අනිත්‍ය අපට එලෙස මනසට අවබෝධ නොවෙයි. අනිත්‍ය යනු සංකල්පයක්‌ නොවෙයි. අනිත්‍ය හා අ-නිත්‍ය එකට පටළවා ගත යුතු නොවේ. පළමුවැන්න සංකල්පයක්‌ නොවන අතර දෙවැන්න සංකල්පයකි. නිවන් අවබෝධව පළමුවැන්න අවබෝධ විය යුතුය. දෙවැන්න අවබෝධ වූ පමණින් නිවන් අවබෝධ නොවේ.

    මේ‍ ටි‍ක‍ න‍ම්‍ තේ‍රු‍ණා‍ ම‍දි‍ද‍ ම‍ං‍ද‍:dull:
    ත‍ව‍ ටි‍ක‍ක්‍ ති‍යෙ‍න‍ව‍ කි‍ය‍ව‍න්‍න‍:)
     

    tharinda07

    Member
    Mar 1, 2007
    5,784
    44
    0
    THAWA TIKAK THIYENAWA KIYAWANNA...SAMHARA THAN PAHADILI NA...SORRY....

    පැ‍හැ‍දි‍ලි‍ නැ‍ති‍ තැ‍න්‍ ටි‍ක‍ කි‍ය‍න්‍න‍ ම‍ම‍ පැ‍හැ‍දි‍ලි ක‍ර‍න්‍න‍ බ‍ල‍න්‍න‍ම්‍:)
     

    tharinda07

    Member
    Mar 1, 2007
    5,784
    44
    0
    ත‍ම‍න්‍ගෙ‍ ගෙ‍ල‍ ක‍පාග‍නි‍ද්‍දී‍ම‍ ර‍හ‍ත්‍ වු‍න‍ ර‍හ‍ත‍න්‍ කෙ‍නෙ‍ක්‍ ගැ‍න‍ත්‍ බෞ‍ද්‍ධ‍ ඉ‍ති‍හා‍සෙ‍ කියවෙනවනෙ
    මේ කියන්නෙත් ඒ ජතියෙ දෙයක් වෙන්න ඇති:)
    ඔ‍ව්‍ ඒ‍ක‍ වෙ‍න්‍න‍ ඕ‍නෙ‍

    මේ‍ ටි‍ක‍ න‍ම්‍ තේ‍රු‍ණා‍ ම‍දි‍ද‍ ම‍ං‍ද‍:dull:
    ත‍ව‍ ටි‍ක‍ක්‍ ති‍යෙ‍න‍ව‍ කි‍ය‍ව‍න්‍න‍:)

    මු‍‍ලු‍ ලි‍පි‍ය‍ම‍ ත‍ව‍ 2/3 පා‍ර‍ක්‍ කි‍ය‍ව‍ල‍ බ‍ල‍න්‍න‍.:)
     

    shan4max

    Junior member
  • Mar 11, 2007
    354
    23
    18
    Anithya kiyanne nithya novawana nemeda ?

    ත‍ම‍න්‍ගෙ‍ ගෙ‍ල‍ ක‍පාග‍නි‍ද්‍දී‍ම‍ ර‍හ‍ත්‍ වු‍න‍ ර‍හ‍ත‍න්‍ කෙ‍නෙ‍ක්‍ ගැ‍න‍ත්‍ බෞ‍ද්‍ධ‍ ඉ‍ති‍හා‍සෙ‍ කියවෙනවනෙ
    මේ කියන්නෙත් ඒ ජතියෙ දෙයක් වෙන්න ඇති:)


    Mama therenne nethi nisai ahanne ! thamange pana nasa genima pawak wenne nedda rahath unata passe ?(Nivana awabodha unata passe ?) and rahathan wahanse namak thaman laba gaththa wimiukthiya anith ayata nodi siya divi nasa ganiweeda nivan sepa ikmanata lebima pinisa pamanak ??

