මා මේ කෙටි සටහන තබන්නේ අපේ මහගෙදර පවුලේ සුරතලා වන "Coolnishan" මල්ලි ඔහුගේ 5000 වැනි ජයග්‍රාහී කඩඉම පසු කිරීම නිමිත්තෙන් ඔහුට සුබ පැතීමක් වශයෙනුයි....
නිහඬව ඔබ කරනා සේවය අති විශාලයි මල්ලියො....
ඕනෙම දෙයකදි ඉදිරියට විත් තමන්ගේ දෙයක් මෙන් සලකා සහෝදර චේතනාව පෙරදැරිව උදව් ඇවැසි තැනදී කර නොඇර ඒ වෙනුවෙන් කැප වෙනා උඹටයි මල්ලියෝ මේ පුංචි මල් කලඹ අපේ මහගෙදර හැමෝම වෙනුවෙන් මා මෙසේ පුද කර සිටින්නේ...
මල්ලියෝ උඹට තව ගොඩාක් කල් ජනතාවගේ අවශ්‍යතා ඉටුකරමින් යා හැකි සමාජ මෙහෙවරකට මගේ හද පිරි සුබ පැතුම්....
එහිදී බොහෝ බාධක..වැට කඩොලු උඹ යන මග අහුරන්න පුළුවන්..ඒවායින් මොහොතකට හෝ නොසැලී ඉදිරියටම යන්න සිත ශක්තිමත් කර ගනින් මයෙ මල්ලියෝ...
උඹ අපිට පුංචි කුමාරයෙක්...උඹට ජය මල්ලියෝ.....