    anithya kiyanne nithya novana bava neme kiyala thibuna. mata eka poddakwath pehedili ne ? Can any one explain me that ?

    thnx
     

    tharinda07

    Member
    Mar 1, 2007
    5,784
    44
    0
    ත‍ම‍න්‍ගෙ‍ ගෙ‍ල‍ ක‍පාග‍නි‍ද්‍දී‍ම‍ ර‍හ‍ත්‍ වු‍න‍ ර‍හ‍ත‍න්‍ කෙ‍නෙ‍ක්‍ ගැ‍න‍ත්‍ බෞ‍ද්‍ධ‍ ඉ‍ති‍හා‍සෙ‍ කියවෙනවනෙ
    මේ කියන්නෙත් ඒ ජතියෙ දෙයක් වෙන්න ඇති:)


    Mama therenne nethi nisai ahanne ! thamange pana nasa genima pawak wenne nedda rahath unata passe ?(Nivana awabodha unata passe ?) and rahathan wahanse namak thaman laba gaththa wimiukthiya anith ayata nodi siya divi nasa ganiweeda nivan sepa ikmanata lebima pinisa pamanak ??

    anithya kiyanne nithya novana bava neme kiyala thibuna. mata eka poddakwath pehedili ne ? Can any one explain me that ?

    thnx

    ඒ හාමුදුරුවො ගෙල කපාගත්ත ගමන්ම තමය් රහත් උනෙ , රහත් වෙලා පිරිනිවන් පෑවා.

    නිවන් අවබෝධ කර ගත්තට පස්සෙ පින්/පව්, කුසල්/අකුසල් කරන්න බෑ.

    රහතන් වහසේල සිය දිවි හානි කරගන්නෙ නෑ.
    නිවන් සැප කියන එක පිරිනිවන් පෑවට පස්සෙ ලැබෙන එකක් නෙමෙයි.


    මෙහි සඳහන් වන අවිද්‍යාව යනු අනිත්‍ය, දුක්‌ඛ, අනාත්ම අනවබෝධයයි. අනිත්‍ය, දුක්‌ඛ, අනාත්ම යනු සංකල්ප නොවෙයි. සංකල්පයක්‌ යනු මනසින් නිර්මාණය කෙරෙන්නකි. අනිත්‍ය යනු නිත්‍ය නොවන බව යෑයි වරදවා වටහා නොගත යුතුය. නිත්‍ය නොවන බව හෙවත් වෙනස්‌ වන බව දැනගත් පමණින් අපට නිවන් අවබෝධ නොවන බව අපි දනිමු. නිත්‍ය යන්න සංකල්පයකි. එය අපට අවබෝධ වෙයි. එනම් අපේ මනසට නිත්‍ය අනිත්‍ය දෙකම අවබෝධ වෙයි. එහෙත් අනිත්‍ය අපට එලෙස මනසට අවබෝධ නොවෙයි. අනිත්‍ය යනු සංකල්පයක්‌ නොවෙයි. අනිත්‍ය හා අ-නිත්‍ය එකට පටළවා ගත යුතු නොවේ. පළමුවැන්න සංකල්පයක්‌ නොවන අතර දෙවැන්න සංකල්පයකි. නිවන් අවබෝධව පළමුවැන්න අවබෝධ විය යුතුය. දෙවැන්න අවබෝධ වූ පමණින් නිවන් අවබෝධ නොවේ.

    මේක අයි පාරක් බලන්න.

    අනි‍‍ත්‍ය කියන්න නි‍ත්‍ය නොවන බව නම් අපි මේ වෙනකොට නිවන් දැකල තියෙන්න ඕනෙ.මොකද මේ ලොකෙ නිත්‍ය නෙමෙක් කියන එක අපිට තේරෙන හින්ද.
     

    shan4max

    Junior member
  • Mar 11, 2007
    354
    23
    18
    එනම් අපේ මනසට නිත්‍ය අනිත්‍ය දෙකම අවබෝධ වෙයි. එහෙත් අනිත්‍ය අපට එලෙස මනසට අවබෝධ නොවෙයි. අනිත්‍ය යනු සංකල්පයක්‌ නොවෙයි. අනිත්‍ය හා අ-නිත්‍ය එකට පටළවා ගත යුතු නොවේ. පළමුවැන්න සංකල්පයක්‌ නොවන අතර දෙවැන්න සංකල්පයකි. නිවන් අවබෝධව පළමුවැන්න අවබෝධ විය යුතුය. දෙවැන්න අවබෝධ වූ පමණින් නිවන් අවබෝධ නොවේ.

    Hmmm.. then sankalpayak nowana nithya apita therum ganna be. if we get understand it that means niwan dekka. Ehema deyak nam aththatama therenne ne thama.

    thank you for helping me !
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    එක පාරක් කියෙව්ව. තව තුන් හතර පාරක් කියවන්න ඕනෙ. :)

    ව්‍යවහාරික ලෝකයෙදි අපි හැම දෙයක්ම වචන අනුසාරයෙන් තේරුම් ගන්න උත්සහ කරත්, නිවන කියන්නෙ වචන වලට ගෝචර නොවෙන අවස්ථාවක් කියලයි මගේ හැගීම.
     

    Dinushawith

    Member
    Jan 13, 2009
    12
    1
    0
    සසර ගමන නැවැත්වීම නිර්වාණය ලෙසයි බුදු දහමේ දැක්වෙන්නේ... ඒ කිව්වේ හැමෝටම තේරෙන විදියට නම් නැවත ඉපදීම නවත්වන එක තමයි නිර්වාණය කියන්නෙ...

    ඒත් ඊට කලින් නැවත ඉපදෙනව කියන එකත් බුදු දහමට අනුවම තේරුම් ගන්නවනම් නිර්වාණය කියන එකේ හරිම අදහස ආසන්නයට හරි එන්න අපිට පුළුවන්... මා ද නොවේ, වෙන කෙනෙකුන්ද නොවේ ලෙසයි බුදු දහමට අනුව නැවත උපන් කෙනෙකුට තමාව හදුන්වාගන්න පුළුවන් වෙන්නෙ... මේ විදියට හි‍තෙන්නෙ කොහොමද කියල හිතෙනවනම්, මොහොතකට කලින් මම කියලා හදුනා ගත්ත කෙනා ද දැන් ඉන්නෙ කියලා හිතුවොත් තේරෙයි. වෙනස් වුනු මනසක් වගේම රසායනික ක්රියාවලි දහස් ගණනක් සිදුවෙලා වෙනස් වුණු ශරීරයකුත් නිසා මේ ඉන්නෙ කලින් හිටිය මම ම නෙවෙයි. ඒ වගේම වෙන කෙනෙකුත් නෙවෙයි. ඔන්න ‍ඔකයි නැවත ඉපදීමෙ දිත් වෙන්නේ. වෙනස තියෙන්නේ අපේ සිත් ඇතිවීම වෙනත් තැනක සිදුවෙන්න පටන් ගන්න එක විතරමයි.

    සිතක් කියලා අපි හදුනා ගන්නෙ ඇතිවී පැවතී නැතිවන සිත් පේලියක්. එක සිතක් හා තවත් සිතක් ඇතිවී පැවත නැතිව යන කාල සීමාව උපමාවකින් වත් දක්වන්න බැරි දෙයක් විදියටයි බුදු දහමේ දැක්වෙන්නේ. පළමුව තිබු සිත ඇසුරු කරගෙන ඊලග සිත ඇතිවෙනවා. එම සිතේ තිබුනේ වෛරයක් නම් ඊලගට ඇතිවෙන සිතත් වෛරය ඇසුරු කරගත් සිතක් තමයි.. කුසල් සිතක් නම් ඊලග සිතත් කුසල් සිතක් සහිතවම ඇතිවෙනවා.

    අපේ ශරීරය ආපෝ,තේජෝ,වා‍යෝ, පඨවි කියලා කියන පංචමහා භූතයන් ගෙන් සෑදුනු එකක්.
    මෙතන භුත කිව්වෙ ඇතිවීමට සම්බන්ධ කියන අදහසින්. මේකට අපි සත්වයාගේ රූප කොටස කියලා කියනවා. සත්වයෙක් ඇති වෙන්න නම් රූපකොටස වගේම නාම කොටසකුත් අවශ්‍යයි. වේදනා, සංඥා, සංඛාර හා විඥ්ඥාණ කියලා දක්වන්නේ මේ නාම කොටසයි. නාම රූප එක් වුණු තැන සත්වයෙක් ඇතිවෙනවා.

    අපිට පේන භෞතික ශරීරය කියන්නෙ නාම කොටසට විතරයි. මේ ශරීරය යම් මොහොතක සිත් ඇතිවෙන්න නුසුදුසු වුනොත් මොකද වෙන්නෙ? එහෙම වුණත් සිත් ඇතිවෙන්න හේතු වෙන සත්‍ය නොදැනීම කියන අවිද්‍යාව තාමත් තියෙනවනම්, තව තවත් සිත් ඇතිවෙන්න ඕන කියන ආශාව, එහෙම නැත්නම් තෘෂ්ණාව නැති කරලත් නැත්නම්.... මේ ශරීරය සිත් ඇතිවෙන්න නුසුදුසු උණත් වෙනත් තැනක හරි සිත් ඇතිවෙන්න පටන් ගන්නවා....

    අන්තිමට මේ ශරීරයේ ඇතිවුනේ අකුසල සිතක් එහෙම නැත්නම් අපිරිසිදු වුණු සිතක් නම් ඊලග සිතත් එව‍ගේම අපිරිසිදු සිතක් විදියට තමයි ඇතිවෙන්නෙ. අකුසල සිතක් නම් යහපත් තැනක ඇතිවෙන්න බැරි නිසා තවමත් සිත් ඇතිවෙන්න පටන් අරගෙන නැති තිරිසන් සතෙක්ගෙ කළලයක හරි නැත්නම් ඊටත් වඩා පහත් සියුම් ශරීරයක් සහිතව හරි ඇතිවෙනවා. රූප‍ ස්වභාවය ඇති ඔනම තැනක මේක සිදු වෙන්න පුළුවන්... පෙරේතයො, භූතයො කියන්නේ මේ විදියට ඇතිවුණු අයටම තමයි.

    කුසල් සිතක් නම් අන්තිමට මේ ශරීර‍යේ ඇතිවුනේ ඊලග සිතත් නිසැකවම කුසල් සිතක් නිසා කුසල් සිත් ඇතිවීමට සුදුසු, තාමත් සිත් ඇති වෙන්න පටන් අරගෙන නැති මනුෂ්‍ය කළලයක හරි, වෙනත් සංවේදන මට්ටමකට අයත් උසස් තැනක හරි සිත් ඇතියෙන්න පටන් ගන්නවා. මේකට තමයි බුදු දහමේ නැවත ඉපදීම කියන්නේ.

    අවිද්‍යාව නැති කරල නම්, තව දුරටත් සිත් ඇති වීමට තරම් තෘෂ්ණාවකුත් නැත්නම්, ඒ කිව්වෙ රහත් වෙලා නම් මේ ශරීරය සිත් ඇතිවීමට නුසුදුසු වුණාට පස්සෙ නැවතත් වෙන තැනක සිත් ඇතිවෙන්නේ නෑ. ඒකට තමයි පිරිනිවන්පානවා කියන්නේ. නිර්වාණය අවබෝධ කරනවා කියන්නේ ඔන්න ඔය සත්‍ය නොදැනීම කියල කියන අවිද්‍යාව නැති කරන එකට තමයි. අවිද්‍යාව නැති කළත් තව දුරටත් මේ ශරීරය සිත් ඇතිවෙන්න සුදුසු නම් ඒ කෙනා ඒ කිව්වෙ රහතන් වහන්සේ තව දුරටත් ජීවත් වෙනවා. උන්වහන්සේගේ තව දුරටත් ඇතිවෙන්නේ කුසල සිතුවිලි වත් අකුසල සිතුවිලිවත් නෙවෙයි. තමන්ට අවශ්‍ය මොහොතක ‍සිත් ඇතිවෙන එක නවත්වන්නත් උන්වහන්සේට පුළුවන්. ආයු සංස්කාරය අත් හරිනවා කියන්නේ ඒකයි.


     
    • Like
    Reactions: Renesas

    Renesas

    Member
    Apr 15, 2009
    20,009
    431
    0
    Sihina wijithe
    obage pehedili kirima niweradi Dinushawith

    nirwaanaya sathara paramarthayangen ek darmayak chiththa, chaithasika, rupa, nibbana sathara paramartha darma. nirwaanaye sobawaya dena ganna
    chiththa, chaithasika, rupa pilibada hoda wetahimak ethi kara ganna ona chiththa, chaithasika, rupayange yatha sobawaya awabodakaraganna heki wanne widarshana bawanawen, widarshana bawanawe awasana palaya kelesun nasala rahath bawayata path wima. chiththa, chaithasika, rupayan pilibada weradi dhrustiya U ewa pilibada ethi mamathwaya duru kirima. rahathan wahanse namak pamanai niwanata path u sithaka sobawaya danne. nirwanaya asankatha darmayak.
     
    Last edited:

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    obage pehedili kirima niweradi Dinushawith

    nirwaanaya sathara paramarthayangen ek darmayak chiththa, chaithasika, rupa, nibbana sathara paramartha darma. nirwaanaye sobawaya dena ganna
    chiththa, chaithasika, rupa pilibada hoda wetahimak ethi kara ganna ona chiththa, chaithasika, rupayange yatha sobawaya awabodakaraganna heki wanne widarshana bawanawen, widarshana bawanawe awasana palaya kelesun nasala rahath bawayata path wima. chiththa, chaithasika, rupayan pilibada weradi dhrustiya U ewa pilibada ethi mamathwaya duru kirima. rahathan wahanse namak pamanai niwanata path u sithaka sobawaya danne. nirwanaya asankatha darmayak.

    sathara paramarthayan thawa pahadili karanna puluwanda? man kalin ahala na. theruwan saranai.
     

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,355
    767
    113
    Read " Nirvana and ineffability" by Asanga Thilakaratne

    "Nirvana and ineffability" by Asanga Thilakaratne

    http://www.dailynews.lk/2001/11/30/fea05.html

    Among the publications of the Post Graduate Institute of Pali and Buddhist Studies of the Kelaniya University is a book in titled "Nirvana and ineffability" by Asanga Thilakaratne, a member of the staff of the Institute. This book is the research work submitted by the author for his Ph.D. to the University of Hawaii in the United States.
    This book is on display at the Institute with its other publications for the benefit of those students both foreign and local in pursuit of their post graduate studies. This book looks unique in that so far no Buddhist scholar seems to have tried to prove that Nirvana can be explained. However Thilakaratne inspired by western empiricism seems to give the impression that he had done this with the help of concepts burrowed from others.
    Having read this book several times I wish to quote relevant sections from this book with reference to this question of Ineffability of Nirvana which I am afraid Thilakaratne conjected to be Non-Ineffable, or in other words engages himself in a vein attempt to explain Nirvana to the academic world.
    Bhikkhu Nanananda writes, "Samma ditthi (right view) may be regarded as unique among all forms of ditthis owing to its peculiar dialectical element. A dramatic illustration of this unique character is reflected in the apparently drab and uninspiring opening of the Madhupindika Sutta. There we found Dandapani the Sakyan, questioning the Buddha in order to ascertain the 'theory' he preached. Dandapani would have expected, like most of us to get a reply in the form of some short lable of a dogma.....